යාළුවනේ..ඉතින් ඔන්න තව ෆිල්ම් එකක් ගෙනාවා.මේක පොඩ්ඩක් පරක්කු වුණා මොකද අපිට දැන් ඉස්කෝලෙ මිස්ලා සර්ලා Online class කරනවනේ. ඉතින් පට්ට ෆිලුමක් වුනත් කාගෙවත් ඇහැට වැටුන්නැති එකක් කිව්වොත් හරි.මොකද අවුරුදු තුනක් යනකනුත් උපසිරැසියක් හදලා නෑනෙ..ඉතින් කොහොම හරි කමක් නෑ ඔන්න දැන් ඒකත් ගෙනාවා.වැඩි කතා නැතු…

යාළුවනේ..ඉතින් ඔන්න තව ෆිල්ම් එකක් ගෙනාවා.මේක පොඩ්ඩක් පරක්කු වුණා මොකද අපිට දැන් ඉස්කෝලෙ මිස්ලා සර්ලා Online class කරනවනේ. ඉතින් පට්ට ෆිලුමක් වුනත් කාගෙවත් ඇහැට වැටුන්නැති එකක් කිව්වොත් හරි.මොකද අවුරුදු තුනක් යනකනුත් උපසිරැසියක් හදලා නෑනෙ..ඉතින් කොහොම හරි කමක් නෑ ඔන්න දැන් ඒකත් ගෙනාවා.වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු මොකද දැන් මම මේ ලිපිය ලියන්නේ. සබ් එක ඉවර කරපු ගමන්. හරියටම රෑ 1.43 ට.
ෆිල්ම් එක ගැන කිව්වොත් ඉතින් මේක පැය 1 යි විනාඩි 32 ක ධාවන කාලයක් තියන Comedy/Action කියන වර්ග වලට අයත් වෙන IMDb දර්ශකේ 4.1 ක් ගත්තු ෆිල්ම් එකක්.ආ..ඒ ටික ඉවරයි.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Simon West කියන අධ්‍යක්ෂකවරයා.අර බොක්සින් ගහන වෑන් ඩැම් අයියා, එතකොට අර Rambo ෆිල්ම් වල ඉන්න Sylvester Stallone අයියා. සොරි, මාමා එහෙම ඉන්න The Expendables 2 ෆිල්ම් එකත් මෙම අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ.එතකොට මේකෙ නළු නිළි පිරිස ගැන කිව්වොත්, ප්‍රධාන චරිතෙට පණ පොවන්නේ එදා මෙදා තුර Puss in Boots ෆිල්ම් එකේ මෙන්ම Shrek එකෙත් අර බූට් දාගෙන පිහාටුවක් තියන තොප්පියක් දාගෙන ඉන්න පූසාගේ චරිතෙටත් පණ දෙන Antonio Banderas.එයා The Expendables 3 එකට මෙන්ම Spy Kids ෆිල්ම් වලටත් රංගනයෙන් දායක වෙනවා.එතකොට මේකෙ වැඩ පෙන්නන රජ තුන කට්ටුවේ(තාම දන්නෙ නෑ.) අනිත් දෙන්නට රංගනයෙන් දායක වෙනවා. Aisling Loftus සහ Martin Dingle. එතකොට අපේ කතා වස්තුව ගොඩනැගෙන්නේ ප්‍රධාන චරිතෙගේ බිරිඳ සම්බන්ධයෙන් නෙ.එයාට රංගනයෙන් දායක වෙන්නේ, ඔයාල Johnny English Strikes Again බැලුවනම් මතක ඇති ඒකෙ මිස්. බුලෙතෝවට රංගනයෙන් ගායක වෙන ලස්සන අක්ක. Olga Kurylenko තමයි එයාගෙ නම.ඉතින් බලමුකෝ මෙච්චර වෙලා කියෙව්ව ෆිල්ම් එකේ.කතාව කොහොමද කියලා.
ප්‍රධාන චරිතේ Turk Henry , “Metal Assassin” කියන බෑන්ඩ් එකෙන් එලියට දාපු සාමාජිකයෙක්.එහෙම කලේ මෙයාට මෙයාගෙ ජීවන සහකාරියව හම්බුනු හින්දා.ඒ තමයි ශීලා.කොහොම හරි ටර්ක් බෑ කියන මතේ ඉන්නකොටම ශීලා ටර්ක් එක්ක බලෙන් ටර්ක්ගේ මව්රට වගේම එයා ආසම නැති රට වෙච්ච චිලී වලට ට්‍රිප් එකක් යනවා. ඉතින් කොහොම හරි ඔය ට්‍රිප් එක මැද්දෙදි ශීලාව පැහැරගන්නවා ස්වදේශිකයෝ විසින්.එයාල රස්සා වලින් එලියට දාපු දුප්පත් මාළු කාරයෝ.හොඳම වැඩේ කියන්නේ ඒ පැහැර ගත්ත කට්ටිය ටර්ක්ගේ නැත්තම් ශීලාගේ මහත්තයගේ හොඳම රසිකයෝ.එතකොට ඉතින් කතාව කොහොම එකක්ද කියලා පේනවනේ. මේ කිව්වා ඇති..ඉතුරු ටික ෆිල්ම් එක බලලම දැනගන්නකො.. ඈනුමක් යවන්නැතුව හිනා වෙවී බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි මේක.(හිනාව වැඩිවී ඇති වන ශරීර ආබාධ සඳහා වග කියනු නොලැබේ.)
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මට මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්න ඉඩ සලසා දුන්නු වෙබ් අඩවියේ සහෝදරයින්ට මම ස්තූති කරනවා.තාම මුල් ෆිල්ම් ටික හින්දා අඩු පාඩුත් ඇති.ඒවාට සමාවෙන්න ඕනේ.තව ඉල්ලීමක් තියනවා කරන්න.ඒ තමයි අඩුපාඩු,ප්‍රශංසා ඔය ඔක්කොම කියලා කමෙන්ට් එකක් දාන්න කියන එක.මොකද ඒක බැලුවාම තමයි අපේ අඩුපාඩු හදාගන්න වගේම තව උපසිරැසියක් කරන්න හයියත් අපිට ලැබෙන්නේ.තව එකක්..මේ ෆිල්ම් එක මම වැඩි වශයෙන් නිර්දේශ කරන්නේ චුට්ටක් ලොකු අයියලාටයි.ඉතින් ෆිල්ම් එක රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් සමු ගන්නවා. ඔබට සුබ දවසක් !!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,436 downloadsDownload Gun-Shy-2017.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
7 comments
හසිත මධුෂාන්
indika75
thanks..
Suranjan
Thanks jayawewa......!
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට ...
Pramukmili
Thanxxxxxx bro..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
satM
Supiri
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Gun Shy (2017) Sinhala Subtitles | සල්ලාල සංගීත..!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Gun-Shy-2017.jpg)
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!