Watch Trailer

Dhamaka (2022) Sinhala Subtitles | ද්විත්ව ඝට්ටනය! [සිංහල උපසිරසි]

ස්වාමි නගරයේ පැල්පත් ප්‍රදේශයේ ජීවත් වෙන මධ්‍යම පාන්තිකයෙක්. දුක්, කරදර එක්කම ජීවත් වුණ කෙනෙක්. රණ්ඩු, වලි වලට බැහැලම රණ්ඩු කරන දරදඬු කලබල කාරයෙක්. ආනන්ද් ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකුගේ එකම පුතා. මේ දෙදෙනාම පෙනුමෙන් එක සමානයි. දවසක් ස්වාමිට එයාගේ නංගි සුභූ කරදරයක ඉන්නවා කියලා මැසේජ් එකක් ලැබෙනවා. නංගිව…

ස්වාමි නගරයේ පැල්පත් ප්‍රදේශයේ ජීවත් වෙන මධ්‍යම පාන්තිකයෙක්. දුක්, කරදර එක්කම ජීවත් වුණ කෙනෙක්. රණ්ඩු, වලි වලට බැහැලම රණ්ඩු කරන දරදඬු කලබල කාරයෙක්. ආනන්ද් ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකුගේ එකම පුතා. මේ දෙදෙනාම පෙනුමෙන් එක සමානයි. දවසක් ස්වාමිට එයාගේ නංගි සුභූ කරදරයක ඉන්නවා කියලා මැසේජ් එකක් ලැබෙනවා. නංගිව බේරගන්න කියලා හිතන් මැසේජ් එකෙන් කියපු තැනට ඇවිත් බැලුවම නංගි එතන හිටියේ නැහැ. ඒ වෙනුවට එතැන හිටියේ නංගිගේ යාළුවා ප්‍රණවී. ස්වාමි මීට කලින් ප්‍රණවී දැකල හෝ එයා ගැන දැනගෙන තිබුණේ නැහැ. කොහොම වුණත් ස්වාමි, ප්‍රණවී දැකලා වැඩිවෙලාවක් යන්න කලින් ප්‍රණවීට යෝජනා කරනවා. එයාගෙන් උත්තරයක් ලැබෙන කල් ස්වාමි බලාගෙන ඉන්නවා කියලා යන්න ගියා. පටලැවිල්ලක හිටිය ප්‍රණවී කල්පනා කරමින් ගෙදරට ගියා. ගෙදරට ගිය ප්‍රණවීට එයාගේ තාත්තා මගුලක් කතා කරලා. ප්‍රණවීගේ තාත්තා එයාවත් එක්කගෙන මනමාලයව බලන්න ගියා. බැලින්නම් තාත්තා එයාට යෝජනා කරලා තියෙන්නෙ ස්වාමිව කියලා ප්‍රණවී හිතනවා. ඒ නිසා මේ යෝජනාවට එයා උඩින්ම කැමැත්ත දෙනවා.

ස්වාමිගේ යෝජනාවට උත්තරයක් දෙනකල් බලාගෙන ඉන්නවා කියපු නිසා, ප්‍රණවී ආනන්ද්ව පටලවාගෙන ආනන්ද්ට කැමැත්ත පල කරනවා. ඉතින් ප්‍රණවීට කැමතියි කියලා ආනන්ද් එයාගේ තාත්තා චක්‍රවර්තිට මේ ගැන දන්වනවා. ප්‍රණවීගේ තාත්තා රමේෂ්, පූජකයින්ට කියලා දුවගේ කසදයට නැකැත් බලන්න ගත්තා. ඔය අතරෙදි ප්‍රණවීට සුභූගෙන් කෝල් එකක් එනවා. එයාගේ අයියට තවම උත්තරයක් දුන්නෙ නැත්තෙ ඇයි කියලා අහනවා. ස්වාමි තවම ප්‍රාණවීගෙන් උත්තරයක් නැති නිසා නංගිගෙන් ප්‍රණවීගේ මොබයිල් නම්බරය ඉල්ලලා තියෙනවා. ප්‍රණවීට මේක පටලැවිල්ලක් වුණ නිසා එයාගේ තාත්තගෙන් එයාලා බලන්න ගිය මනමාලයා ගැන අහනවා. එතකොට තමයි එයාට තේරෙන්නේ ස්වාමි, ආනන්ද් කියන්නෙ දෙන්නෙක් කියලා. මේ ප්‍රශ්නෙ ගැන එයාගේ අම්මට කියනවා. ප්‍රණවීට දෙන්ගෙන් අතාරින්නෙ කාවද, තෝරගන්නෙ කාවද කියලා හිතාගන්න බැරිව හිටියේ. ස්වාමි, ආනන්ද් දෙන්නා එක්කම කාලට ගත කරලා එයාට කැමති හිතුන කෙනාට කැමැත්ත දෙන්න කියලා ප්‍රණවීගේ අම්මා උපදෙස් දෙනවා. කිව්ව් විදියටම ප්‍රණවී ස්වාමි, ආනන්ද් දෙන්නා එක්ක කාලය ගත කරලා, කෙනෙක්ව තෝරගන්න ලැහැස්ති වුණා. එක් අතකින් ස්වාමි රස්සාවක් නැති නිසා රස්සාවක් හොයමින් රස්තියාදු වෙවී හිටියා. නංගිගේ කසාදයත් ලඟම එන නිසා එයාට රස්සාවක් නැතිව පවුලේ අවශ්‍යතා වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයක හිටියේ.

අනෙක් පසෙකින් ආනන්ද් එයාගේ තාත්තා චක්‍රවර්තිගේ උපන්දින තෑග්ග විදියට පුද්ගලයින් 1000ක් දෙනෙකුට රස්සා දෙන්න තීරණය කරලා තිබුණා. මේ අතරෙදි චක්‍රවර්තිගේ ව්‍යාපාරික තරඟකරුවෙක් වුණ JPගෙන් චක්‍රවර්තිට තර්ජන එල්ල වෙලා තිබුණා. ඒත් චක්‍රවර්ති JPගේ තර්ජන ගැන ආනන්ද්ට නොකියා සඟවාගෙන හිටියා. JPට උවමනා දේ ඉටු කරගන්න එයා ආනන්ද්ව මරන්න ලැහැස්ති වුණා. අනිත් පැත්තෙන් ප්‍රණවීගේ තාත්තා ස්වාමිව මරන්න ලැහැස්ති වෙනවා. ප්‍රණවීගේ තාත්තා ස්වාමිව මරන්න උත්සාහ කරනවා කියන එක ස්වාමි දැනගෙන හිටියේ නැහැ. ස්වාමිට බේරෙන්න පුළුවන් වේවිද? JP චක්‍රවර්තිගෙන් ඉල්ලන්නෙ මොනවද? ඒක කරන්න පුළුවන් නම් චක්‍රවර්ති නොකර ඉන්නෙ ඇයි? මේ ගැන ආනන්ද්ව දැනුවත් කරෙන්නෙ නැත්තෙ ඇයි?

තෙළිඟු සිනමාවේ කිසිම පසුබිමක් නැති නළුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙන්නේ මේ රවි තේජා. අනෙක් කෙනා තමයි නානි. රවි තේජාගේ සිනමා දිවියේ උපදේශකයා වන්නේද රවි තේජාමයි. මාස් චිත්‍රපට හැමෝටම රඟපාන්න බැහැ. මාස් චිත්‍රපට වලින් රවිතේජා තමන්ටම සන්නාමයක් ඇති කරගෙන තියෙනවා. මාස් මහරාජ් යන සන්නාමය ඔහුට හිමියි. මාස් චිත්‍රපටයක් නම් අනිවාර්යයෙන්ම තර්කය, භොතිකත්වය ගැන අමතක කරන්න වෙනවා. රවි තේජාට මාස් විතරක් නෙවෙයි භාවාත්මක රංගනය වුවද විශිෂ්ඨ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. චිත්‍රපට රංගනයෙන් පමණක් නොවෙයි චිත්‍රපට නිෂ්පාදනයට ද සම්බන්ධ වෙනවා. ඔහු රඟපෑ Rama Rao On Duty චිත්‍රපටයේ නිෂ්පාදනයට දායක වෙනවා. රවිතේජා නිෂ්පාදනය කරනු ලැබූ Gatta Kusthi (2022)දෙමළ භාෂා චිත්‍රපටය ද ආදායම් වශයෙන් සාර්ථක චිත්‍රපටයක් වුණා.

Krack (2021) වගේ බ්ලොක්බස්ටර් චිත්‍රපටකින් පස්සෙ රවි තේජාගේ මීලඟ චිත්‍රපටය ගැන ප්‍රේක්ෂක කාගේත් බලාපොරොත්තුව ඉහළ මට්ටමක තිබුණා. ඒ වුණත් පසුගිය 2022 වසර මුලදි නිකුත් වුණ Khiladi (2022) ඒ බලාපොරොත්තු තෘප්තිමත් කිරීමට අපොහොසත් වුණා වගේම ආදායම් වශයෙන්ද අසාර්ථක වුණා. පසුගිය වසරේදිම Rama Rao On Duty (2022) නිකුත් වුණත් එයද පහසුවෙන්ම ආදායම් වශයෙන් අසාර්ථක වුණා වගේම විචාරක හා ප්‍රේක්ෂකයින්ගේ සෘණාත්මක ප්‍රතිචාර ලැබුණා. අවුරුද්දේ අවසානෙට හරි හිට් එකක් දෙයිද කියන බලාපොරොත්තුවෙන් රසිකයින් බලාගෙන හිටියා. 2022 වසර රවි තේජාට අසාර්ථක වසරක් වෙන්න නොදී අවසානයේ, බලාපොරොත්තු ඉටු කරමින් ධමාකා ආදායම් වශයෙන් බ්ලොක්බස්ටර් හිට් එකක් වුණා.

රවි තේජා මේ 2023 වසරේ සංක්‍රාන්තියට නිකුත් කෙරුණු Waltair Veerayya (2023) චිත්‍රපටයේ දීර්ඝ කළ පෙනීසිටීමකින් ද ඉදිරිපත් වෙනවා. එම චිත්‍රපටයද මේ වෙද්දි ආදායම් වශයෙන් අති සාර්ථකත්වයක් අත් කරගෙන තියෙනවා. ගෝලීය වශයෙන්ද නිකුත් කෙරුණු වෝල්ටර් වීරයියා චිත්‍රපටය ඇමරිකාවෙන් පමණක් ආදායම විදියට ඇ.ඩො. මිලියන 2.1ක් උපයා ගන්නවා.(මේ ලිපිය ලියන දිනය් වෙද්දි) කොටින්ම කිව්වොත් වෝල්ටර් වීරයියා නිකුත් වෙන්න දවස් දෙකක් කලින් ආව විජයිගේ Varisu චිත්‍රපටය ඇමරිකාවෙන් උපයාගන්න පුළුවන් වුණේ ඇ.ඩො. මිලියන 1.5ක් පමණයි. චිරන්ජීවිගේ Acharya (2022) චිත්‍රපටයට RRR (2022)චිත්‍රපටයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණ රාම් චරන් ද, Godfather (2022) චිත්‍රපටයට බොලිවුඩයේ මෙගා ස්ටාර් සල්මාන් ඛාන් ද extended cameo එකකින් ඉදිරිපත් වුණා. රවි තේජා එම ප්‍රබල නළුවන් දෙදෙනාටම කරන්නට බැරි වුණ දේ කරලා හමාරයි. වෝල්ටර් වීරයියා චිත්‍රපටයේ රවි තේජාගේ පෙනී සිටීම ගැන(Screen Presence) කාගේත්ම ප්‍රසංසාව හිමිවුණා. රවිතේජාට එයාගේ කෝටි 100 චිත්‍රපටි Hat-trick එක මීලඟ චිත්‍රපටයෙන් ගහන්න පුළුවන් වේවිද කියලා ඉස්සරහට බලමු. මීලඟට Raavanasura, Tiger Nageswara Rao කියන චිත්‍රපට දෙක පැමිණීමට නියමිතයි. රාවනාසුරා චිත්‍රපටයේ රූගත කිරීම් මෑතකදී ආරම්භ කරනු ලැබුවා.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ත්‍රිනාධ රාඕ නක්කිනා විසින්. ඔහු මීට පෙරදී Nenu Local (2017), Hello Guru Prema Kosame (2018) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරලා තියෙනවා. චිත්‍රපටයේ සංගීතය සපයන්නේ බීම්ස් සෙසිරොලියෝ විසින්. මීට පෙරදී රවි තේජාගේ Bengal Tiger (2015) චිත්‍රපටයට සංගීතය ලබා දුන්නා වගේම පැමිණීමට නියමිත Ravanasura චිත්‍රපටයටත් සංගීතය ලබා දෙනවා. බීම්ස් “ජින්තක්” ගීතය ගායනයෙන්ද සම්බන්ධ වෙනවා. “මාස් රාජා” ගීතය නාකාෂ් අසිස් ගායනා කරනවා. මෙයට “පල්සර් බයික් මීද රාරා” කියන ජන ගීතයද Remix කර ඇතුලත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ චිත්‍රපටයට සංගීතයෙන් විශේෂ වැඩ කොටසක් ඉටු කරලා තියෙනවා. ඒ මොනවද කියන එක ඔයාලටම අත් විඳගන්න පුළුවන්.

යූටියුබ් වෙතට මුදා හැරුණු Jinthak ගීතයේ Lyric වීඩියෝව නැරඹුම්වාර මිලියන 55 පසුකර තිබෙනවා. මේ වීඩියෝව නිකුත් වීමත් එක්කම ශ්‍රී ලීලාගේ නර්ථනය කාගේ කාගේත් ආකර්ෂණය දිනාගත්තා. ශ්‍රී ලීලා ඇමරිකානු සම්භවයක් සහිත නිළියක්.

රමේෂ් රාඕගේ සහ හයිපර් ආදි සංයුතියෙන් යුක්ත ජවනිකා අනිවාර්යයෙන්ම හාස්‍ය උපදවන සුළුයි. මලයාලම් නළු ජයරාම් හා හින්දි නළු සචින් කෙඩෙකර් යන දෙදෙනා වැදගත් චරිත දෙකක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව තනිකෙල්ලා භරනි, චිරාග් ජනි, ප්‍රවීන්, පවිත්‍රා ලෝකේෂ්, තුලසි යන අයද සම්බන්ධ වෙනවා. චිරාග් ජනි මේ මෑතකදීම පොංගල් වලට නිකුත් කෙරුණු Thunivu චිත්‍රපටයෙන් දැකින්න ලැබුණා. චිරාග් ඉස්සරහට එන්න තියෙන චිත්‍රපට පෙළකටම සම්බන්ධ වෙලා තියෙනවා. හාස්‍ය නළු අලි බාෂා නිකම්ම පෙනී සිටීමකට ඉන්නවා දකින්න පුළුවන්. හිටියත් නොහිටියා වගේ තමයි.

මේ ධාමාකා චිත්‍රපටය බොහෝ දුරට අපිට Ala Vaikunthapurramulo (2020) මතක් කරවනවා. ජයරාම් සහ සචින් කෙඩෙකර් අලා වෛකුන්තපුරම්ලෝ චිත්‍රපටයේදිත් දකින්න පුළුවන්. ඒ චිත්‍රපටයේ සචින්ගේ පුතා ලෙස රඟපෑ ජයරාම් මේ චිත්‍රපටයේ එදිරිවාදියා ලෙස චරිතය ඉදිරිපත් කලත් ඔවුන් දෙදෙනා එකම රාමුවක දකිද්දී අලා වෛකුන්තපුරම්ලෝ සිහිවෙන්න පුළුවන්.

2022 වසරේ තිරගත වූ වැඩිම ආදායමක් ඉපයූ තෙළිඟු චිත්‍රපටි අතරින් 7 වැනි ස්ථානය මේ චිත්‍රපටය හිමිකර ගන්නවා. ඒ වගේම ධමාකා හින්දි බසින් හඬ කවා Big Dhamaka යන නමින් තිරගත කෙරුණා. කොහොමින් හරි ඉ.රු. කෝටි 40කින් පමණ නිෂ්පාදනය කෙරුණු මේ චිත්‍රපටය තිරගත වී 14 වන දිනයේදී ඉ.රු. කෝටි 100 කඩඉම පසු කරනවා. ඒ අනුව ඔහුට එක් මාසයක් තුලදී කෝටි 100 චිත්‍රපට දෙකක් හිමි වෙනවා. ධමාකා පලමු දින ආදායම විදියට ඉ.රු. කෝටි 10ක් උපයා ගන්නවා. බොලිවුඩයේ රන්වීර් සිං, පූජා හෙඩ්ඩේ, ජැකලින් ෆර්ඩිනෑන්ඩස් රඟපෑ Cirkus (2022) චිත්‍රපටයද මේ ධමාකා තිරගත වූ දිනම නිකුත් වුණා. ආරම්භයේ චිත්‍රපට දෙකේම ආදායම සමාන අගයක තිබුණත් අවසානයේ Cirkus චිත්‍රපටය ෆ්ලොප් එකක් විදියට අසාර්ථක වෙනවා. විශේෂයෙන්ම මුල් සතියක පමණ කාලය තුලදී විවිධ සිනමාහල් ඉදිරිපිට Houseful බෝර්ඩ් එල්ලා තබා තිබෙන ඡායාරූප ට්විට්ටර් වෙත එක් කර තිබුණා. මීට ලැබුණු Imdb අගය කිරීම 8.5/10ක්. TOI විසින් 3/5ක්, Great Andhra 2.5/5ක්, 123Telugu විසින් 3/5ක් විදියට අගය කිරීම් ලබා දීලා තියෙනවා. 2023 වසරේ ජනවාරි මස 22දා Netlifix ඔස්සේ මේ චිත්‍රපටය OTT මාධ්‍යයෙන් විකාෂණය කෙරෙනවා.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ දේ විශේෂයෙන්ම කියන්න ඕනේ. අකමැත්තෙන් වුවන් උපසිරැසි ජාවරම්කාරයින් මේ උපසිරැසි අනිසි භාවිතය වලක්වන්න මේ සබ් එක දෙන්නේ idx වලින්. idx දුන්නෙත් srt දුන්නෙත් නොමිලේ. උපසිරැසි ජාවරම්කාරයො සක්‍රීයව සිටින තාක් කල් අපි මේ උපසිරැසි ලබා දෙන්නේ idx වලින්. දිගටම ඉන්න බයිස්කෝප් එක්කම. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත සඳහා අදාළ වේ.

9,190 downloadsDownload Dhamaka-2022.zip6.1 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

9,190 downloadsDownload Subtitles6.1 MB

29 comments

  1. Ravindu_Heshan

    thank you malli

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  2. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Naveen Mbr

      ස්තූතියි සහෝ!

  3. ගීත්

    ගැම්මක් තමයි ඉතින්
    ඔහොම්ම mission majnu එකත් දෙමු

  4. Anonymous

    හොරුන්ට සබ් උස්සන්න බැරිවෙන්න බලන්න පුලුවන් ඕන ෆෝමැට් එකකින් සබ් දියන් මචෝ
    ඒකට කිසි අවුලක් නෑ
    සබ් එකටත් පට්ටම තැන්ක්ස් මචෝ

  5. Buddhika Lakmal (laKMal)

    උඹල දෙන ඕනම සබ් ෆෝමැට් එහෙකින් අපි ෆිල්ම් බලනවා මචං... දිගටම මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න...
    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Kushan

    Sub akta thanks

  7. Samith

    Thanks brother

  8. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  9. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  10. Naveen

    උපසිරසියට තුති

  11. bunny

    Thanks buddy

  12. විනෝද්

    ඔන්න දැම්මා බෑවෙන්න
    තැන්ක්ස් බ්‍රදර්

  13. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  14. Bandula

    thanks bro

  15. Anonymous

    Patta

  16. මිනුල

    බොහොම ස්තුතියි සහෝ

  17. Anonymous

    Thanks for sub

  18. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  19. Anonymous

    Elazz

  20. dulan

    ස්තුතියි !

  21. NPP

    Jaya wewa

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. Kantha_DLA

    චිත්‍රපටයක , ටෙලි සිතුවමක 
    උපරිම රසස්වාදය අප හට ලබා දීම සඳහා
    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  24. Anonymous

    sub eka play wenne nane

  25. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Anonymous

    thank you.good work