අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesIndian Box office HitsMaxxASinhala Subtitleආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නමලයාලම්ශසිත් සඳරුවන් (සඳේ)සිංහල උපසිරැසි

Kumbalangi Nights (2019) Sinhala Subtitles | පැල්පතේ ජීවිතේ! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 70 votes.
Please wait...

ආයුබෝවේවා! ඔන්න තවත් බලාගෙන හිටිය මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරන් ආවා. 2019 පෙබරවාරි 7 වෙනිදා නිකුත් වුන මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ C. Narayanan විසින්. ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට නිෂ්පාදනයෙන් දායක වී තිබෙන්නේ Fahadh Faasil, Nazriya Nazim, Dileesh Pothan, සහ Syam Pushkaran විසින්.

ඉන්දියානු රුපියල් කෝටි 6.5ක වියදමකින් නිෂ්පාදනය වුනු මේ චිත්‍රපටය අතිශය ජනප්‍රසාදය දිනා ගැනීම හේතුවෙන් රුපියල් කෝටි 39ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්නට සමත්කම් දැක්වුවා. ඒ වගේම IMDb දර්ශකයේ 8.9ක් වැනි ඉතා ඉහළ අගයක් මේ වන විට හිමි වී තිබෙනවා. Shane Nigam, Fahadh Faasil, Soubin Shahir, Sreenath Bhasi, Anna Ben, සහ Mathew Thomas යන අය ප්‍රධාන චරිත වලට රංගණ දායකත්වය දක්වා තිබෙනවා.

මේ චිත්‍රපටය කුම්බලංගි කියන දූපත් වලින් සමන්විත ධීවර ගම්මාණයේ පැල්පතක ජීවත් වන සහෝදරයෝ හතර දෙනෙක් වටා ගෙතෙන සොඳුරු සිනමා සිත්තමක්. සාජි,බොනී,බොබී සහ ෆ්රෑන්කි කියන මේ සහෝදරයෝ හතර දෙනා වෙනස් අදහස් තියෙන, වෙනස් වයස් මට්ටම්වල ඉන්න හතර දෙනෙක්. ෆ්රෑන්කි තමයි බාලයා. අයියා කියන විදිහට කොහෙදෝ නැති වාසනාවක් පාත් වෙලා තමයි මූට හොඳ ඉස්කෝලෙකට ඇතුලත් වෙන්න ලැබිලා තියෙන්නේ. ඉස්කෝලේ නිවාඩුවට යාලුවෝ ෆ්රෑන්කිලාගේ ගෙදර යමු කියනකොට ලැජ්ජාව නිසාදෝ බොරුවක් කියලා ගෙදර එනවා. ගෙදර ඉන්නේ සාජි සහ බොබී කියන අයියලා දෙන්නා විතරයි. බොබී වැඩක් පලක් නොකර ඔහේ වැව් ඉවුරට වෙලා ඉන්න චරිතයක්. ඉතින් ඕකත් අල්ලගෙන මේ අයියලා දෙන්නගෙ වැඩේ මරාගන්න එක. ෆ්රෑන්කිට මේ දෙන්නගේ ආරවුල් නිසා මේ දෙන්නව එපා වෙලා ඉන්නේ. ඒත් ෆ්රෑන්කි කැමතිම සහ එයා ගැන හොයලා බලන අයියා තමයි බොනී. එයා ගෙදරින් ටිකක් ඈත් වෙලා ඉන්නේ.

දවසක් බොබීගේ කට්ට කලු යාලුවෙක්ට කෙල්ලෙක් සෙට් වෙනවා. බොබීට ඒක නම් ටිකක් වදිනවා. මොකද මට නැත්තේ කියලා හිතෙන්න ඇති. 😛 කොහොමින් කොහොම හරි බොබීටත් හුරු බුහුටි කෙලි පැටික්කියකගේ බැල්ම වැටෙනවා. එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක් වුනත් ඉතින් හිත ගිය තැන මාළිගාව කියනවනේ. ඒත් එක්ක තමයි ප්‍රශ්න මතු වෙන්න ගන්නේ. නිකමෙක් වගේ ඉන්න රස්සාවක්වත් නැති කෙනෙක් කොහොමද ගෑණු ළමයගේ ගෙදරින් කැමැත්ත ගන්නේ? ඒකත් එක්කම නිකමෙක් වගේ හිටිය බොබී ට අරමුණක් ලැබෙනවා. ඒ අරමුණත් එක්ක පසුබිම විපරම් කරපු චිත්‍රපටයට කතාවක් ලැබෙනවා. එහෙනම් ඒ සොඳුරු කතාව රස විඳින්නට ඔබ සැමට ආරාධනා කරමින් අදට සමු ගන්නවා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

58 thoughts on “Kumbalangi Nights (2019) Sinhala Subtitles | පැල්පතේ ජීවිතේ! [සිංහල උපසිරැසි සමඟ]

  • මසියා

    Thank brother

    Reply
  • බොහෝම ස්තුති උපසිරසියට

    Reply
  • Anonymous

    උපසිරසට බොහොම ස්තූතියි

    Reply
  • සාරංග ජේ. ලියනගම

    Thanks….

    Reply
  • ලහිරු

    නියමයි ගැම්ම සහෝ.. සබට තෑන්ක්ස් ..

    Reply
  • Thanx mchn sub ekt..baiscopelk ekt jaya wewa

    Reply
  • bohomathma sthuthi.. thawa thawath malayalam films walata sub denna kiyala illanawa….!

    Reply
  • maheshpubudu

    supiri film ekak. sub eka laba dunnata bohoma sthuthi.
    jaya wewa…!!!

    Reply
  • Thilankadissanayake

    thanks………..

    Reply
  • ricadodamien

    Thank U Shasith brother & baiscope team for the sub, it was beautiful, Amazing, lovely, Simple. All the best to baiscope team………………

    Reply
  • තෑන්ක්ස් මචන් සබට.

    Reply
  • Ajithkumara1

    ඇත්තටම බෙහෙවින්ම ඉස්තූතියි සහෝ ඔබේ මහන්සියට තව තවත් මලයාලම් ඒවම කරන්න බලන්න ඔබට ජයවේවා

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • කවිනු වීරක්කොඩි

    අවුරුද්දේ පළවෙනි මලයාලම් බ්ලොක්බස්ටරේ…
    අර නූඩ්ල්ස් කෙල්ල!!
    ඒ් සිංදු ටික!! කොහොමද දෙයියනේ නොබලා ඉන්නේ..
    සඳේත් ඉඳලා ඉඳලා සද්ද නැතිවම මාර මල් වෙඩිල්ලක් එළියට දාලා.. ස්තූතියි උපසිරැසියට!!

    Reply
    • ගොඩක් ස්තූතියි , මලයාලම් අනන්‍යතාව තියෙන තව sub දාන්න..
      මේක තමා නියම සිනමාව

      Reply
  • සදේ නියම වැඩක්.මග බලං හිටියේ සබ දෙනකම් .ජය වේවා ..ජය

    Reply
  • Lalani Maduwanthi

    Thank you,,,,godaak pin oyata,,,,

    Reply
  • ranga11112

    ස්තුතියි සදේ

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Menaka Herath

    බොහෝ ස්තූතියි සබ් එකට සහෝ…
    ඔබට ජය…..

    Reply
  • anushka5800

    mama wisheshayenma mekata sub denna kiyala illimak kala mechchra ikmanata dunna ekata maage hadapiri isthuthiya..

    Reply
  • බොහොම ස්තුති
    Good Luck Bro

    එනකන් මග බලන් හිටපු සබ් එකක්
    ♥♥♥♥♥!

    Reply
  • හම්මේ සදේ අයියා ඉදල ඉදල සුපිරියකටම සබ් අරන් ඇවිත්නේ..බොහොම ස්තූතිතිය සදේ අයියේ උපසිරසියට..

    Reply
  • ස්තුතියි සඳේ.ජයවේවා!

    Reply
  • තැන්ක්ස් බං.

    Reply
  • ස්තුතියි ගොඩක්.☺️

    Reply
  • Pradeepkumara

    ස්තූතියි සහෝ..

    Reply
  • isuru srinath sjs

    බොහොම ස්තුතියි මචන්..!

    Reply
  • තැන්ක්ස් බ්‍රෝ
    ඩවුන්ලොඩ් කරලා බාලගෙගෙන හිටියා ෆිලුමට සබ් දෙනකන්
    උබට බොහොමයක් ස්තූති මේ කරණ වැඩේට.

    Reply
  • ela brooo thankssssssssssssss

    Reply
  • චානක ඉඳුනිල්

    බොහොම ස්තූතියි සබ් එකට,
    එනකම් හිටිය එකක් තමා ඉතින්,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *