Watch Trailer

One for the Money (2012) with Sinhala Subtitles | වරෙල්ලා!හොරු අල්ලන්න [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කියනවා හැමදෙනාටම,When in Rome 2010 චිත්‍රපටයේ පොරොන්දු වෙච්ච විදිහටම Katherine Heigl රඟපාන සුපිරි ෆිල්ම් එකකට සබ් කරා ඔන්න.මගේ දෙවනි උපසිරැසි ගැන්විමට මං තොරගත්තේ 2012 වර්ෂයේ තිරගත වෙච්ච One For The Money කියන Action,Comedy,Crime ගණයට අයත්වන චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්න…

ආයුබෝවන් කියනවා හැමදෙනාටම,When in Rome 2010 චිත්‍රපටයේ පොරොන්දු වෙච්ච විදිහටම Katherine Heigl රඟපාන සුපිරි ෆිල්ම් එකකට සබ් කරා ඔන්න.මගේ දෙවනි උපසිරැසි ගැන්විමට මං තොරගත්තේ 2012 වර්ෂයේ තිරගත වෙච්ච One For The Money කියන Action,Comedy,Crime ගණයට අයත්වන චිත්‍රපටයක්.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Julie Anne Robinson.මෙයා තමයි The Last Song චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.රඟපාන කට්ටිය ගැන කිව්වොත් කැතරින් අක්කා Stephanie plum විදිහටත්,Jason O’Mara ජෝ මුරලි විදිහටත් රඟපානවා.කැතරින් අක්කා නම් Life as We Know It (2010), 27 Dresses (2008), The Ugly Truth (2009) යන චිත්‍රපටවලට රඟපැමෙන් දායකවෙලා තියෙනවා.ජේසන් අයියාව ඔයාලා දැකලා ඇති Agents of S.H.I.E.L.D සහ Terra Nova යන ටිවී සිරිස් වලින්,

කතාව ගැන කියනවානම් සල්ලි මත තමයි කතාව ගොඩනැගිලා තියෙන්නේ,පොස්ටර් එක බැලුවමත් ඔයාලට පේනවා ඇති අමුත්තක්,එකේ හැටියට අපේ මුරලි කොල්ලා ඉන්නේ උඩු යටිකුරු වෙලා.බලනකොට එකේ පුදුමෙකුත් නැ.එහේම නොවුනනන් තමයි පුදුම වෙන්න ඔන.මොකද ඒ තරමටම අපේ ස්ටෙෆනි අක්කි හොදයි. කතාව පටන්ගන්නේ ස්ටෙෆනි අක්කගේ අඳෝනාවකින්,මොකද මේ කතාවේ හැටියට අක්කා ඩිවොස් වෙලා අතේ සතේ නැතුව ඉන්නේ,ඉතින් එයා එයාගේ මහගෙදර යනවා.එතනදි එයාට අන්තිමට ඉතිරිවෙලා තිබුන කාර් එකත් ණයකාරයෙක්ද කොහෙද අරන් යනවා.ඉතින් එයාගේ දෙමව්පියො ඊලඟට මොකද කරන්නේ කියලා කල්පනා කරනවා.එයාගේ තාත්තා රස්සාවක් හොයාගන්න කියනකොට අම්මා කියන්නේ මිනිහෙක් හොයාගන්න කියලා.අන්තිමට එයා තීරණය කරනවා ජොබක් හොයාගන්න.එතකොට එයාගේ විසේකාර ආච්චි කියනවා ගිහින් එයාගේ ඥාති සහොදරයා හම්බවෙලා රස්සාවක් ඉල්ලගන්න කියලා.ඉතින් මෙයත් යනවා එයා හොයාගෙන,ඉතින් ඥාතියත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි.මිනිහා බවුන්ටි හන්ටින් එජන්සියක් දාගෙන ඉන්නේ.එයාලග කොහෙන්ද මෙයාට රස්සාවක්!

එගොල්ලො ලඟ තියෙන්නේ අපරාධකාරයෝ අල්ලන එවානෙ,ස්ටෙෆනි අක්කත් කරන්න දෙයක් නැති තැන අපරාධකාරයෝ අල්ලන වැඩේට කැමතිවෙනවා ලැබෙන ගාන හොදනිසා.මෙයාට ලැබෙන්නෙ අල්ලන්න බැරුව මගහැරුනු අපරාධකරුවන්ගේ ලිස්ට් එකක්,මෙයා ඔක පෙරල පෙරල එකක් හොයනකොට තමයි මුරලි කොලුවා වැඩේට එන්ටර් වෙන්නේ.එකේ සදහන්වෙලා තියෙන්නේ පණපිටින් හරි මැරිලා හරි මුරලිව ඇල්ලුවොත් ඩොලර් පනස්දාහක් ලැබෙනවා කියලා.ගෑනි ඔක දැක්ක ගමන් මුරලි කොල්ලව අල්ලන්න කැමති වෙනවා.මුරලිට එල්ලවෙලා තියෙන චෝදනාව තමයි සිගී කූලිසා කියන කෙනාව ඝාතනය කිරිමේ චොදනාව,මිනිහත් ලේසිපාසු පොරක් නෙවෙයි,හිටපු දක්ෂ පොලිස්කාරයෙක්.හැබැයි ඉතින් කෙල්ල කොල්ලව අල්ලන්න යන්නේ සල්ලි බලාගෙනද?නැත්තන් වෙන හේතුවක් තියෙනවද? අපොයි ඔව්,වෙන හේතුවකට තමයි.මෙයා ඉස්සර ආදරේ කරලා තියෙන්නේ මුරලිට,ස්ටෙෆනි අක්කි එයාට අවුරුදු 16යෙදි මුරලි අයියට එයාගේ මොකක්ද එකක් පුජ කරලා.පුජාව ලබාගත්තට පස්සේ කපු මහත්තයා කෙලීව මගහැරලා.ඔක තමයි හේතුව.ස්ටෙෆනි අක්කගේ හිතේ ඔකේ තරහා තාමතියෙනවා.ඉතින් කෙල්ල හිතන්නේ මේක කෙල්ලට පලිගන්න ලැබුනු චාන්ස් එකක් කියලා.හැබැයි මුරලි ගොයියත් මෙයා එක්ක ඉන්නේ මල පැනලා.එකට හේතුව එයා කියන්නේ මෙයා තනියෙන් මුරලි හැංගිලා ඉන්න තැන හොයාගෙන ගිහින් ෆේස් ටු ෆේස් ගේම ඉල්ලලා පොලිසියට ඇවිල්ලා පොලිසියට බාර වෙන්න කියලා කියද්දි.හැබැයි කෙල්ල ඇවිල්ලා ඉන්නේ තනියම කියලා දැනගන්න මුරලි පස්සේ ස්ටෙෆනි අක්කාට තැන්ක්ස් කරනවා ගොඩ කාලෙකින් හිනාවුන්නැ හිනැස්සුවට ස්තුතියි කියලා.ඊට පස්සේ…..මුරලි අයියා පොඩි ට්‍රික් එකක් දාලා මෙතනින් මාරු වෙනවා.කෙල්ලටත් තේරෙනවා තනියම ගිහින් මිනිහාව අල්ලන එක බොරු වැඩක් බව.කෙල්ල තව බවුන්ටි හන්ටර් කෙනෙක්ගෙන් උදව් අරගෙන අලුතින් ගන් එකකුත් අරගෙන වැඩේ පටන්ගන්නවා.ඒ අතර කෙල්ලට සල්ලි ඔන නිසා නිතියෙන් හැංගිලා ඉන්න ආතල් පොරවල් ටිකකුත් අල්ලලා සල්ලි ගන්නවා.මුරලිව හොයන්න බැරිබව දැනගන්න ස්ටෙෆනි අක්කා මුරලිට තමන් පස්සේ එන්න වෙන වැඩකුත් කරනවා.ඔකට තදවෙන මුරලි මෙයාව හොයන් ඇවිල්ලා මෙයාට මාංචුත් දාලා ගෙදර උඩුයටිකුරු කරලා යනවා.ඔකට හැබැයි ස්ටෙෆනි අක්කා පලිගන්නේ චිත්‍රපටය අන්තිම කිට්ටුව,එයා මුරලිට මොකක්ද බලන්නකො කරන්නේ.කොහොමහරි ස්ටෙෆනි අක්කාට තේරෙනවා මුරලි මිනිමැරුමට නිර්දොශයි කියලා,මුරලිත් කරගන්න දෙයක් නැතුව බේරෙන්න හිතාගෙන අන්තිමේදි මෙයාගෙන් උදව් ඉල්ලනවා.අන්තිමට ඇත්ත මිනිමරුවා අල්ලගන්න දෙන්නා එකතුවෙලා තමයි වැඩ කරන්නේ. කොහොමහරි මෙච්චර ආතල් එකක් තියෙන චිත්‍රපටයට ලැබිලා තියෙන IMDb අගය නම් 5.3යි.ඒ 36000+ වඩා වැඩි ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින්,මෙකට ඊට වඩා වැඩි අගයක් ලැබෙන්න ඔන කියලා ඔයාලා මෙක බාගෙන බැලුවොත් තේරෙයි.මං පලවෙනියටම සබ් කරපු When In Rome චිත්‍රපටයටත් IMDb අගය තිබුනේ 5.6යි.ඒ වුනාට එක බලපු අය දන්නවා එක සුපිරිද නැද්ද කියලා.එහෙනම් සිසිල අයියටත් මට මෙක කරන්න දුන්න එක සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා.බාගෙන බලලා හොද නරක කොටලා වොට් පාරකුත් දුන්නොත් මං තරහාවෙන්නේ නැ.එහෙනම් හැමොටම ජයීන් ජයීම වේවා!

One for the Money (2012) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

3,762 downloadsDownload One-for-the-Money-2012.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/pandora-sl.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මදුසර මානවසිංහ
” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මදුසර මානවසිංහ

Subtitles

3,762 downloadsDownload Subtitles60 KB

42 comments

  1. Dulanga

    Thanks

    1. madusara manawasinghe

      thanks

  2. kamal

    thanks machanla

    1. madusara manawasinghe

      thanks

  3. දමිත්

    උපසිරැසියට බොහොම ස්තුතියි මදුසර සහෝ.
    ජයෙන් ජය

    1. madusara manawasinghe

      thanks

  4. malith madhushan

    thanx saho sub ekata jaya issarahatath karamu sub

    1. madusara manawasinghe

      thanks

  5. අසිත

    elama saho thanks

    1. madusara manawasinghe

      thanks

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    1. madusara manawasinghe

      thanks

  7. sandaru maxx

    thankzzz brother.....

    1. madusara manawasinghe

      thanks

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...ජය වේවා..!

    1. madusara manawasinghe

      thanks

  9. nisha

    thanks...

    1. madusara manawasinghe

      thanks

  10. Ruwan Kasun Madhuranga

    sub akata thank you..

    1. madusara manawasinghe

      ස්තුතියි.

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. madusara manawasinghe

      ස්තුතියි.

  12. චතුෂ තුෂර කුමාර

    මරු ෆිල්ම් එක... සබ් එකත් එළටම කරලා තියේ... තැන්කූ වේවා...

    1. madusara manawasinghe

      ස්තුතියි.

  13. ashan lankanath

    Thanks .........................good luck .....................................

    1. madusara manawasinghe

      ස්තුතියි.

  14. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........
    ඔයාගෙ සබ් එකක් කියල දැකපු ගමන් බා ගත්තා.
    When in Rome 2010 වගේම මේකත් පට්ට ඇති කියලා හිතනවා.
    දිගටම මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් වලට සබ් දෙන්න.

    1. madusara manawasinghe

      සප් එක වටිනවා.

  15. ඉසුරු රණසිංහ

    අඩෝ ඒක පට්ට සබ... නියමයි,....

    1. madusara manawasinghe

      thanks

  16. AWNCK

    Thanks Bro......

    1. madusara manawasinghe

      thanks

  17. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ. දිගටම කරන් යමු
    ජය

    1. madusara manawasinghe

      thanks

  18. madusara manawasinghe

    thanks

  19. tharangani

    thanx

    1. madusara manawasinghe

      thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. madusara manawasinghe

    බොහොම ස්තුතියි.

  22. malith

    ela

  23. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට ....එල ..

  24. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!