අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිනාට්‍යමයරුෂානි දිසානායකසිංහල උපසිරැසි

Life As We Know It (2010) with Sinhala Subtitles | අපි දන්නා ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 32 votes.
Please wait...

රුෂානි දිසානායක සොහොයුරියගේ ලිපිය

අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ලස්සන චිත්‍රපටියක්.බයිස්කෝප් වෙබ් අඩවියේ මේකට ලිපියක් පලවෙලා තිබුනත් සිංහල උපසිරැසි නම් තිබුනේ නැහැ.

චිත්‍රපටිය තමයි Life as We Know It. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Greg Berlanti කියන අධ්‍යක්ෂකවරයා. IMDB අගය 6.6 වුන මේ චිත්‍රපටියේ ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ Katherine Heigl සහ Josh Duhamel. ඔයාල Roswell කතා මාලාව බැලුවනම් Katherine Heiglව අමතක වෙන්න විදිය නෑ. එයා තමයි ඒකෙ Isabel Evansගේ චරිතයට පණ පොවන්නේ.ඒ වගේම ඔයාලා Safe Haven කියන චිත්‍රපටිය බැලුවනම් මතක ඇති ඒකෙ Alex Wheatleyගේ චරිතය කරන්නේ Josh Duhamel.

මේකේ කතාව ගැන කියනවනම් මෙහෙමයි. Holly Berenson සහ Eric Messer කියන්නේ වෙනස් අදහස් තියෙන දෙන්නෙක්. මෙයාලගේ යාළුවො මෙයාල දෙන්නව සෙට් කරන්න හැදුවට ඒක හරියන්නේ නැහැ. ඉතින් කොහොමහරි එක්තරා සිදුවීමක් නිසා මේ දෙන්නට එක ගෙයක් ඇතුලේ ජිවත් වෙන්න සිද්ද වෙනවා. ඒ සිදුවීම මොකද්ද කියල ඔයාල කතාව බලලම දැනගන්න. ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර දෙයක් කියල ඔයාලට වැටහේවි.ඉතින් මේ දෙන්නගේ හැලහැප්පීම් මැද්දේ ගෙවන ජීවිතය කොහොම එකක් වෙයිද කියල බලන්න ඔයාලට මං ආරාධනා කරනවා.

“Having somebody help you doesn’t mean that you failed.It just means that you’re not in it alone”

උදා සොහොයුරා විසින් කලින් පලකරන ලද ලිපිය

හැබෑටම ජීවිතේ හැටි කොයි වගේද? මේ ලෝකෙට ආ දා ඉඳං අපි හැමෝම එකිනෙකාට අනන්‍ය වුණු ජීවිතයක් ගත කරනවා. මේ ජීවිතේ හරියටම කිව්වොත් ගඟක් වගේ; උල්පතකින් පටන් අරන් බාධක-හැලහැප්පීම්, ප්‍රපාත-දුර්ග පහු කරගෙන විවිධාකර වෙමින් ගළා ගිහින් අන්තිමේ කොයි කාටත් හිමි තැනටම යොමු වෙනවා.

ඒ වුණත් වෙලාවකට ජීවිතේ හරි පුදුමාකාරයි කියල හිතිල නැද්ද? ම්… අපි ඔන්න ඉපදෙනවා, බඩගානවා, දණගානවා, හිටගන්නවා, ඇවිදිනවා, දුවනවා, පනිනවා, වැටෙනවා. ඊට පස්සෙ ඔන්න පාසලකට යනවා, නැ‍ටුම් කවි ගී ඉගෙනගන්නවා; හෙමිහිට තරුණ වියට එළඹෙනකොට ඕන්න කාටහරි හිත වැටෙනවා. එයා එක්ක හාද වෙනවා. ප්‍රේම කරනවා. රණ්ඩුවෙනවා, තරහවෙනවා. අන්තිමට කාව හරි කසාදත් බඳිනවා, එකිනෙකාට ආදරෙන් ඒ අය ගැන වෙහෙසෙමින් කැපවෙමින් කල්ගෙවනවා. ඊට පස්සෙ… හප්පා; ඊට පස්සෙ තමා හොඳම හරිය. දරුවො ලැබෙනවා.

ඊට පස්සෙ ආයෙම පරණ පුරුදු දේවල්මයි. හැබැයි ඒවා අපට අලුත්, හේතුව අපි මීට කලින් මේ විදිහට මේ දේවල් දැකල නෑනේ; දරුවො ලැබුණට පස්සෙ අපි එදා පොඩි සන්දියේ ජීවිතේ පටන් ගත්තු හැටියටම අපේ පොඩි එවුණුත් ජීවිතේ පටන්ගන්නවා දැක දැක හිතට පිරෙණ සතුට!

ඩිංගෙං අමතක වෙනවා. මං මේ කියන්න හැදුවේ චිත්‍රපටයක් ගැනනේ! මේකෙ නම Life As We Know It. අපි දන්න දෙයක් වුණත් ජීවිතේ ගැන තව වරක් කල්පනා කරල බලන්න මේක හොඳ වස්තුබීජයක් වේවි. අපි වගේම මේකෙ ඉන්න දෙන්නත් අහම්බෙන් මුණගැහිලා, හිතබැඳිලා… ඔහොම ඔහොම ජීවිතයක් පටන් ගන්නවා.

අපි හොඳට දන්න ජීවිතේ දිහා ආපහු හැරිල බලන්න, එහෙම බලලා ඒකේ රස තැන් දකින්න මේ කතාව ඔබට උදව් කරාවි. මමනං හිතන්නේ අපි දන්න දේවල රහ වැඩියි; හැබැයි අලුත් ඇහැකින් බලන්න වෙනවා.

Life as We Know It (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Life As We Know It.2010.720p.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS

72 thoughts on “Life As We Know It (2010) with Sinhala Subtitles | අපි දන්නා ජීවිතය [සිංහල උපසිරසි සමඟ]

  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • ashan lankanath

    Thanks ……………….good luck ……………………

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ලස්සන කතාවක්.කතාව පටන් ගන්න විදිහ නම් සුපිරි.ජීවිතේ කියන්නේ මේක තමයි.

    Reply
  • mahesh babu

    Thank’s for sub sis……
    Jeewethaya gana kathakarana me wage film aththatama supiri…….
    Widabara jeewetha gewana hamotama,jeewethaya dhiha aluth manasakin balanna mewani nirmana upakari wenwa….
    Thawath mewani anagi nirmana karanna obata hakiyawa,dhyrya,wasanawa labewa!!!

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • thanks sis niyama vadak

    Reply
  • Udara Damith B/K

    ස්තූතියි!………….

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Lassana film ekak wage saho..jaya wewa saho.

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • praveen bagaya

    lassana move akak. romba thanks ……..keep it up .jaya wewa……………….

    Reply
  • කෞෂාන් පියුමන්ත

    කලින් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න හදලත් නිකන් හිටිය සබක් නැති හින්දා.දැන් සබත් එක්කම බැලුවහැකි. සබට තෑන්ක්ස් dr.

    Reply
  • Sanindu Lakkitha

    ::::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::::
    :::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
    • Sajith Anthony

      සමාව අවසර සහෝ කිව්වට
      උපසිරැසියට බොහෝම ස්තුතියි රුෂානි සොහොයුරියට

      Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි
    ජය!

    Reply
  • Maxxa…! greate work gyz.. keep it up

    Reply
  • ලස්සන චිත්‍රපටයක්.. ජීවිතේ ඇත්තටම විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවේ කියලා මේක ‍බැලුවහම තවත් හොඳට තේරෙනවා!

    ස්තූතියි උදා සහෝ!

    Reply
  • පහුගිය දවස් ටිකේ මොකද උනේ….?? 🙁 ගුරාට සයිට් එක අමතක වෙලාද අප්ඩේට් කරන්න ඩොමේන් එක….?? බාන ෆිල්ම් බලන්න කලින්, ආයේ විස්තරේ කියවගන්න සයිට් එක වැඩ කරන්න ඕනා… 😀 ඉතින් මේ දවස් දෙක තුන අවුරුදු ගානක් වගේ දැනුනා …. 🙂

    Reply
  • vishva yapa

    makenam maruuuuuuuuuuuu

    Reply
  • අම්මා….!!!! After a long time..!!! ඔන්න මම හුග කාලෙකට පස්සෙ baiscope අඩවිය පැත්තෙ අාවා..!! Dubai ඉදලා Abu Dhabi අාවට පස්සෙ අද තමා Internet connection එක හම්බ වුනෙ..! කාටත් නොකියම ගියාට සමාවෙන්න.. අද ඉදලා අායෙමත් Baiscope අඩවිය සමගයි..!! පරණ යාලුකම් අායෙත් මතක් කර ගමු නේද..??

    Reply
  • චා.මු. නිලන්ත පියසිරි

    මම මේක බැළුවා. ඇත්තටම නියමයි. ඇහැට පොඩි ආදර කඳුලකුත් එනවා. හරිම විනෝද ජනකයි. මේ ගැන බයිස්කෝප් විබ පලේ විස්තරයක් දැමීම ගැන පිං.

    Reply
  • vishva yapa

    make hoaide,,aulak na,,narake awe make dan nae,,one mat bane dama…

    Reply
  • Suren n. Semage

    sthuthi saho.

    Reply
  • මමනං හිතන්නේ අපි දන්න දේවල රහ වැඩියි; හැබැයි අලුත් ඇහැකින් බලන්න වෙනවා.

    Reply
  • sameerarajapaksha

    එහෙනම් මාත් බානවා ඔන්න….. 🙂

    Reply
  • Balamu Henam bewenna dala

    Ape Jeeveetha Diha balanna meka hoda System Ekak Wei

    Thanks Machan

    Jaya Wewaaa

    Reply
  • කමෙන්ට්වලට ස්තුතියි!
    බලලම ඉමුකෝ විස්තර කියන්න.

    Reply
  • Ela machan ……. 😀 onna damma list 1ta
    Thankzzzzzz 🙂

    Reply
  • damma owa dana ganna eka wade…
    monaw akarannada kalin film eka awane
    bannamawanawa

    Reply
  • downloading 🙂 seems like a wonderful movie

    Reply
  • Thanks bro
    also thanks uda

    Reply
  • Jayan Chamal

    ela ela mara story eka

    Reply
  • සමන් කලුබෝවිල

    මාත් බානව… තැන්ක්ස්…..

    Reply
  • madusanka

    thanxxx….machan……..

    Reply
  • රාම් රාජ්

    ඔන්න එහෙනම් මාත් බානවා.

    Reply
  • ela.tnx.baala balannan

    Reply
  • Udaya සාලින්ද

    thanks saho……

    Reply
  • balama balamuko.thx saho………

    Reply
  • දනුක බෙන්තරවිතාන

    මම 5 වෙනියා. මේ දවස් වල ටිකක් කලින් comment කරන්න ලෑබෙනවා. බලමු පලවෙනියවත් වෙන්න පුලුවන්ද කියලා

    Reply
  • Vidura Imesh

    aio adath 1st wenna beri unane. awlak ne onna mama thamai 2nd!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *