ඔන්න යාළුවනේ IMDb 8.7 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන 2020 පෙබරවාරි මස 21 වන දින තිරගත වීම ආරම්භකරන ලද පැය 2 කුත් විනාඩි 04 පුරා දිවෙන Drama, Romance වර්ගීකරණයට අයත් දමිළ චිත්‍රපටයක්. කුලභේද නිසා ජීවිතවලට වන බලපෑම් කොහොමද කියන එකයි මේ කතාවෙන් කියවෙන්නේ. කොහොම වුණත් වෙන කතාවල වගේ සතුටුදායක අවසානයක් නම්…
ඔන්න යාළුවනේ IMDb 8.7 ක් වගේ ඉහළ අගයක් අරගෙන තියෙන 2020 පෙබරවාරි මස 21 වන දින තිරගත වීම ආරම්භකරන ලද පැය 2 කුත් විනාඩි 04 පුරා දිවෙන Drama, Romance වර්ගීකරණයට අයත් දමිළ චිත්‍රපටයක්. කුලභේද නිසා ජීවිතවලට වන බලපෑම් කොහොමද කියන එකයි මේ කතාවෙන් කියවෙන්නේ. කොහොම වුණත් වෙන කතාවල වගේ සතුටුදායක අවසානයක් නම් සිද්දවෙන්නෙ නෑ. කතාව ගැන කෙටිම විස්තරයක් කරන්නම්.
‘තන්තයි පෙරියාර්’ ත්‍රීරෝද රථ නැවතුමේ තමයි අන්බු,ශන්කර්,ස්ටෙලා ඇතුළු තවත් කීප දෙනෙක් ඔටෝ දාගෙන හයර් දුවමින් හිටියේ. ස්ටෙලා අන්බුට කැමැත්තෙන් පසු වුණත් අන්බු මේ ගැන වැඩි තැකීමක් කළේ නෑ කොහොම වුණත් මෙයාලගෙ ජීවිත සතුටින් ගෙවෙමින් පැවතුණා. ඔය අතරේ ගමෙන් පැනල ආපු දෙන්නෙක් මහ රෑ බස් එකෙන් බැහැල එනකොට අන්බු පැනල බෑග් අරගෙන ඔටෝ එකෙන් දාගෙන ගිහින් බස්සවන්න හැදුවත් ඒ ආපු ජෝඩුව කතීර් සහ මලර් කැමති වෙන්නෙ නෑ ඔටෝ එකේ යන්න. නමුත් හදිස්සියේම කතිර් බස් එකකට හැප්පෙන්න ගිහින් පොලීසියේ එක්කෙනෙක් ඉදල කියනව ඔටෝ එකකින් ගිහින් ඇරලවන්න කියල. කොහොමහරි අන්බුගෙ ඔටෝ එකේ යන්න වෙනවා. දවස් කීපයක් කතීර් රස්සාවක් හෙව්වත් හම්බවුණේ නෑ . ඔටෝ ස්ටෑන්ඩ් එකට එකට කෑම එකක් ගන්න ඇවිල්ල ඉන්න අතරේ අන්බු සහ ශන්කර් හම්බවෙලා කතාබහ කර කර ඉන්න අතරෙම එක පාරම කතීර් දුවල ගිහින් හැංගෙනවා. පස්සෙ හේතුව අහල බලද්දි කතීර් ගමෙන් පැනල එන්න හේතුව අන්බුටයි ශංකර්ටයි විස්තර කරනවා. පස්සෙ කට්ටියම බොහොම හිතවත් වෙලා කතීර්ට ෂෙඩ් එකක රස්සාවකුත් අන්බු සෙට් කරල දෙනවා. කට්ටියම ඔහොම සතුටින් ඉන්න අතරේ දවසක් අන්බු සහ ශංකර් එයාලගෙ ගම් වලට ගිහින් එන්න පිටත් වෙනවා. ඒ යන්න හදනකොට කතීර්ට කතා කරල මල්ලි මන් එනකන් මගේ බයික් එක පාවිච්චියට ගන්න රස්සාවට යන්න එන්න කියල ඇදුම් ගන්නත් සල්ලි ටිකක් අතට දීලා ඒ දෙන්නා ගමට පිටත් වෙනවා. කතීරුත් මලර් හැමදාම ගෙදර නිසා එයාවත් එක්කගෙන බයික් එකේ රවුමක් දාල ඇදුමකුත් අරන් දෙන්නම් කියල හිතාගෙන පිටත් වෙනවා. දෙන්න ගිහින් විනෝදෙන් සවාරියක් ගහන අතරේ කතීරුයි මලරුයි අනතුරකට ලක්වෙලා කතීර්ව රෝහලට ඇතුල් කලාට පස්සේ ජීවිතක්ෂයට පත් වෙනවා. එතන ඉදන් මලර්,අන්බු මුහුණ ඇතුළු අනෙකුත් අය ජීවිතයේ මුහුණ පාන්න වෙන සිදුවීම් දාමය ඔබට බාරයි…..
“කුලය මිනිසාව මරයි !”
“ආගම මිනිසාව තිරිසනෙක් කරයි!”
– තන්තයි පෙරියාර්.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත සඳහා අදාළ වේ.
4,749 downloadsDownload Kanni-Maadam-2020.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
9 comments
Tharindu Dilshan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabodha20
Sthuthi obata...
isuru srinath sjs
ස්තුතියි සහො සිංහල උපසිරැසියට ...!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
Dimuthu
Thanks saho sub ekata
Anonymous
බොහොම ස්තූතියි .
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Advertisement
Thanks bro....