Watch Trailer

Arrival (2016) with Sinhala Subtitles | ඔවුන් සැබෑවටම ආක්‍රමණිකයන්ද? [සිංහල උපසිරසි සමඟ]

ඕනි කෙනෙක් දන්න දෙයක් තමයි පහුගිය අවුරුද්ද කියන්නේ සුපිරිම සිනමාපට බිහිවුණු අවුරුද්දක් විදිහට. සුපිරි සිනමාපට කියන්නේ නිකන්ම නිකන් රූප ටිකක් සංකලනය කරලා දෙන ඒවා නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධ පැතිකඩ සම්පුර්ණයෙන්ම වගේ ඩැහැගන්න හැකියාවක් ලැබුණු සිනමාපටයක් තමයි මේ Arrival කියලා කියන්නේ. මේ තරම් ලොකු වැල් වට…

Arrival (2016)

ඕනි කෙනෙක් දන්න දෙයක් තමයි පහුගිය අවුරුද්ද කියන්නේ සුපිරිම සිනමාපට බිහිවුණු අවුරුද්දක් විදිහට. සුපිරි සිනමාපට කියන්නේ නිකන්ම නිකන් රූප ටිකක් සංකලනය කරලා දෙන ඒවා නෙවෙයි. විද්‍යා ප්‍රබන්ධ පැතිකඩ සම්පුර්ණයෙන්ම වගේ ඩැහැගන්න හැකියාවක් ලැබුණු සිනමාපටයක් තමයි මේ Arrival කියලා කියන්නේ. මේ තරම් ලොකු වැල් වටාරමක් කියවන්න දගලන්නේ ඇයි කියලා බලමුකෝ.

පිටසක්වලයන් කියන්නේ යම්තාක් දුරකට දන්න ජීවී කොට්ටාශයක්. මේ අයව යොදාගෙන අති දුෂ්ට චරිත යොදාගෙන චිත්‍රපට නිර්මාණය කලාට අපිට කියන්න බැහැ ඇත්තටම මේ අය මොන වගේද කියලා. ඕකුන්ගේ බිත්තරයි මහා එවුනුයි එක්ක මරාගෙන මැරෙනවා කියන ජාතියේ එකක් නෙවෙයි මේක. අහම්බෙන් වාගේ පිටසක්වල ජීවින්ගේ යානාවක් කොටස් දොළහකට වෙන් වෙලා ලෝකව්‍යාප්තව තැන් දොළහකට පතිත වීමක් වෙනවා. මිනිස්සු ඉතින් දැකපු සැණින් හිතන්නේ මේක නපුරක්ම තමා කියලා. නමුත් මේක එහෙමටද දෙයක් නෙවෙයි. මට ගොඩක් හිත ගියේ මේක විද්‍යාත්මක පැත්ත ආවරණය කරලා තියෙන විදිහට.  විශේෂයෙන්ම එයාලගේ භාෂාව මිනිස් වර්ගයා එක්ක හුවමාරු කරගෙන ඒ අය එක්ක සන්නිවේදනය කරන්න දගලපු දැගලිල්ල දැක්කම පිස්ස්සුම හැදෙනවා. වැඩිදුර කියන්න යන්නේ නැහැ.

Denis Villeneuve අතින් මෙතෙක් අධ්‍යක්ෂණය වුනු මේ සුපිරිම සලරුව IMDb දර්ශකයේ මේ වෙද්දී 8.2/10 ක අගයක් හිමිකරගෙන තියෙනවා. ඒ විතරක් ඈ මං මෙතෙක් කාලයක් පලු යන්න බැනපු, වැඩිම විචාරක සංඛාවක සංකලනයෙන් ප්‍රසිද්ධියක් උසුලන Rotten Tomatoes නොහොත් කුණු තක්කාලි දර්ශකයේ 94% අගයක් ලබාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා වගේම 83% ක විචාරක පිරිසක් කැමැත්තක් දක්වලා තියෙනවා. තිර රචනය  Eric Heisserer හා Ted Chiang එකතු වී නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම කතාව පාදක කරගෙන තියෙන්නේ Ted Chiang විසින්ම 1998 දී ඔහු විසින් රචිත හා එළිදැක්වූ “Story of Your Life” නම් සත්‍ය කතාවක් පදනම් කරගත් මේ ග්‍රන්ථය ඇසුරෙන්. හිතලා සලරුව බැලුවට පස්සේ තේරෙයි මෙච්චර ආදී කාලින පොතක් පදනම් කරගෙන අවුරුදු ගානක් ගිහිල්ලා මේ ඇසුරින් සිනමාපටයක් නිකුත් කලේ ඇයි කියලා. 2016 නොවැම්බර් 11 වෙනි දින මුළු ලෝකය වටාම ප්‍රදර්ශනය ඇරඹු මේ සිනමාපටය සදහා ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් 47,000,000ක වියදම් කලාට පාඩුවක් වුණේ නෑ. මොකද පළමු සතිය ඇතුලත ඩොලර් 24,000,000ක මුදලක් උපයාගෙන තියෙනවා. BOX OFFICE හී ඇමරිකානු ඩොලර් 163.2ක මුදලක් හා දැනට මුළු ලොව වටාම ප්‍රදර්ශනයෙන් ඇමරිකානු ඩොලර් 175,879,547 වැනි විශාල මුදලක් උපයාගෙන ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. පැයකුත් විනාඩි පනස් හයකුත් ධාවානය වන මෙම චිත්‍රපටය Drama, Mystery, Sci-Fi යන කැටගරි වලට අයත් වෙනවා.

Man of Steel (2013), Batman v Superman: Dawn of Justice (2016) මේ සිනමාපටයේ ලුවිස් ලෙන්ගේ චරිතයට දායක වුනු කෙලීව මතකයි නෙහ්?! “Amy Adams” තමයි මෙහි ප්‍රධාන චරිත අතරේ ඇමි ඇඩම්ස්ගේ චරිතයට දායක වෙන්නේ. Mission: Impossible – Ghost Protocol (2011), Mission: Impossible – Rogue Nation (2015) විලියම් ලෙසත්, The Bourne Legacy (2012) චිත්‍රපටයේ ඇරන් ලෙසත් මාවල් විශ්වයේ මෙතෙක් ආ The Avengers චිත්‍රපට පෙලෙහි හා පහුගිය අවුරුද්දේ එළිදැක්වූ Captain America: Civil War (2016) චිත්‍රපට පෙලෙහි ඉන්න හිටිය එකම ආචර් නොහොත් හවාක්අයිට රංගනයෙන් දායක වූ “Jeremy Renner.” Southpaw (2015) හා මෑතකදී නිකුත් වූ Rogue One: A Star Wars Story (2016) සදහා රංගයෙන් දායක වූ “Forest Whitaker” හා අවසන් වශයෙන් Doctor Strange (2016) සලරුවේ රංගනයෙන් දායක වුනු “Michael Stuhlbarg” යන සිව්දෙනා Arrival හී ප්‍රධාන පෙලෙහි චරිත සදහා දායක වෙනවා. සුළු චරිත හැටියට තවත් හුග දෙනෙක් මේ සදහා දායක වෙනවා.

නිර්දේශ නාම යෝජනා 178 හා ජයග්‍රහණ 31

මාතෘකාවෙ කෙටියෙන් දාලා තියෙන්නේ මේ සලරුව දිනාගත් සම්මාන ගණන. මේක දිගහැරලා පොඩ්ඩක් විස්තර කලොත්,

සම්මානයෙන් පාත්‍ර වූ තැන්

  • AFI Awards, USA (2017) සම්මාන උළෙලෙහි – වසරේ හොදම චිත්‍රපටය සදහා සම්මානය.
  • Austin Film Critics Association (2016) සම්මාන උළෙලෙහි – හොදම අනුවර්තිත තිර රචනය සදහා සම්මානය.
  • Broadcast Film Critics Association Awards ( 2016) සම්මාන උළෙලෙහි – හොදම අනුවර්තිත තිර රචනය සම්මානය හා හොදම Sci-Fi/Horror චිත්‍රපටය සදහා සම්මානය.
  • Camerimage (2016) සම්මාන උළෙලෙහි – ප්‍රධාන තරගකාරිත්වය වෙනුවෙන්.
  • Central Ohio Film Critics Association නොහොත් COFCA (2017) සම්මාන උළෙලෙහි හොදම අනුවර්තිත තිර රචනය.
  • Denver Film Critics Society (2017) සම්මාන උළෙලෙහි හොදම Science-Fiction/Horror චිත්‍රපටය සදහා සම්මානය.
  • Dublin Film Critics Circle Awards (2016) සම්මාන උළෙලෙහි හොදම අධ්‍යක්ෂණය, හොදම අනුවර්තිත තිර රචනය හා හොදම නිළිය සම්මානය යන සම්මාන ත්‍රිත්වයක්. මිට අමතරව හොදම චිත්‍රපටය සදහා දෙවන ස්ථානයද, හොදම සිනමාරූපණය වෙනුවෙන් තෙවන ස්ථානය සදහාද සම්මාන දිනාගත්තා.
  • Florida Film Critics Circle Awards (2016) සම්මාන උළෙලෙහිහොදම දෘශ්‍ය ප්‍රයෝග සදහා සම්මානය.

වෙනත් නිර්දේශනාම යෝජනා කිහිපයක්

  • 2017 ඔස්කාර් සම්මාන උළලෙහි වසරේ හොදම චන රූපරාමු, හොදම අධ්‍යක්ෂණය, හොදම අනුවර්තන තිර රචනය (ඒ කිව්වේ පෙර “Story of Your Life” පාදක කරන් නිර්මාණය), හොදම සිනමාරූපණය, හොදම චිත්‍රපට සංස්කරණය,හොදම නිෂ්පාදන නිර්මාණකරණය, හොදම ශ්‍රව්‍ය මිශ්‍රණය, හොදම ශ්‍රව්‍ය නිර්මානකරණය සදහා 2017 පෙබරවාරි 26 වැනි දිනට පවත්වන්න නියමිත ඔස්කාර් සම්මාන උළලෙට මේවන විට නිර්දේශනාමයෝජනා යටතට වැටිලා ඉවරයි. ආයේ කිසිම සැකයක් නෑ. එක හෙලා කියන්න පුලුවන් මෙයින් කිසිපයක් දිනනවාමයි කියලා.
  • 2017 වසරේ පැවැත්වූ 74 වැනි Golden Globe සම්මාන උළලෙහි චලන රූපරාමු යටතේ හොදම රංගනය සදහා “Amy Adams”  හා චලන රූපරාමු යටතේ හොදම මුල් ලකුණු සදහා “Jóhann Jóhannsson” නිර්දේශ නාමයෝජනා සදහා සුදුසුකම් ලැබුවා.

ඔච්චරයි කියන්නේ මොකද සම්මාන උළෙලවල් 54 ක ලැබූ සම්මාන හා නිර්දේශනාමයෝජනා ලියන්න බැහැනේ. ඒක හරිම කුජීත වැඩක්. අනික මේක කියවන අය හිතයි මොනාද මේකා මේ පිස්සෙක් වගේ පිස්සෙක් වගේ ලියලා තියෙන්නේ කියලා. පොඩි වටිනාකමක් එක්කහු කරන්නයි මෙහෙම කලේ. නැත්තම් ඉතින් ඔය හොරාට සබ අරං අය වෙනුවෙන් නිකන්ම ලිපිය දෙන්න තිබුණා. හැකි උනොත් ලොකු ලිපියක් මංසල හරහා අරං එන්නම්. ඔක්කොමත් හරි තියෙන දුක තමයි මේ වගේ සුපිරියක් මගේ කඩයිමට කරන්න නොලැබීමයි. කොහොම නමුත් ඉතින් මේකේ සක්‍රිනර් පිටපතක් ආවත් නියම HD පිටපත එනකන් බලා උන්නු හැටි දන්නේ මං විතරයි.

මිට අමතරව පල වූ සිංහල පූර්ව ප්‍රචාරක පටය හා ලිපිය ඇතුළත් බයිස්කෝප් මංසලහී ලිපිය

“එහෙනම් ඉතින් මේ සලරුව මේ තරම් විශේෂ වෙන්න දන්න ඕනේ ඔක්කොම ටික කියලා දැම්මා. තීරණය ඔයාලා අතේ. දැන් ඉතින් කොච්චර කීවත් වැඩක් නැහැ. අපි ඉතින් නවත්තන්න බැරි කමට උපසිරැසි කරන් යනවා මිසක් කිසිම ඕනාකමක් ඇතිවෙන්න තරම් අනිත් අයගේ අදහස් දැක්වීමක් ලැබෙන්නේ නෑ. ඒකට පහුගිය ටිකේ වෙබ්අඩවිය ක්‍රමවත්ව වැඩ නොකරපු වෙලාවේ සදුන් අයියා දීපූ ටැමිල් ෆිල්ම් එකේ අරගන්න කට්ටිය කමෙන්ට් කරලා දගලපු දැගලිල්ල. අදහස් නොදැක්වූවාට අන්න ඒ තමයි හරි නම් අපේ උපසිරැසිකරුවන්ට වැටෙන්න ඕනේ දේ. මොකද හුග දෙනෙක් කරන්නේ උඩ ඉදන් පහලට ආවා සබ ගත්තා ගියා. උබලා මොනා කලත් අපිට මොකෝ සබ දෙනවනම් එච්චරයි කියන ගානටම වැටිලා ඉවරයි. මන්දා ඉතින්.”

එහෙනම් මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධය හැමෝටම නරඹන්න කියන ආරාධනයෙන් මං අදට සමුගන්නවා. ජයෙන් ජය!

ගැලපෙන පිටපත්

Web

Arrival.2016.1080p.WEB-DL.DD5.1.H264-FGT Arrival.2016.720p.WEB-DL.XviD.AC3-FGT Arrival.2016.WEB-DL.XviD.AC3-FGT Arrival.2016.720p.WEB-DL.HEVC x265-RMTeam Arrival.2016.720p.WEB-DL.x264-ShAaNiG Arrival.2016.720p.WEB-DL.x264-MkvCage Arrival.2016.1080p.WEB-DL.H264.AC3-EVO Arrival.2016.720p.WEB-DL.H264.AC3-EVO Arrival.2016.HDRip.XviD.AC3-EVO

Blu-Ray

Arrival.2016.720p.BluRay.x264-SPARKS
Arrival.2016.720p.BluRay.x264.ShAaNiG
Arrival.2016.720p.BluRay.HEVC.x265-RMTeam
Arrival.2016.720p.BRRip.x264-MkvCage
Arrival.2016.720p.BRRip.x264.AAC-ETRG
Arrival.2016.BDRip.x264-SPARKS + YTS.AG

Arrival (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

15,096 downloadsDownload Arrival.2016.Baiscopelk.com_.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

15,096 downloadsDownload Subtitles90 KB

229 comments

  1. Devaka Sadaruwan

    ස්තුතියි සහෝ.. විස්තරයට ගොඩාක් තුති. කියන කතාව ඇත්ත කමෙන්ට් එකක් දාන්න බැරි ගොඩාක් අය මොනවා හරි අකුරක් දෙකක් එහෙ මෙහෙ වුහනම හැසිරෙන විදිහ බලනකොට දුකක් විතරමයි. මොනවා උනත් සබ දෙනවානම් එචිචරයි වගේ තමා..

    ජය

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  3. Kasun

    Thanks machn ! Meke sub eka denakn maga balan hitiye. Wish u all the best !

  4. widuranga

    thanx sub ekata
    dan balanawa

  5. Web-බුවා

    මේවා නොබලන උන් නයා කාපිය කිව්වලු! :mrgreen: මේ යකා මේක අත් 6කින් විතර කොටලා ද කොහෙද? lol.
    br ආවා විතරයි සබ දීලා හිටු කියලා. එහෙනම් තද තද bro!

    ජය! :)

  6. Lakshan

    thanx bro...

  7. rajitha

    ස්තුතියි සහෝ....

  8. Himesh

    Ela ela bn sub ekata tnx

  9. Nirodha uthpala

    Elama kollo patta pata pata digatama demu obata jaya bro

  10. LSM HUSKAA

    yo bro elma ela br aka awagaman dunna aaaaaa kela gila gila hitiye kollooo meka balanna heta udema patta atal ake balanawa kohoma unat pattama pin mchooooo kalinma sub dunnata anit rated kata tikatat br eddima dennooooooooooooooooooooooooo.

  11. Sisila Prasad

    නියමයි සහෝ.
    උපසිරැසිය වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි.
    ජයවේවා!!!

  12. Pushpa Kumara

    ගොඩාක් ස්තූතිය මචෝ සබ් එකට.....

  13. Pachaya

    Pattta thnx bn

  14. Pubudu

    Patta wedak bro,
    niyamai. thanks

  15. sherlock galle

    Thanks

  16. Lasawblpk

    Bohoma sthuthi saho
    Karunikawa illanawa agent of sheeld eai sub karanme nette. Pls biscope..
    Mekanam eanakam balan hitapu film eakak. Superb...

  17. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  18. G.Umesh

    (2016) wasare dipu hddama lipiytyi hoddmama SB rketyi humidity samanaya mama denne oyaataa....
    Bohooma sthuuhiy chamara sahooo

  19. priyan

    ස්දුදියි...ජයින් ජයම වීවා....

  20. sameera

    නියමයි සාමර, මේක වත් මේ සතිඅන්තෙ බලන්න ඕනෙ. ජය!!

  21. dedunu-

    ගොඩාක් ස්තූතිය සාමර, සබ් එකට…..
    බුදුසරණයි..

  22. නවින් නිසල්

    ☆☆☆☆සිංහල උපසිරැසිය ඉක්මනටම දුන්නනේ . තැන්ක්ස් මචං . ☆☆☆☆

  23. දිනේෂ් අකලංක

    සුපිරිම ෆිල්ම් එකක්..BR Rip එකටම සබ් දීපු එක ලොකු දෙයක්..බොහොම ස්තුතී සහෝ සබ් එකට!!!

  24. Jack

    නියමයි මචෝ...
    අනිවා බලන්න හිටපු එකක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

  25. banuka senavirathna

    Thankz sho denakan hitiya

  26. Nirosha Dilshan

    meka denakan maga balan hititye

  27. Nüwäñthå Dúlån

    එලම චාමර...ලොකු විස්තරයකුත් දාලා තියෙන්නේ...
    සබට බොහොම ස්තූතියි...
    ජය...!!!

  28. Yohan

    Thanks brooo sub ekata.digatam sub demu.....!!

  29. CMX

    Doctor Strange Movie Ekata Sub Dennako, Original Movie Torrent Ehema Awilla Thiyenne...

    1. කසුන්

      තාම හොද කොපියක් නැති නිසා වෙන්ඩ ඇති එකට සබ් දෙන්නේ නැත්තේ

  30. Dhanu

    Ela BRo!

  31. Kasun Widusha

    Tnx mcn chaama belillak thamaii

  32. Sudesh Gayan

    Nice introduction about the film.. :) :) Keep it up... (y) (y)

  33. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට..

  34. රවිඳු දිල්ෂාන්

    විස්තරේ කියෙව්වම ෆිල්ම් එක නොබලාම බැහැ වගේ.....

  35. Praneeth Gunasekara

    Sahenna Kalayak balan hitiya meka dena kam sthuthi bro. Jayen Jaya

  36. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  37. Sajith Anthony

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  38. ashan lankanath

    thanks

  39. Damith Winchester

    Thanx mcn sub ekata

  40. උසමහත විසබීඡ

    patta pata pata.... thankxxxx bruuuhh

  41. Ranga Prasanna

    අම්මෝ මෙන්න දාලා. ඇති යන්තම්. පට්ට ආහ්

  42. gihan

    super bro

  43. pubudu

    ෴ ස්තුතියි සබ් එකට ... ෴

  44. Sanjeewa

    ගොඩාක් ස්තූතිය......ජය වේවා..

  45. shan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ!
    ලිපිය සම්පූර්ණයෙන්ම කියවපු මට අන්තිමට කියන්න තියෙන්නේ මේ ලෝකේ මිනිස්සු විවිධාකාරයි කියල විතරයි.
    සහෝ පොඩ්ඩක්වත් හිත අමනාපකම් කරගන්න ඕන නෑ ඒ වගේ අය වෙනුවෙන්.
    බයිස්කෝප් ඇඩ්මින් අයට සහ අනිත් හැම සබ්කරුවෙකුටම කියන්න තියෙන්නේත් එයම පමණයි. :)
    පුංචි යෝජනාවක් තියෙනවා.
    පුලුවන් නම් සයිට් එකට donate කරන්න පුලුවන් විදිය ගැනත් සයිට් එකේ පැත්තකින් සඳහන් කරන්න.
    ඒවගේම මේ පැත්තට ආවොත් comment කලත් නොකලත් අනිවාර්යයෙන් ad 1ක් හෝ 2ක් බලනවාමයි.
    ඉතින් ඒකත් කියන්නම එපැයි.. :D
    ජය වේවා!

  46. Dushmantha

    Thanks brother

  47. Ravindu Rukshan

    thx sub ekata

  48. Chalana Rukshan

    thnx bro...

  49. pdrox

    tanx bro... :D

  50. vishwa

    maxxa.....thankz for sub...

Load more comments