Watch Trailer

Chasing the Dragon (2017) AKA Chui lung Sinhala Subtitles | දුප්පත්කම හෝ පෝසත්කම ජීවිතය හෝ මරණය ඒ ඔක්කොම නියතයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තමයි ආයිත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් එක පැත්තෙ එන්නෙ.මේ අරන් එන්නෙ මගෙ නමවෙනි සබ්එක. මගේ කලින් සබ Switch (2013) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව. මේ ෆිල්ම් එක Action, Biography, Crime ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 සැප්තැම්බර් 28 වෙනිද. පැය දෙකයි ව…

ඔන්න ඉතින් ටික කාලෙකට පස්සෙ තමයි ආයිත් ෆිල්ම් එකක් අරන් බයිස්කෝප් එක පැත්තෙ එන්නෙ.මේ අරන් එන්නෙ මගෙ නමවෙනි සබ්එක. මගේ කලින් සබ Switch (2013) බලපු නැති අයට ඒකත් බාගෙන බලන්න කියල කියනව.

මේ ෆිල්ම් එක Action, Biography, Crime ගණයට අයත් වෙන මේ ෆිල්ම් එක රිලීස් වුණේ 2017 සැප්තැම්බර් 28 වෙනිද. පැය දෙකයි විනාඩි අටක් පුරා දිවෙන මේ ෆිල්ම් එක IMDB 7.1 ක අගයක් ලබා ගෙන තිබෙනව. මේ ෆිල්ම් එක Box Office වාර්තාද තියන්න සමත් වෙලා තියෙනව. Jason Kwan සහ Jing Wong තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. High Risk (1995), City Hunter (1993), The New Legend Of Shaolin (1994), Hong Kong Ghost Stories (2011), Future X-Cops (2010), From Vegas to Macau I,II,III , Mission Milano (2016) කියන ෆිල්මුත් Jing Wong තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Jing Wong මේ චිත්‍රපටද ඇතුලුව චිත්‍රපට 112කට ආසන්න ප්‍රමානයකට අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනව. මේ ෆිලුමෙ ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ චීනයේ ඉහළ පෙලේ නළුවන් දෙන්නෙක්. ඒ තමයි Donnie Yen සහ Andy Lau කියන දෙන්න. Donnie Yen ගැන නම් කට්ටිය දන්නවනෙ Ip man ෆිල්ම් තුනේම Ip man ට රගපාන්නෙ මෙයා තමයි. ඒවගේම මෙයා xXx: Return of Xander Cage (2017), The Monkey King: The Legend Begins (2016), Ip Man 3 (2015) කියන ෆිල්ම් ඇතුලුව ෆිල්ම් 74කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනව. Andy Lau ගැන මම කලින් ෆිල්ම් එකේ ලිපියෙත් විස්තරයක් කලානෙ. මෙයත් The Adventurers (2017), The Great Wall (2016), Mission Milano (2016) කියන ෆිල්ම්ද ඇතුලුව චිත්‍රපට 165කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනව.

මේයල තමයි ෆිලුමෙ නළු නිළියො සෙට් එක……………

Donnie Yen – හෝ
Andy Lau – ලී
Philip Keung – විල්
Wilfred Lau – වෙයින්
Michelle Hu – ජේන්
Niki Chow – මේ

ඉතින් ෆිලුම ගැන කිවුව ඇතිනෙ. දැන් ෆිල්ම් එකේ වෙන දේ ගැන ටිකක් කියන්නම්. එද්දහස් නමසීය හැටගනන් වල කතාවක් තමයි ෆිල්ම් එකේ විස්තර වෙන්නෙ. සටන් කරන්න දක්ෂ ‘හෝ’ ‘ලී’ කියන පොලිස් පරීක්ෂක වරයා සමග එකතුවී හොංකොං වල මත්ද්‍රව්‍ය වෙළදාම පාළනය කරන හැටි සහ ඒවගෙන් ඇතිවෙන අතුරු ප්‍රතිපල තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.

මේක පට්ට ෆිලුම හැමෝටම බාගන්න කියල කියනව.එහෙනම් මම ගිහින් එන්නම්. තවත් සබකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.

I can take nothing with me now
except the sins I’ve been carrying
                              -Crippled Ho-

 

 

https://www.youtube.com/watch?v=Adj5dtSKF8U

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

6,423 downloadsDownload Chasing-the-Dragon-2017.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/SachinDilhara-e1487278352580.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින් දිල්හාර

Subtitles

6,423 downloadsDownload Subtitles56 KB

48 comments

  1. Subhash13

    Ftt macho

  2. Pathmila_kushantha94

    එනකන් බලන් හිටියේ... thanx සහෝ!

  3. roshanmax64

    maru maru

  4. oshanda

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  5. Nadeera97

    public enemies 2009 film eke sub ganna widiyak nadda site eke sub dala tibbata download karanna bane

  6. Malinda

    Donny yen innawa nam aniwa balanawa.

  7. niwanthaka

    බොහොම ස්තූතියි

  8. Lasa_Sadaru

    Tnq sub ekta.....

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සචින් සහෝ.
    ජයෙන් ජය.

  10. UK_Fernando

    Thanks bro

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. lionnation

    thanx saho sub ekata......................jayawewa!

  13. D_Max

    Thank You Brother....Keep it up ;)

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  15. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata supiri film ekak....

  16. Silva

    Niyamai... tnx

  17. jagath55

    Thanks

  18. malith

    Ela ela

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Haritha245

    thanks bro

  21. gihan perera

    Niyamai bro....Thank you wava......god bless you....

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. SACHIN DILHARA

    Comment කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. :)

  24. mahen_new

    thank bro sub akta

  25. kasunkavinda

    thanks for sub

  26. nihalpujitha

    gindara movei ekak broo thanks sub

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Bobby

    Thank you very much

  29. Daham Kalyana Peiris

    Thanks bro

  30. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  31. Thusitha Jayathilaka

    elaaaaaaaaaaaaaaaaaaaaaa

  32. Max_Prasad

    Thanks for sub

  33. MARK_42

    Sub akata thaks saho...goog luck

  34. AsithaDilruwan

    elama saho thanks

  35. thusiya

    sub ekatha thanak you sachin saho...

  36. ranga1984

    niyamai thak me wagw new films digatama denna

  37. Harshanvo

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  38. subodha

    Thanks

  39. Samitha96

    Ft niymai.

  40. kolitha

    Thanks bro

  41. comax

    errors thiyanwa
    anyway thanks

  42. Asitha Jayasinghe

    thanks bro!!!!

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  44. C.R.Jayalath

    Thanks for sub

  45. podda

    thanks bro

  46. nilanka_baiscop

    thanks

  47. Dinushka Udara

    YTS film ekata me sub match wenne natthe ai ? YTS films walata match wenna aniwa Sub karanna.

  48. රොයිලි

    BlueRay x264 hama film ekakatama me Sub galapenne naha !!!