Watch Trailer

Waltair Veerayya (2023) Sinhala Subtitles | මගේ දඩයමට සීමා නැහැ. [සිංහල උපසිරසි]

වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට උවමනා වෙලා තිබුණා. වී…


වෝල්ටර් වීරයියා ජාලර්පේට්ටා වල ධීවරයෙක්. ධීවරයෙක් විතරක් නෙවෙයි මැදිහත්කරණය කරලා ප්‍රශ්න විසඳලා දෙනවා. මේ විදියට දවසක් වීරයියා ලඟට ගනුදෙනු කාරයෙක් වෙනස්ම ගනුදෙනුවක් අරගෙන එනවා. මේ ගනුදෙනුකාරයා පොලිස් නිලාධාරියෙක්. මැලේසියාවේ ඉන්න කුඩු මාෆියා ලොක්කෙක්ව ඉන්දියාවට ගෙන්ව ගන්න එයාට උවමනා වෙලා තිබුණා. වීරයියට මුදල් හදිසියක් තිබුණ නිසා වැඩේ බාරගන්නවා. කොහොම හරි වීරයියා එයාගේ සගයෝ එක්ක මැලේසියාවට යනවා. ඒ වගේම වීරයියට වැඩේ බාරදුන්න ගනුදෙනුකාරයත් එයා එක්කම එනවා. වීරයියා මැලේසියාවේ හිටිය එයාගේ දෙමළ යාළුවා මනීගෙන් එයා පැහැරගන්න ආව සොල්මන් සීසර් ගැන අහනවා. සොල්මන් ගැන අහපු මනී හොඳටම බය වෙනවා. සොල්මන්ව පැහැරගන්න එක ලේසි නැති බවත්, එයාගේ අයියා මයිකල් සීසර් ගැනත් මනී වීරයියට කියලා අවවාද කරනවා. ඒත් වීරයියා මේ වැඩේ කරන්න පොරොන්දු වුණ නිසා පස්ස බලන්න කැමති වුණේ නැහැ. ඉතින් වීරයියා එයාගේ කල්ලිය එක්ක සොල්මන්ව පැහැරගන්න සැලැස්මක් ලැහැස්ති කරනවා. සැලැස්මෙ විදියට හැමෝම තමන්ගෙ කොටස හරියටම කරනවා. ඒත් වීරයියා වැඩේ වරද්ද ගන්නවා. පොඩි ගෑනු ළමයෙක් නිසා. වීරයියා එයාව දන්නවා. ආයෙමත් වීරයියා, සොල්මන්ව පැහැරගන්න සැලසුම් කරද්දී වීරයියට අහම්බෙන් සොල්මන්ව ආශ්‍රය කරන්න ලැබෙනවා. වීරයියා සොල්මන් එක්ක හොඳ හිතවත්කමක් ඇතිකර ගන්නවා. වීරයියගේ සැලැස්ම සාර්ථක වේවිද? පොලිස් නිලධාරියා කුඩු මාෆියා ලොක්කෙක්ව පැහැරගන්න වීරයියගෙන් උදවු ඉල්ලන්නෙ මොකටද? වීරයියා දැකපු ගෑනු ළමයා කවුද?

මේ චිත්‍රපටයේ යම් ජවනිකාවකට ශ්‍රී ලංකාවේ පෙරහැර සංස්කෘතික අංග, ආගමික අංග යොදාගෙන තියෙනවා. අපේ රටේ අය මේ වගේ දෙයක් කරන්න උත්සාහ කරන්න නැතුව ඇති. ඒ වුනත් එයාලා පෙන්නුම් කරන්න උත්සාහ කරන දේට එකඟවෙන්න බැරි අවස්ථා ඇතුලත් වෙලා තියෙනවා. ඒ වගේම යම් යම් දෙබස් වලින් ශ්‍රී ලංකාව අපහාසයට ලක් කරන ආකාරයක්(දේශපාලනිකව නොවේ.) සැලකිල්ලෙන් බැලුවොත් දකින්න පුළුවන්. කොහොම වුණත් ඔයාලට ඒවා නොසලකා හැරලා චිත්‍රපටය බලන්න පුළුවන්.

වෝල්ටර් වීරයියා අධ්‍යක්ෂණය බොබී කොල්ලි විසින්. මීට සංගීතය සැපයුවේ දේවි ශ්‍රී ප්‍රසාද් නැත්නම් DSP. තෙළිඟු සංක්‍රාන්තියට නිකුත් වුණ මේ චිත්‍රපටිය ඉ.රු. කෝටි 235ක් පමණ උපයාගෙන තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ තිරගත කිරීමෙන් ආදායම ඇ.ඩො. 2.2කට වඩා වැඩි ප්‍රමාණයක් උපයාගෙන තියෙනවා. සංක්‍රාන්ති/ පෝංගල් වලට නිකුත් වුණ වෝල්ටර් වීරයියා, වීර සිම්හා රෙඩ්ඩි, තුනිවු, වාරිසු චිත්‍රපට අතරින් ඇමරිකාවේ වැඩිම ආදායමක් වෝල්ටර් වීරයියා හිමිකර ගන්නවා. බොබී මීට කලින් Jai Lava Kusa (2017), Venky Mama (2019) චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙනවා. රවි තේජා රැඟපෑ Power (2014) චිත්‍රපටය ද ඔහු විසින් අධ්‍යක්ෂණය කලා.

දේශපාලන දිවියට පිවිසීමෙන් අනතුරුව නවතත් සිනමාවට අවතීර්ණ වුණ චිරන්ජීවිගේ මෑත කාලීන චිත්‍රපටි නම් දිගින් දිගටම ආදායම් වශයෙන් අසාර්ථක වුණා. විශේෂයෙන්ම Acharya (2022) චිත්‍රපටයේ රාම් චරන්ද, Godfather (2022) චිත්‍රපටයේ සල්මාන් ඛාන්ද රංගනයෙන් ඉදිරිපත් වුණත් මේ දෙන්නට පවා චිත්‍රපට රැකගන්න බැරිවුණා. මේ වෝල්ටර් වීරයියා චිත්‍රපටයේත් රවිතේජා දීර්ග කල පෙනීසිටීමක් ඉදිරිපත් කරනවා. රවිතේජා, චිරන්ජීවි එක්ක චිත්‍රපටයක එකට දකින්න ලැබෙන්නේ අවුරුදු 22කට පස්සෙදි. රවිතේජාට නම් 2023 අවුරුදේ මුලම හිට් චිත්‍රපටි දෙකක්ම වදිනවා. මේ චිත්‍රපටයට මුලදී දුෂ්ඨ චරිත වෙනුවෙන් නවාසුදීන්, බිජු මෙනන් දෙදෙනාව සම්බන්ධ කරගන්න හැදුවත් කාල වේලාව පිළිබඳ ගැටලු නිසා මඟහැරිලා තියෙනවා. මෙහි එන “බොස් පාටි” ගීතයට හින්දි නිළි ඌර්වසී රෞතෙලා රංගනයක් ඉදිරිපත් කරනවා. වීරයියාගේ පෙම්වතිය ලෙසින් රඟන ශෘතී හාසන් මේ සංක්‍රාන්තියටම නිකුත් වූ බාලක්‍රිෂ්ණාගේ වීර සිම්හා රෙඩ්ඩි චිත්‍රපටයේ ජයිසිම්හාගේ පෙම්වතිය ලෙසත් රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපට දෙකේම නිෂ්පාදන ආයතනය මයිත්‍රී මූවි මේකර්ස්.

ප්‍රකාෂ් රාජ්, රාජේන්ද්‍ර ප්‍රසාද්, වෙන්නිලා ක්‍රිෂෝර්, ශෘති හාසන්, නසර්, කැතරින් ත්‍රෙසා, සත්‍යරාජ්, සුබ්බුරාජු, ප්‍රදීප් රාවුත්, මනෝබාලා, රගුබාබු, මයිම් ගෝපි, ජෝන් විජයි, සප්තගිරි, මොට්ට රාජේන්ද්‍රන්, බී. එස්. අවිනාශ් වගේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසක්ම මෙහි චරිත මවනවා.

වෝල්ටර් වීරයියා පෙබරවාරි 23 වෙනිදා නෙට්ලිෆ්ලික්ස් හරහා ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත් කෙරුණා. මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රතිචාර හිමිවුණා. Imdb අගය 7/10ක් ලබාගෙන තියෙනවා. ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRIP පිටපත සඳහා අදාළ වේ.

11,388 downloadsDownload Waltair-Veerayya-2023.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

11,388 downloadsDownload Subtitles71 KB

44 comments

  1. මයුර

    මරු මරු.. සබට තුති මචෝ

    1. Naveen Mbr

      ස්තූතියි මයුර අයියේ.

  2. Anonymous

    බලන්න හිටපු ෆිලුමක්
    ඉක්මනින්ම සබ් දුන්නට තැන්ක්ස්

  3. Ravindu_Heshan

    බොහොම ස්තූති මල්ලි

    1. Naveen Mbr

      ස්තූතියි අයියේ!

  4. Gagan

    සුපිරි

  5. Anonymous

    sub 1 wada na mada hariye idan

    1. Naveen Mbr

      එහෙම ප්‍රශ්නයක් නම් නැහැ.

    2. Anonymous

      ow

  6. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  7. Samith

    Thanks brother

  8. Sanjeewa Malith

    Thank u subtitles akata ❤❤

  9. Kushan

    Sub akta thanks

  10. Anonymous

    තෑම්ක්ස් බොම්ක❤️

  11. NSS

    aiya sub 1 download vanna na

  12. Kannada Fan

    කන්නඩ ෆිල්ම් වලටත් සබ් දෙන්නකෝ මේ වගේ

  13. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

  14. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  16. Idunil Weerasinghe

    Thanks brother

  17. Anonymous

    සුපිරියක් තමයි
    තැන්ක්ස් බ්‍රදර්

  18. dulan

    ස්තුතියි !

  19. Anonymous

    Patta

  20. bunny

    Thanks buddy

  21. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    1. Naveen Mbr

      ස්තූතියි සහෝදරයා!

  22. Anonymous

    carnival Row eke subtitle download karanna be virus, eka in karapan bn

    1. Naveen Mbr

      ඔයා පාවිච්චි කරන්නෙ ගූගල් ක්‍රොම් නම් පහළින් තියෙන නෝටීස් එක කියවන්න.(පහළට ස්ක්‍රෝල් කරන්න.)

  23. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  24. රජියා

    සබට තුති නවින් සොයුර

  25. Anonymous

    #jaya wewa

  26. Anonymous

    තැන්ක්ස්

  27. Dinusha Chathuranga Munasinghe

    bohoma thanx sub ekata....ane puluwannam kranti kannada film ekatath sab dennako

  28. Anonymous

    Bobby simhage aluth filuma dennko

  29. Lahiru

    සහෝ, පුලුවන්නම් Legend Saravanan ෆිල්ම් එකට සබ් එක දෙන්නකෝ.

    1. Naveen Mbr

      කාලය නාස්තියක්.

    2. Lahiru

      ඇයි, ෆිල්ම් එක වැඩක් නැද්ද?

    3. Naveen Mbr

      ඔව්.

  30. Anonymous

    thanks mcho sub ekata
    Full entertaining filumak

  31. dylan

    Thanks brother

  32. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  33. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  34. Mahesh

    Mahesh

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P