Watch Trailer

A Flying Jatt (2016) with Sinhala Subtitles | පියාඹන අකුණු සැරය [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ එන්නෙ ගොඩක් දෙනෙක් මග බලාගෙන ඉඳපු, සුපිරි වීර චරිතයක් පදනම් කරගනිමින් බොලිවුඩ් සිනමාව අතික්‍රමණය කළ නවතම හින්දි චිත්‍රපටයත් අරගෙන. මේ වසරේ නිකුත් වන හින්දි චිත්‍රපට අතුරින්, ඉහලම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් චිත්‍රපටයක් ලෙස මෙය නම් කලහොත් එය මුසාවක් නොවේ. මන්දයත්, වර්තමාන හොලිවුඩ් පුරවරයට සු…

A Flying Jatt (2016)

මේ වතාවේ එන්නෙ ගොඩක් දෙනෙක් මග බලාගෙන ඉඳපු, සුපිරි වීර චරිතයක් පදනම් කරගනිමින් බොලිවුඩ් සිනමාව අතික්‍රමණය කළ නවතම හින්දි චිත්‍රපටයත් අරගෙන. මේ වසරේ නිකුත් වන හින්දි චිත්‍රපට අතුරින්, ඉහලම ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් චිත්‍රපටයක් ලෙස මෙය නම් කලහොත් එය මුසාවක් නොවේ. මන්දයත්, වර්තමාන හොලිවුඩ් පුරවරයට සුපිරි වීර සිනමාපට අරුමයක් නොවුණත්, බොලිවුඩ් පුරවරයට නම් සුපිරි වීර සිනමා පටයක් යනු දුර්ලභ සිදුවීමකි. වර්තමාන සිනමා තාක්ෂනය කෙතරම් ඉහල මට්ටමක පැවතුණද, මෑත ඉතිහාසයේදී බොලිවුඩ් පුරවරයෙන් සුපිරි වීර සිනමා පටයන් ලෙස නිකුත් වූයේ, රිතීක් රෝෂන්ගේ Krrish සහ ශාරුක් ඛාන්ගේ Ra-One යන චිත්‍රපට පමණක් වීම, ඉහත කී කාරණය මොනවට විදහාපාන සාධකයක් වනවා. මෙවැනි වාතාවරණයක් මත බොලිවුඩ් පුරවරය ආක්‍රමණය කරමින් පැමිණෙන මෙම නවතම සුපිරි වීර සම්ප්‍රාප්තිය, ඉඩෝරයට වට පොද වැස්සක් මෙන් ප්‍රේක්ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කිරීමට සමත් විය. චිත්‍රපටය පිළිබඳව නිළ වශයෙන් දැනුම් දීමත් සමගම, ප්‍රේක්ෂක සිත් සතන් හී පැවතියේ එකම එක කුකුසක් පමණි. එනම්, කවුද මේ බොලිවුඩ් සිනමාවට අළුතින්ම ප්‍රවිෂ්ට වූ සුපිරි වීර චරිතය ? මෙම කුතුහලය දෙගුණ තෙගුණ වන්නෙ චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගයි. වර්තමාන බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රයේ ඉහලින්ම වැජඹෙන සිනමා තරු දෙකක් සමගින් හොලිවුඩයේ කිරුළු පළන් ක්‍රියාදාම නළුවෙකුගේ රංගනයෙන් සිනමා පටය ඔපමට්ටම් වී තිබෙනවා. එසේ නම්, මෙතෙක් කලක් තිස්සේ බොහෝ දෙනෙකු නොඉවසිල්ලෙන් බලාසිටි ඒ සිනමා පටය සිංහල උපසිරැසි සමගින් ඔබ වෙත ගෙන ඒමට අවසරයි…

ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වනවා සමීර කරුණාරත්න සහෝට. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් වීමට මාස ගණනකට පෙර තමයි සමීර සහෝ මගෙන් විමසීමක් කළේ, මෙන්න මේ විදියේ චිත්‍රපටයක් නිකුත් වෙන්න තියෙනවා. කැමති නම් භාරගන්න කියලා. එම නිසාවෙන්ම ප්‍රථමයෙන්ම ඒ වෙනුවෙන් විශේෂ ස්තුතියක් ඔහුට පුදකර සිටිනවා.

චිත්‍රපටයේ පසුබිම පිළිබඳව පවසනවානම්, චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නෙ Heropanti (2014) සහ Baaghi (2016) යන චිත්‍රපට වලින් කෙටි කාලයක් තුළ ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගත් Tiger Shroff, ශ්‍රී ලාංකීය රූ රැජිණ Jacqueline Fernandez සහ Mad Max: Fury Road (2015), Never Back Down: No Surrender (2016), Bhooloham (2015) යන චිත්‍රපට තුලින් සිය දස්කම් විදහා පෑ, රෙස්ලින්  ක්‍රීඩක Nathan Jones විසිනි. බොලිවුඩයේ අත්දැකීම් බහුලතම අධ්‍යක්ෂකවරයෙකු වන Remo D’Souza ගේ අධ්‍යක්ෂණයෙන් සවිබල ගැන්වී, සංගීත අධ්‍යක්ෂක Sachin–Jigar ගේ මියුරු සංගීතයට, වර්තමාන  බොලිවුඩ් සිනමාව සිය මනෝරම්‍යය ගායන ප්‍රතිභාවෙන් වශීකෘත කළ, Atif Aslam, Vishal Dadlani සහ Kanika Kapoor ගේ සුමියුරු කටහඬින් වර්ණවත් වූ අතිශය මිහිරි ගීත කිහිපයකින් වර්ණවත් වූ මෙම සුපිරි වීර සිනමා අත්දැකීම, ප්‍රේක්ෂකයින් දහසකට වැඩි සංඛ්‍යාවකගේ මනාපයෙන් IMDB දර්ශකයේ 3.9 වැනි අගයක් හිමි කොට ගෙන තිබෙනවා.

චිත්‍රපටයේ අන්තර්ගතය කෙටියෙන් පවසනවානම්, අමන් යනු පාසලක මාර්ෂල් ආර්ට්ස් උගන්වන ගුරුවරයෙකි. එම පාසලේම ගුවරුවරියක් සේම, සිය අසල්වැසි තරුණියක්ද වන කීර්ති නම් තරුණියට සිතින් පමණක් පෙම් කරන මෙම බොළඳ, බයාදු මාර්ෂල් ආර්ට්ස් ගුරුවරයා ජීවත් වූයේ සිය මව සහ එකම සහෝදරයා සමගිනි. මොවුන් ජීවත් වන ඉඩම අති විශාල වපසරියක් පුරා විහිදී තිබෙන අතර, එක් කෙළවරක වසර දෙසීයකටත් වඩා ඉපැරණි වෘක්ෂයක් පිහිටා ඇත. මිනිස් විශ්වාසයන්ට අනුව මෙම වෘක්ෂය සතුව යම් කිසි අදෘශ්‍යමාන බලයක් පවතින අතර, දුකට පත් ජනතාවට මේ වෘක්ෂය මගින් යම් කිසි අන්දමේ සහනයක් ලැබෙන බවයි ඔවුන්ගේ විශ්වාසය වන්නෙ. කෙසේ හෝ එක් දිනකදී, ඔවුන් සිහිනෙන් හෝ නොසිතූ පැතූ අන්දමේ පුද්ගලයෙකු මොවුන් හමුවට පැමිණෙනවා. සිය ව්‍යාපාර මගින් ජය කෙහෙළි නංවා, නගරයේ ඉහලම ධනවතා වූ නමුදු, හදවතේ කිසිඳු දයාවක් හෝ තෙතමනයක් නොමැති, බොහෝ දෙනෙකුගේ පිළිකුලට භාජනය වූ මල්හෝත්‍රා නමින් හඳුන්වන මෙම පුද්ගලයා එකම එක ඉල්ලීමක් මොවුනට යෝජනා කරනවා. මොහු කෙතරම් ඇවටිලි කළද, එම යෝජනාව සඳහා ඔවුන්ගේ අවසාන පිළිතුර වනුයේ ප්‍රතික්ෂේප කිරීමක් පමණි. මෙයින් අධික කෝපයට පත්වන මෙම ව්‍යාපාරිකයා, දැවැන්ත ශරීරයකට උරුමකම් කියනා අතිශය ශක්තිමත්, එමෙන්ම මනෝ ව්‍යාධිකයෙකුද වන කුලී ඝාතකයෙකුගේ සහාය ලබාගනිති. මෙම තීරණය නිසාවෙන්ම මෙතෙක් කාලයක් සාමකාමී ජීවිතයක් ගතකල නගරවාසී සියළු දෙනාගේම ජීවිත උඩි යටිකුරු වනවා. මෙයින් ඇතිවන අතුරු ප්‍රතිපල නිසාවෙන් බොහෝ දෙනෙකුන් හට සිය ජීවිතයෙන් සමුගැනීමට පවා සිදුවනවා. නගර වාසීන්ට කළ හැකි එකම දෙය, මරණය පැමිණ තමා වැළඳගන්නා තෙක් අසරණව බලාසිටීම පමණක් වනවා. සුළු දෙයටත් බිය වන බොළඳ, බයාදු මාර්ෂල් ආර්ට්ස් ගුරුවරයා කෙසේ නම් මේ සියළු දේ විඳ දරාගනීවිද… ප්‍රේක්ෂක ඔබ සැමට ඉතිරිය බාරයි.

එසේනම්, තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, සියලු දෙනාටම ජයවේවා!

ප.ලි. – උපසිරැසි ලබාදී ඇත්තේ DVD Screener පිටපතක් සඳහාය. එබැවින් තව දුරටත් ඉවසාගෙන සිටිය නොහැකි අය පමණක් නරඹන්න. හොඳ පිටපතක් පැමිණි සැනින් උපසිරැසිය යාවත්කාලීන කරලා දෙන්නම්. රාත්‍රී දර්ශන දෙක තුනක් ඇරෙන්න අනෙකුත් සියළු දර්ශන නැරඹිය හැකි මට්ටමේ තියෙනවා. මං නම් කියන්නෙ කැමති අය මේකත් බලලා, හොඳ කොපියක් ආවමත් බලන්නකො 😀

පිටපතට යාවත්කාලීන කරන ලදී

A Flying Jatt (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A Flying Jatt (2016) Hindi 720p HDTV x264 AAC – Downloadhub
A Flying Jatt [2016] Hindi Movie HDRip x264 700MB
Flying Jatt (2016) HDRIP 1CDRIP x264 AAC

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

26,494 downloadsDownload A-Flying-Jatt-2016HD.Baiscopelk.com_.zip94 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

26,494 downloadsDownload Subtitles94 KB

45 comments

  1. චාමිකර

    එල කිරි මචං. ගින්දර ෆිල්ම් එකක්. ජය!!!

  2. dasith

    Thanks saho......

  3. Malinda

    Web එකක් වත් එනකම් ඉන්නවා. ස්තූතියි.

  4. buddhika

    elama niyamai.....digatama sub karanna shakthiya lebewa...

  5. loku malli

    ela

  6. kavinda

    බ්ලුරේ පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  7. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “සිසිල ප්‍රසාද්” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  8. අසංක ප්‍රදීප් රණතුංග

    හ්ම්ම්ම්ම්.............................

    උපසිරසියට ස්තුතියි....

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  10. රයන් ද සිල්වා

    සබ් එකට තුති සිසිල සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  11. praneeth madu

    tnks saho

  12. Tharindu Dhananjaya

    Thanks for subtitles....

  13. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    හොද කොපියක් ආවම බලනවා.
    ජය වේවා!

  14. **(Ravindu)**

    enknmai balan idiye meka.thnx bro sub ekta.

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  16. shasith sandaruwan

    උපසිරසියට බොහොම ස්තූතියි.
    දිගටම දෙමු ආ...

  17. අසිත

    ජය වේවා සහෝ!!!

  18. damith

    කෝ සහෝ මේකෙ torrent file එක හොයාගන්න නෑනේ ..
    A Flying Jatt Hindi DvDScr x264 AAC – Hon3y
    මෙහෙම torrent එකක් නැත,පොඩ්ඩක් උදව් කරන්න

  19. ජයලත්

    වැඩක් නැනේ සබ් දුන්නට. පිල්ම් එක තියෙන ටොරන් සයිට් එකේ නම නැතිව.
    ඇයි මේ ටොරන්ට් සයිට් වලනම් දාන්ට තහනමක් හෙම තියෙනවද?

  20. Ishan

    Thanks

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. sandun Kumara

    machan web ekak thiyanawa torrentz2 wala.... ekata sub eka diyanko sahoooooo

  23. Dilusha

    download karana vidiya kiyapallako kauru hri

    1. Anonymous

      සබ් එකයි ෆිල්ම් එකයි ගැලපෙන්නෙ නෑනෙ බ්‍රෝ

  24. harith fernando

    Honda copy ekak awilla bro.. extra eke. Update ekak denna puluwanda sub ekata??

  25. maheshbabu

    HD COPY 1k awlla bro......plz update...

    1. Sisila Prasad

      දැනට හොඳ කොපියක් තියෙනවා තමයි සහෝ.චිත්‍රපටය, ඉන්දියානු රුපවාහිනි ආයතනයක් මගින් මිලදීගෙන කොපියක් අන්තර්ජාලය වෙත මුදා හැරලා තියෙනවා.නමුත්, ඒ කොපියේ විවිධ ප්‍රශ්ණ තියෙනවා.සමහරක් කොපි වල කොටස් අඩුයි.තවත් සමහරක් කොපි වල චිත්‍රපටයේ sound track පනිනවා.
      ඒ නිසා, ඒ ප්‍රශ්න නිරාකරණය වෙලා, හොඳ කොපියක් අන්තර්ජාලයට එකතු වෙනතුරු, සියලු දෙනාම මෙච්චර කාලයක් ඉවසුවා වගේම, තව පොඩි කාලයක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.
      හරියාකාර පිටපතක් නිකුත්වූ සැණින්, උපසිරැසිය යාවත්කාලින කර දෙන්නම්.

    2. samee

      thanx

  26. Milinda

    hoda pitapathak awith hvec ekak meka yawathkalina karannoooooooooooo

  27. samee

    meke original dala.ekata sub eka hadala dennakooo

  28. sandun

    Machan mekata sub eka hadala dennakooooo plz
    Flying.Jatt.2016.720p.Untouched.HDTV.x264.AAC-DDR
    man hithana widiyata meka hoda copy ekak wenna one

    1. sandun

      mekata hari kamak ne saho
      Flying Jatt (2016) HDRIP 1CDRIP x264 AAC [DDR]

    2. Sisila Prasad

      නැහැ සහෝ.ඔය කොපියේ මුල් විනාඩි කිහිපය අඩුයි.ඒක අත්‍යයාවශ්‍යයම කොටසක්.ඒ කොටස නැතිව චිත්‍රපටය වැඩක් නැහැ.

    3. sandun

      elz elz saho....... hoda ekak set una gaman dapan bro

  29. sammika

    A.Flying.Jatt.2016.Hindi.720p.WEBHDRip.x264 - WeTv copy eka sound aul wena copy ekata sub eka update karanna............... mada hariya idan kathawa passa yanna. thanka

  30. Madushan

    hd rip eka dala ekata sub eka danwada bro

  31. sameera lakshitha

    සහෝ ඉක්මනට යාවත් කලින කරනන් අපි බලන් ඉන්නවා බන්...
    අපි හොද කොපියක් බලන්න කැමති....
    මම දානවා වෙඩි ඉල්ලින නිය මේ කොපිය දෙම්ම.....
    පුළුවන් ඉක්මනට අඩුපාඩු නෙති කොපියක් දන්නා....

    තවත් සිංහල උපසිරසි කරන කාලය,ශක්තිය,දෛර්ය ලැබෙන්න කියල කියනවා..........................

  32. sandun

    machow mekata hoda copy ekakata sub eka dennakoo

  33. Ravindu Rukshan

    ස්තූතියි සබ ඒකට

  34. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!

  35. nimal

    Niyamai bro

  36. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......

  37. Galkissa

    downloade link ekk nane bn hoya ganna

  38. මොළ කකුලුස්

    Thanks for subtitles...උඩ තියන විස්තරයට ත් ස්තුතියි...ජය වේවා යාලුවා

  39. mindika

    Thanks !!!