අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නමධුකප්‍රිය පෙරේරායුද්ධසිංහල උපසිරැසි

John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala subtitles | යුද්ධයට සූදානම් වෙන්න!! [සිංහල උපසිරසි සමඟ] *400

Rating: 9.0/10. From 181 votes.
Please wait...

කොහොමද බයිස්කෝප් රසික රසිකාවියන්ට? ඔන්න එහෙමනම් මේ ආවේ ඔයාලා කවුරුත් එනකම් ඇගිලි ගැන ගැන මග බලාන හිටිය චිත්‍රපටියක් අරගෙන. ඔව්, ඒ තමයි ජෝන් වික් චිත්‍රපටමාලාවේ තුන්වැන්න. ඉතින් මේක මටත් විශේෂ උපසිරසියක්. මොකද මේක තමා මගේ උපසිරසි ජිවිතයේ 400වැනි උපසිරැසිය සනිටුහන් කරන්න ලැබුණු අවස්ථාව. දැන්නම් ටිකක් 400 පහුවෙලා උනත් නිල වශයෙන් සමරන්නේ අද තමා ඔන්න.

මෙහෙමවත් ෆිල්ම් එකක් දුන්නේ නැත්නම් කට්ටිය දන්නෙවත් නෑනෙ මෙහෙම එකෙක් ඉන්නවද කියලවත්. හොදයි එහෙමනම් වෙනදා වගේම මගේ කඩයිම් ටික මතක් කරලම හෑල්ල පටන් ගන්නම්කො.

  • 01වන උපසිරැසිය 2015.04.19
  • 50වන උපසිරැසිය 2015.10.23
  • 100වන උපසිරැසිය 2016.03.10
  • 150වන උපසිරැසිය 2016.09.13
  • 200වන උපසිරැසිය 2017.02.23
  • 250වන උපසිරැසිය 2017.09.11
  • 300වන උපසිරැසිය 2018.04.23
  • 350වන උපසිරැසිය 2018.11.11

ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි මගේ උපසිරසිකරණ ජීවිතය ගෙවුනේ. ඉතින් මේ ආව ගමන ගැන කියනවනම් මේක ලේසි ගමනක් උනේ නෑ. මොකද හැමවෙලාවේම අපිව දිරිමත් කරන්න ඉන්න පිරිසට වඩා අධෛර්යමත් කරන්න, වහසිබස් කියන්න හිටිය පිරිස නිසා. ඒ ගැන හොද අත්දැකීමක් එහෙමත් මට ලැබුනා එක්තරා ටීවී කතාමාලාවක් නිසා. එහෙම වෙලත් අදටත් අපි මේ වැඩේ කරගෙන යන්නෙ එකම එක කොමෙන්ට් එහෙකින් හරි අදහසක් දක්වලා යන 1%ක්වත් නොවෙන සුළුතරය නිසා කිව්වොත් නිවැරදියි. සමහරු ඉන්නවා දෛනිකව අදහස් දක්වලා යනවා, තව සමහරෙක්ට අපිව මතක් වෙන්නෙ කතාව පරක්කු උනොත් විතරයි. ඉතින් කියන්න තියෙන්නෙ ඔබට මේ උපසිරැසියක් ලබා දෙන්න උපසිරැසිය කරන කෙනා පැය ගානක් තමන්ගෙ කාලය, ශ්‍රමය නාස්ති කරගෙන පරිගණකයක් ඉස්සරහා ඔට්ටු වෙනවා. ඉතින් එහෙම කරන අපට ලැබෙන්නෙ ඔබේ අදහසක් දැකලා ලැබෙන මානසික තෘප්තිය විතරමයි. ඒ නිසා කාගෙන් උනත් ඉල්ලන්න තියෙන්නෙ උපසිරසියක් බාගත කරගෙන යද්දි විනාඩියක් අරගෙන ඔබේ අදහස දක්වලා යන්න කියලා.

ඒ වගේම බයිස්කෝප් අඩවියත් එක්ක එකතු වෙලා මේ ආව ගමනෙදි බයිස්කෝප් පවුල ඇතුළේ බොහෝ දෙනෙක්ව දැන කියා ගන්න ලැබුනා. හුග දෙනෙක්ව මූණට මුණ ගැහිලා කතාබහ කරන්න ලැබුනා. ඉතින් ඒ අය හැමෝවම මේ වෙලාවේ මතක් කරන්න ඕන. ඉස්සරනම් නම් වශයෙන් සදහන් කළත් දැන් එහෙම කරන්න බැරි තරම් පිරිසක් ඉන්න නිසයි නම් දාන්නේ ඇත්තේ ඈ. ඒ වගේම තව මතක් කරන්න ඕන තිරය පිටිපස්සේ ඉදගෙන බරපැන අදින අපේ ඇඩ්මින් මණ්ඩලය. උන්දලානම් බොහොම සුළු පිරිසක් උනත් ඉන්නේ ඒ අයවත් නම් වශයෙන් මතක් කරන්නෙ නෑ ඔන්න. විශේෂ ස්තුතිය හසන්ත වික්‍රමරත්න අයියට හිමි වෙනවා මේ කඩයිම වෙනුවෙන් මට මේ චිත්‍රපටිය ලබාදීම ගැන. මොකද මේක ගන්න බොහෝ දෙනෙක් පොර කෑවා නෙව.

හැබැයි දැන්නම් මේ ආව ගමනේ කෙළවරකට ළගා වෙනවා වගේ දැනෙනවා. ඔබට උනත් පේනවා ඇතිනේ ඉස්සර වගේ නෙවේ දැන් කඩයිමක් පහු කරන්න ගත කරන කාලය එන්න එන්නම වැඩි වේගෙන යනවා කියලා. ඉතින් පෞද්ගලික ජිවිතයේ කාර්‍යබහුල වීමත් එක්ක දැන් ටික ටික උපසිරසිකරණයෙන් ඈත් වෙන්න සිද්ද වෙනවා. ඒ උනත් අර මොකද්දෝ මන්දා ඇබ්බැහියක් නිසා මේකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න හිත දෙන්නෙ නෑ. බොහෝවිට ඔබට ඉස්සරහට මාව දැකගන්න වෙන්නෙ ඉදහිට එන චිත්‍රපටයකින් වගේ තමා. දැන් වගේනම් නිතර දෙවේලේ ටීවී කතාමාලා සමගින් ඉන්නනම් බැරි වෙයි.

දැන් එහෙමනම් බලමු චිත්‍රපටිය ගැන. ඔබට මතකද 2014 වර්ෂයේ ආව ජෝන් වික් පළමු චිත්‍රපටය. සිය බිරියගේ අභාවයෙන් පසුව ඇයගෙන් තෑග්ගක් විදිහට ලැබෙන බලු පැටියාව පිරිසක් විසින් ඝාතනය කිරීම නිසා හැමෝවම පිස්සුවෙන් වගේ මරාගෙන මරාගෙන ගිය ජෝන් වික්ව, එහෙමත් නැත්නම් හැමෝම බියෙන් කතා කරන බාබා යාගාව? ඉතින් 2014 වර්ෂයේ සිය බලු පැටියා වෙනුවෙන් පළිගත් ඝාතකයාගේ චිත්‍රපටිය ලබපු අතිශය සාර්ථකත්වය නිසාම 2017 වසරේ මෙහි දෙවැන්නක් තිරගත කෙරුනා. එයත් මහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ ආදායම් වාර්තා තබමින් තිරගත වීම හේතු කොට ගෙන එහි තුන්වැන්න 2019 වර්ෂයේ JOHN WICK CHAPTER 3 – PARABELLUM නමින් සිනමාහල්වලට පැමිණෙනවා. එසේම මේ වන විටත් තීන්දු කොට හමාරයි ජෝන් වික් සිනමාපටමාලාවේ 4වැන්නක් 2021 වර්ෂයේදී තිරගත වෙන බවට. ඉතින් Keanu Reevesගෙ අද්විතීය රංගනයෙන් හැඩ උන ජෝන් වික් තුන්වැන්න මේ වන විට IMDB දර්ශකයේ 8.0ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 89%ක් තරම් වූ ඉහළ අගයක් ලබාගෙන තිබෙනවා.එසේම මේ වන විට ලොව වටා මිලියන 300 ඉක්මවූ ආදායමක් ඉපයිමටද සමත්ව තිබෙනවා.

ඉතින් මතක ඇතිනේ ප්‍රථම සිනමාපටයේ සිය ආදරණිය බල්ලා උදෙසා සටන් වැදුණු ජෝන් වික් දෙවැනි සිනමාපටයේ සිය නිවස විනාශ කොට ගිය පුද්ගලයෙකුගෙන් පලිගැනීම උදෙසා මහත් විනාශයක් සිදු කළා. එය කොතෙක්ද යත් ඔහු හයි ටේබල් නමින් හදුන්වන ඔවුන්ගේ පාලනාධිකාරියේ නීතිරීති පවා බිදලමින් කොන්ටිනෙන්ටල් නම්වන හෝටලය තුළදී පුද්ගලයෙක්ව ඝාතනය කරනවා. ඉතින් මේ සිදු වීමෙන් පස්සේ නීතිරීති කඩ කළ ජෝන් වික්ව හයි ටේබල් විසින් නෙරපා දැමූවෙක් ලෙස නම් කරලා ඔහුගෙ හිසට ඩොලර් මිලියන 14ක ත්‍යාග මුදලක් නියම කරනවා. ඒ හා සමගම සෑම ඝාතකයෙක්ම පාහේ ජෝන් වික් පසුපස හඹා එන්නෙ ඔහුව මරා දමා අදාල ත්‍යාග මුදල ලබාගැනීමේ අපේක්‍ෂාවෙන්. ඉතින් මෙවර ජෝන් වික්ට සටන් වදින්නට සිදු වන්නේ ඔහුගේ ජීවිතය වෙනුවෙන්. වෙනදාට වැඩිය අමාරු සටනකට තමයි ඔහුට මුහුණ දෙන්නට වෙන්නෙ. මොකද හයි ටේබල් එක ජෝන්ව නෙරපා දාලා තියෙන නිසා හැම කෙනෙක්ම වගේ ජෝන්ව මරන්න තමයි උත්සාහය

එසේනම් ඔබ ලෑස්තිද බාබා යාගාගෙ බිහිසුණු සටන් අත්දකිමින් විනාඩියකට හෝ ඔබේ ඇස ඉවතට නොගෙන ජෝන් වික් තුන්වැන්න නරඹන්න. එසේනම් ඔබට සිනමාපටය නරඹන්න ආරාධනා කරමින් මා සමුගන්නවා!

IF YOU WANT PEACE,
PARABELLUM.

 

 

Bridge of Spies (2015)

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD | Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

376 thoughts on “John Wick: Chapter 3 – Parabellum (2019) Sinhala subtitles | යුද්ධයට සූදානම් වෙන්න!! [සිංහල උපසිරසි සමඟ] *400

  • ලහිරු priyankara

    ella

    Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • සචියා

    සහෝලා පොඩි යෝජනාවක් තියෙනවා කරන්න. මේ වගේ ෆිල්ම් සීරිස් වල සබ් එකක් කරද්දී ඒ ෆිල්ම් එකේ කලින් චිත්‍රපටිවලට කරපු සබ් එහෙමත් මේකටම කිලිප් කරන්න එතකොට හොයාගන්න තවත් ලෙසියි

    Reply
  • Achintha Gunasekara

    2022 ලු එන්නෙ මේ කොවිඩ් සීන් එක හින්ද එ්කත් පස්සට ගියා

    Reply
  • හසිත

    උපසිරස ලබා දුන්නට බොහොම ස්තුතියි.

    Reply
  • Thushan Thilanka Agampodi

    Thank you bro . wish u all best

    Reply
  • Thanks brother….for your gift (sub)

    Reply
  • Niyamai Aiye Onema Wela Thibba Sub Ekk.Thank you very much

    Reply
  • Samiru Nayantha

    Thanks brother. Your doing a great job. Good luck

    Reply
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ….
    ✌400 sub එක වෙනුවෙන් සුබ පැතුම් ජයවේවා! ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • thankz bn ubala nisa thama film balane

    Reply
  • piumalsaranga

    thankz saho sub ekata

    Reply
  • ස්තූතියි සහෝ sub එකට ❤️
    400 වෙනි කඩයිමටත් ජයවේවා!

    Reply
  • විශ්ව ජයසංඛ

    400 වැනි උපසිරැසියට සුභ පැතුම්. උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • Sub 400k lesi pasi na saho..meke br enakam hitiye balanna ithin saho oyage mahansiya wenuwen mata comment ekak dena eka witaria karanna puluwan.
    Jaya wewa

    Reply
  • isuru dilshan

    400ට සුභ පතනවා නිලුපුලා..දැන්නම් ඊලග කඩයිමටත් ලගද දන්නෙත් නෑ..කෝමෙන් කෝමහරි දිගටම මේ වැඩේ කරගෙන පලයන් කියල තමයි කියන්න තියෙන්නෙ..මොකද සයිට් එකට නැතුව බැරි මිනිහෙක්..පුද්ගලික ජීවිතෙත් හැම වැඩක්ම සාර්ථක වේවායි ප්‍රාර්තනා කරනවා..ජයවේවා!!!!!

    Reply
  • thank you ayiya
    carey on your works

    Reply
  • Mervi.kdy2

    ane me magul natan natuwa sub dipalla yako barinam wahala dapiyau umbalata api trastawadiyo wageda penne sub wala wadi wada ona na bn dana sub eke wachcna ati tipe karapu ekage nama filme ekata wada lokuwata dala tiyanna epa kiyapalla patangaddi dammanam ati eka filme eka iwarawenakam dapuwama filme eke balanna ba ekage nama witarai.

    Reply
  • Rahal Athukorala

    මේකෙ subtitle ගන්න ඉස්සරනං හරි ලේසි. දැන් හැට පැයක් රෙන්න එපැයි.

    Reply
  • Sandaruwan@99

    Thanks mchoo..good luck

    Reply
  • Thanks for the sub machan.

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • thanks bro
    .
    .
    (•̪●)==ε/̵͇̿​̿/’̿’̿ ̿ ̿̿ `(•.°)~

    Reply
  • Gangstar chakrawarthi

    Thanks for sub title keep it up bro

    Reply
  • nihalpujitha

    Thanks ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    Reply
  • 400kkk
    jaya weewaaaa

    Reply
  • baiscopelkishu

    400 කඩ ඉමට සුභ පැතුම් මිත්‍රය. 500 ත් ඉක්මනින්ම ඕන හොදේ..

    Reply
  • Nishanpradeep95

    Niyamai well done mcho

    Reply
    • සුපිරි බ්‍රෝ

      Reply
  • Kasunabayasekara

    Thanks bro keep it up

    Reply
  • priyanthapremarathna

    උණුසුම් සුබ පැතුම් 400 උපසිරසට ඒවගේම ස්තුතියි මේ උපසිරසටත්

    Reply
  • McMillanStyles

    ස්තුතිය sub එකට.

    Reply
  • තෑන්ක්ස් සහෝ.❤️

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Vidarsha_Prathibha

    Sub එකට ගොඩක් ස්තූතියි…

    Reply
  • thank you. br ekata sub eka avulne.ithin macho ikmanata e avula lihanavada.

    Reply
  • shamod sandaruwan perera

    raa nidimaragena,wadth ekka,mahansiwela SUB karana ubala okkotama pin machan

    Reply
  • hiran rathnayake01

    bohoma sthuthi

    Reply
  • SanojKumara

    1080p BR sub eka sync wenna. awlak na eth sub eka patta

    Reply
  • yts 1080p BR akata sub aka aulne aka updeta karannakoo ikamanata plz machan

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • thanks broo oyage sub pattama patta

    Reply
  • thankzzzz broooo goooooodd luuuuuuckkkkkk

    Reply
  • thisumdeemantha

    Thanz for subtitles bro!!!

    Reply
  • kosala_mad

    Thank you so much for your efforts! Congrats on completing your 400th sub. Wish you all the best on your future!!!

    Reply
    • yts 1080p BR akata aulne aka updeta karanna puluwanda

      Reply
  • Isuru Upendra

    400 වෙනි උපසිරසියට සුබ පැතුම්!!

    ජය වේවා!!

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • bohoma sthuthi saho jaya ..

    Reply
  • Good job…Thanks….

    Reply
  • Thilesh De Silva

    Congratulations for the 400th Sub..

    Reply
  • ප්‍රශාත් මදුෂංක

    Good luck bro

    Reply
  • thanks bro..keep it up

    Reply
  • Thanks bro sub ekata. Balanna kalinma comment ek dmme. ❤

    Reply
  • Lord_master

    Patta bro mama asama film 3na keanu reevesge.thnks bro sub ekata.mama film eka balanna lasthi une

    Reply
  • pitcher bro

    ela ela ohommama 450th gahamu>

    Reply
  • T.D.Dodangoda

    Thanks bro… Congratzzzz !!!

    Reply
    • ගොඩක් ස්තූතියි. කාලයක් බලාගෙන හිටිය ෆිලුමක්.
      ……………………………………………………………………………

      Reply
  • Saranga_dil

    patta filmuwaaaa ptta kollek oya

    Reply
  • asela ekanayake

    Thanks a lot bro..congratulations

    Reply
  • 400 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් මධුකප්‍රිය සහෝ!
    ඔබ කරනු ලබන සෑම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
    ඉදිරියටත් මෙවැනි නිවැරදි, ගුණාත්මක උපසිරැසි නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නා වූ සියලු හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව සහ කාලය ද නිබඳව නොඅඩුව ලැබේවා!
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, ජය වේවා!

    Reply
  • dulakshitha

    thanx bro
    congratulations

    Reply
  • Madushan_Dilnuwan

    ස්තුතියි අයියේ.ඉදිරියට කරගෙන යන්න.all the best.

    Reply
  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • Good work..keep it up

    Reply
  • suba pathanawa saho thawath idiriyatama yanna …jayawewa..

    Reply
  • uditha de silva

    good work brother

    Reply
  • thanks mco digatama karanna ශක්තිය ධෛරයය ලැ‌බේවා……

    Reply
  • Sajithlakshan

    400 sub ekata thanks machan ………………..

    Reply
  • tbsdarshana

    ගොඩක් ස්තූතියි sub එකට

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • ShariAllen

    Patta bn..
    Pin umbta..

    Reply
  • Damru Ravihara

    thanks for sub

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Chanuka Nilesh

    Thanks for sub
    congratulation 400 subs
    Good luck

    Reply
  • 400ට සුබ පැතුම් සහෝ ….උබලා නිසා තමයි අපි මෙහෙම හරි ෆිලුමක් බලන්නේ. thanq baiscope

    Reply
  • ane pls kawuruhari mata meka bluray gann site ekk kiyannko.yts eke thama dala naa.ane pls ……help me……

    Reply
  • Thanks for Subtitle…………..
    Jayawewa……………!!!!!!!!!!!
    Congratulation mchn 400weni sub1t….!!!!!

    Reply
  • Asnjana_Lahiru

    tnqqqq sahoo jaya wewa!!!!

    Reply
  • Thanks saho sub ekata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • achala hettiarachchi

    Thank you

    Reply
  • Ishan Madusha

    නියමයි සහෝ.ස්තූතියි සබ් එකට

    Reply
  • geeganagamage

    බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
    හැරි පෝටර් සහ ලෝඩ් ඔෆ් රිංග්ස් එකේ සමහර ෆිල්ම් වලට BLURAY extended update දීලා නැහැ ඒ ෆිල්ම් ටිකටත් BLURAY අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .

    Reply
  • sathyajith

    Thanks for the sub

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • Thanks… 400 වන උපසිරැසියට උනුසුම් සුබපතුම්…

    Reply
  • Nishu_Madhu

    Sub ekata thanks bro

    Reply
  • kawishka lakshan

    sub ekta thanks bro

    Reply
  • Ravindu Rukshan

    400 වෙනුවෙන් සුබ පතනවා නිලූ අයියෙ දැන් 450 ටත් ළඟයිනෙ. එහෙනම් ඒකත් ඉක්මනින්ම ගහන්න ලැබේවා කියා පාර්ථනා කරනවා

    Reply
  • chandiyuri

    400 වෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම් සහෝදරයා.. ඒ වගේම සබට බොහොම ස්තුතියි සහෝ…

    Reply
  • AsithChanaka

    බොහෝම ස්තූතිය සහෝ
    සුභ පැතුම් ඔබට

    Reply
  • severus snape

    තෑන්ක්ස් bro..මාස ගාණකින් ෆිලුමක් බලන්නෙ.ජය වේවා.

    Reply
  • ඔබගේ කඩඉමට සුභ පතනවා වගේම මේ සුපිරි චිත්‍රපටියට උපසිරැසි ගෙනාවාටද ස්තුති කරමි…..

    Reply
  • In to the ashes movie eke sub ekath danna puluwanda ikmanata

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ඒ වගේම 400 වෙනි උපසිරැසියට සුභපැතුම්.දිගටම සබ් දෙමු.ජයවේවා………..!

    Reply
  • Shehan putha

    Thanks bro..
    Unusum subs pathum 400*
    Jayen jaya a wewa!

    Reply
  • randima Isuru

    Niyamai. Thawa sub karanna. Wade atharinna epaaa

    Reply
  • 400 වැනි උපසිරසියට සුභ පැතුම්
    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • shehan_dilanka

    ela sub eka enakan balan hitiye

    Reply
  • dragonhero

    400ට සුභ පැතුම්…සබට බොහොම ස්තූතියි

    Reply
  • Nuwandika Dil

    Thanks and good luck browww

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    අප්පා, එළකිරි ආ….
    කාලෙකින් සයිට්එක පැත්තේ ආවේ, මෙන්න සුපිරි බඩ්ඩක් දීලා…
    400 යි නෙහැ, අවුලක් නෑ, හෙට අනිද්දා වෙද්දී මාත් ඒ ගානට වගේ ලංවෙනවා, ඊටපස්සේ මාත් උපසිරසි වලින් සමුගන්න ඉන්නේ..
    එහෙනම් උණුසුම් සුභ පැතුම් නිකපුල් මලේ..
    සබැ ගන්නවා, ජයවේවා!!

    Reply
  • Pramukmili

    Thanxx bro congratzzz & keep it up……

    Reply
  • vishwanathmadhushanka

    Thanks

    Reply
  • Aruna priyashantha

    Thanks.
    400 ට සුභ පැතුම්.ජය වේවා

    Reply
  • chandika1975

    congratulation and thank you for the subtitle

    Reply
  • 400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා.තවත් දීර්ඝ කාලයක් උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    Reply
  • දමිත් රත්නායක

    එනකල් බලන් හිටි චිත්‍රපටයක්.
    බොහොම ස්තුතියි
    ජයෙන් ජය සහෝ.

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    කමෙන්ට් එක අස්සක වැටිලා කියහංකෝ. *දමිත් රත්නායක* සොරි වේවා සහෝදරයා.

    Reply
  • ranga11112

    400 sub akata suba pathanawa saho….
    bohoma pin me karana sewayata…
    තෙරැවන්සරණයි

    Reply
  • sub ekat thanks saho asawen hitapu film ekak, 400 subtitles congratulations bro

    Reply
  • Rasitha Pradeep

    400 වැනි කඩඉමට හදවතින්ම සුබ පැතුම් සහෝ….
    ඉදිරියටත් වැඩි වැඩියෙන් උපසිරැසි ගෙන ඒමට ශක්තිය, ධෛර්යය කාලය ලැබේවා….
    ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • Congratulations …

    Reply
  • RavindraRishantha

    අපි වෙනුවෙන් කළ ලොකු ව්‍යායාමයක් – ස්තුතියි

    Reply
  • harshaeranda

    supirima supiri wedak bro…..thanks

    Reply
  • Buddhi KPB

    තෑන්ක්ස් සහෝදරයා!!!

    Reply
  • dinesh.123

    thkz brother…. fatta film eka… digatama sub denna

    Reply
  • දමිත් රත්නායක

    400 වෙනි කඩඉමට උණුසුම් සුබ පැතුම් මධුක සහෝ.
    ඉදිරියටත් හොඳ උපසිරැසි ගෙන එන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    ජයෙන් ජය

    Reply
    • කෞශල්‍ය දුෂ්‍යාන්

      හම්මට ටියුබ් කොලුවා.මේක දෙන්නේ කවද්ද කියලා බල බලාහිටියෙ.පට්ටයි බං.හොල් එකෙන් බැලුවා.සුපිරියක්.අායෙ හෝදන්න දෙයක් නෑ.BR අාපුවාම අප්ඩේට් එක ඕනි එහෙනං.දැනට මේක බලන්නං.හෝල් එකෙන් බැල්‍රවට අැදට වෙලා ලැප් එක බඩ උඩින් තියං බලනවා වගේ තවත් සැපක් කොහෙද.එහෙනං.මෙන්න බෑවා. 400ට උණුසුම් සුභ පැතුම්.ඉක්මනට 500 600ත් ගහමු.සදා ජය නිලුපුල් මචං.

      Reply
  • Dinuka..lakshitha

    Fatta thanks bro

    Reply
  • thnx bro sub ekta.400 upasirasiyata subapathum..

    Reply
  • Congratulations dear.. keep up all your good work.. thanks sub dunnata. balaaaaagena hitiye..

    Reply
  • gimhan sadruwan

    thanks bokka thnakn uuuuuuu

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
    • Congratulations 400 subtittle

      Reply
  • කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුනාට සමාව ඉල්ලන ගමන්ම් උණුසුම් සුබ පැතුම් එක් කරනවා 400+ උපසිරැසි වලට. අර කිව්වත් වගේ එහෙම ලේසියෙන් අත ඇරල යන්න හිතක් දෙන්නෙ නෑ මේ කෙරුවාව ඔලුවට ගැහුවහම. ඉතින් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ඊලඟ කඩ ඉමෙන් හමුවෙමු එහෙනම්. ජය෴෴ 😛 😛

    Reply
  • ela supiri bo
    jaya weewaa

    Reply
  • supiri masho mama balagena hitiye me sab aka anaka t.x

    Reply
  • hisarashanaka

    Thanks kollo sub ekata

    Reply
  • Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

    Reply
  • pathum wikramaarachchi

    congrats.. br sub ekata thanks.

    Reply
  • සනිඳු ලක්ඛිත

    මුලින්ම 400 වෙනි උපසිරසට හදවතින්ම සුබපැතුම් සහෝ…සෑහෙන්න දිග ගමනක්..වෙලාවට කලාවට උපසිරස ලබා දෙන්න අති දක්ශයෙක්..ඒම වෙලවත් ඉදල හිටලා දවසක් පරක්කු උනාම නොසෑහෙන්න බැනුම් අහලත් තියේ.. උපසිරසකරණයෙන් ඈත් වෙන්න එපා කියන එකයි අපේ ඉල්ලීම. ඉදල හිටලා හරි ෆිලුමක් අරන් මේ පැත්තට ඇවිත් අපිව හම්බවෙලා යන්න..මේකත් ඉතිං මග බලන් හිටපු ෆිලුමක්. හැබැයි BR එකක් එනකම් ඉවසන් ඉන්නවා. 500 කඩඉමටත් ලගා වෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! බුදුසරණයි..!

    Reply
  • Udara Damith Dissanayaka

    400 yata suba pathanawa

    Reply
  • Nandana_kumara

    400,congratulations, tu, good luck

    Reply
  • 400 ට හදවතිම සුභ පැතුම්..
    මම කැමතිම ෆිල්ම් එකක්..
    සබ් එකට බොහොම ස්තූතියි මචන්…

    Reply
  • Thank you very much Maduka for the sab.

    Reply
  • 400 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ඔෂද ධනංජය

    thanx sahoo…congradzzz…..

    Reply
  • congratz….. sub eka dunnata tnz…

    Reply
  • Jaime Lannister

    Congrats bro……..a wagema thanx sub ekata……..

    Reply
  • Mahesh Rajapaksha

    Thanks saho…

    Reply
  • Obta unusum Suva pathum

    Reply
  • suranuwan

    thanks bro……..

    Reply
  • Nuwantha Dulan

    400 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් නිලෝ !!!
    අවුරුද්දකට කඩයිම් දෙක ගානේ ගිහින් නොවැ,
    එහෙනම් 2020 දී 450, 500 ට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😀
    ජයෙන් ජය!

    Reply
  • bohoma sthuthi saho, awagema suba pethum 400ta…

    Reply
  • Anujaya chathuranga

    sub 1000k gahamu ne

    Reply
  • madhawa_max

    Thank u brother .

    400 වෙනි උපසිරැසියට සුභපැතුම්.

    Reply
  • Sachithra 73337

    400 weni upasirasata suba pathum…
    thanks for the subtitle….

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    400 වෙනි උපසිරසියට සුබ පැතුම්!!!
    දිගටම සබ් දෙමු නවත්තන්නතිව…
    බයිස්කෝප් එකේ ඉන්න සුපිරිම සබ් කරන කෙනෙක්….
    ෆිල්ම් එක Blu ray ආවහමම බලනව….

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.

    Reply
  • jaya wewa digatama sub denna …

    Reply
  • 400 කඩයිමට හදවතින්ම සුබ පතනව. උපසිරසියට බොහොම ස්තූතියි ❤. බුදු සරණයි. ජයෙන් ජය….

    Reply
  • Ayesh Prashan

    Subha Pathum Thank You B-Ray Ekakma Balano

    Reply
  • Rohanvanderlan

    Thank you bro මේක එනකල් balagana හිටියෙ

    Reply
  • 400t congrat saho digatama sub demu jaya wewa

    Reply
  • 400 t suba pathum saho
    hammo meka denakam hitiye thanks digatama sub demu jaya wewa

    Reply
  • silentnight

    400 ta ape subapathum sahoo..idiriyatama yanna hakiyawa labewa..jaya wewa..

    Reply
  • Ravindu rukshantha

    400 kdaimata subapathum.
    Upasirasata sthuthi.

    Reply
  • 400ත් ගහලා….සුභපැතුම් අයියේ…
    කොච්චර නැහැ කිව්වත් අපි දන්නවා ආයෙ 450ත් ගහනවා කියලා..ඒක නිසා ඉදිරි ගමනට සුභපතනවා…
    ස්තූතියි උපසිරැසියට..

    Reply
  • ajith fernando

    CONGRATULATION!!!!!!!!!!!!!!!!!!!!!
    Thank you very much for sub

    Reply
  • Congratulations thanks for sub

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro subt.400 weni subt subapathum.tnx bro dunna tv series walatath. Uba nathi num samahara ewwa bagayak witharai blnna wenne.

    Reply
  • Rumesh dhanushka

    Thanks madhukapriya ✨

    Reply
  • ඔයාගේ උපසිරැසි ජීවිතයේ 400 වන කඩයිමට ලගාවීම පිළිබදව මම සුභ පැතුම් එක් කරනවා…..

    ඒ වාගේම තවදුරටත් අපවෙත උපසිරැසි ගෙන ඒම සදහා ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා….

    ජය වේවා !!!!!!!!!

    Reply
  • Shanaka Cha

    Thanks bro…………………
    400 ට සුබ පැතුම්

    Reply
  • 400වන උපසිරසියට සුභ පැතුම් ජයවේවා මචං එල

    Reply
  • Achalanka

    magen suba pathum saho

    Reply
  • Nimesh sasanka

    thanx saho sub ekata

    Reply
  • Asitha.pramoth

    සෙල්ලම් නෑ ⁣සහෝ 400ක්. හදවතින්ම සුබපතනව. බොහොම ස්තූතියි ⁣අපි වෙනුවෙන් මේ කරන දේට

    Reply
  • AravindaJayaweera

    Thank you bro

    Reply
    • AravindaJayaweera

      Congratulations

      Reply
  • harshahjk

    සුභ පැතුම් මධුක 400ක් කියන්නේ ලොකු ප්‍රමානයක් ඒ වෙනුවෙන් ගතකළ කාලය හිතාගන්න පුලුවන්. ඔබ ලබා දුන්න කතාමාලා නම් ඔක්කොම වගේ බලලා තියනවා. ඉතින් පුලුවන් විදිහට ඉඩ ලැබෙන ආකාරයට අපි අතර රැඳෙන්න බලන්න. ඔබට ජයම වේවා

    Reply
  • Achalanka

    magen suba pathum saho

    Reply
  • Gathsara Umesh

    හදවතින්ම සුබ පතනවා අයියේ…..❤️
    බොහෝම ස්තූතියි උපසිරැසියට..මොනව උනත් සබ් දෙන එක නම් නතරකරන්න එපා.450න් හමු වෙමූ..

    Reply
  • gihan perera

    නියමයි සහෝ වෙච්ච මහන්සියට……උණුසුම් සුභ පැතුම් කඩයිමට……දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි……ජය වෙිවා…..

    Reply
  • cngrtz for 400 subtitle

    Reply
  • Kantha_DLA

    400 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • pradeep priyadarshana

    Thank you machooo

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ඉස්සෙල්ල්ම 400* සබට සුබපැතුම් මචං. දවසට සබ් තුනක් ගහපු උඹට දැන් දවසට එකක් කරන්න වෙලාව නෑ කියන එක නම් පිළිගන්න බෑ හොඳේ. බොරු නොකර ඉස්සරහට සබ් කරමු සෙට් එකත් එක්කම එකතු වෙලා. බයිස්කෝප් පවුලට එකතුවෙලා අඳුර ගත්ත නියම කොල්ලෙක් උඹ. හැම වැඩකදිම ඉන්න, ඕනම වෙලාවක වැඩක් දුන්නම කරල දෙන උඹ වගේ එකෙක් නතර වෙනවනම් ඒක ලොකු පාඩුවක්. ඒ නිසා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 500 පන්නමු. ඉගෙනීම් වැඩක් කරගෙන පලයං හොඳට. එහෙනම් ජය වේවා..!

    Reply
  • Congratulation…
    Thanks for the sub…

    Reply
  • ස්තූතියි සහෝදරයා

    Reply
  • Madura Lakshan

    Thanks saho sub ekata congratulations

    Reply
  • Chathura_sam

    thank u very much broh!!!!!

    Reply
  • thanks bro & all the best!!!!!!

    Reply
  • ලහිරු ප්‍රසාද්

    hහදවතින්ම උබ පැතුම් නිලෝ 400 වෙනි උපසිරැසිය වෙනුවෙන්.
    උබ කිව්වත් වගේ දැං එන්න එන්නම කාර්යබහුලත්වය එක්ක මේ වැඩේ ටික ටික අතහැරෙන තත්ත්වයක් තමා තියෙන්නෙ.
    ඒ වුනාට පුළුවන් විදිහට නතර නොකර උපසිරැසි කෙරුවාව කරන් යමං ඉතිං.
    උපසිරැසිකරණයට වගේම උබේ අධ්‍යාපන සහා අනෙකුත් සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජය!

    Reply
  • isuruperera

    congratulation machan..
    thanx

    Reply
  • Thilan Durage

    congratulations bro… thank you…

    Reply
  • Praneeth priyadarshana

    Congrtz broooo

    Reply
  • arawindasunimal

    thanks madukapriya………….400 weni sub ekata suba pathum = thanks baiscope.lk……………..

    Reply
  • Nuwan Wanigasuriya

    Thank you brother…

    Reply
  • pasinduhasalankakm

    Thankz bro

    Reply
  • lakmal chathuranga

    tank you jayawewa

    Reply
  • praneeth01

    Sub 400ta Sahenna Thanks. Budu Saranai.

    Reply
  • all the very best.and thank u 4 the sub

    Reply
  • Box123456789

    බොහොම ස්තුති සහෝ 400ට සුභපතනව

    Reply
  • nihalpujitha

    සුපිරි thanks for u…♥️♥️♥️♥️

    Reply
  • 400ta suba patum macho…br akata update denna

    Reply
  • Thanks brother for your sub best wishes for your 400 sub

    Reply
  • Hard Rock

    patta machan. thanx. wewi wediyen sub denna lebewaaaaaaaaaaaaaa

    Reply
  • චානක ඉඳුනිල්

    400 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් සහෝ,
    උපසිරැසියටත් බොහොම ස්තූතියි,
    අනිවා බැලිල්ලක් තමා,
    Good Luck For Your Future

    Reply
  • සුභ පැතුම් බොක්ක…
    ආයෙ ඉතින් වැඩ්ඩෙක් තමා…
    ඒ වගෙම සෙට් වුනු තවත් එලම චරිතයක්…
    බයිස්කෝප් එක වෙනුවෙන් එදා මෙදා තුර උඹ කරපු කැපකිරිම් නිසාම ආව දවසෙ ඉදන්ම පොර කවුද කියල දන්නවා..
    ඉදිරියටත් ඔය ගමනේම යෙදෙමු.
    හදවතින්ම සතුටුයි සහ ආඩම්බරයි මචං…
    ජයෙන් ජය..!!!

    Reply
    • charuka 123

      Good job broh… keep it up..

      Reply
  • 400’වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් නිලුපුල්.
    අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඉහින්. මාත් වෙබ්අඩවියට එකතු වෙච්ච කාලෙ ඉදලම හිටිය එල ෆිට් එකක් තමයි ඉතින්. කොච්චර වෙලාවක් නැති වුනත්, සබ් කරන්න බැහැයි කියලා හිතුනත් ඉදලා හිටලා හරි මේ දේටත් වෙලාවක් වෙන් කරගනීවි කියලා හිතනවා. මොකද උඹලා වගෙ අය මේ සයිට් එකේ පැවැත්මට හුගක් වටිනවා.
    අනික දැන් 450 ට ලගයි නෙවැ. නොවැම්බර්-දෙසැම්බර් කාලෙ කිට්ටු කරලා ඊලග කඩයිමෙන් මුණගැහේවි කියලා හිතනවා.
    මේ වැඩ කරන අතරතුරේම උඹෙ ඉගෙන ගන්න වැඩ ටිකත් හොදින් කරගන්න හැකියාව ලැබෙන්න ඕන.
    මේකෙ බ්ලුරේ කොපියක් ආවම අනිවා බලනවා.
    මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!

    Reply
  • benukanimsena

    බොහොම ස්තූතියි අයියේ
    හාරසිය පනහත් ඉක්මනටම කරන්න අවස්ථාව ලැබේවා!
    අනිවාර්යයෙන්ම බලනවා
    ආයෙත් පාරක් බොහොම ස්තුතියි

    Reply
  • sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    400 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

    Reply
  • 400 වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබ පැතුම්…!
    අැත්තටම මෙහෙම ෆිල්ම් තියේද වත් දන්නෙ බයිස්⁣කෝප් නිසා.
    ඒවා බලන්නෙ, රස විඳින්නෙ අනුන්ගෙ සතුට වෙනුවෙන් උපසිරැසි හදන ඔබ වැනි අය නිසා.
    නිදුක් නිරෝගී වේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply
  • suba pathum sahodaraya

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
    ඒ වගේම 400 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!

    Reply
  • මුලින්ම 400 කඩඉමට සුභ පැතුම්..! ඉක්මණින්ම 450 ටත් යන්න ලැ‍බේවායි ප්‍රාර්ථනා කරන ගමන්ම සිංහල උපසිරැසියටත් බොහොම ස්තුතියි..!

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    හාරසීය වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා අයියේ….!! වැඩිම උපසිරැසි ගණනක් කරලා ඉන්න බයිස්කෝප් උපසිරැසිකරුවන් අතරින් දෙවැනි ස්ථානය රදවගෙන ඉන්න එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. උපසිරැසි 400ක්, අවුරුදු කීයක මහන්සියක්ද කියලා හිතන්නවත් පුළුවන්ද, සබ් 50ක් වගේ කරලා ඉන්න අපි වගේ අය එක්ක බැලුවම අයියා කියන්නේ පතාක යෝධයෙක්. කිසිම අව්ස්ථාවක උදව්වක් ඉල්ලුවම කරලා දෙන්න පැකිලෙන්නේ නැති සහෝදරයෙක් වගේම බයිස්කොප් පවුලෙන් සෙට් වුන නියම නිහතමානි සහෝදරයෙක් කියලා බය නැතුව කියන්න පුළුවන්. එහෙනම් ඉතින් 450වෙනි සබ් එකත් ඉක්මනට ගහන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. කෝමත් 100 එකයි, ඇරෝ එකයි ගහනකොට ඕක ලේසියෙන්ම පාස් කරලා තියෙයි. එහෙනම් ඉදිරි සියළු කටයුතු සර්වප්‍රාකාරෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරන ගමන් උපසිරැසියටත් බෝම ස්තූතියි, අනිවා බැලිල්ලක් තමා. ජය වේවා…!!!

    Reply
  • සබ් එකට ස්තුතියි බොක්ක,
    ඒ වගෙම 400 බොක්ක

    Reply
  • Mohomed_Ismath

    සුබ පැතුම් සහෝදරයා..!! 400 ට දීල තියෙන්නෙත් එසේ මෙසේ එකක් නෙවෙයි..අප වෙනුවෙන් කරන කැපවීමට ගොඩක් ස්තූතියි..ජය..!!

    Reply
  • sanjeewakbg

    my congratulations bro…thanks sub ekata…god bless…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *