Watch Trailer

Army of the Dead (2021) Sinhala Subtitles | මළවුන්ගෙ ආක්‍රමණයක් මැද මංකොල්ලයක්… [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ තුනක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Triple Frontier, Baby Driver වගේ මේකත් “Action/Heist” එකක් එහෙමත් නැත්නම් දන්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ තුනක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Triple Frontier, Baby Driver වගේ මේකත් “Action/Heist” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් ක්‍රියාදාම සිදුවීම් පෙලක් එක්කම මුදල් මංකොල්ලයක් අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් අර කලින් කිව්වා වගේ මේක තනිකරම ඒ අනු කාණ්ඩය විතරක් නෙමෙයි නියෝජනය කරන්නේ මේක Dawn Of The Dead, The Walking Dead” වගෙ මළවුන්ගෙ (සොම්බි) ආක්‍රමණයකුත් වෙනවා. හැබැයි වගකීමෙන් කියන්න පුලුවන් මේකෙ ඉන්නෙ ඔයාලා මෙතෙක් දැකපු සොම්බි නම් නෙවෙයි.

පුද්ගලිකවම දකින විදිහට මෑත කාලයෙ රසිකයන්ගෙ ආදරය වැඩි වශයෙන් දිනාගත්ත වගේම පහුගිය කාලය පුරාවට වැඩි වැඩියෙන් කතාබහට ලක් වුන Zack Snyder යටතේ තමයි මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය වෙන්නෙ. තමන්ම චිත්‍රපටයෙ කතාව ලියලා, සිනමාකරණයත් වගේම අධ්‍යක්ෂණයත් තනියම ස්නයිඩර් කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන මේ චිත්‍රපටයෙ රූගතකිරීම් වලට ඔහු ‘Red Digital Cinema’ ඇමරිකානු ආයතනය විසින් අවශ්‍යතාවයට අනුව නිර්මාණය කරන කැමරා උපයෝගී කරගෙනයි රූගතකිරීම් කරලා තියෙන්නෙ.

– රෙඩ් ඩිජිටල් කැමරා භාවිතය –

2004 වසරේදී නිකුත් වන Dawn Of The Dead චිත්‍රපටයෙන් පසුව නිර්මාණය වන්නට තිබුනත් Warner Bros. ආයතනය ඒ කාලයෙ ඉදන්ම කරපු ප්‍රතික්ෂේප කිරීම් නිසා Zack Snyder මේ චිත්‍රපටය ඒ කාලයෙ නිර්මාණය කරගන්න ලැබෙන්නෙ නැහැ. Justice League චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු අතරතුරේ තමන්ගෙ දියණිය සියදිවි නසා ගැනීමෙන් පසුව ඔහු චිත්‍රපට නිර්මාණ කරන කටයුතු වලින් ඉවත් වෙලා නැවතත් වැඩ කටයුතු ආරම්භ කරන්නෙ මේ චිත්‍රපටයෙ ව්‍යාපෘතිය Netflix කියන ලෝකෙ වැඩිම පරිශීලක සංඛ්‍යාවක් ඉන්න ස්ට්‍රිමින් සේවාව සපයන ආයතනයට. Netflix වලින් බලාපොරොත්තු වෙන්නෙ Zack Snyder එක් චිත්‍රපටයකට සීමා වෙනවා දකින්න නෙවෙයි, ස්නයිඩර්ගෙ අදහස් වලට අනුව Army of the Dead ඇසුරින් සම්පුර්ණ යුනිවර්ස් එකක් එහෙමත් නැත්තම් චිත්‍රපට දෙකක් වගේම ඇනිමේ කතාමාලාවක් නිර්මාණය කරන්න ගිවිසුම් අත්සන් කෙරෙනවා. ඒ දෙක ගැනත් පොඩි පැහැදිලි කිරීමක් කරලම ඉන්නම්.

Army of Thieves

  • අද අරගෙන ආව Army of the Dead චිත්‍රපටයට පෙර සිදුවීම් පාදක කරගනිමින්, මේ ප්‍රික්වල් චිත්‍රපටය හරහා දැකගන්න ලැබෙන මැතිවිස්ගෙ චරිතයට වැඩි අවධානයක් දීලා තමයි ‘Army of Thieves’ නිර්මාණය වෙන්නෙ. මේ අලුත් චිත්‍රපටයෙ, ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ‘Nathalie Emmanuel’ පවා සම්බන්ධ වෙනවා වගේම මේ වෙද්දී රූගතකිරීම් පවා අවසන් වෙලා තියෙනවා. ආරංචි වෙන විදිහට මේ වසර ඇතුලත ඒ අලුත් චිත්‍රපටයත් නිකුත් වනවා. (වැඩිදුර තොරතුරු මෙතනින්)

Army of the Dead: Lost Vegas

  • මේකත් අද අරගෙන ආව Army of the Dead චිත්‍රපටය පුරාවට දකින්න ලැබෙන චරිත පාදක කරගෙන සොම්බි ව්‍යසන තත්වය මතුවුන මුල් කාලයෙ සිදුවීම් පාදක කරගෙන නිර්මාණය වෙන ඇනිමේෂන් කතාමාලාවක්. Batman: Bad Blood ,Justice League Dark ඈතුලු ජනප්‍රිය DC/Marvel ඇනිමේෂන් චිත්‍රපට නිර්මාතෘවරයෙකු වන Jay Oliva යටතේ තමයි මේ කතාමාලාව නිර්මාණය වෙන්නෙ. ස්නයිඩර්ගෙ බිරිද Deborah Snyder කියන විදිහට නම් මේ කතාමාලාව 2022 වසර ඇතුලත දැකගන්න ලැබෙනවා.

මීට අමතරව Army of the Dead ඇසුරින් දෙවන චිත්‍රපටයක් නිර්මාණය වෙන්න ඉඩ තියෙනවා. තවම ඒ ගැන නම් නිවේදනය කරලා නැහැ.

ආපහු වතාවක් අද අරගෙන ආව Army of the Dead චිත්‍රපටය ගැන කිව්වොත්, IMDb දර්ශකයෙ 6.1/10 ක අගයක් වගේම Rotten Tomatoes තුල 71%ක ඉහල ප්‍රතිශතයක් ලබාගන්න මේ චිත්‍රපටයට අවස්ථාව ලැබෙනවා. ඇ. ඩො. මි. 90ක පිරිවැයකින් නිර්මාණය වුන මේ චිත්‍රපටය මැයි 21’වැනිදා Netflix ඔස්සෙ නිකුත් වෙන්න සතියකට පෙර තෝරාගත් සිනමාශාලා කිහිපයකම තිරගත කරලා තියෙනවා. රංගනයෙන් සම්බන්ධ වුන ප්‍රධාන මුහුණු ටික අතරේ Dave Bautista, Ella Purnell, Omari Hardwick, Ana de la Reguera, Theo Rossi, Matthias Schweighöfer, Nora Arnezeder, Hiroyuki Sanada ඇතුළු තවත් බොහොමයක් රංගන ශිල්පින් සම්බන්ධ වෙලා තියෙනවා. මෙතැනදී Dave Bautista ගැන කියන්නම ඕන දෙයක් තියෙනවා.

ඒ තමයි Guardians of the Galaxy සිනමා අධ්‍යක්ෂක James Gunn යටතේ අලුත්ම The Suicide Squad චිත්‍රපටය නිර්මාණය කරද්දී එහි චරිතයක් ලබාදෙන්න ජේම්ස් ගන් කතා කරද්දී Zack Snyder වගේම Netflix එක්ක එකට කටයුතු කරන්න තිබුණු උවමනාව නිසාම තමයි Dave Bautista අද අරගෙන එන චිත්‍රපටය තෝරගන්නෙ. එහෙම එකතුවුනා කියලා පාඩුවක් වෙන්නෙ නැහැ. වැඩි ගෙවීමක් යටතේම එයාට ප්‍රධාන චරිතයක් ලැබෙනවා.

චිත්‍රපටයෙ කතාව ගැන කෙටියෙන් කිව්වොත් ලාස් වේගාස්වල ඇති වෙන සොම්බින්ගෙ පැතිරීමක් තමයි චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නෙ. සාමාන්‍ය චිත්‍රපට, කතාමාලා වලදී දකින්න ලැබෙන සොම්බි වර්ගෙ ඇතුළු, මීට වඩා බුද්ධිමත්, වේගවත් ඇල්ෆා මට්ටමේ සොම්බි වර්ගයකුත් කියලා දෙකකින්ම චිත්‍රපටයෙ දැකගන්න ලැබෙනවා.  චිත්‍රපටයෙ මුල් විනාඩි කිහිපය ඇතුලත ඇල්ෆා මට්ටමේ සොම්බි වර්ගය බෝ වෙන්න හේතුවක් වුන සිදුවීම් පෙළත් වගේම ඒ එකම එක සොම්බි වර්ගය ගැන හොද අවබෝධයක් ලැබේවි. මේ දේවල් වෙලා ලාස් වේගාස්වල කොටසක් වහලා දාලා තියෙද්දී, මේ ප්‍රශ්නය කෙළවරක් දකින්න ලාස් වේගාස් වලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කරන්න ජනාධිපති තීරණය කරලා තියෙන වෙලාවක, ලාස් වේගාස්වල තියෙන කැසිනෝ එකක් පහල තියෙන සල්ලි සේප්පුවක් හොයාගෙන පිටින් ටීම් එකක් එන්නෙ. මේ අයගෙන් බොහෝදෙනෙක් මීට කලින් ලාස් වේගාස්වල සොම්බි වසංගතයට මුහුණ දීලා අමාරුවෙන් ජීවීතේ බේරගත්ත අය. ඉතිං මේ මෙහෙයුම සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා දැනගන්න එහෙමනම් ඉතිං නරඹලාම ඉන්නකො.

ගිහින් එන්නම්. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

60,481 downloadsDownload Army-of-the-Dead-2021.zip101 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

60,481 downloadsDownload Subtitles101 KB

75 comments

  1. Lahiru

    Adeh thanks mchn
    Bln hitye meka labenakan

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Anonymous

    තෑන්ක්ස් වේවා

  4. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  5. Kushan

    Sub akta thanks

  6. Neo

    Thanks brother
    Keep it up

  7. Anonymous

    එනකල් බලාගෙන හිටියේ...බොහොම ස්තුතියි සහෝ ඔබට..

  8. Anonymous

    Waiting for this, Thanks Brother

  9. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.

  11. IsuRu

    Thanks Chamara..

  12. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  13. Anonymous

    sub ekata godak sthuthi saho..

  14. Anonymous

    Thank you බ්‍රෝ....

  15. Gayana Thathsara

    අම්ඩෝ තෑම්ක් මචෝ සබ් එකට ❤️❤️

  16. Shaggy

    Thank you very much..Wait for this

  17. Sanjaya Abeysundara

    thnkz hode stay safe bro

  18. මයිකි

    Thankyou very much bro sub එකට

  19. අතුල

    බොහෝම ස්තුතියි. සිනමාකරණ්‍ය නෙවෙයි සිනමා ජායාරූප කරණය.

  20. Anonymous

    thanx a lot

  21. Deshan

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය වේවා!!!

  22. samith

    Thanks brother

  23. Pasindu Madumal

    සබට තුති චාමර අයියේ ❤️

  24. Gihan Perera

    Zack snyder ගේ වැඩක් නම් නොබල කෝමෙයි
    ස්තුතියි සහෝ උපසිරසියට

  25. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  26. Anonymous

    Release wenkn balagena hitya filumak
    Bohoma sthuthiyi upasirasiyata

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  28. Anonymous

    thank u bro

  29. Suranjan

    Thanks....jayawewa.....!

  30. ishan

    hanx for the sub machn.. keep going bro ❤

  31. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  32. Kevin

    Thanks brother
    Keep going

  33. Nelson Rodrigo

    Good work friend, Thanks for the sub!

  34. dileepasanjeewa119

    Sub ekt tnk bro. Pluwnnm sub krna oyla kwru hri lost tv serious ekt sub dnna pluwnda

  35. Tharindu

    Thank you

  36. Anonymous

    Thnkz kollo

  37. Bimbisha Adithya

    ස්තූතියි ලිපියට ♥️ ජය ✨️

  38. lakshan

    thanks .............................

  39. Nilush Angana

    Sub ekata thanx

  40. Anonymous

    Thanx bro

  41. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  42. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  43. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  44. Anonymous

    Thanks ❤️

  45. Anonymous

    Thanks you!

    1. PahasaraDv

      Thankz

  46. Anonymous

    Subtitles support krn ne

  47. Ruchira

    Thanks for the sub!!!!!

  48. Pramukmili

    Thanx bro................

  49. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  50. Anonymous

    thanks

Load more comments