අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hum Do Hamare Do (2021) Sinhala Subtitles | අපි දෙන්නයි, අපේ දෙන්නයි [සිංහල උපසිරසි]

Rating: 9.5/10. From 23 votes.
Please wait...

Hindi Medium (2017), Stree (2018), Luka Chuppi (2019), Roohi (2020), Mimi (2021) වගේ කවුරුත් ආස කරපු ජනප්‍රිය චිත්‍රපටි අරන් ආපු Maddock Films අරන් එන අලුත්ම චිත්‍රපටිය තමා අද මේ අරන් එන්නේ. ඔක්තෝම්බර් 29 වෙනිදා ඩිස්නි හොට්ස්ටාර් වෙතින් එළිදක්වපු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Abhishek Jain විසින්. එතකොට මේ චිත්‍රපටියට රංගනයෙන් දායකත්වය දක්වන්නේ Rajkumar Rao, Kriti Sanon, Paresh Rawal, Rathna Pathak Shah වගේ ජනප්‍රිය වගේම ප්‍රවීණ නළු නිළි සංකලනයක්. Comedy ගණයට අයත් වෙන මේ චිත්‍රපටියට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.8ක අගයක් අරන් තියෙනවා. කොහෝම හරි මේ Hum Do Hamare Do චිත්‍රපටිය නම් කාලය ගෙවාගන්න සැහැල්ලුවෙන් බලන්න පුළුවන් ගණයේ චිත්‍රපටියක් කියලා කියන්නම ඕන.

චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියලා ඉන්නම්කෝ. දෘව් ශිඛර් කියන්නේ කාත් කවුරුවත් නැති කෙනෙක්. ඒ කියන්නේ අම්මා, තාත්තා එහෙම නෑ. අනාථයෙක් විදිහට පොඩිකාලේ ගෙවාගෙන මහන්සි වෙලා ඉගෙනගෙන මිනිහා ලොකු ව්‍යාපාරිකයෙක් වෙනවා. දවසක් මිනිහගේ ඇප් එකක් එලි gදක්වන උත්සවයකදී මෙයාට හම්බෙනවා ආන්‍යා කියලා ගැහැණු ළමයෙක්ව. පොඩි පොඩි සීන් කිහිපයකට පස්සේ දෙන්නා අතර මිත්‍රකමක් ඇති වෙනවා. ඔය මිත්‍රකම දුර දිග ගිහින් දෘව්ට ආන්‍යා ගැන ආදරයක් ඇතිවෙනවා. ඒත් ආන්‍යා නම් දෘව්ට මිත්‍රරකමකට එහා දෙයක් පෙන්නුවේ නෑ. දවසක් දෙන්නා කතාවක් දාගෙන ඉද්දි ආන්‍යාගේ කටින් එයා බඳින්න කැමති විදිහ ගැන කතාවක් පිට වුණා. ගොඩක් කෙල්ලන්ගේ ආසාව ඉතින් බැඳලා දරුවෙක් මල්ලෙක් හදලා පුංචි පවුලක් ගොඩනගන එක වුණාට ආන්‍යාට ඊට වඩා වෙනස් සැලැස්මක් තමා තිබුණේ. ඒ තමයි එයා බඳින කොල්ලට ෂෝක් පවුලක් තියෙන්න ඕන. ඒ කියන්නේ අම්මා, තාත්තා ඉන්න ලස්සන අංගසම්පූර්ණ පවුලක්. ඒ වගේ තමයි ඒ පවුලට ෂෝක් බල්ලෙකුත් ඉන්න ඕන. මේක දැනගත්තම දෘව්ට නිකම් මොකක්ද වුණා වගේ. තමන් ආන්‍යා හොයන ජාතියේ කෙනෙක් නෙමේ නේද කියලා එයාට හිතෙන්න ගත්තා. බල්ලා නම් මොකක්හරිම කියමු, ඒත් කොහෙන්ද අර කියපු අංගසම්පූර්ණ පවුලක් දෘව්ට? මෙන්න මෙතැනදී තමා හරිම කතාව පටන් ගන්නේ. ළමයි හදාවඩා ගන්න කතා අහලා තිබ්බට දෙමව්පියන්ව හදාවඩා ගන්න හදන කතා අහලා නෑනේ නේද? ඉතින් අපි බලමු මේ පලහිලව්ව මොකක්ද කියලා.

එහෙනම් බලලා ප්‍රතිචාරයක් දාගෙන යන්න. ජයවේවා හැමෝටම. අලුත් උපසිරසියක් එක්ක හම්බවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට සහ දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

37 thoughts on “Hum Do Hamare Do (2021) Sinhala Subtitles | අපි දෙන්නයි, අපේ දෙන්නයි [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks…
    Mata hodai kiyala hithena balanna one film kipayak tiyenawa …
    Ekama site ekakawat na
    Puluwan nam me site eken wath eya itukara denawada

    Reply
  • Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Mann (1999) movie එකේ sub දෙන්නකෝ ලොකු උදවුවක්..

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Doctor-2021
    Sridevi soda centre-2021
    Ipc 376-2021
    Jai bhim-2021
    Dybbuk-2021……..me film tikata sub tama na,anith site walin deela thynne, mehema gyoth nm baiscope eken wadakma nathi wenow………

    Reply
    • Ithin sahodaraya sinhala subtitles dila thiyenawanam a dila thiyena website eken download karagena oya film eka balanna,subtitles dunne ne kiyala me website eka baldu karanna oya mekata yamkisi mudalak gewala premium membership ekak wage deyak labagena nahane,a nisa me website wala subtitles dana minissu subtitles aniwaryen denna one kiyala badila ne,eyalage watina kalaya kepa karala methana eyala karanne job ekak newei sewawak

      Reply
      • මෙහෙමයි මචන් ඔය උඩ කියපු ෆිල්ම් වලින් dybbuk එක ඇරෙන්න අනිත් ඔක්කොම rating තියෙන box office hit වුනු ෆිල්ම්,ඉතින් අර anonymous කියනෝ ඇත්තේ ඒ ෆිල්ම් වලට ප්‍රමුඛතාව දීලා ඒවයි සබ් මුලින් දෙන්න කියන එක වෙන්නැති,මගෙත් මතය ඒකයි,ගොඩදෙනෙක් සබ් ඉල්ලන ඒවා මුලින් දෙන එක තමයි හොද,ඊටපස්සේ ඉතින් උපසිරසිකරුවන්ට වෙලාවක් තියේ නම් ලොකු කතාවක් නැති ෆිල්ම් දුන්නට අවුලක් නෑ……
        අනිත් එක තමයි බයිස්කෝප් සබ් වල කොලිටිය අනිත් සබ් වල නැති නිසා බයිස්කෝප් එකෙන්ම සබ ලැබෙනකන් බලන් ඉන්න ගොඩ දෙනෙක් ඉන්නවා

        Reply
  • Jai bhim එකට සබ ගහන්නකො

    Reply
  • හින්දි සීරීස් එකක් දෙන්නකෝ

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Thanxxxxxx both oh you…..

    Reply
  • the great tv series ekata sub dannako

    Reply
  • තෑන්ක්ස් සබ් එකට

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • Thanx for the sub… Paranomal activity 2021 film ekatath sub ek dennako

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට සහෝ

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • Jai bhim-2021
    Sardar udham-2021 thwma na , ikmanin denna balanna

    Reply
  • Thanks sub ekata jayawewa…………….

    Reply
  • Sub ekata Thanks Saho puluwannam Sardar Udham ekatath sub ekath gahanawada goda kaaleka idan balanna baruwa inne

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • Thankyou මයුරයා පලවෙනියටම සබ් එක බාගත්තා ❤️‍

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *