Watch Trailer

Deep Blue Sea 3 (2020) Sinhala Subtitles | ගැඹුරු නිල් මුහුද 3 [සිංහල උපසිරැසි]

Deep Blue Sea 2 චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න එහෙනම් අරන් ආවා මේ මාසේ 28 වෙනිදා නිකුත් වුන Deep Blue Sea 3 චිත්‍රපටය. මට මේක ඉවර කරන්න දවස් එක හමාරක් විතර ගියා මොකද මේකෙ තියෙන විද්‍යාත්මක වචන නිසා. ඉතිං ඔයාලගෙන් සමාව ඉල්ලනවා මේක ගේන්න පරක්කු වුන එකට. වෙබ් රිලීස් වුන මේ ෆිල්ම් එකට මේ වෙද්දි හිමිවෙලා තියෙන…

Deep Blue Sea 2 චිත්‍රපටයෙන් පස්සෙ ඔන්න එහෙනම් අරන් ආවා මේ මාසේ 28 වෙනිදා නිකුත් වුන Deep Blue Sea 3 චිත්‍රපටය. මට මේක ඉවර කරන්න දවස් එක හමාරක් විතර ගියා මොකද මේකෙ තියෙන විද්‍යාත්මක වචන නිසා. ඉතිං ඔයාලගෙන් සමාව ඉල්ලනවා මේක ගේන්න පරක්කු වුන එකට. වෙබ් රිලීස් වුන මේ ෆිල්ම් එකට මේ වෙද්දි හිමිවෙලා තියෙන්නෙ 4.6 ක IMDB අගයක්. The Last Ship සීරීස් එකේ හිටපු වුල්ෆ් ( Bren Foster ), වැල්ක්‍රී ( Tania Raymonde ), කැප්ටන් මේලන් ( Emerson Brooks ) වගේම The Vampire Diaries වගේ රූපවාහිනී කතා මාලාවල හිටපු Nathaniel Buzolic යන චරිත මේ චිත්‍රපටයට රංගන දායකත්වය දීලා තියෙනවා. Warner Home Entertainment ඉදිරිපත් කිරීමක් වෙන මෙහි අධ්‍යක්ෂණය Quarantine 2 වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු John Pogue ගෙන්.

ඉතිං Deep Blue Sea චිත්‍රපට පෙළ ගැන කියනවා නම් 1999 වසරේ මුලින්ම නිකුත් වුන Deep Blue Sea පළවෙනි චිත්‍රපටයේ තිබුනේ මැකෝ මෝරුන්ව යොදාගෙන ඇල්ෂයිමර් රෝගයට ප්‍රතිකාරයක් හොයාගන්න හදන කතාවක්. ඒ චිත්‍රපටය නම් අතිශය ජනප්‍රිය වුනා. ඊටපස්සේ 2018 වසරේ Deep Blue Sea 2 චිත්‍රපටය නිකුත් වුනාට පස්සෙ සෑහෙන්න ප්‍රේක්ෂකයන්ගෙන් සෑහෙන්න බැනුම් අහන්න නම් සිද්ධ වුනා කතාවේ දුර්වලතා හින්දම. ඒ චිත්‍රපටයේ තිබුනේ බුල් වර්ගයේ මෝරු යොදාගෙන මිනිසුන්ගෙ මොළේ වැඩිදියුණු කරන්න උත්තේජක හදන්න යන කතාවක්. කොහොම වුනත් මගේ පුද්ගලික මතය අනුව ඒ චිත්‍රපටයේ තිබුන දුර්වලතා මඟ හරවගන හොඳ මට්ටමේ චිත්‍රපටයක් මේ සැරේ නම් ප්‍රේක්ෂකයන්ට ලැබිලා තියෙනවා. මුහුද යට ලස්සන රූපරාමු, මුහුද යට වගේම ගොඩබිම සටන් ඒ වගේම වුල්ෆ්ගෙ ෆයිට් කෑලි ටිකක් එහෙමත් බලාගන්න පුළුවන්. එහෙනම් කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ.

මේ චිත්‍රපටය මේ චිත්‍රපට මාලාවේ පළමු හා දෙවන කොටස් වලට සමහර තැන් වලදී සම්බන්ධ කරලා තිබ්බත් ඒ දෙක නොබලපු කෙනෙක්ට වුනත් මේක බලන්න පුළුවන්. Deep Blue Sea 2 බලපු අයට මතක ඇති ෆිල්ම් එක ඉවර වෙද්දි ඇකිලියෝස් පර්යේෂණ මධ්‍යස්ථානේ වුන පිපිරීමෙන් බෙලා කියන ගැහැණු මෝරා සහ උගෙ පැටව් බේරිලා පැනගත්තා. මේ ෆිල්ම් එකේදි ඒ පැටව් ටිකක් ලොකු වෙලා. පැටව් තුන් දෙනෙක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ. උන්ගෙන් මිනිස්සුන්ට එල්ල වෙන තර්ජන හින්දා උන්ව මරලා දාන්න එක්තරා සමාගමක් විසික් ලූකස් සහ රිචර්ඩ් කියන දෙන්නව කුලියට ගන්නවා. ඒ වුනත් රිචර්ඩ්ගෙ හිතේ නම් තියෙන්නෙ ‌වෙනම දෙයක්. කොහොම හරි මෙයාලා බෙලාව අල්ලගෙන බෙලාගේ බීකන් එකේ උදව්වෙන් පැටවු තුන් දෙනා හොයාගෙන යද්දී රිචර්ඩ්ගෙ පරණ පෙම්වතිය ඩොක්ටර් එමා කොලින්ස්ව මුණ ගැහෙනවා. එමා කොලින්ස් ඉන්නේ එයාගෙ පෙම්වතා ශෝ සහ තවත් හතර දෙනෙක් එක්කඅතෑරලා දාපු ධීවර ගම්මානෙක. ඉතින් තවත් කිව්වොත් කතාවේ බලන්න දේකුත් නෑනේ. එහෙනම් Brendan Fraser ගෙ සුපිරි කොමඩියක් වෙන George of the Jungle (1997) ෆිල්ම් එකේ සබ් එකෙන් හම්බෙනකම් හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB /  Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

13,477 downloadsDownload Deep-Blue-Sea-3-2020.zip113 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,477 downloadsDownload Subtitles113 KB

25 comments

  1. වයලා

    සොහාන් පුතා මට හිතුනා මේකට උපසිරසිය අපිට බලන්න ගෙනෙයි කියල. ස්තුතියි පුතෙ අනිත් එකත් ගේන්න ඉක්මනට මම වයලා

  2. Chanaka

    සබ් එකට බොහොම ස්තූතියි මල්ලි.
    ජය..!

  3. මයිකි

    Thanks මචො.

  4. indika75

    thanks..

  5. යුරාන් ධනුක (දනුවා)

    ඔන්න එහෙනම් බා ගත්තා
    උපසිරැසියට බොහෝම ස්තූතියි මල්ලී
    ජය වේවා !!!

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Ayesh

    උපසිරසියට ස්තුතියි

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  9. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!!

  10. Anonymous

    ko blue ray sub aka....??

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. Anonymous

    Thanks for the sub!

  13. Anonymous

    Blu ray?

  14. Malith Samarawickrama

    thanks bn subata

  15. Anonymous

    thanx brooo

  16. Shihan

    Tnx sub ekataa..

  17. sahancharuka

    THANK YOU

  18. Anonymous

    bluray sub wada nane

    1. Sohan Jayasooriya

      එහෙම ප්‍රශ්නයක් නම් නෑ සහෝ මං දැනුත් චෙක් කරලා බැලුවා සබ් එක නම් වැඩ.. මට ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාන්න ඔයා...

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Dewadithya

    Thanks for sub!

  21. Ediya

    Subtitles වලට thanks brother...

  22. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  23. podda

    thanks

  24. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.