හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විම…

හොරකම් කියන්නේ වර්තමාන ලෝකයේ අතිශය සුලභ දෙයක්. හැබැයි, කෞතුකාගාරයකින් හොරකම් කරනවා කියන්නේ නම් බොහොම විශේෂ සිදුවීමක්. මොකද, කෞතුකාගාර වල ප්‍රදර්ශනය සඳහා තියෙන්නේ බොහොම පෞරාණික සහ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු දේවල්. ඒ නිසාම, කෞතුකාගාරයකින් හොරකම් කරලා කියල ආරංචියක් ලැබුනාම ඕනෙම කෙනෙක් සහජයෙන්ම විමසිලිමත් වෙනවා. ලූවර් කෞතුකාගාරයේත් මේ වගේ හොරකමක් සිදුවෙනවා. හොරකමට භාජනය වෙන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. “අඩවියේ ඇස” යනුවෙන් හැඳින්වෙන්නා වූ අතිශය පෞරාණික සහ අතිශයින්ම වටිනාකමක් සහිත මාලයක්. නමුත්, කිලෝමීටර් දහඅටක් තිස්සේ අපරාධකරුවා පසුපස හඹා යන්න වූ පොලීසිය, කෙසේ හෝ මෙම අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සමත් වෙනවා. මේත් සමගින්, අදාළ පුද්ගලයාව වසර පහකට බන්ධනාගාර ගත කරනු ලබනවා.
ඉහත සඳහන් කරන ලද මාලයේ තවත් සුවිශේෂීතාවයක් තිබෙනවා. “අඩවියේ ඇස” යනුවෙන් හඳුන්වන්නා වූ, ඉහත හොරකම් කිරීමට උත්සාහ දරන ලද මාලය, කොටස් තුනකින් සමන්විත, කිසිසේත්ම මිල කල නොහැකි මාලයකට අයත් එක කොටසක් වෙනවා. “අඩවියේ ඇස“, “ඉරණමේ පියාපත්” සහ “ජීවිතයේ වරපට” යන මිල කල නොහැකි මාල කොටස් තුනම එක් වූ විට, “ගායා” නමින් හැඳින්වෙන්නා වූ මෙම මහාර්ඝ මාලය නිර්මාණය වෙනවා. මෙම “ගායා” නමින් හැඳින්වෙන්න වූ මහාර්ඝ මාලයේ ඉතිහාසය, 17 වන සියවස දක්වා තරම් අතීතයකට දිව යනවා. ස්පාඥ්ඥයෙන් චීනය වෙත ත්‍යාගයක් ලෙස 17 වන සියවසේදී ලැබුණු මෙම මිල කල නොහැකි “ගායා” මාලය, පසු කාලීනව “අඩවියේ ඇස”, “ඉරණමේ පියාපත්” සහ “ජීවිතයේ වරපට” යනුවෙන් කොටස් තුනකට වෙන්කර, හොර රහසේම රටවල් තුනකට අලෙවිකර තිබෙනවා.
රටවල් තුනක් තුල, කොටස් තුනක් ලෙස පවතින්නා වූ, වෙළඳපොල අගය නිර්ණය කිරීමට අපහසු, මිල කල නොහැකි මහාර්ඝ මාලයක්… මෙම මාල කොටස් තුන හොරකම් කර, ප්‍රධාන මාලය නිර්මාණය කරගැනීමේ අදිටනින් යුතුව වසර පහකට පෙර කෞතුකාගාරය බිඳ එක මාල කොටසක් හොරකම් කර පලා යාමේදී අත්අඩංගුවට පත්වී, වසර පහක් බන්ධනාගාරගතව සිට, නැවතත් මනා ලෙස සූදානම්ව මාල තුන හොරකම් කිරීමට උත්සාහ කරන්නා වූ අති දක්ෂ හොරෙකු ප්‍රධාන කණ්ඩායමක්… කුඩා කාලයේ පටන්ම හොරකමට වෛර කරන්න වූද, ඉහත කී හොර කණ්ඩායම පසුපස ලුහුබඳින්නා වූ පොලිස් නිලධාරියෙක්… හොරකම් කිරීමට උත්සාහ දැරීමෙන් පසුව, “අඩවියේ ඇස” නම් මාල කොටස තිබෙන්නා වූ ඉසව්වක් පිළිබඳව කිසිඳු හෝඩුවාවක් හෝ නොමැත… “ඉරණමේ පියාපත්” නම් මාල කොටසේ හිමිකාරීත්වය අතිශය ධනවත් සිනමා නිළියකට හිමිව පවතින අතර, මෙම මාල කොටස ප්‍රංශයේ අධි ආරක්ෂාව සහිත බිඳිය නොහැකි සේප්පුවක් තුල සුරක්ෂිතව ඇත… “ජීවිතයේ වරපට” නමැති මාල කොටස චෙක් ජනරජයේ පාරම්පරික ධන කුවේරයෙකු සතුව, ඔහුට අයත් වන්නා වූ රාජකීය බලකොටුවක් තුල, මිනිස් හමුදාවකින් සහ අති නවීන තාක්ෂණයෙන් ආරක්ෂිතව, භූගත සේප්පුවක් තුල සුරක්ෂිතව ඇත. මෙම මාල කොටස් තුන හොරකම් කර, අවසානයේ මහාර්ඝ “ගායා” මාලය නිර්මාණය කරගැනීමට හැකියාව ලැබේවිද? අවසානයේ මොවුන්ගේ ඉරණම කුමන ආකාරයකින් විසඳේවිද?
මේ වතාවේ අරගෙන ආවේ, 2017 වර්ෂයේ අගෝස්තු මස 18 වෙනි දින තිරගතවීම ආරම්භ කරන ලද, Action, Adventure, Crime ඝනයට අයත් වෙන්නා වූ චිත්‍රපටයක්. ඇමරිකානු ඩොලර් මිලියන 22.76 ක ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය කරන ලද මෙම සිනමා සිත්තම, ඇමරිකානු ඩොලර් මිලියන 37.38 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමගින්, මේ සටහන ලියැවෙන මොහොත වන විට IMDB දර්ශකය තුල 6.7ක අගයකින් සමන්විතව පවතින අතර, චිත්‍රපටය තුල ඉංග්‍රීසි සහ චීන යන භාෂා දෙවර්ගයම අන්තර්ගත වෙනවා. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ, Shock Wave (2017), Railroad Tigers (2016), The Great Wall (2016) ආදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ Andy Lau, The Promise (2016), Brothers of the Wind (2015) වැනි චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ Jean Reno සහ Mojin – The Lost Legend (2015), The Assassin (2015), Journey to the West (2013) වැනි චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ Qi Shu විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණ කරනු ලබන්නේ, Into the Badlands රූපවාහිනී කතා මාලාවේ කොටස් දෙකක් අධ්‍යක්ෂණය කරන ලද, Stephen Fung විසින්.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට බලන්න පුළුවන් වේවි. විශේෂයෙන්ම, තාක්ෂනය උපරිමයෙන්ම භාවිතා කරපු චිත්‍රපටියක් කියල බය නැතුව කියන්න පුළුවන්. සැකයක් තියෙනවා නම්, ඔහොම්මම පූර්ව ප්‍රචාරක පටයත් බලලම ඉන්නකෝ.
ගිහිල්ලා එන්නම්. හැමෝටම ජයවේවා!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR සහ WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
18,608 downloadsDownload The-Adventurers-2017-BR-1.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
65 comments
Kasun Widusha
අසිත
oya genawoth aye monawada?
elama saho tahnksNelson
Good work friend, Thanks!
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Udaya Fernando
Thanks Sisila
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.සදෙව් බණ්ඩාර
සිංහල උපසිරසි ලබා දුන්නට ස්තුතියි.
Praneeth priyadarshana
Tks bro
sandaru maxx
thank you so much aiye... oya genawoth genne supirima ekak tamai.... jaya wewa......!!!!!!!!!!!!!
prabodha
Supiri film ekane bro thank u sub ekata....!
oshanda
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Kalum Gunasekara
බොහොම ස්තුතියි සිසිල සහෝ උපසිරැසියට.
Thisal Lakpura
ස්තුතියි
Kapila
Thanks broo?........
Sasith
යාළු.ඔයාලා කරන මෙ වඩෙට thenks නෙවෙයි.බොහොම පිං යලූවෙ.........,
dileepa prabashwara
thanks aiya
Udara Damith B/K
බොහොම ස්තූතියි......
ELA KIRIKAVINDA GAMAGE
බොහොම ස්තුතියි
kavinda
legend of ravaging dynasties 2016 මේකට sub එක දෙන්නකෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
Thank you Very much Sisila
Nchamara
Thanks...
gihan perera
Well done bro....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasith
tnx bro
Silent$
Thnxxxxxxxxxxxxxx
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
සුපිරි ෆිලුමක් වගේ..අරගෙනම බලමුකෝ...ජය වේවා අයියේ
******************බුදුසරණයි******************gihan
Elama mcn,,,,pattama thankz sub akata...
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
wije
Thanks machan oyage godak filum bagena baluwa thanks a lot .mama danne nathi nisa ahnne torrents walin filum bana eka danger da.mattu unoth kachal veida
සිසිල ප්‍රසාද්
ටොරන්ට් කියන්නේ නීති විරෝධී දෙයක් නම් තමයි. හැබැයි, ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කළා කියලා එහෙම අවුලක් වෙන්නේ නැහැ සහෝ. ටොරන්ට් වෙනුවට විකල්පයක් විදියට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් පාවිච්චි කරන්න පුළුවන්
Ishara
torrent kiyanne nithi wirodi deyak nemei bnz.eka download karana thakshanayak.
eken seeders lage computer walin ena nisa onama crack ekak patches ona tharam denna puluwn torrent link ekaking.a thakshanaya dan nam godak use karanne oya wage nithi wirodi dewal walata nisa thamai dan torrent gana ehema kiyanne.eke kisi aualak na.
"sub ekata thanks" ela
Palitha de Silva
බොහොම ස්තූතියි....
shasith sandaruwan
මේ වගේ එකක් නම් ඉතින් අනිවා බැලිල්ලක් තමයි.
කමෙන්ටුවක් දාන්න ටිකක් පරක්කු වුනා නෙව. :P
දිගටම සබ් දෙමු ආ...
ඔබ ජය!c.n.k
super
සෝමපාල
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට :)
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!දමිත්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
ජයෙන් ජය.Udara Buddika
ela oyalata jayen jaya apita karana udaw walata
Alludu seenu film eketa subtitle denna puluwannm
Thakshila Rukmal
Ane machan comment ekaka hari kamak nhe Torrent Link eka deepanko. Pattagemak denna one Link eka oyanna bn. smahara welawata apita labena torrent eka sub ekata mach wenne nhe.
Thanks Sub ekata. Good Luck.
tharuka priyadarshana
Baiscopedownloads site eke okkoma links dala tiyenwa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Akalanka
Thnx........
Dhanush Narangoda
සබ සිසිලයගෙනම් අනිවා විස්තර හොයන්නේ නැහැ බානවා .... උඹ වගේම තව හතර පස් දෙනෙක් ඉන්නවා සෙට් එකම දෙන්නේ සුපිරිම ඒවා තමා.... අනිත්වා බාන්නේ නැහැ නෙවි ප්‍රමුකස්ථානය මගේ නම් මේ සෙට් එක කරන අයට ... * සබ හොදටම කරලා තියෙනවා *ටයිම් අවුල් නැහැ *සබ කරන්න තෝරා ගන්නා ෆිල්ම් උනත් හොද තත්වයේ ඒවා , සිරාවට ඉතින් බාගෙන බලන්න හිතෙනවමයි .....
තෑන්ක්ස් මචන් සිසිලය මේ වගේ අමාරු වැඩක් කරලත් මුදලක් උඹලා බලාපොරොත්තු නොවෙන එක හුඟක් වටිනවා මචෝ.... උඹ විතරක් නෙවි සෙට් එකටම තෑන්ක්ස් ලොවෙත්... ඉස්සර මමත් කලේ ආව බෑවා ගියා ඒත් ආත්මාර්ථකාමී වෙන්න හොද නැහැ උඹලා මේ වෙනුවෙන් දවසක් දෙකක් කැප වෙද්දී අපි විනාඩි දෙහෙකින් තෑන්ක්ස් කලාට අපේ කොහෙවත් ගෙවෙන්නේ නැහැනේ... තෑන්ක්ස් මචන්ලා උඹලා සෙට් එකටමM,H.Prasad Mapabandara
සබ් එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑනෙ කොල්ලනේ..පේජ් නොට් ෆවුන්ඩ් කියල වැටෙනවා..අවුල මොකක්ද දන්නේ නෑ..කොහොම වෙතත් මේ සයිට් එකෙන් දෙන සබ් වල ගුණාත්මක බව හොදයි..
Devinda
Ty bro...Gdk Pin....
Udara Madusanka
fatta sisila ayya thanks for the sub
film ekath supiri
aniwaryen ayya karapu hema ekakma wage supirima eewa thama thanks ayye godak pin oyala hemotama karana sewayatakeep it up brothers and sisters
good luck for all of you
Nishan
Thanx bro
Mithun
අප්ඩෙට් එකට බොහොම ස්තුතියි සිසිල සහෝ. මේ විදියට ෆිල්ම් වලට වැඩ කරද්දි අවන්කවම අපිටත් අසයි . මෙක බලන්න අදහසක් තිබුන් නැ දැන් නම් බලන්න හිතෙනව මොකක්ද මෙ සින් එක කියල ගොඩක් ස්තුතියි සිසිල සබ් එකට.
tharangani
thanx
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!podda
thanks bro!!
update 1 dunna ne. tnx a lotකසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ.
Advertisement
![The Adventurers (2017) with Sinhala Subtitles | මිල කළ නොහැකි පළඳනා තුනේ විශ්මිත මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-Adventurers-2017_1.jpg)

Elama sahoo 100 ta tika tika kittu wenawa aa..........