ඔන්න එහෙනම් මාත් වාර්තාවක් තියන්නයි යන්නේ. 2013 ජූනි 7 වෙනිදා බයිස්කෝප් එකට මුලින්ම උපසිරැසියක් දුන්නා. ඒ තමයි Kick-Ass (2010) චිත්‍රපටිය. ඒ කාලේ ඉතින් විකියා තමයි මට මචං මේක ඇවිත් තියෙනවා. කරමුද කිය කියා අමාරුවේ දාන්නේ. දැං විකියව කලුනික හොයනවා වගේ. කොහේ ගිහිල්ලද මංදා. ඉතින් ඔහොම ඉද්දී හරියටම පලවෙ…

ඔන්න එහෙනම් මාත් වාර්තාවක් තියන්නයි යන්නේ. 2013 ජූනි 7 වෙනිදා බයිස්කෝප් එකට මුලින්ම උපසිරැසියක් දුන්නා. ඒ තමයි Kick-Ass (2010) චිත්‍රපටිය. ඒ කාලේ ඉතින් විකියා තමයි මට මචං මේක ඇවිත් තියෙනවා. කරමුද කිය කියා අමාරුවේ දාන්නේ. දැං විකියව කලුනික හොයනවා වගේ. කොහේ ගිහිල්ලද මංදා. ඉතින් ඔහොම ඉද්දී හරියටම පලවෙනි උපසිරැසිය කරලා මාස හතර හමාරකින් පස්සේ ඒ කියන්නේ 2013 නොවැම්බර් 4 වෙනිදා Krrish 3 (2013) කියන චිත්‍රපටියෙන් මගේ පළවෙනි අර්ධ ශතකය බයිස්කෝප් සිංහලෙන් තුල ආරම්භ කරනවා. ඔහොම කාලය ගෙවීගෙන ගියා. විකියා වගේම ඒ පාර හසන්ත අයියයි, සමීර කරුණාරත්නයි ඩබලත් දැං ඔන්න මචං මේක ඇවිත් තියෙනවා කරමුද කිය කිය වද දෙන්න ගත්තා. මොනා කියන්නද ඉතිං. සමහරක් ඒවටනං බෑ කිව්වා. හැබැයි බෑ කිය කිය හරි පනස් වෙනි උපසිරැසිය දීලා මාස අටයි සති තුනකින් විතර 2014 ජූනි 30 වෙනිදා The Iceman (2014) කියන චිත්‍රපටියෙන් සීය ගැහුවා. ඇත්තම කිව්වොත් 50 ඉක්මනට ගැහුවට 100 ගහන්න කල් ගියා වැඩියි. එතකොට දැං ඇවිත් තියෙන්නේ 150ස් වෙනි සිංහල උපසිරැසි කඩඉම. මාස අටක් විතර ගියා 100 වෙනි උපසිරැසියේ ඉදලා 150 දක්වා යන්න. විකියා, හසන්තයා, සමීරයා ඇරෙන්න මේකෙදී අපේ අලුත් සමීරයත් එකතු වුනා. ඔන්න උබලා හතර දෙනාගේ තල්ලු කිරීම මතයි මේ 150 අද මම ඉන්නේ.
ඒ වගේම අපේ අනිත් සෙට් එකත් මතක් කරන්න ඕන. නම්නම් කියන්න යන්නේ නෑ. මොකද එක්කෙනෙක්ගේ හරි නමක් මිස් වුනොත් හරි නැති නිසා. මේ අතරවාරයේ මගේ සමහර චිත්‍රපටි සහ ටීවි සීරියස් වලට ලිපි ලියලා උදව් වුන කිහිප දෙනකුත් හිටියා. උදා, විමා, සමීරයා, ගයාන්. ඒ අයටත් බොහොම ස්තූතියි.(අනේ නමක් මිස් වුනානම් ඇත්තටම සමාවෙන්න.) සිරාවටම 150 මෙහෙම කියන්න නෙමෙයි හිටියේ. ඒත් හිටි හැටියේම මේ ඉල්ලලා තියෙන චිත්‍රපටිය ආපු නිසා ඒ තීරණය වෙනස් වුනා. නැත්නං හිතාන හිටියේ 200න්ම ගේම දෙන්න 😛 😀
සමහර වෙලාවට නියමිත වෙලාවට උපසිරැසිය දෙන්න බැරිවෙනවා. ඒ හිතාමතලා කරන පරක්කු කිරීමක් නිසා නෙමෙයි. මගේ තියෙන පොඩි පොඩි වැඩ අස්සෙනේ මේකත් කරන්නේ. පුලුවන් වෙලාවට උපසිරැසියක් ගෙනත් දෙන්නම්.ඉතින් කියන්න ගොඩක් දේවල් නැහැ. තාම 150 වාර්තා කරා විතරයිනේ. සතුටුයි ඇත්තටම. බොහොම ස්තූතියි මාව දිරිපත් කරපු හැමෝටම.
ඉතින් අවසාන වශයෙන් උපසිරැසි බාගත කරගත්තු, අදහස් දක්වපු සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි. ඒ වගේම උපසිරැසි බාගෙන අදහස් නොදක්වා ගියපු අයට ස්තූතියි. අනිත් අයටත් මේ මොන මඟුලක්ද කියලා හිතලා ගියපු අයටත් පේජ් එක වීව් කරාට හරි ස්තූතියි. ගල් මල් චෝදනා හැම දෙයක්ම ඉඳිරිපත් කරපු අපේ සහෝදර සහෝදරියන්ට මාගේ හෘද්‍යාංගම ප්‍රණාමය හොඳේ 😀 ඒ වගේම බයිස්කෝප් උපසිරැසිකරුවන්ටත් වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැදෙන්න. කාත් එක්කවත් තරහක් මරහක් අපේ අඩවියේ කිසිම කෙනෙක් අතරේ නෑ. වෙනත් අය එක එක අංචි ඇද්දට අපි එහෙම කරන්න යන්නෙත් නෑ. අපි අපේ පාඩුවේ කාටවත් කරදරයක් නැතිව අපේ ගමන යන එකයි කරන්නේ. අනික ඒක තමයි ගොඩක්ම වටින්නෙත්. අලුතින් එන චිත්‍රපටි අතරේ පරණ, ඔය ගොල්ලෝ බලල නැති, සමහරවිට නම පවා අහල නැති චිත්‍රපටි පවා අපේ බයිස්කෝප් අඩවියෙන් ඔය ගොල්ලොන්ට ලැබිලා තියෙනවා සිංහල උපසිරැසි සමඟම. ඒ වගේම තවත් ඉදිරියටත් ඒක ඒ අයුරින්ම ලැබෙනවා.

එහෙනම් අද චිත්‍රපටිය පැත්තට හැරෙමු.
Exodus: Gods and Kings එහෙමත් නැත්නම් දෙවියන්ගේ සහ රජවරුන්ගේ නික්මයාම කියන මේ චිත්‍රපටිය 2014 වර්ෂයේදී තිරගත වෙච්ච බයිස්කෝප් එකක්. මේක 3D චිත්‍රපටියක්. Hannibal, Black Hawk Down, Kingdom of Heaven, A Good Year, American Gangster, Body of Lies, Robin Hood, Prometheus, The Counselor කියන ප්‍රසිද්ධ මනහ්කල්පිත චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනු ලැබූ Ridly Scott විසින් තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. Adam Cooper, Bill Collage, Jeffrey Caine ෂහ Steven Zailian කියන රචකයින් තමයි මේ චිත්‍රපටියේ කතාව ලියලා තියෙන්නේ. Bat Man චිත්‍රපටියේ බෘස් සහ බැට්මෑන්ගේ චරිතයට පන පොවන්නේ Christian Bale සහ Joel Edgerton කියන නලුවෝ දෙන්නා. ඒ වගේම John Turturro, Aaron Paul, Ben Mendelsohn, Sigourney Weaver, Ben Kingsley කියන අයත් මේ චිත්‍රටියට රංඟනයෙන් දායක වෙනවා.
2013 මාර්තු 15 වෙනිදා Ridley Scottට Christian Baleව එයාගේ චිත්‍රපටියකට එකතු කරන්න ඕන කියලා ප්‍රකාශ කරලා තිබුනා. අගෝස්තුවේදී ඔහුගේ චරිතය වන මෝසස් ඔහුයි කියලා ඔහුම ප්‍රකාශයක් නිකුත් කරා. එදාම Joel Edgerton රාම්සස් යන චරිතයට පනපොවන්න එකතුවුනා. නිෂ්පාදනයන් සැප්තැම්බර් වල යොදාගන්න සැලසුම් කරනු ලැබුවා. අගෝස්තු 27 වෙනිදා Aaron Paul එකතු වුනා ජොෂුවාගේ චරිතයට පනපොවන්න. Sigourey Weaver, Ben Kingsley සහ John Turturro ඒ වෙද්දී මේ චිත්‍රපටියට දායක වෙනවද නැද්ද කියලා සාකච්ඡා කරමින් හිටියේ. 2014 මාර්තු 27 වෙනිදා ස්ටූඩියෝ එක විසින් චිත්‍රපටියේ නම Exodus: Gods and Kings කියලා වෙනස් කරා. Scottට අනුවනම් මේ චිත්‍රපටියේ පෙන්වන රතු මුහුදට දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවාලු ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 3000කට ප්‍රථම ඉතාලි මුහුදු තීරයේ ඇතිවුනු භූකම්පනයක් නිසා සිදුවුන සුනාමියෙන් පසුව.
චිත්‍රපටිය දෙසැම්බර් පලමු සති අන්තයේදී එලිදක්වනු ලැබුවා. ඒ දෙසැම්බර් පහ සහ හය යන දිනයන්හීදී සිනමා ශාලා 6462ක් තුලදී. උතුරු කොරියාව, මෙක්සිකෝව, හොන්ග් කොන්ක් සහ ඉන්දියාව යන රටවල් මේ ප්‍රදර්ශණයන්ට උරුමකම් කීවා. මුලු ලෝකය පුරාවටම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන්න පටං ගත්තේ උතුරු ඇමරිකාවෙන්. ඒ දෙසැම්බර් 12 වෙනිදා තවත් සිනමා ශාලා 3503කට මේ චිත්‍රපටිය ලබාදීමෙන්. දෙසැම්බර් 26 වෙනිදා UK වල චිත්‍රපටිය ප්‍රදර්ශනය වුනා. දැන් චිත්‍රපටියේ විස්තර කියෙව්වා ඇති. කතාව ලාවට වගේ බලමු මොකක්ද කියලා.
මේක යුදෙව්වන් පිළිබඳ සත්‍යය කතාවක්. මෙහෙම පටං ගමු. රෙම්සීස් සහ මෝසෙස් කියන්නේ ඊජිප්තුවේ රජතුමාගේ පුතනුවන් දෙන්නා. ඇත්තටම රෙමිසීස් තමයි එයාගේ ඇත්ත පුතා. ඒත් මෝසෙස් එයාගේ පුතෙන් නොවුනට එයාව හදාවඩා ගන්නවා. දේනනම සහෝදරයෝ වගේ තමයි ආශ්‍රය කරන්නේ. එකපාරක් යුද්ධයකට යන්න කලින් අනාවැකි කියන කෙනෙක්ගෙන් යුද්ධය ගැන අහද්දී කියනවා නායකයා බේරෙනවා, හැබැයි නායකයාව බේරගන්න කෙනා දවසක නායකයා වෙනවා කියලා. මේකත් ඔලුවේ තියාගෙන දෙන්නම යුද්ධයට යනවා. යුද්ධයට ගියාට පස්සේ රෙමිසීස්ගේ ජීවිතය මෝසෙස් බේරගන්නවා. දැන් රෙමිසීස්ගේ ඔලුවේ තියෙන්නේ මේ කියපු අනාවැකිය හරියයි කියලා. ඉතින් ඔහොම ඉද්දී රෙමිසීස්ගේ පියතුමා, එහෙමත් නැත්නං රජතුමා මැරෙනවා. ඉතින් පුතාට, එහෙමත් නැත්නම් රෙමිසීස්ට සිංහාසනය හිමිවෙනවා. ඔය අතරවාරයෝ යුදෙව්වන් ලක්ෂ හතරක් විතර යොදාගෙන වෙනම නගරයක් නිර්මාණය කරනවා. ඉතින් මේ නගරය හදන එක වැඩ බලන්න වෙනම කෙනෙක් උපරාජ විදිහට යොදවලා ඉන්නවා. මේ නගරයේ වැඩ බලන්න මෝසෙස්ව යැව්වට පස්සේ යුදෙව්වන්ගෙන් වයසක කෙනෙක් විසින් හිතාගන්න බැරි කතාවක් කියනවා. ඉතින් මේ කතාව කොහොම හරි උපරාජගේ කනට යනවා. උපරාජ තකහනියෙම ඇවිත් මේක රෙමිසීස්ට කියනවා. ඔන්න ඔච්චරයි මම කියන්නේ.
මොකක්ද මේ කතාව, මොකක්ද වෙන්නේ, මෙච්චර හොදට කතාව තියෙද්දී කොහොමද මේක යුද්ධයකට ගලාගෙන යන්නේ කියලා බලන්න එහෙනම්. ඇත්තටම ඉතිහාස කතාව චිත්‍රපටියත් එක්ක ලස්සනට සංසන්දනය කරලා තියෙනවා කියන්න පුලුවන්. තැනක තියෙනවා මෝසෙස් කන්දකට නැගලා එතනදී එඬේරෙක් වෙස්ගත්ත දෙවියන් ඇවිත් ඔහුව හම්බවෙන. ඉතිහාස කතාවේ සඳහන් අයුරින්ම ලස්සනට ඒ කොටස එහෙම නිරූපණය කරලා තියෙනවා. අන්තිමට කියන්න තියෙන්නේ කතාවට අනුවනම්, දෙවියන් කියන්නේ අපි හිතාගෙන ඉන්න ස්වරූපයෙන් එනවත් ඉන්න කෙනෙක්වත් නෙමෙයි. පුලුවන්නම් ඔබ අදහස දෙවියන් පිළිබඳ මට කියලා දෙන්න. එතුමාගේ ස්වරූපය ගැන මට පැහැදිලි කරන්න.
දෙවියන් පිළිබඳ භක්තිය හිතේ තිබිය යුතුයි. නමුත් දෙවියන්ගේ ස්වරූපය ගැන හිතන්න එපා. දෙවියන් පොඩි දරුවෙක් විදිහට, හිඟන්නෙක් විදිහට වුනත් එන්න පුලුවන්. ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!!
698 MB (HD) කොපිය මෙතනින් බාගන්න
6285C18DE20405B2A750685885B8DA4B228E29F9986 GB (BR) කොපිය මෙතනින් බාගන්න
9EB1A2D6A377731FF645A9802293F9C6DDE6F3B12.16 GB (BR) කොපිය මෙතනින් බාගන්න
A382EED00124931CEC1E4D0723C9609F382E2757 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
18,535 downloadsDownload Exodus-Gods-And-Kings-2014-BR.zip129 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
152 comments
gayan
නිලන් ප්‍රනාන්දු
ජේසු පිහිටයි සහෝදරයා ඉදිරියටත් සියල්ල සාර්ථක වේවා
දමිත්
සුබපැතුම් සහෝ 150ට.
කොයිතරම් නම් කාලයක්, මහන්සියක්, උත්සාහයක් දරන්න ඇත්ද?
ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුම තවත් විශාලනය වෙන්නත් ඇති,
කොහොම වෙතත් ඒ මහන්සියට මල් මිටක් මගෙන්.
ජයෙන් ජය සහෝ.150 වෙනි උපසිරැසිය සමරන්නත් මම කැමතිම නලුවාගේ සලරුවක් දීලා තියෙන්නේ...
Sam
thnkss sahooo sub 1...150th sub unusum suba pathum sahooo..
keep it up brooo..elzzzzz..naveen
maga balan hitapu filumak thanx wadi wadiyen sub karanna labewa
හර්ෂණ
ජයෙන් ජයම වේවා...
sanath indika
thx sahooo
D.Chamara
niyamai niyamai sahooo
magena suba pathum degatam kargen yamoo jayaaa....sajeevi
150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
රවිඳු නිපුන්
එල එල....
නියමයි චලිඳු අයියේ..
සුබපැතුම් අපෙනුත්!!!
ඉක්මනට 200ටත් යමු....
ඒ වගේම තෑන්ක්ස් මේ සබ් එකට!!!geethanjana
Suba pathum saho 150ta. aththatama oyala karanne loku sewayak. 150k kiynne kochchara loku mahansiyakda. best of luck. iarahatath mehemama karan yanna. uba pathum. jaya wewa
chathura madusanka
අම්මා......මෙන්න මේක දීලා......
මරු ඈ ......
150ට ඔන්න සුභ පැතුම් ඈ.......
මේක බාලා තියාගත්තා........
දන්නවා දෙනවා කියලා ඔයා ඈ...
:) :)ශාන් විමුක්ති [විමා]
හම්මේ ඉතින් නෙ..
150 කියන්නේ කජු ඇටද කොස් ඇටද ඉතින්
සෑහෙන කට්ටක්, මහන්සියක් නොව
උබේ දුන්න ඒවගෙන් සැහෙන සබ් ගානක් බලල තියේ
මතක හිටිනම ඒවා රාජා රාණි, ගෝන් ගර්ල් වගේ එව්වා තමා
එහෙනම් ඉතින් අර කිවුවත් වගේ කියන්න තියෙන එව්වා සේරෝම 200න් කියහන්කෝ එහෙනම්
ජයෙන් ජය වේවා කිනෝ!
isuru
150 sub ekata suba pathum.niyama film ekakinne 150 gahala thiyenne.ela ela 200th gahamu.jayawewa!
Yasmika Saubhagya
:star::star::star::star::star:
150 වෙනි උපසිරසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා චලිදුවෝ..
බුකියේ කිය කිය හිටියේ 154 කියලා?? ඒ මොකද්ද බං ඒ සිද්ධිය.. :?: :?:
:star::star::star::star::star:Sisira Hegoda
Thanks.
Sisira Hegoda
එකසිය පනහක් පහුකරා කියන්නේ ලොකු දෙයක් නේ. අපි ඔබව ඉහලින්ම අගය කරනවා. ස්තූතියි අප වෙනුවෙන් වුනු මහන්සියට.
Kulanjana Maduranga
sub 150k....lesi na neda.......issellama hadawathinma suba pathanawa CHALINDU saho........ikmanatama 200th gahaanna labewa....congratulation bro...
methuwak kalayak purawata baiscope rasikayan wenuwen kla sewaya godak watinawa.....sahoge watina kalaya, shramaya waya karamin kala kapa kirimata godak pin....digatama sub nirmana karye yedima awasi shakthiya , dairya labewa..........Wish you a great future.obata jayen jayama wewa..............
Kulanjana Maduranga
meka nm patta filumak....aniwa banawa..thanks bro. Keep It Up…
pathum chathuranga
150 veni upasirasata unusum suba pathum sahoo!
Issarahata thava upasirsi denna shakthiya labevaaaa.....Mekanam enakamma balan hitapu filumak...
Godak sthuthiii ikamaninma sub eka dunnata sahoo..
Jaya vevaaa!!!!deleepa
menna magen oyata umma umma dunna
බොබී
යෝ යෝ එල එකක් #කිනා එල එකක්. ජයම වේවා ඈ...!!!
malith lakshitha
Congratulations bro. ඇත්තටම ඔයාල කරන්නෙ ලොකු සේවයක්
Tharindu
150 ta suba pathum sho...ikmanatama 200 th warthakarann labewa...
bohoma sthuthi sub ekat..:)Thilanka
patta bro... congtzzzzzzzzz
ASHIKA
ඔයාට පුලුවන් නම් මේ චිත්‍රපටි ටිකත් සබ් කරලා දෙන්න කෝ
1.THE PYRAMID(2014)
2.JINN(2014)
3. FOG(2005)
4.DARKNESS FALLS(2003)
5.ROGUE(2007)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි කිනෝ...
නියමම ෆිල්ම් එකක් අරගෙන ඇවිත් තියෙන්නේ 150 ට..
ක්‍රිස්ටියන් බේල් ඉන්න එව්වා නම් ලොවෙත් අතාරින්නෙ නැහැ..
මේකත් ට්‍රේලරේ ආපු දවසේ ඉඳන් බලන්න උන්නු එකක්...
මේ කොපිය සුපිරිද බං, නැත්නම් බ්‍ර්ර් එනකම් ඉන්නම්ද?
සුභ පැතුම් මචං 150 ට..
200 ත් ගහමු හනිකට..
ජය වේවා!!#ChalinduDeshan (කිනා)
BR එනකං ඉන්න ඕන නෑ. කොපිය එල.
හැබැයි ඉතිං ඔෆීෂියල් කියලා තිබ්බා උං මාර්තු 11 br අවුට් කරනවා කියලත්.
නුවන්ත දුලාන්
නියමයි චලිඳු සහෝ,,,
ඉක්මණටම 150ටත් ආවා එහෙනම්,,
තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!!!
ජය වේවා!!!Ruchira
නියමයි සහෝ!
ඒ වගේම 150 වෙනි sub 1ට හදවතින්ම අපි සුබ පතනවා……
මේ කරන්නා වූ කුසල කර්මය….
දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා දිරිය ලැබෙන්න යැයි,
අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !thisal
බොක්කෙන්ම සුබ පැතුම් සහො 200ත් ගහමු හොදෙ තැන්ක්ස් සබට මචන් උබ නම් සුපිරි බුවෙක් තමා good luck for ur future
Jack
නියමයි චලිදු සහෝ.
150 ගහන්න තෝරගෙන තියෙන්නේ පට්ටම ෆිලුමක් නොවැ.
අනිවා බෑමක් තමයි.
එහෙනම් 150 ට සුබ පැතුම්. ඉක්මනින්ම 200 ගහමු.
බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් උන මහන්සියට.
සියලු වැඩ කටයුතු සාර්තක වේවා.
ජය වේවා.murad
thank u bro
udara
well done brother......keep it up
ASANKA
SUBA PATHUMA SAHO..... TNX ME FILM 1TA
කේ.යූ.ජී. උදාර
150 ත් එක්ක ගෙනත් තියෙන්නෙ රජ බඩුවක්නෙ.......... මේ ආව වගේ ම තව කාලයක් මේ ගමන යන්න සුබ පතන ගමන් ම ඔන්න එහෙනම් මාත් සබ අරගන්නවා මචෝ. සිංහල සබට බොහොම ස්තූතියි..........
viraj kodituwakku (thela)
Unusum subha patum chalidu saho!!! Kattiya kiyala tiyenawa wage monataram utsahayak darslada ada oya metenta awit tiyenne. Ewagema ema utsahaya nisa kidenekta chitrapati hondata balanna puluwan unada! Obe idiri gamanata mamat hadawatinma ashirwada karanawa!!!
dadda
elaaaaaa subapathanawa ediriyatath karagena yanna
jayasri
maga balan hitapu film eka
Nipun
150 weni sub ekata unusum subapathum sahodaraya.. Good luck...
ප්‍රදීප් මධුසංඛ
ඇත්තටම ගොඩාක් සතුටුයි...
උපසිරසි 150ක් කරනවා කියන්නේ ලේසි පහසු
වැඩක් නෙමෙයි...
ඒක අපි හැමෝම දන්න දෙයක්.
ඒත් සහෝ ඔයා ඒ කඩයිම කොහොමහරි ජයගත්තා. :D
ඉතින්, සහෝ....
මමත් ඔයාට හදවතින්ම සුභ පතනවා...
ඒවගේම 200න් ආයෙත් මුණගැහෙනකන්
ජය වේවා...
එලස්...
:Dyeshu
tnx
Ishara
ජය වේවා... මචං....
මදූෂ දුලාංජන
සුභ පැතුම් සහෝදරයා!!!!! දිගටම කරගෙන යමු... ඹබට ජය
ns
බොහෝම ස්තුතියි
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ.
ඒ වගේම 150 වෙනි උපසිරැසියට වෙනකම් මෙච්චර කලක් මහන්සි වෙලා කාලය ගත කරලා කරපු මෙහෙයට බොහෝම පිං.. ඒ වගේම 150 ට සුභ පැතුම්...
මේක 150 ද නැත්නම් 154 ද??
මං කොහේදෝ දැක්කා එහෙම කතාවක්..:)#ChalinduDeshan (කිනා)
1544 :P
එල්.සී. දමැල්
ඔන්න ඉතින් ප්‍රමාද වී නමුත් මගෙනුත් සුභපැතුම්...! (ප්‍රමාද වීම ගැන බලවත් කණගාටුව)
ඉතින් ඉක්මනින්ම 200ත් කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!150 විදිහට දීලා තියෙන්නෙත් නියම චිත්‍රපටයක්නේ..!
බොහොම තුති සහෝ...!
මම බලාගෙන හිටපු චිත්‍රපටයක්...
මේක අනිවාරෙන් බලනවා...
ඔන්න සහෝ උපසිරසත් ගත්තා...kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Deex
my congratulation bro.
thanks.
71' Eng film eka torrent wala thiyanawa
puluwannan sub danna.
ishan madushanka
wish u all the best machan.. keep ahead.. (Y)
ලසා
well dne bro!gd luck!
Aruna
සුබපැතුම්...shao ..
නලින්
එළ එළ චලිදුවෝ! 150 ක් ගැහුවා කියන්නේ ඉතිං. ආයේ කථා මොකටද
තව තව වැඩියෙන් සබ් කරමු.. එළස්
ජය වේවා!
sisira namarathna
ඇත්තටම ගොඩාක් සතුටුයි…
ඒ වගේම 150 ට සුභ පැතුම්…
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx saho..mage suba pathum...1500kma oni.