Good Bad Ugly (2025) Sinhala Subtitles ගුඩ් බෑඩ් අග්ලි නම අහපු ගමන් ගොඩක් අයට මතක් වෙන්න ඇත්තෙ ක්ලින්ට් ඊස්ට්වූඩ් රඟපෑව The Good, the Bad and the Ugly (1966) චිත්‍රපටය. හා හා පුරා කියලා තෙළිඟු චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වුණ මයිත්‍රී මූවී මේකර්ස් තමන්ගේ කුළුඳුල් දෙමළ චිත්‍රපටය නිෂ්පාදනයට අත තබනවා. AK…

ගුඩ් බෑඩ් අග්ලි නම අහපු ගමන් ගොඩක් අයට මතක් වෙන්න ඇත්තෙ ක්ලින්ට් ඊස්ට්වූඩ් රඟපෑව The Good, the Bad and the Ugly (1966) චිත්‍රපටය. හා හා පුරා කියලා තෙළිඟු චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වුණ මයිත්‍රී මූවී මේකර්ස් තමන්ගේ කුළුඳුල් දෙමළ චිත්‍රපටය නිෂ්පාදනයට අත තබනවා. AK 63 ලෙස මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කළා මෙය Good Bad Ugly ලෙස සඳහන් කරමින් First Look පෝස්ටරයක් නිකුත් කරමින් නිළ වශයෙන් නිවේදනය කරනු ලැබුවා. මීට ආදික් රවිචන්ද්‍රන් සිනමා අධ්‍යක්ෂණයෙන් සහ දේවි ශ්‍රී ප්‍රසාද්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් වැඩ පටන් ගන්න ලැහැස්තිවෙලා හිටියේ. ඒත් නිෂ්පාදන කටයුතු අතරමගදි මේ ව්‍යාපෘතියෙන් DSP ගැලවී යනවා. අජිත්ගේ සම්පූර්ණ චිත්‍රපට ලැයිස්තුවෙන් ඉංග්‍රීසි නාමයකින් නම් කරනු ලැබූ චිත්‍රපට තිබෙන්නේ දෙකක් පමණයි. ඉන් එකක් මේ Good Bad Ugly වන අතර අනෙක Red (2002) චිත්‍රපටයයි.
මෙහි අජිත් කුමාර් සමඟින් ත්‍රිෂා ක්‍රිෂ්ණන්, අර්ජුන් දාස්, සුනිල්, ප්‍රසන්නා, ප්‍රියා වොරියර්, ප්‍රභූ ගනීෂන්, ටින්නු ආනන්ද්, රෙඩින් කින්ග්ස්ලි, ජැකී ෂෙරෝෆ්, ෂයින් ටොම් චාකෝ යනාදී නළු නිළි කැළක් රංගනයෙන් දායක වෙනවා. තවද සිම්‍රන් සහ යෝගි බාබු විශේෂ පෙනී සිටීම් ඉදිරිපත් කරනවා.
අජිත්ගේ Vaalee චිත්‍රපටයේ සිම්රන්ගේ චරිතය මේ චිත්‍රපයට ගෙනැවිත් තිබෙනවා. ඒ වගේම අජිත්ගේ පැරණි චිත්‍රපට ගණනාවකම සඳහන් කිරීම් එක් කර තිබෙනවා. කොයි තරමටද කිව්වොත් එපා වෙන තරමටම. වාලි, ධීනා,රෙඩ්, කිරීඩම්, බිල්ලා, වේදාලම්… කොටින්ම කිව්වොත් පටන් ගත්ත වෙලවේ ඉඳන් දකින චරිත, අජිත්ගේ චරිතය වර්ණනා කරනවා විතරයි. එක අවස්තාවකදී සීමාව ඉක්මවා යන පිළිගන්න බැරි අතීතාවර්ජනයක් බලන්න සිද්ධ වෙනවා. කතාව ඇතුලෙ බිල්ඩප් යනවා ගොඩක් චිත්‍රපටවලදි දකින්න පුළුවන්. ඒත් මේකේ කතාව තියෙන්නෙ බිල්ඩප් ඇතුලෙ.
GV ප්‍රකාෂ් කුමාර් මීට පෙර ආදික්ගේ Thrisha Illana Nayanthara සහ Mark Antony චිත්‍රපටවලට සංගීතය සැපයුවා. බොහෝ දුරට මාර්ක් ඇන්ටනි චිත්‍රපටයේ අච්චුවෙන්ම මේ චිත්‍රපටයට සංගීතය එක් කර තිබෙනවා. පැරණි ගීත කිහිපයක්ම එක් එක් තැන් වලට යොදාගෙන තියෙනවා. ඩාර්කි නම් ගායකයෙකුගේ “Puli Puli” ගීතය කලක් සමාජ මාධ්‍යයේ හාස්‍යයට ලක් වුණා. මොකද එහි ගී පද මෙලෝ හසරක් ඉන්දීය දමිළයෙකුට වැටහෙන්නේ නැති නිසා. ඩාර්කි මේ පද වැල් බොහෝ විට හිතළුවක් ලෙස ගොඩනගා තිබිය හැකියි.
ආදික් Nerkonda Paarvai චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුවන අතරවාරයේ අජිත් කුමාර් හමු වී ඔහුගේ කතාව කියා තිබෙනවා. අජිත් ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ රඟපෑමට කැමති වුවත් නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු අවසන් වන තුරු බලා සිටියා. අජිත් Valimai සහ Thunivu චිත්‍රපට කරන අතරවාරයේ ආදික් Bhageera සහ Mark Antony චිත්‍රපට අවසන් කරනු ලැබුවා. ආදිත් මාර්ක් ඇන්ටනි චිත්‍රපටයේද යම් අවස්ථාවක තම අයිඩල් එක වුණ අජිත් කුමාර්ව වර්ණනාවකට ලක් කරනවා දකින්න ලැබුණා. ඒ වගේම ඔහු තවත් අතකින් කමල් හාසන්ගේ රසිකයෙකුද වනවා. ඔහු තෝරාගත් අතීත ගීත ලැයිස්තුවෙන් ඒ බව පැහැදිලි වෙනවා.
ත්‍රිෂා සහ අජිත් කුමාර් මෙලෙසින් එක්ව රඟන්නේ හය වැනි වතාවටයි. Ji (2005), Kireedam (2007), Mankatha (2011), Yennai Arindhal (2015) සහ අවසන් වරට Vidaamuyarchi චිත්‍රපටයේ රඟනු ලැබුවා. මින් Vidaamuyarchi හැර එකදු චිත්‍රපටයක හෝ අජිත් කුමාර් හා ත්‍රිෂා සාර්ථක යුග දිවියක් ගත කරනවා දකින්න ලැබුණේ නැහැ.
මොන තරම් අතාත්ත්වික දේවල්, කතාව ප්‍රේක්ෂකයාට සම්බන්ධ වීමට අපොහොසත් වුණත් චිත්‍රපටය ඔසවා තබන දැවැන්ත කුළුණ අජිත් කුමාර්. ආදික් අජිත්ට පැරණි චිත්‍රපටවල වගේම වෙනස්ම ආකාරයේ වේශයන්, විලාසිතාවන් ලබා දෙමින් රසිකයින්ට හිත පිරෙන්නම ලොකු සංග්‍රහයක් ලබා දීලා තියෙනවා. අජිත් මෙම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ශරීරයේ බර සැළකිය යුතු ලෙසින් අඩු කර තිබෙනවා. අජිත් කුමර්ගේ මීළඟ චිත්‍රපටය කා සමඟද යන්න තවම තහවුරු කර නැතත් Good Bad Ugly චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ AK පැමිණෙන මෝටර් රථයේ අංක තහඩුවේ AK 64 සඳහන්ව තිබෙන බව දැකගත හැකියි.
අජිත් කුමාර් පසුගිය අප්‍රේල් 29දා ඉන්දියාවේ තෙවැනි ඉහළතම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් ගෞරවයට පත් වූවා. ජාතියේ ඉහළම සිවිල් ගෞරව අතරට අයත් පද්ම සම්මාන, පද්ම විභූෂණ, පද්ම භූෂණ සහ පද්ම ශ්‍රී ආකාරයට කාණ්ඩ තුනකින් ප්‍රදානය කෙරෙනවා. මේ පද්ම සම්මානයන් කලාව, සමාජ කටයුතු, මහජන කටයුතු, විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව, වෙළඳාම සහ කර්මාන්ත ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන් වෙනුවෙන් අයත් වෙනවා.
KGF සිනමා විශ්වයට අයත් චිත්‍රපටයකටද අජිත්ව සම්බන්ධ කරගැනීමට ප්‍රශාන්ත් නීල්ගේ අදහසක් ඇති බවට අදූසමාන ආරංචියක් දැඩිවම පැතිර යනවා. ප්‍රබල ඉන්දීය සිනමා පුවත් නාලිකා වලින්ද පළ කර තිබුණ නිසා බොහෝ දුරට එය ඇත්තක් වෙන්න පුළුවන්. ඒ අතරම සිවා ද නැවත වරක් තම ප්‍රියතම නළුවාව අධ්‍යක්ෂණය කරන්නට කැමැත්තෙන් සිටින බවක් සඳහන් වෙනවා. ඒ කොහොම වුණත් අජිත්ගේ ජන්ම දිනය දවසේ වත් මීළඟ චිත්‍රපට සම්බන්ධව කිසිම යාවත්කාලීන කිරීමක් ලැබුණේ නැහැ.
Vidaamuyarchi චිත්‍රපටයේ අජිත්ගේ චරිත රංගන දක්ෂතාවය මනා ලෙස ඉස්මතු කර පෙන්වා තිබුණා. ඒත් ඉන් බහුතර රසිකයින් පිරිසක් සෑහීමට පත් වූයේ නැහැ. කොහොම වුනත් මේ කනස්සල්ල එතරම් ගණනකට නොගත්තේ ළඟ ළඟම එන ගුඩ් බෑඩ් අග්ලි චිත්‍රපටයෙන් තමන්ගේ බලාපොරොත්තු ඉටු වේවි කියලා හිතලයි. ඔව්, රසිකයින්ගේ ඒ බලාපොරොත්තු ආදික් සුන් වෙන්න දුන්නෙ නැහැ. ඒත් සාමාන්‍ය සිනමා රසිකයෙක්ට මේක බලාපොරොත්තු කඩ වීමක්. මොකද ඊට ප්‍රධානම හේතුව ආදික්ගේ මීට පෙර චිත්‍රපටය මාර්ක් ඇන්ටනි. මාර්ක් ඇන්ටනි සාර්ථකත්වයට ප්‍රබල හේතුවක් වුණේ SJ සූර්යාගේ රංගනය. ඒත් මේ ගුඩ් බෑඩ් අග්ලි හුදෙක් තමන් අදහන නළුවාගේ අතීත චිත්‍රපට කොටස් සඳහන් කරමින් කළ වන්දනාවක් විදියටයි මම දකින්නේ. කොහොම වුණත් පැය දෙකයි විනාඩි 15ක් විතර දිවෙන මේ චිත්‍රපටය කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් ඇක්ෂන්, කොමඩි චිත්‍රපටියක්.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Good Bad Ugly (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
6,485 downloadsDownload Good-Bad-Ugly-2025-Proper-HD-Update.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Good Bad Ugly (2025) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #2025
- #Adhik Ravichandran
- #Ajith Kumar
- #Arjun Das
- #Editor's Pick
- #GBU
- #Good Bad Ugly
- #Good Bad Ugly (2025)
- #Good Bad Ugly (2025) Sinhala Sub
- #Good Bad Ugly (2025) Sinhala Subtitles
- #Indian Box Office Hits
- #Karthikeya Dev
- #Must Watch
- #Prabu Ganeshan
- #Prasanna
- #Priya Prakash Varrier
- #Raghu Ram
- #Rahul Dev
- #Redin Kingsly
- #Shayaji Shinde
- #Shine Tom Chacko
- #Simran
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Sunil
- #Tinnu Anand
- #Trisha Krishnan
- #Yogi Babu
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
සිරන්ත
මයුර
අනේ මන්ද ගොඩක් අය...මේ නළුවගෙ මේ තාක් බලපු බෙස්ට්ම මූවි එක කියලත් කිව්වනෙ.. අතිශයෝක්තියක් නැතුව ලිපිය දුන්නට රොම්බ තෑන්ක්ස් මල්ලි..සබ් එකටත්..
Buddhika laKMal
ලිපියටනං ගොඩක්ම ස්තූථියි මචං...
සබ් එකටත් ස්තූතියි........Kushan
thank machan sub ekt
lipiyath supiri
jaya wewaHashan
Thanx for the sub....!!!
baiscope zone
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Aravinda Fernando
Thanks machan mey wedeta..
Thawa wedi wediyen shakthiya lebewaa!Harshana Atapattu
Thanks for sub. Keep it up
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

සුපිරි ලිපිය...සිරා ලිපිය....
sj සුර්ය කියන්නෙ සුපිරි පොරක්...
අජිත් කුමාර් ගෙ ස්ටොරි එතරම් සාර්ථක නැ දැම්...ගොඩක් මිනිස්සු අනෙ මන්දා මැරෙන්න යන්නෙ මොකට කියල තෙරෙන් නැ... මිට කලිම් ආපු එකත් අමු english කොපියක්... සමත්තයක් වශයෙන් ටයිප් පාස් එකට හොදයි... හොද ලිපියක්...තැක්න්ස් සබ් එකට.