සියලුදෙනාටම සුභ නව වසරක්! සිතන පතන දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු පරිදි කතාවට හැරෙමු. ජයරාජ් ‘ගානා’ ගායකයෙක්. ජයරාජ් රැකියාව විදිහට උත්සව, සාද වලට ගිහින් සින්දු කියන එක තමයි කරන්නෙ. ඒ හැරුණම හිස් අතේ තමයි. ජයරාජ්ගේ පවුලේ ආර්ථිකය දරාගන්නෙ නීතීඥයෙක් වුණ ජයරාජ්…

සියලුදෙනාටම සුභ නව වසරක්! සිතන පතන දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු පරිදි කතාවට හැරෙමු.

ජයරාජ් ‘ගානා’ ගායකයෙක්. ජයරාජ් රැකියාව විදිහට උත්සව, සාද වලට ගිහින් සින්දු කියන එක තමයි කරන්නෙ. ඒ හැරුණම හිස් අතේ තමයි. ජයරාජ්ගේ පවුලේ ආර්ථිකය දරාගන්නෙ නීතීඥයෙක් වුණ ජයරාජ්ගෙ තාත්තා ප්‍රකාෂ් රාජ්. ප්‍රසිද්ධියේ තමන්ගේ රාජකාරිය කසාද බැඳපු පවුල් කඩන එකයි. අප්‍රසිද්ධියේ රාජකාරිය පෙම්වතුන් ජෝඩු වෙන් කර දැමීමයි. වැඩිය පුදුම වෙන්න දෙයක් නැහැ. ජයරාජ්ගේ ආදරේත් බිඳලා දැම්මෙ ප්‍රකාෂ් රාජ් තමයි. ඒ හිතේ අමාරුවෙන් දේවදාස් වගේ බීමට ඇබ්බැහි වෙලයි හිටියේ. කොහොමින් හරි ජයරාජ් තවත් ආදරයට මුල පුරනවා. මේ අලුත් ආදරේ නිසා ජයරාජ්ගේ හැසිරීම හුඟක් වෙනස් වුණා. මෙච්චර කල් තාත්තට ගරුසරුවක් දැක්වුවේ නැති ජයරාජ් තමන්ගේ තාත්තට හොඳට සලකන්න පටන් ගත්තා. මේ වෙනස දැක්ක ප්‍රකාෂ් “මේ ගෙදරට එන්නෙ මගේ ලේලි නෙවෙයි, මගේ දුව” මේ කෙල්ලව නම් අතාරින්න එපා කියලා කිව්වා. ඒ කොහොම වුණත් ප්‍රකාෂ් නම් ජයරාජ්ව ඇතෑරියෙ නැහැ. ජෝඩුව පස්සෙන්ම යන එක රාජකාරියක් කර ගත්තා. කල් ගෙවෙද්දි ඒ දෙන්නව වෙන් කරන්න උත්සාහ ගන්නවා කියලා තේරුම් ගත්ත ජයරාජ් තාත්තාට නොදන්වාම කෙල්ලත් එක්කගෙන කසාද බඳින්න යනවා.

සන්තානම්, ජොන්සන්, සන්තෝෂ් නාරායන් යන ත්‍රිත්වය A1 හි සාර්ථකත්වයෙන් පසුව යළිත් මෙම චිත්‍රපටයෙන් හමුවනවා. චිත්‍රපටය A1 වගේම පුරාවට හාසය මුසුව තිබෙනවා. A1 චිත්‍රපටයේ තරමට නැතත් ගානා ගායකයෙකුගේ ආදරය වටා ගොඩනැගී යන කතාවක් අතරට හාස්‍ය එකතු කර තිබෙනවා. පෙර චිත්‍රපටයේදී මෙන්ම මෙහි සංගීතය හා ගීත සියල්ලක්ම ඉතාමත් ප්‍රබල ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වූවා. විශේෂයෙන් මොබයිල් ගේම්, සමාජ මාධ්‍ය, මීම්, යූ ටියුබ් වල මෙහි ගීත පැතිරෙන්නට වුණා.

චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන්නේ “හෙට දවසේ අධ්‍යක්ෂක” සම්මාන දිනූ ජොන්සන් කේ. යන අධ්‍යක්ෂක වරයායි. චිත්‍රපටයක් නිර්මාණය කිරීමට විවිධ නළුවන් මුණ ගැසී ඔහුගේ කතාව ඉදිරිපත් කලත් කැමැත්ත ලැබුණේ නැහැ. අවසන් වශයෙන් ආර්යාට කතාව ඉදිරිපත් කරන්නට යද්දි ආර්යාගේ කළමණාකරු ආර්යාට මේ කතාව හරියන්නෙ නැහැ කියා ජොන්සන්ට සන්තානම්ව නිර්දේශ කිරීමෙන් ඔහු සන්තානම් වෙත යොමු වනවා. ඒ A1 (2019) චිත්‍රපටයයි. A1 චිත්‍රපටය පුරාවට හාස්‍ය චිත්‍රපටයක් නිසාවෙන් ඊලඟ චිත්‍රපටය විදිහට ක්‍රියාදාම චිත්‍රපටයක් සන්තානම් වෙනුවෙන් උතුරු චෙන්නායි වලින් නැගී සිටින මැලේසියාවේ දාමරිකයෙකුගේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පොරොතුව හිටියත් නිරෝධායන සීමා ආදිය හේතුවෙන් පැරිස් ජයරාජ් යනුවෙන් යලිත් පුරුදු තනුවටම එනවා. ජොන්සන් කියන විදිහට තමන්ගේ මැලේසියන් ගැන්ග්ස්ටර් චිත්‍රපටයේ නම ‘අන්නාත’යි. චිත්‍රපටයේ නම ලියාපදිංචි කරන්න යද්දි සිවා ඒ නම තමන්ගෙ චිත්‍රපටයට ලියාපදිංචි කරගෙන තියෙනවා කියලා දැනගන්නෙ.

මෙම චිත්‍රපටයේ මාධ්‍ය හමුවකදී අධ්‍යක්ෂක ජොන්සන් “මම ඒ තරම් වටින්නෙ නැහැ.” යනුවෙන් කීප විටක් සඳහන් කරනු ලැබුවා. රිය අනතුරක් සිදුවීම නිසා අධ්‍යක්ෂකවරයාට මාධ්‍ය හමුව‍ට පැමිණීමට බොහෝ ප්‍රමාද විය. මාධ්‍ය දක්වා තිබුණේ අධ්‍යක්ෂක වරයා හමුවට මත් වී පැමිණි බවයි. කෙහොම වුණත් ඊට පැහැදිලි පිළිතුරක් ඉන් පසු මාධ්‍ය සාකච්ඡා වලදී පවා ඉදිරිපත් කලේ නැහැ.

ඒ වගේම සමහර අය අහලත් ඇති හැරිස් ජයරාජ් සංගීත අධ්‍යක්ෂක වරයෙක්. “වසීගරා” , “ඔරු මාලෛ” වගේ මුල් කාලීන ගීත වලින් මහත් ජනප්‍රියත්වයට පත් වූ සංගීත අධ්‍යක්ෂක වරයෙක්. තේරුමක් නැති වචන වලින් සින්දු තනන්න හැරිස්ට පුදුම හැකියාවක් තියෙනවා. හැරිස් ජයරාජ් කාවද්දලා ගත්ත නමක් තමයි පැරිස් ජයරාජ්.

සන්තානම් හැරුණු විට මෙහි රංගනයෙන් තෙළිඟු සිනමාවේ ප්‍රවීණ විකට නළු පෘද්වි රාජ්, මෙහි සුවිශේෂී චරිතය ප්‍රකාෂ් රාජ් යන නීතීඥ චරිතය ඉදිරිපත් කරනවා. තන්ගදුරයි, මාරන්, රාජේන්ද්‍රන් සුළු චරිත ඉදිරිපත් කලත් ඔවුන්ගේ හාස්‍ය ජවනිකා වඩාත් කැපී පෙනෙනවා.

විචාරක මතය වුණේ පළමු භාගය කතාව ප්‍රේක්ෂකයාට පැහැදිලි කර දීමට බොහෝ සෙමෙන් ගලා ගිය බවයි. පැටලිලි අවුල් සහගත භාවය පළමු අර්ධය තුල පෙනෙන්නට තිබෙන බවයි. සමස්ථයක් ලෙස විචාරක මිශ්‍ර ප්‍රතිචාර ලැබුණත්, ප්‍රේක්ෂකයින්ගේ ඉහළ පිළිගැනීමක් තිබුණා. නිරෝධායනය නීති පවතින කාල සීමාවේ චිත්‍රපටය නිකුත් කරනු ලැබුවත් සැලකිය යුතු බොක්ස් ඔෆිස් ආදයමක් ලද බව සඳහන් වනවා.

මේ චිත්‍රපටයේ වඩා සුවිශේෂීම අංගය වන්නේ ගානා සංගීතයයි. ගානා සින්දු බොහෝවිට දෙමළ, ඉංග්‍රීසි, හින්දි, තෙළිඟු යන බාෂා වලින් කවලම් වුණ මිශ්‍රයක්. ලංකාවේ බයිලා වගේ ඉන්න තැනම ඉඳන් සින්දු හදාගෙන කියනව කියලයි ගානා ගායකයින් කියන්නෙ. පුවත්පත් හා මාධ්‍ය වලින්ද චිත්‍රපටයේ ගීත වලට ඉහළ ප්‍රතිචාර ලැබුණා. කොටින්ම මේ චිත්‍රපටියේ ගීතවල තියෙන හාස්‍ය ස්වභාවය නිසාම පරණ වුණත් උපසිරැසිය හදන්න ඕනේ කියලා හිතුණෙ.

ඉතින් ආයෙත් චිත්‍රපටියකින් හමුවෙමු. මේ අවුරුද්දෙ වැඩියෙන් උපසිරැසි කරන්න හිතාගෙන ඉන්නවා. ඉස්සරහට බලමුකෝ. අදහස් දක්වන හැමෝටමත්, අනිත් බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටමත් ස්තූතියි!

බුදු සරණයි! සියළු දෙවි දේවතාවුන්ගේ පිහිටයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,874 downloadsDownload PARRIS_JEYARAJ_2021.zip93 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,874 downloadsDownload Subtitles93 KB

10 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. janith

    Bachelor (2021) eke sub ekath one

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Anonymous

    Ko bn pushpa

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. Anonymous

    Patta

  8. Dunil

    Pushpa eke sub oni

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.