UPDATE -> HQ HDRIP මාර්ක් එයාගෙම ගරාජ් එකක රැකියාව කරන යාන්ත්‍රික ශිල්පියෙක්. මාර්ක්ගේ තාත්තා ඇන්ටනි දරුණු දාමරිකයෙක්. මාර්ක් කුඩා කාලයෙදිම අම්මා තාත්තා මිය යනවා. මර්ක්ව හදාවඩා ගන්නේ ඇන්ටනිගේ ගජ යාළුවා ජැකී. ජැකී මාර්ක්ට තමන්ගේම පුතෙක්ට වගේ සැළකුවා. ජැකීට ඇන්ටනි ගැන තිබුණ ආදරය නිසා එයා කෑම කන්නෙ ඇන…

UPDATE -> HQ HDRIP

මාර්ක් එයාගෙම ගරාජ් එකක රැකියාව කරන යාන්ත්‍රික ශිල්පියෙක්. මාර්ක්ගේ තාත්තා ඇන්ටනි දරුණු දාමරිකයෙක්. මාර්ක් කුඩා කාලයෙදිම අම්මා තාත්තා මිය යනවා. මර්ක්ව හදාවඩා ගන්නේ ඇන්ටනිගේ ගජ යාළුවා ජැකී. ජැකී මාර්ක්ට තමන්ගේම පුතෙක්ට වගේ සැළකුවා. ජැකීට ඇන්ටනි ගැන තිබුණ ආදරය නිසා එයා කෑම කන්නෙ ඇන්ටනිගේ පුතා මාර්ක් අහර කටක් කෑවට පස්සෙදියි. මාර්ක් එයාගේ තාත්තට, තාත්තා කරපු රැකියාවට වෛර කලා. ඒ නිසාම මේ තරම් ආදරය කරන ජැකී තාත්තත් එක්ක ඉන්න පවා මාර්ක් කැමති වෙන්නෙ නැහැ. මාර්ක්ට එයා ජීවත් වුණ නගරය දාලා යන්න ලොකු උවමනාවක් තිබුණා. මොකද ඇන්‍ටනි කියන නම නිසා මේ ප්‍රදේශයේ මිනිස්සු මාර්ක්ට පහත් ආකාරයෙන් සැළකුවා. ඒ විතරක් නෙවෙයි මාර්ක්, ඇන්ටනිගේ පුතා කියලා දන්නවා නම් අවුරුදු 3ක් ආදරය කරපු රම්‍යාගේ දෙමව්පියන්ව එකඟ කරගෙන විවාහය සාර්ථකව කරගන්න ලැබෙන්නෙ නැහැ. නගරයෙන් පිටවෙලා යාම එකම විසඳුම කියලා හිතලා මාර්ක්ගේ ගරාජ් එක විකුණන්න තීරණය කලා. ඒත් ජැකී මාර්ක්ට ගරාජ් එක විකුණන්න හෝ මාර්ක්ට නගරයෙන් පිටවෙලා යන්න දුන්නෙ නැහැ. දවසක් රම්‍යාගේ අම්මා මාර්ක්, ඇන්ටනිගේ පුතා බව දැනගන්නවා. මාර්ක් කොයිතරම් හොඳ කෙනෙක්ද කියලා රම්‍යාගේ අම්මා දන්නවා වුණත් ඇන්ටනිගේ පුතාට එයාගේ දුවට බන්දලා දෙන්න කැමති වුණේ නැහැ. මේ සිද්දියෙන් හිතට වේදනාවක් ඇති වුණ මාර්ක් මත්පැන් පානය කරනවා. වෙරිමතින් රම්‍යාට කෝල් එකල් අරගෙන කතා කරන්න බැලුවත් බිල ගෙවපු නැති නිසා සම්බන්ධතාව විසන්ධි කරලා තිබුණා. කේන්තියෙන් ගරාජ් එකේ බඩු පෙරලන මාර්ක්ට අමුතු හැඩයේ ෆෝන් එකක් හොයාගන්න ලැබෙනවා. හරි සිහියක් නැති නිසා මේ ෆෝන් එකෙන් රම්‍යාගේ ගෙදරට කෝල් එකක් ගන්නවා. කෝල් එක අරගත්තෙ රම්‍යාගේ අම්මා. අඬා වැලපෙමින් රම්‍යාගේ අම්මට එයාව රම්‍යා එක්ක එකතු කරන්න කියලා අයදිනවා. රම්‍යා තවම 4 වසරේ ඉගෙන ගන්න ළමයෙක් කියලා රම්‍යාගේ අම්මා මාර්ක්ට හොඳටම බැනලා ෆෝන් එක තියනවා. ආයෙත් සැරයක් කෝල් එකක් ගත්තත් ඒ විදියටම කියලා බැන වදිනවා. මේක පටලැවිල්ලක් වෙලා තියෙද්දි, මාර්ක්ට මේ ෆෝන් එක ගැන උපදෙස් ලියලා තිබුණ පොතක් ලැබෙනවා. මේක කාලය තරණය කරන්න පුළුවන් ෆෝන් එකක්. කාල තරණය ගැන කියද්දිම මාර්ක්ට මතක් වුණේ එයාගේ තාත්තා ඇන්ටනිව. මාර්ක්ට එයාගේ තාත්තට හොඳට බනින්න උවමනා වෙලා තිබුණා. එහෙට මෙහෙට කෝල් කරලා කොහොම හරි ඇන්ටනිව සම්බන්ධ මරගෙන එයා එක්ක කතා කරනවා. ඒත් මාර්ක්, ඇන්ටනි ගැන හිතාගෙන හිටිය තරමට වඩා ගොඩක් දරුණුයි කියලා එදා දැනගත්තා. ඒ නිසා එයාගේ තාත්තා දාමරිකයෙක් වෙන්න හේතු වුන තත්වය වළක්වන්න හිතුවා. ඇන්ටනි හොඳ කෙනෙක් වුණොත් මාර්ක්ව සමාජයේ කොන් කිරීමකට ලක් වෙන්නෙ නැහැ. පුස්තකාලයෙන්, අහල පහල මිනිස්සුන්ගෙන් ඇන්ටනි ගැන විස්තර එකතු කරන්න ගත්තා. සෑහීමකට පත් වෙන්න පුළුවන් විස්තරයක් හොයාගන්න ලැබුණෙ නැහැ. ඒ වුණත් ඇන්ටනිට ජැකී ඇරෙන්න සමීප තවත් කෙනෙක් ගැන හොයාගන්න ලැබුණා. ඒ ඇන්ටනි වෙනුවෙන් නඩු කටයුතු වලට පෙනීසිටි නීතීඥ සෙල්වම්. ඒත් ඇන්ටනි මැරිලා කීප දවසකින්ම සෙල්වම් මැරිලා තිබුණා. සෙල්වම් මැරෙන්න මාස කීපයකට කලින්ම කෝල් එකක් අරගෙන ඉදිරි මාස කීපයේ සිදුවන සිදුවීම් ගැන කියනවා වගේම, ඔහුව මරණයෙන් බේරාගන්න අවවාද කරනවා. මාර්ක් ගැන විශ්වාසයක් තියෙනවා නම් දවසක් වෙලාවක් කියා(වර්ථමානය) මාර්ක්ව හමුවෙන්න එයාගේ ගරාජ් එකට එන්න කියලා ඉල්ලනවා. විනාඩි කීපයක් ගත වුණාට පස්සෙ නීතීඥ සෙල්වම් මාර්ක්ගේ ගරාජ් ඉදිරියෙන් මතුවෙනවා.

දෙමළ සිනමාවේ බිහි වූ විශිෂ්ඨම වාණිජ සිනමා චිත්‍රපටය Bassha (1995) චිත්‍රපටයයි. දෙමළ සිනමාවේ එතෙක් මෙතෙක් බිහි කළ විශිෂ්ඨම දුෂ්ඨයා මාර්ක් ඇන්ටනි. බාෂා චිත්‍රපටයේ මාර්ක් ඇන්ටනිට පණ දුන්නේ විශිෂ්ඨ නළු රඝුවරන්. මාර්ක් ඇන්ටනි චරිතය තමන්ව බලපවත්වමින් රඝුවරන් රඟපෑ බව බාෂා රජිණිකාන්ත් විසින් සඳහන් කරනවා. Bassha චිත්‍රපටයේ දෙවෙනි කොටසක් නිර්මාණය වීමට තිබූ එකම අවස්ථාවත් වැසී යන්නේ රඝුවරන්ගේ අභාවප්‍රාප්ත වීම නිසායි. “බාෂා ඉන්නවා, ඇන්ටනි කොහේද?” රජිණිගේ උත්තරය වුණේ ඒක.

මාර්ක් ඇන්ටනි නමින් නම් කරත් චිත්‍රපටයේ කතාවට බාෂා කතාව හෝ මාර්ක් ඇන්ටනිගේ චරිතයේ කිසිදු සම්බන්ධතාවයක් නැහැ. කොහොම වුණත් මාර්ක් ඇන්ටනි කතාවට Sardar (2022), Baba (2002), Sandakozhi (2005), Vikram (2022), Oke Oka Jeevitham (2022), Maanaadu (2021) කියන චිත්‍රපටවල ආභාෂය ලබගෙන තිබෙනවා. මේ අතරින් වඩා කැපී පෙනෙන්නේ සර්දාර් චිත්‍රපටයේ කතාව. මාර්ක් ඇන්ටනි චිත්‍රපටයේ විෂාල් ක්‍රිෂ්ණන්, SJ සූර්යා, රිතූ වර්මා, සුනිල් වර්මා, රෙඩින් කින්ග්ස්ලි, අභිනයා, සෙල්වරාඝවන්, නිළල්ගල් රවී, YG මහේන්ද්‍රන් යන අය රඟනවා. කාර්ති තම හඬින් මෙහි කතාව ඉදිරිපත් කරනවා.

පසුගිය මාසයේ නිකුත් වූ Jailer (2023) චිත්‍රපටයේ “Kaavaalaa” ගීතය මහත් ආකර්ෂණයට ලක් වුණා. ඒ වගේම මේ චිත්‍රපටියේ ට්‍රේලරයේ “Panju Mittai Selai Katti” ගීතයේ කොටස ට්‍රේලරයට වඩා උත්කර්ෂවත් නිමාවක් ලබා දුන්නා. ඉතින් ඒ කාවාලා සින්දුවේත්, මේ පංජු මිටායි සින්දුවෙත් දර්ශනයේදී දකින්න ලැබෙන්නෙ සුනිල්ව. සුනිල් Maaveeran (2023) චිත්‍රපටයෙන් කොලිවුඩයට ප්‍රවේශ වුණා. මේ මාස 3 ඇතුලත මාසයකට එක බැගින් සුනිල් රඟපෑ දෙමළ චිත්‍රපට 3ක්ම තිරගත වෙලා තියෙනවා. මීලඟට කාර්තිගේ Japan (2023) දෙමළ චිත්‍රපටයේත් Game Changer (2024), Guntur Kaaram (2024), Pushpa 2 : The Rule (2024) තෙළිඟු චිත්‍රපට වලද සුනිල් රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයට සංගීතය මුසු කරන්නේ GV ප්‍රකාෂ් කුමාර්. ප්‍රකාෂ්ගේ සංගීතය මේ චිත්‍රපටයේ මුදුන් නාරටිය බඳුයි. ට්‍රේලරය නිකුත් වීමත් එක්කම ප්‍රකාෂ් සංගීතයෙන් ලොකු වැඩ කොටසක් කරයි කියලා ප්‍රේක්ෂකයින් ඉහළ බලාපොරොත්තුවක් තබා ගත්තා. බලාපොරොත්තු සුන් වීමක් නම් වුණේ නැහැ, හිතපු විදියටම ප්‍රේක්ෂකයින්ට සංගීතයෙන් හිත පිරෙන්නම සංග්‍රහයක් ලැබුණා. මෑත කාලීනව චිත්‍රපටවලට පැරණි චිත්‍රපට ගීත යොදාගැනීම දකින්න පුළුවන්. ඒ ආකාරයට මෙහි “Panju Mittai Selai Katti”, Varuthu Varuthu Vilagu Vilagu”, “Adiye Manam Nilluna” යන ගීත තුන එකතු කරගෙන තියෙනවා.

ආදික් රවිචන්ද්‍රන් අධ්‍යක්ෂක වරයෙක් විදියට සිනමාවට අවතීර්ණ වෙන්නේ Thrisha Illana Nayanthara (2015) චිත්‍රපටයෙන්. වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි චිත්‍රපටියක් විදියට මේ චිත්‍රපටය නිකුත් කෙරුනා.(බ්‍රිතාන්‍යයේදී ඇර) ප්‍රකාෂ් කුමාර් ප්‍රධාන චරිතය රඟපෑවා. ඔහු විසින්ම ඊට සංගීතය ද සැපයුවා. ඉන් පසුව ආදික් Anbanavan Asaradhavan Adangadhavan (2017) චිත්‍රපටය අධ්‍යක්ෂණය කලා. මේ චිත්‍රපටයට යොමු වෙන්නේ Virgin Mappillai නම් චිත්‍රපටියකට යොමු වී සිටින අතරතුරදියි. මේ AAA චිත්‍රපටය බොහෝ ප්‍රශ්න මැද නිෂ්පාදනය වුණ චිත්‍රපටයක්. හේතුව සිලම්බරසන්ගේ නොහික්මුණ හැසිරීමත් විවිධාකාරයේ බධා කිරීමත් නිසායි. පළමු ෂෙඩූලයේදිම මේ පිළිබඳව චෝදනා ගොනු කෙරුණා. මාස දෙකක් යනතුරු නිළියක් එකඟ කර ගැනීමටද නොහැකි වුණා. සිලම්බරසන්ගේ ඉල්ලීමෙන් රූගත කිරීම් වෙනත් ප්‍රදේශයක් වෙත යනවා. මොකද සිලම්බරසන් මදුරෛ ඌෂ්ණ කාළගුණයට අකමැති වුණා. ඒ වුණත් තවදුරටත් සිම්බු රූගත කිරීම් ප්‍රතික්ෂේප කරමින් සිටියා. නියමිත කාලයට ෂෙඩූලය නිම කරගන්න බැරි වෙනවා. සිම්බු අසාධාරණ විදියට ශ්‍රියා සරන්ව මාරු කරන ලෙසටත් ඉල්ලනවා. ඉන් පසු රූගත කිරීම් ඩුබායි වෙතට මාරු කරනවා. ඒ වගේම සිම්බු තිර කතාවේ ඇති පරිදි සිරුරේ බර අඩු කරගන්නා බවටත් බොරු පොරොන්දු දෙනවා. දින 78ක ෂෙඩූලයකින් ඔහු රූගත කිරීම් වලට සහභාගි වී තිබුණේ දින 38ක් බව නිෂ්පාදක වරයා කියා සිටියා.

Adhirudha ගීතය අසල් කෝලාර් විසින් රචනා කර තිබෙනවා. DD Returns (2023) චිත්‍රපටයේ උපසිරැසි ලිපියේ අසල් කෝලාර් ගැන විස්තරයක් සඳහන් කරලා තියෙන නිසා ආයෙත් හඳුන්වලා දෙන්නෙ නැහැ. අධ්‍යක්ෂක ආදික් රවිචන්ද්‍රන් මෙහි “I Love You Di” ගීතය රචනා කර, ගායනා කර තිබෙනවා. චිත්‍රපටියේ කිසි තේරුමක් නැතිව “I Love You Di” ගීතය එක් කරලා තිබෙන බවක් දකින්න පුළුවන්. ඇත්තටම මේ සින්දුව චිත්‍රපටියට එක් කරන්න හේතුවක් වුණේ විෂාල්ගේ Enemy (2021) චිත්‍රපටයේ එන ‘Tum Tum’ සින්දුව ඉන්ස්ටග්‍රෑම් වැඩිම රීල්ස් ප්‍රමාණයක් නිකුත් වුණ දෙමළ ගීතය වීමයි.

“ආම්බල ආම්බල… ආහ් අහ් ආම්බල” පසුබිම් වාදනය එක්ක ජීප් එකේ උඩ පාවෙලා එන විෂාල්ට පහුගිය කාලය එතරම් හිතකර නැහැ. චිත්‍රපට කිහිපයක්ම නිකුත් වෙලා තිබුණත් අවුරුදු ගාණකින් විෂාල්ට සැළකිය යුතු තරමේ සාර්ථකත්වයක් ලැබුණේ නැහැ. Irumbu Thirai (2018) චිත්‍රපටිය විෂාල්ට දැවැන්ත සාර්ථකත්වයක් ලබා දුන්නා. ඉන් පස්සෙ විෂාල්ට ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය, හැකින් (Hacking) ගැන වඩා උනන්දුවක් ඇති වුණා. Chakra (2021) බැලූ බැල්මට irumbu Thirai එක සමාන තේමාවක් හා නිමාවක් සහිතයි. මේ චිත්‍රපටියටත් තාක්ෂණය, විද්‍යාව සම්බන්ධ තේමාවක් ඇතුලත්. මාර්ක් ඇන්ටනි රූගත කිරීම් අතරේදී විෂාල් අනතුරකටද ලක්වෙනවා. අවසන් ජවනිකාවේ දැවෙන ට්‍රක් රථය පාලනයෙන් ගිලිහී කඩාගෙන වදින වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වුණා. මේ ඒ අනතුරද කියන්න නම් දන්නෙ නැහැ. කොහොම වුණත් විෂාල් මේ සැප්තැම්බර් 15 නිකුත් වුණ මේ මාර්ක් ඇන්ටනිගෙන් ආයෙත් සාර්ථකත්වයක් අත්කර ගන්නවා. Thupparivaan 2 චිත්‍රපටය සහ Vishal 34 නමින් නම් කෙරුණු චිත්‍රපට ඉදිරියේදී පැමිණීමට නියමිතයි. තුප්පාරිවාලන් 2 චිත්‍රපටය පලමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කල මිස්කින් විසින් නොකරන බවත් විෂාල් විසින්ම එය අධ්‍යක්ෂණය කරන බවත් ඔහු විසින් සඳහන් කලා. මොකද මේ වෙද්දි විෂාල් හා මිස්කින් අතර මතභේදය දුරදිග ගොස් දෙදෙනා විරසකව තිබෙනවා. Vishal 34 චිත්‍රපටය Saamy (2003), Thaamirabharani (2007), Singam (2010) චිත්‍රපට අධ්‍යක්ෂණය කල හරි විසින් අධ්‍යක්ෂණය කරනවා. සංගීතය සපයන්නේ DSP හෙවත් දේවි ශ්‍රී ප්‍රසාද්. මීට පෙර හරි, විෂාල් රඟ පෑ Thaamirabharani (2007), Poojai (2014) චිත්‍රපට අධ්‍යක්ෂණය කලා.

රඟපෑමට ආසාවෙන් සිනමාවට පිවිසුණ SJ සූර්යා චිත්‍රපට කිහිපයක සුළු චරිත ඉදිරිපත් කරනවා. ඒත් ප්‍රධාන නළුවෙක් වෙන්න නම් බොහෝ කල් ගතවෙනවා කියලා සූර්යාට තේරුම් ගියා. ඒ නිසා විවිධ සම්බන්ධකම් මාර්ගයෙන් සූර්යා සිනමා අධ්‍යක්ෂණයට යොමු වෙනවා. කුළුඳුල් සිනමා නිර්මාණය විදියට Vaali (1999) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා. එය දින 270ක් පුරා තිරගත වෙමින් වාණිජමය සාර්ථකත්වයක් අත්කර ගත්තා. මීට සම්මාන කීපයක්ද හිමි වුණා. අජිත් කුමාර්, ජ්‍යෝතිකා රඟන මේ වාලි චිත්‍රපටයේ කතාවේ ඇතුලත් වෙන්නේ තම බාල නිවුන් සහෝදරයාගේ බිරිඳ ඉදිරියේ බාල සොහොයුරා ලෙසින් පෙනී සිටිමින් අයුතු වාසි ලබාගන්නට උත්සාහ කරන වැඩිමහල් සහෝදරයෙකුගේ කතාවක්. රාමායණයේ එන වාලි නම් මිත්‍යා පුරාවෘත්තය මීට ආභාෂය කරගෙන තියෙනවා. පසුව සූර්යා Kushi (2000) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබනවා. මේ චිත්‍රපටයද සාර්ථක අයුරින් තිරගත වූවා වගේම සම්මාන කිහිපයකට හිමිකම් පෑවා. ඒ විතරයි නෙවෙයි, Kushi නමින්ම තෙළිඟු, හින්දි භාෂා වලින් සූර්යා විසින්ම ප්‍රතිනිර්මාණය කරනු ලැබුවා. තෙළිඟු චිත්‍රපටයද අති සාර්ථක වුණා. ඒත් හින්දි චිත්‍රපටය ආදායම් වශයෙන් අසාර්ථක වුණා. සූර්යාගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය ලෙසින් New සහ Naani චිත්‍රපට සමාන්තරව අධ්‍යක්ෂණය කරනවා. මීට පාදක වන කතාව Big (1998) චිත්‍රපටයේ අනුවර්තනයක්. ප්‍රධාන චරිතය වෙනුවෙන් අජිත් කුමාර් යොදා ගැනීමට උත්සාහ කලත්, අජිත් ඒ වන විටත් තෝරාගෙන තිබූ චිත්‍රපට සමඟින් කාර්යබහුල වීම නිසා දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සූර්යා ඉදිරිපත් කරනවා. තෙළිඟු චිත්‍රපටයට මහේෂ් බාබු සම්බන්ධ කරගන්නවා. නිව් චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක් ලෙසින් වාරණ මණ්ඩලය නියම කලා. වාරණය කල කොටස් නැවතත් ඇතුලත් කිරීම සහ සහතිකකරණයට ඉදිරිපත් කිරීමේදී අසභ්‍ය දර්ශන සහිත ගීතයක් ඉදිරිපත් නොකිරීම වාරණ මණ්ඩලයේ සහතික කිරීම සම්බන්ධයෙන් කීප වතාවක්ම සූර්යාට අත්අඩංගුවට ගන්නවා. කොහොම වුණත් සූර්යා ආසාවෙන් හිටියා වගේම ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටයද ආදායම් වශයෙන් සාර්ථක වුණා. නානි චිත්‍රපටය අසාර්ථක වුණත් මහේෂ් බාබුගේ රංගන කුසලතා නිසාවෙන් ඔහුට ‘නානි’ කියන නම පටබැඳෙනවා. හතරවැනි සිනමා අධ්‍යක්ෂණය විදියට BF(Best Friend) නමින් චිත්‍රපටයක් තාවකාලිකව නම් කර වැඩ කටයුතු පටන් ගන්නවා. ඒත් මේ BF දෙශපාලනිකව පවා මතභේදයට තුඩු දුන්නා. මොකද සූර්යාගේ මීට පෙර චිත්‍රපට පිරික්සලා බලද්දි මේක Blue Film වෙන්නත් පුළුවන් කියලා. පස්සෙදි මේ BF, දෙමළ හෝඩියේ මුල් අකුරු දෙක A Aah විදියට මාරු කරනවා. මේකේ දිගුවක් විදියට Anbe Aruyire (2005) ලෙසට නම් කරනවා. නැවතත් අවුරුදු 10කට පසුව ඔහුගේ 5 වැනි සිනමා අධ්‍යක්ෂණය විදියට Isai (2015) චිත්‍රපටය නිර්මාණය කරනවා. 2004 සිටම මේ චිත්‍රපටය ආරම්භ කරන්නට උත්සාහ කලත් නොයෙක් කාරණා නිසා එම උත්සාහයන් ව්‍යර්ථ වුණා. මේ චිත්‍රපටයට The Truman Show (1998) චිත්‍රපටය අභාෂය ගෙන තිබෙනවා. තවද මෙහි ඒ.ආර්. රහුමාන් සහ ඉලෛයරාජා අතර සිදුවුණ සැබෑ සිදුවීම් ආභාෂය ලබා තිබෙනවා. මෙවර සූර්යා ඉසෛ(සංගීතය) චිත්‍රපටයෙන් සංගීතය අධ්‍යක්ෂණයට පිවිසෙනවා. මීට යහපත් ප්‍රතිචාර හිමිවුණා වගේම වාණිජමය වශයෙන් සාර්ථකත්වයක්ද අත්කර ගත්තා. මේ අතරතුරදි සූර්යා චිත්‍රපට කිහිපයකම ප්‍රධාන නොවන චරිත ද ඉදිරිපත් කලා. Iraivi චිත්‍රපටයේ අරුල් දාස් චරිතය සූර්යාගේ හොඳම රංගනයක් දැකගත හැකි චරිතයක්. පසුව සූර්යා Spyder (2017), Mersal (2017), Maanaadu (2021), Don (2022) චිත්‍රපටවල ප්‍රතිමල්ලව චරිත ඉදිරිපත් කරනවා. Nenjam Marappathillai (2021) චිත්‍රපටියේ සෙල්වරාඝවන් තමන්ගේ හිතින් හිතපු ආකරයටම සූර්යා චරිතයට ජීවය දුන්නා කියලයි කියන්නෙ. ඉදිරියේදී තිරගත වීමට නියමිත Jigarthanda Double X (2023), Game Changer (2024) සහ ධනුෂ්ගේ 50 චිත්‍රපටයේ සූර්යා රංගනයෙන් දායක වනවා.

චිත්‍රපටයේ වියෝ වූ නිළි සිල්ක් ස්මිතාව, වෙනත් නිළියක්ව යොදාගෙන මුහුණ CG මඟින් සැබෑ රූපය ලබාදෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් එය එතරම් සාර්ථක නැහැ. ඒ වගේම සිල්ක් ස්මිතාට කාමුකත්වය ඇවිස්සෙන ආකාරයේ කටහඬක් දී තිබුණත්, සැබෑ තත්වය ඊට වෙනස්. සැබෑම කාරණාව නම් එකල සිල්ක් ස්මිතා තම ලයාන්විත රංගනයෙන් පාළු වීමට තිබූ බොහෝ සිනමාශාලා දර්ශනවාර පිරවීමට හේතු වුණා. නළුවන් බෙදාගෙන කණ්ඩායම් බෙදුනත් ස්මිතාට බොහෝ පිරිමි ප්‍රේක්ෂකයින් සිල්ක්ගේ කණ්ඩායමට අයිතියි. සිල්ක් ස්මිතා නොහොත් විජයලක්ෂ්මි අසභ්‍ය දර්ශන, අඩ නිරුවත් දර්ශන රංගනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් නිළියක්. කුරිරු සමාජයක් මැද ජීවිතය ගෙනවිත් ඇයට මේ වෘත්තීය තෝරාගැනීමට සිදු වනවා. හරිහැටි ඉන්න හිටින්න තැනක් පවා නැතිව තියෙද්දි නළු විනු චක්‍රවර්ති ඇයට උපකාර කරනවා. අවසානයේ නොයෙක් තර්ජන, මානසික ආතතිය වැනි හේතු නිසාවෙන් ඇය 35 වියේදි සියදිවි නසාගන්නවා.

මේ චිත්‍රපටයට විචාරකයන්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ යහපත් ප්‍රතිචාර ලැබුණා. නිකුත් වූ දින ගෝලීය වශයෙන් ඉ.රු. කෝටි 12ක් පමණ හා දින5ක කාලයක් තුල ඉ.රු. කෝටි 62ක පමණ මුදලක් උපයා ගන්නවා. කෝටි 100 කඩයිම තව නොබෝ දිනකින් පසු කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP, HQ S-Print පිටපත් සඳහා ලබා දි ඇත.

26,216 downloadsDownload Mark-Antony-2023-1.zip161 KB

  • Cam පිටපත සඳහා උපසිරසි ලබාදුන් දිනය : 2023 සැප්තැම්බර් මස 22 වැනිදා.
  • HQ HDRIP පිටපත සඳහා උපසිරසි යාවත්කාලින කර Republished කල දිනය : 2023 ඔක්තොම්බර් මස 13 වැනිදා.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mark Antony (2023) Sinhala Subtitles, Mark Antony (2023) Sinhala Sub

Subtitles by

රවිඳු නවින්

Subtitles

26,216 downloadsDownload Subtitles161 KB

16 comments

  1. Sanjeewa Malith

    Thank u subtitles akata ❤❤

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවි ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  4. oshanda

    ammatasiri kolla thama weda neda ... jaya wewa

  5. oshanda

    niyamai malli thama weda neda .. jaya wewa

    1. Naveen Mbr

      බොහොම ස්තූතියි අයියේ!

  6. Kantha_DLA

    thanks for update saho ......

  7. දිලීප මධුෂාන්

    Thank uu අයියේ..ඔයාගේ සබ් නම් සුපිරියටම තියේ..

  8. Sandeep Madushan

    Thank you saho..

  9. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ඉක්මනින්ම අරගෙන ආවට
    ජය වේවා!

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  11. Kaviru madushanka

    Thanks for the sub

  12. Hashan

    Thanx for the sub.....!!

  13. jack

    ගැම්මක්

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P