මුළින්ම කියන්න ඕන මේක මම baiscopelk එකට කරන මුල්ම උපසිරැසිය. අඩුපාඩු තිබුණොත් ගණන් ගන්න එපා. මට මුළින්ම උපසිරැසි කරන්න ලැබුණෙ පරණ චිත්‍රපටියකට වුණත් මේක ගොඩක් ජනප්‍රිය Planet Of The Apes කතාමාලාවේ පස්වෙනි සහ අවසාන කොටස නිසා උප සිරැසි කරන්න හිතුණා. මේ චිත්‍රපටි මාලාවෙ පළමු චිත්‍රපටිය එළිදැක්වෙන්නේ P…
මුළින්ම කියන්න ඕන මේක මම baiscopelk එකට කරන මුල්ම උපසිරැසිය. අඩුපාඩු තිබුණොත් ගණන් ගන්න එපා.
මට මුළින්ම උපසිරැසි කරන්න ලැබුණෙ පරණ චිත්‍රපටියකට වුණත් මේක ගොඩක් ජනප්‍රිය Planet Of The Apes කතාමාලාවේ පස්වෙනි සහ අවසාන කොටස නිසා උප සිරැසි කරන්න හිතුණා.
මේ චිත්‍රපටි මාලාවෙ පළමු චිත්‍රපටිය එළිදැක්වෙන්නේ Planet of the Apes කියන නමින් 1968 දි. ප්‍රංශ ජාතික කතුවරයෙක් වෙන Pierre Boulle රචනා කරපු Planet of the Apes or Monkey Planet කියන විද්‍යා ප්‍රබන්ධ කතාව තමයි මේ චිත්‍රපටි මාලාවට යොදා ගන්නේ. මුල්ම එක කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම් ඊට පස්සේ එකිනෙකට සම්බන්ධ තවත් චිත්‍රපටි හතරක් නිර්මාණය වෙනවා. Beneath the Planet of the Apes (1970), Escape from the Planet of the Apes (1971), Conquest of the Planet of the Apes (1972), Battle for the Planet of the Apes (1973) කියන චිත්‍රපටි තමයි ඒ. අන්න ඒ 5 වෙනි සහ අවසාන එක තමයි මේ චිත්‍රපටිය.
මේ චිත්‍රපටියෙන් පස්සෙ මේ කතා මාලාවෙ රී බූට් චිත්‍රපටි මාලවකුත් (Reboot Series) නව නිර්මාණ ලෙස ඉදිරිපත් වෙනවා. Rise of the Planet of the Apes (2011) , Dawn of the Planet of the Apes (2014), War for the Planet of the Apes (2017) තමයි ඒ.
මේක IMDB දර්ශකයේ 5.5 ක අගයක් ගත්ත චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කළේ J.Lee Thompson. මේකෙ ප්‍රාධාන චරිතය වන “සීසර්” ට රඟපාන්නෙ Roddy McDowall. අල්ඩෝ විදිහට Claude Akins වගේම, වර්ජිල් විදිහට Paul Williams සහ කෝල්ප් විදිහට Severn Darden රඟපානවා. මේ චිත්‍රපටිය 20th Century Fox ඉදිරිපත් කිරීමක්. මේක මුළින්ම තිරගත වුනේ 1973 ජුනි මාසෙ 15 වෙනිදා.
පැය 1 විනාඩි 33ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය සඳහා ඒ ගොල්ලො වියදම් කරල තියෙනවලු ඩොලර් මිලියන 1.7ක්.
වානරයන්ගෙ නායකය වෙන සීසර් මැරිලා අවුරුදු 600කට පස්සෙ, පොඩි දරුවො කට්ටියකට සීසර්ගෙ කතාව කියන හැටි තමයි මේකෙ තියෙන්නෙ. සීසර් තමන්ගෙ දෙමාපියන් ගැන දැන ගන්න න්‍යෂ්ටික බෝම්බෙන් විනාශ වෙච්ච තහනම් නගරෙට ගියාම තමයි දැන ගන්නෙ එහේ ඒ වෙද්දිත් මිනිස්සු ජීවත් වෙලා ඉන්න බව. සීසර්ව දැකපු මිනිස්සු වානරයන්ව හොයාගෙන ඇවිත් වෙන දේවල් ඔන්න මේකෙන් බලාගන්න පුළුවන්. වැඩිපුරම නපුරො මිනිස්සු කියල සීසර් හිතුවට වානරයන්ගෙ අතරෙත් නපුරො ඉන්නව කියල සීසර් මේකෙදි තේරුම් ගන්නවා. ඔක්කොම කියන්න ඕන නෑ… උපසිරැසිත් එක්ක චිත්‍රපටිය බලලම කතාව දැන ගන්න දැන් පුළුවන්නෙ.
උප සිරැසිය බාන ගමන් පොඩි අදහසකුත් දාලම යන්න අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
3,658 downloadsDownload Battle-for-the-Planet-of-the-Apes-1973.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
23 comments
කසුන් නුවන්ත
අසිත
hoda lipiyak hoda filumak
sub denakm hitiye balanna
elama saho thanksKantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
ජයෙන් ජයම වේවා…!!ඉෂාන් මදුෂ
සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!Tharaka
පළමු උපසිරැසියට සුබ පැතුම් සහෝ! සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Lahiru
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ බයිස්කෝප් වලට ගහන්න බයිස්කෝප් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරවj
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි.Rakitha Ranathunga
Niyamai...
Baiscopelk aadawiyata piligannawa...
Digatama karan yamu ..
Jaya wewa!!Udara Damith B/K
පලවෙනි එකට සුබ පතනවා
දිගටම යමුවිදුෂාන් සජිත්
:-) :-) බයිස්කෝප් රසික අප වෙනුවෙන් කරන මේ කැපවීම බොහෝම අගේ කොට සලකනවා.. පළමු උපසිරැසියට සුබපැතුම්!!! ජය වේවා!!!!.. :-) :-)
sanka
2016,2015 බැලුව නැති චිත්‍රපටි ගොඩක් තියනවා ඒවා direct download කරන්න baiscoplk downlaod එකේ නැනේ.torrent ගන්නත් බැ ඒවා.
Amalka Himeshan
Thanks sub ekata
සනිඳු ලක්ඛිත
පලමු උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ..දිගටම උපසිරැසි ලබා දෙන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiran Senanayaka
බොහොම ස්තූතියි උපසිරැසියට.. ජයෙන් ජය සහෝ....
HarshaJ
Ela ela.
Waruna Kamalawansha
පැරණි චිත්‍රපටි සියල්ලම එකට නැරඹුවා... සුපිරියි... මෙවන් පැරනි නියම චිත්‍රපටි සිංහලෙන් ගෙනාවාට බොහෝම ස්තූතියි
Upeksha Rupasinghe
මමත් කැමතියි sub හදන්න....
Anonymous
Plz leave a reply to this comment
Anonymous
sub eka ganna ba
Sanupa Ranmeth - Admin
ෆික්ස් කළා සහෝ.
Anonymous
sub eka ganna ba. download wenne na
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළමු උපසිරැසියට සුබ පතනවා...
ජය වේවා!