Eagle (2024) Sinhala Subtitles දුර්ලබ කපු පුළුවන් වර්ගයක් ගැන දැනගන්න ලැබුනු මාධ්‍යවේදිනියක් මේ කපු ගැන පර්‍යේෂණයක් කරලා ලිපියක් පළ කරනවා. මේ ලිපියෙන් ඇයගේ ජීවිතය උඩුයටිකුරු කරනවා. ඒ නිසා ඇය මේ කපු පිළිබඳව ගැඹුරින්ම සොයා බලන්න මේ දුර්ලබ කපු වර්ගය වගා කරන මදනපල්ලි ප්‍රදේශයට යනවා. එහිදී කපු වැවිලි කර…
Eagle (2024) Sinhala Subtitles
දුර්ලබ කපු පුළුවන් වර්ගයක් ගැන දැනගන්න ලැබුනු මාධ්‍යවේදිනියක් මේ කපු ගැන පර්‍යේෂණයක් කරලා ලිපියක් පළ කරනවා. මේ ලිපියෙන් ඇයගේ ජීවිතය උඩුයටිකුරු කරනවා. ඒ නිසා ඇය මේ කපු පිළිබඳව ගැඹුරින්ම සොයා බලන්න මේ දුර්ලබ කපු වර්ගය වගා කරන මදනපල්ලි ප්‍රදේශයට යනවා. එහිදී කපු වැවිලි කරුවෙකු ගැන සෝදිසි කරද්දි ඇයට මෙහි සංකීර්ණ ගැටලුවක් තිබෙන බව වැටහෙනවා. මේ කපු වැවිලිකරුවා පිළිබඳව නොයෙක් නොයෙක් කතා මේ ගමේදි අහන්න ලැබෙනවා. ඒ වගේම CID සහ RAW නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් වලටද ලක් වෙනවා. ඒත් ධෛර්යමත් තැනැත්තියක් වූ ඇය සත්‍ය සොයා ගමනක යෙදෙනවා.
Eagle (2024) Sinhala Subtitlesමේ ආකාරයෙන් චිත්‍රපටියේ කතාව ගලා යන්නෙ කාන්තා චරිත තුනක් අතරයි. මේ සම්පූර්ණ කතාවටම හේතු වුණ කාන්තාවක්, කතා දෙකක් සම්බන්ධ කරන කාන්තාවක් සහ මේ කතාව හොයාගෙන යන කාන්තාවක් විදියට චරිත තුනක්. ඒ වගේම විශාල වශයෙන් චිත්‍රපටවලදී දකින්න නොලැබෙන ගෝලීය ගැටලුවක් මෙහිදී සඳහන් කර තියෙනවා.
Eagle (2024) Sinhala Subtitlesමාස් මහරාජ් රඟන මේ ඊගල් චිත්‍රපටය කාර්තික් ගට්ටමනේනී රචනා කොට අධ්‍යක්ෂණය කරනු ලැබුවා. ඊටත් වඩා විශේෂයෙන්ම කියන්න ඕන, චිත්‍රපටයේ කැමරාකරණය කරලා තියෙන්නෙත් කාර්තික් විසින්මයි. ඔහු චිත්‍රපට පෙළකම සිනමාකරණය කර තිබෙනවා. සිනමාකරණ ශිල්පියෙක් අධ්‍යක්ෂක වරයෙක් වෙද්දි මොනතරම් අලංකාරවත්ව, අද්විතීයව රූප රාමු තියේවිද කියන්න උදාහරණයක් මේක. විශේෂයෙන්ම ක්‍රියාදාම ජවනිකා වලදී කැමරාව හසුරුවා ඇති ආකාරය විශිෂ්ඨයි. පෙරදි අත්විඳ නැති Pre-Climax ජවනිකාවක් මින් විඳගන්න ලැබෙනවා.
KGF (2018), Vikram (2022) චිත්‍රපටි වලටම මාන බලන එක නම් කාලයත්, දක්ෂතාවයත්, මුදලත් අපතේ හැරීමක්. මේ කාලේ පඳුරකට ගැහුවත් යුනිවර්ස් විසිවෙන කාලයක්. මොකක් හරි ෆිල්ම් එකක් අටවගෙන, එලියට දාලා යුනිවර්ස් එක කියන් ලිස්ට් එකක් හදාගෙන ඉන්නවා. තවත් අතකින් සම්පූර්ණ නැති කතාවක් ගෙනත් ඉතිරිය දෙවෙනි කොටසින් බලන්න කියලා ඔළුව උඩට ඩෝං ගාලා පොලු පාරක් දෙන චිත්‍රපටි කීපයකුත් ආවා. මේ උණුසුම පහවෙලා යන්න තව කොච්චර කල් යාවිද දන්නෙ නැහැ. ඒ අතරේ ලොකුම මිනිගන් එක පෙන්වන්න තරඟයක් ඇතිවෙලා තියෙනවා.
Eagle (2024) Sinhala Subtitlesඒ වුණත් කාර්තික්ගේ අද්විතීය අධ්‍යක්ෂණය, මනස්කාන්ත සිනමාකරණය සහ රවිතේජාගේ ජවසම්පන්න රංගනය නිසාම චිත්‍රපටය සාර්ථකත්වය කරා ගෙන යන්න පුළුවන් වුණා. ඇත්තටම මේ වගේ අධ්‍යක්ෂකවරුන් ධෛර්යමත් කිරීම සිනමා කර්මාන්තයක යුතුකමක්.
Eagle (2024) Sinhala Subtitlesරවිතේජා සමඟින් අනූපමා පරමේශ්වරන්, නව්දීප්, කාව්‍යා තපර්, ස්‍රීනිවාස් අවසර්ලා, විනේ රායි, මධුබාලා, අජේ ගෝෂ්, ස්‍රීනිවාස් රෙඩ්ඩි යන අය රඟපානවා.
Eagle (2024) Sinhala Subtitlesපසුගිය වසරේ තිරගත වුණ Ravanasura (2023) සහ Tiger Nageswara Rao (2023) චිත්‍රපට ආදායම් හෝ ප්‍රතිචාර වශයෙන් සාර්ථක වුණේ නැහැ. කොහොමහරි Waltair Veerayya (2023) චිත්‍රපටයෙන් තරමක් දුරට 2023 වසර ආවරණය වුණා කියන්න පුළුවන්. කොහොම හරි Dhamaka (2022) චිත්‍රපටියෙන් අවුරුද්දකට විතර පස්සෙ ඊගල්ගෙන් ආයෙමත් ජයක් අත්පත් කරගන්න පුළුවන් වුණා.
Eagle (2024) Sinhala SubtitlesMr. Bachan චිත්‍රපටය නිළ වශයෙන් නිවේදනය කළා. මිස්ටර් බචන් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ හරිෂ් ශංකර්. එය අජේ දේව්ගන්ගේ Raid (2018) චිත්‍රපටයේ රීමේක් චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය වෙනවා. ඒ වගේම රවිතේජා Raid චිත්‍රපටයේ දෙවැන්න Raid 2 චිත්‍රපටයේ මුහුරත් රූගත කිරීමට සහභාගි වුණා. ඔහු රවිතේජාගේ Shock (2006) සහ Mirapakay (2011) චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. සමහරවිට ඔයාලා රවිතේජාගේ මුල් කාලයේ චිත්‍රපටි මේ කාරණාව හොඳින් මතක තියෙන්න ඇති. රවන්නා විසින් අමිතාබ් බච්චන්ව අනුකරණය සහ දෙබස් කීමත් ඇතැම් අවස්ථාවන් වලදී දකින්න ලැබුණා. ඔහු දැඩි අමිතාබ් බච්චන් රසිකයෙක් නිසාම චිත්‍රපටයට මේ නම යොදන්න ආශ්වාදයක් ලැබෙන්න ඇති. Don Seenu (2010) චිත්‍රපටයට Don යන්න එක් වුණේ බිග් බීගේ Don (1978) චිත්‍රපටයේ ආශ්වාදයෙන්.
Eagle (2024) Sinhala Subtitlesමේ අතරේ රවන්නා අධ්‍යක්ෂක අනුදීප් සමඟ චිත්‍රපටයක් කිරීමට නියමිත බව ආරංචි පළ වෙනවා. එහි ප්‍රධාන නිළි චරිතය ලෙස රුක්මණී වසන්ත් තෝරා ගත් බවත් සඳහන්. ගෝපිචන්ද් මල්ලේනි සහ රවිතේජා එක්ව කිරීමට සූදානම් වූ RT4GM ව්‍යාපෘතිය මූල්‍යමය ගැටලුවක් නිසාවෙන් අතරමඟ නතර වූ බව පැවසෙනවා.
Eagle (2024) Sinhala Subtitlesහරි නම් මේ වසරේ ජනවාරි මස 13 තිරගත කිරීමට නියමිතව තිබුණත් Hanu Man (2024) චිත්‍රපටයට ඉඩකඩ ලබා දී පෙබරවාරි මස 9 දක්වා කල් දමා ගන්නවා. මේ දිනම Sahadev නමින් හින්දි භාෂාවෙන්ද නිකුත් කෙරුණා. මෙහි දෙවන කොටසක් ගැන අවසානයේ සඳහන් කරනවා. ඒ ගැන නම් වැඩි බලාපොරොත්තු තියාගන්න බැහැ. රවිතේජා නිතර නවක අධ්‍යක්ෂකවරුන්ට අවස්ථාව දෙන්න ගියොතින් නම් මේ වැඩේත් කොට උඩ තමයි. ඒ විතරක්ම නෙවෙයි රවන්නා නවක අධ්‍යක්ෂක වරුන්ට RT Teamworks බැනරය යටතේ චිත්‍රපට නිෂ්පාදනයෙන් දායකත්වය සපයනවා.
Eagle (2024) Sinhala Subtitles
ඊගල් දින තුනක් තුල ඉ.රු. කෝටි 30ක මුදලක් උපයා ගැනීමට සමත් වුණා. ඒ වගේම සමස්ථයක් වශයෙන් ඉ.රු. කෝටි 51.4ක් ඉක්මවූ ආදායමක් උපයා ගන්නවා. ඊගල්ට ප්‍රේක්ෂකයින්ගේ වගේම විචාරකයන්ගේ මිශ්‍ර ප්‍රතිචාර ලැබී තිබෙනවා. Imdb වෙබ් අඩවියේ මීට ලැබි තිබෙන රේටින් අගය 7.1ක්. ලිංගික දර්ශන හෝ නුසුදුසු දර්ශන ඇතුලත් වෙන්නෙ නැහැ. මේක පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපටියක්.
Eagle (2024) Sinhala Subtitlesවිශේෂයෙන්ම මතක් කරන්න ඕන, කරදරේ ඉවසගෙන ඉංග්‍රීසි වලින් සහය දක්වපු අශාන් අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
Eagle (2024) Sinhala Subtitlesඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk.
අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
17,745 downloadsDownload Eagle-2024-Sinhala-Subtitles.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Eagle (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #Ajay Gosh
- #Anupama Parameshwaran
- #Eagle
- #Eagle (2024)
- #Eagle (2024) Sinhala Sub
- #Eagle (2024) Sinhala Subtitles
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Kavya Thapar
- #Madhoo
- #MaxxA
- #Navdeep
- #Ravi Teja
- #sinhala sub
- #Sinhala Subtitle
- #Srinivas
- #Srinivas Avasarala
- #subtitle
- #Vinay Rai
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Buddhika Lakmal
Dilshan
Anweshippin kandethum (2024) malayalam movie ekata sub dennaki
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Udara Damith
එල
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
mee pahadili kirimata pissu wetenawa. wishishtatyi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


වෙනද වගේම ලිපියට සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා සහෝ....
ලිපියටයි සබටයි දෙකටම රොම්බ නන්රි මචං...........