Rating: 8.0/10. From 123 votes.
Please wait...
වසරේ තවත් අති සර්ථක චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. අපි දන්නවා බොලිවුඩය කිව්වම කාන් ත්‍රිත්වය තමයි ගොඩක් අයගේ ප්‍රියතමයන් වන්නේ. ඉන් පසු දක්ශතාවය මත ඉමේජ් එක ගොඩනගාගත්තු නවාසුදීන්, ඉර්ෆාන්, මනෝජ් වගේ නළුවන්ගේ රසිකයන් ඉතිරි කොටසට බෙදෙනවා. ඒ වගේම අක්ශේ රසිකයින්වත් අමතක කරන්නට බැහැ. ඔය හැම එක්කෙනෙක්ම හැරුනු විට නව පරම්පරාව නියෝජනය කරන්නට තවමත් එක්කෙනා දෙන්නා ටිකෙන් ටික වෑයම් කරමින් සිටිනවා. ඒ අතරින් අද බොලිවුඩයේ ඉන්න දක්ශතම නළුවෙක් තමා කාර්තික් ආර්යන් කියන්නේ. ඒ වගේම ඔහු කඩවසම් බවින් ටොප් එකේම ඉන්න කොල්ලෙක් විදිහටත් හදුන්වන්න පුළුවන්. රංගනය පැත්තෙන් ගත්තොත් ඇඟට නොදැනෙන්න රඟපාන නලුවෙක් කිව්වොත් මං නිවැරදියි. Pyaar Ka punchnama (1 සහ 2) මෙන්ම පහුගිය අවුරුද්දේ කෝටි 100කටත් වැඩි ආදායමක් උපයාගනිමින් අති සාර්ථක වුනු Sonu Ke Titu Ki Sweety චිත්‍රපටයේ ඔහුගේ රංගනය ඔබ දුටුවානම් ඔබ කාර්තික්ගේ රංගනයට අනිවාරෙන්ම වශීවන්නට ඇති. එකී කාර්තික් ආර්යන්ගේ මේ වසරේ ආපු තවත් ලස්සනම චිත්‍රපටයක් තමයි Luka Chuppi කියන්නේ. පුවත් වාර්තාකරුවන් දෙන්නෙක් අතර ඇතිවන ආදරයක් වටා ගෙතුනු මේ ලස්සන කතාව සිනමාවට නගන්නේ Laxman Utekar විසින්. මේ වසරේ මාර්තු පලමුවනදා සිට තිරගත වීම ආරම්භ කරපු ධනාත්මක විචාරක ප්‍රසදය මැද්දේ ඉන්දියානු රුපියල් කෝටි 126ක් උපයමින් වසරේ නිකුත් වුනු තවත් සාර්ථකම සිනමා නිර්මාන ගොන්නට එක්වන්නට වූවා.
Kartik Aaryan සමගින් සුරූපී Kriti Sanon තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය සපයන්නේ. ක්‍රිතී ගැන කියනවනම් ඔයාලට මතක ඇති Heropanti චිත්‍රපයයෙන් බොලිවුඩයට පා තබලා ශාරුක් කාන් සමගින් Dilwale චිත්‍රපටයේ රඟපෑමට වාසනාව උදාකරගෙන Raabta, Bareilly Ki Barfi, වගේ චිත්‍රපටි හරහා තරුණ හිත් වශී කරගත්තු ඒ කෙට්ටු සුන්දරිය. එයා තමයි හැන්ඩ්සම් කාර්තික් එක්ක මේ චිත්‍රපටය හැඩ කරන්නේ. Luka Chuppi ක්‍රිතී සහ කාර්තික්ට අමතරව Pankaj Tripathi, Aparshakti Khurana, Vinay Pathak එහෙමත් මේ සඳහා තම වටිනා රංගන දායකත්වය සපයනවා. චිත්‍රපටයේ වැඩ පටන් අරගෙන්නේ 2018 වසරේ අගෝස්තුවේදී Gwalior ප්‍රදේශයෙන්. ඒ වගේම සැප්තැම්බර් මාසයේදී Mathura ප්‍රදේශයේද රූගතකිරිම් කිහිපයක් සිදු කරමින් ඉන්දියානු රුපියල් කෝටි 34ක බජට් එකකින් වැඩ කටයුතු අවසන් කරපු මේ සලරුව Dinesh Vijan නිශ්පාද දායකත්වයෙන්, Milind Jog ගේ සිනමාකරණයෙන් මෙන්ම Tanishk Bagchi, White Noise, Abhijit Vaghani, Ketan Sodha සිව් දෙනාගේ සංගීත අධ්‍යක්ශනයෙන් හැඩවී මිනිත්තු 126ක ධාවන කාලයකින් යුතුව මාර්තු පලමු වනදා තිරගත වීම ආරම්භ වනවා. චිත්‍රපටය සම්බන්ධ විශේෂ කාරණා කිහිපයක් පහතින් මෙසේ සඳහන් කරන්නම්.
- මෙහිදී ක්‍රිතීගේ පියාගේ චරිතය නිරූපණය කරන පංකජ් ත්‍රිපාටි ක්‍රිතී සැනෝන් මීට පෙර රඟපෑ Bareilly Ki Barfi චිත්‍රපටයේදීද ඇයගේ පියාගේ චරිතය නිරූපණය කරනු ලැබුවා.
- චිත්‍රපයට රූගත කරනු ලැබූ Gwalior ප්‍රදේශය කාර්තික් ආර්යන්ගේ උපන් ගම් ප්‍රදේශයද වනවා.
- මෙම චිත්‍රපටයේ ඇති Coca Cola Tu සහ Main Dekha Teri photo ගීතය තරුණ තරුණින් අතර අතිශය ජනප්‍රිය වූ අතර එම ගීත දෙක පිලිවෙලින් යූටියුබ් හි මිලියන 272ක සහ මිලියන 86ක නැරඹුම් වාර ගනණක් සම්පූර්ණ කර තිබෙනවා.
මේ වසරේ මාර්තු පලමුවනදා තිරගතවීම ආරම්භ කල මෙය පලමු දිනයේම ඉන්දියානු රුපියල් කෝටි 8.01ක ආදායම් උපයා ගනිමින් තම සාර්ථකත්වයේ ගමන ආරම්භ කල අතර පලමු සති අන්තයේ ඉන්දියානු රුපියල් කෝටි 32ක ආදායම සම්පූර්ණ කරමින් මේ වසරේ හොඳම පලමු සතිඅන්ත ආදායම සම්පූර්ණ කරනු ලැබූවා. අවසානයේදී මුළු ආදායම ඉන්දියානු රුපියල් කෝටි 126 සම්පූර්ණ කල මෙය වාණිජමය වශයෙන් බ්ලොක්බස්ටර් ලේබලය අලවාගන්නට සමත් වුනි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 33501 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
good
Thanks a lot saho sub ekata
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Thanks for the subtitles
Thanks ❤❤❤❤
thankz bro
meka mis wela thibbeeee
ආසිරි උයා
thanksssssssssss
Thanks
Thanks bro..
thanks
tnq saho jaya wewa
Br rip ekatath update ekak dennakooo
හම්මේ ආසිරි භායිගෙන් සබ් එකක්… ♥
සබ ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ නෙව.
අනිවා බැලිල්ලක්.
සබටත් බොහොම තුති කිව්වා…
දිගටම සබ් ඕනි ආ..
ජය!
Thanks saho jaya wewa
tnx……….
Thanks …………….good luck ………………
Thanks machan
all the boys i ‘ve loved before karanno.thanks for sub
Thank You.
Thanks bro
Thanks bro good luck.
thanxx bro……
බොහොම ස්තූතියි ආසිරියෝ..
බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට…. තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ….
Sub ekata.thanks
Thanks for the subtitle. Keep it up the good work.
ගොඩක් මහන්සි වෙලා ලයින් 2000 කටත් අධික උපසිරැසියක් ඉතාමත් ඉක්මණින්ම ලබා දුන්නට ඔබට බොහොම ස්තූතියි සහෝදරයා…
Thank you….
ජයවේවා…… බොහෝම ස්තූතියි උපසිරැසියට…
තෑන්ක්ස් සබ් එකට
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අලුත් කෙනෙක් නේද 😀
සාදරයෙන් පිලිගන්නවා සහෝ
දිගටම අපිත් එක්ක රැඳී ඉන්න
සුපිරියකට වගේ මුලින්ම සබ් එක කරලා තියෙන්නේ
මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න එහෙනම්
සබට බොහොම තුති
ජයෙන් ජයවේවා!
Thanks bro
thanksssss
thanks.
bohoma sthuthi saho…
අඩේ ආසිරි ඔයා… ඔයාගෙන් තව ඕනෙ අපිට…. සබ්
බොහොම ස්තූතියි සහෝ! මාත් කැමතිම නළුවෙක්.
Thanks…
Thankss bro
Thank You
thanks
Hambo goda kalekata passe .thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata, jaya
thanks saho!!!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks for sub
thanx sahoo
Thnxxxxxxxxxxxxx
Tanks Broo…,
Sub enna kalinma beluwa..apahu balanna puluwana story ekk..thnx…
Godak sthuthi sub ekata…..
කාලේකට පස්සේ ආසිරි අයියා සුපිරි ෆිල්ම් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අනිවා බලනවා. එහෙනම් උපසිරැසියට බොහොම ස්තූතියි. ජය වේවා…!!
Thank u❤️
කාලෙකින් සබක් දීලා තියෙන්නේ ..! බොහොමයක්ම සිංහල උපසිරැසියට.!
Thank you
thank you so much brother
thanx bro.sub 1k enakan maga balan hitiye
Sub ekata thanx
kaalekin Hewa 😀 Thanks ah..
ELa
jaya
අම්මෝ හේවා අයියගෙනෙ සබ් එක…අනිවා බලනව.තෑන්ක්ස් ලොක්කා!
මරු.. Thanks..!
නියමයි මචෝ…නියමයි…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….ස්තුතියි ස්තුතියි ස්තුතියි උපසිරැසි දෙන්න මහන්සි උනාට….
ස්තූතියි..