ඉන්දීය සිනමාවේ දෙවියන්ගේ 72 වන උපන්දිනය වෙනුවෙන් උපන්දින තෑග්ග මේ විදියට Remastered කරලා නිකුත් කරනවා. වසර 20කට පසුව Remastered කර 4K ආකාරයෙන් නිකුත් කරනු ලැබූ මේ චිත්‍රපටය සුපර් හිට් එකක් විදියට ආදායම් වශයෙන් සාර්ථකත්වයක් අත් කර ගන්නවා. ඒ වුණත් බාබා 2002 වර්ෂයේදී අසාර්ථක චිත්‍රපටයක් විදියට නිමා වෙ…

ඉන්දීය සිනමාවේ දෙවියන්ගේ 72 වන උපන්දිනය වෙනුවෙන් උපන්දින තෑග්ග මේ විදියට Remastered කරලා නිකුත් කරනවා. වසර 20කට පසුව Remastered කර 4K ආකාරයෙන් නිකුත් කරනු ලැබූ මේ චිත්‍රපටය සුපර් හිට් එකක් විදියට ආදායම් වශයෙන් සාර්ථකත්වයක් අත් කර ගන්නවා. ඒ වුණත් බාබා 2002 වර්ෂයේදී අසාර්ථක චිත්‍රපටයක් විදියට නිමා වෙනවා.
බාබාගේ ඉපදීමම ආශ්චර්යයක්. ඒ වුණත් බාබා නිතරම අදේවවාදියකු විදියට හැසිරුණා. දෙවියන් විශ්වාස නොකරන බාබා, විශ්වාස කරන අයට මෝඩයෝ කියමින් උපහාසයට ගත්තා. මන්ත්‍ර, හාස්කම් ආදිය කිසිසේත්ම විශ්වාස කරේ නැහැ. ඒ වුණත් බාබාට හැම දෙවිකෙනෙකුගේම ආශිර්වාදය හිමි වුණා. බාබාටම ගැලපෙන යාළුවෝ කල්ලියකුත් එයා ගාවටම වෙලා හිටියා. ඇති තරම් ධනය තිබුණ නිසා බාබා රස්සාවක් නොකර යාළුවෝ එක්ක රස්තියාදුවෙ යන්න පුරුදු වෙලා හිටියා. බාබාගේ අදේවවදී අදහස්, දෙවියන්ව විහිලුවට ගැනීම වගේ දේවල් වලට බාබාගේ අම්මා තහංචි දැම්මේ නැහැ. බාබාව හොයාගෙන එන දේව ආශිර්වාද ගැන පුදුම වුණ ජෝතිශ්‍යකරුවෙක් අම්මාගෙන්, බාබාගේ කේන්දරය ඉල්ලාගෙන පරීක්ෂා කරනවා. කේන්දරය බලපු ජෝතිශ්‍යකාරයා බාබා ගැන සුබ ආරංචියකුත්, අසුබ ආරංචි කිහිපයකුත් කියනවා. ඔහු කියන විදියට බාබාට විවිධ කරදර වලට මුහුණ දීමට සිදුවනවා. යම් අවස්ථාවකදී බාබා මැරෙන්න පවා පුළුවන්. ඒ වගේම බාබාට කිසියම් පුද්ගලයෙක් හමුවන බවත් ජෝතිශ්‍යවේදියා අම්මාට දන්වනවා. බාබාගේ අම්මා මේ ගැනම හිතේ කරදරයකින් හිටියේ. ඔය අතරෙදි බාබා ආණ්ඩු පක්ෂයේ ඇමතියෙක් එක්ක ගැටීමක් ඇති කරගන්නවා. පලමු වතාවේ බාබාගේ යාළුවෙකුට ප්‍රශ්නයක් වුණ වෙලාවේ බාබා ඊට මැදිහත් වුණා. ඒ නිසා කේන්ති ගිය ඇමති කෙලින්ම බාබාට පහර දෙන්න ගත්තා. බාබා ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූවත් අම්මාගේ බලකිරිම නිසා ඇමති එක්ක ගැටීම නතර කර දැමූවා. ජෝතිශ්‍යවේදියා කියූ දේවල් මේ වෙද්දි සැබෑ වෙමින් පවතිනවා. බාබාගේ පවුල එන්න එන්නම කරදර වලට මුහුණ දෙන්න වුණා. ආදායම් මාර්ග අවහිර වුණා. දේපල, මුදල් නැතිවෙන්න ගත්තා. බාබා හරියට ඉගෙන ගත්තෙ නැති නිසා කරන්න තිබුණ රස්සාව විදියට කුලියට මුට්ට කරගහන්න තීරණය කරා. මෙහෙම කල් ගෙවෙද්දි, බාබාගේ ගෙදර ලඟම ගැවසුණ පිස්සා, බාබාව ඇදගෙන රහසිගත තැනකට ඒක්කගෙන ගියා. බාබා ඇතුලු වුණ තැන ගැන බාබාට හිතාගන්නත් බැහැ. ටිකක් දුර ඇවිදගෙන යද්දි දැනගන්නවා එයා ඉන්නේ හිමාල කඳු වැටියේ. එක තැනක සාධුවරු පිරිසක් වටවෙලා ඉන්නවා බාබා දකිනවා. මේ වෙලාවෙදි හාස්කමක් වගේ එක සැරේටම රූපයක් මතුවෙනවා. මේ රූපය අවුරුදු 2000කටත් වඩා හිමාලයේ වෙසෙන, තවමත් තරුණයි කියන බාබාජි. බාබා කුතුහලයකින් හිටියේ මේවා ඇත්තද, බොරුද කියලා හිතාගන්න බැරිව. බාබාජි, බාබාට ඔහුගේ පරීක්ෂණය ඇරඹෙන බව දන්වා සිටිනවා. මේ විදියට බාබාට, බාබාජි මන්තරයක් වාර 7ක් දෙනවා. බාබා නොදන්නවා වුණත් බබා මේ මන්තරය එයාගේ පෞද්ගලික තෘප්තියක් වෙනුවෙන් පාවිච්චි කලොතින් තවත් ආත්ම ගණනක් ඒ පව හඹා එනවා. බාබා එතැනින් පිටත් වුණා. ඇසිපිය ගහන සැනින් නැවතත් බාබා එයාගේ නිවෙස් ආසන්නයට ඇවිත් තිබුණා. බාබා දැක්කෙ බාබාජි කියලා විශ්වාස කරේම නැති තරම්. ඒ වුණත් ඒ මන්තරය හොඳට මතකේ තිබුණා. බාබා එයා දැක්කේ ඇත්තක්ද බොරුවක්ද කියලා පරීක්ෂා කරන්නත් එක්ක උඩ තිබුණ සරුංගලයක් එයාගේ අතට එන්න කියලා හිතන් පලවෙනි මන්තර වාරය කියලා බලනවා. ටික වෙලාවක් බලන් හිටියත් සරුංගලය හෙලවුණේ වත් නැහැ. එයා දැක්ක ඔක්කොම පිස්සෝ කියන් ආපහු ගෙදර යන්න ගියා. ගෙදර ගිහින් පුටුවකට ඇලවෙලා හාන්සියක් දාගෙන ඉද්දි බාබාට එයා මන්තරයෙන් ඉල්ලුව සරුංගලය එයාගේ ලඟට ඇවිත් තියෙනවා දැක්කා. මේක විශ්වාස කරන්න හිතුනත් බාබා දැඩිවම එයාගේ ස්ථාවරයේ හිටියා. කෝකටත් කියලා දෙවෙනි මන්තරයත් මතුරනවා. බාබා ඉස්සරහට මන්තර වලින් මොනවා ඉල්ලාවිද? බාබාට මේ මන්තර දෙන්න හේතුව මොකක්ද? බාබාගේ උපතේ රහස මොකක්ද?
දන්න දේ අහුරක්. නොදන්න දේ ලෝකයක්.
1990 – 2000 දක්වා දශකය ජයලලිතා හා රජිණිකාන්ත් අතර සටන වඩාත් තීවුර විදියට පැවතුන කාලයක්. තමිල්නාඩුවේ ඒකාධිපති පාලනයක් ගෙන ගිය “අම්මා” කියන නමින් ප්‍රචලිතව හිටි ජයලලිතාට විරුද්ධව කිසිම බලවේගයක් නැගී සිටියේ නැති වුණත් රජිණි කිසි බයක් නැතිවම එලිපිට, වේදිකා නැග ජයලලිතාගේ අකටයුතුකම් වලට විරුද්ධව හඬ නැගුවා. රජිණිකාන්ත් දේශපාලනයට පැමිණීම වෙනුවෙන් ඔහු වටේ සිටි අය රුකුල් දුන්නෙත් මේ නිසාවෙන්ම තමයි. එවැනිම ලෙසින් මේ චිත්‍රපටයේදීත් බාබා, සෘජුවම මහ ඇමති හා නොබියව මුහුණට මුහුණ සාකච්ඡා කිරීම්, අභියෝග කිරීම් දකින්න පුළුවන්. හරියට මහ ඇමති හා බාබා සමාන තරාතිරමක ඉන්න තරමටම. ඇත්තම කිව්වොත් රජිණිගේ සහය ලැබුණොත් ඒ කෙනාට මහ ඇමති වෙන්න පුළුවන් කියන තරම් බලයක් රජිණිට හිමි වෙලා තිබුණා. පැරණි පුවත්පත් වල පවා මේ ගැන පුවත් පළකර තිබුණා. රජිණිම කියන විදියට එයාව දේශපාලන මත ඉදිරිපත් කරන්න පෙළඹවීමක් දුන්නේ ඔහුගේ ගුරුතුමා ලෙස සලකන අධ්‍යක්ෂක කේ. බාලචන්දර් විසින්. තමන්ට භීෂ්මා සහ දෝණාචාර්ය දෙදෙනාම බාලචන්දර් බව ඔහු කියා තිබෙනවා.
රසිකයින්ගේ බලාපොරොත්තු තෘප්තිමත් කිරීමට අපොහොසත් වීමත්, ඒ කාලයේදී රජිණිට දේශපාලන තත්වය මත පැවති අවසි සහගත අවකාශයත් නිසා මේ චිත්‍රපටය ෆ්ලොප් එකක් වෙනවා. රූපවාහිනීය ඔස්සේ විකාශනය කිරීමෙන් නිවෙස් වලට වී සිටින ප්‍රේක්ෂකයින්ගෙන් බාබා කෙරෙහි මහත් ආකර්ෂණයක් හිමි වුණා. විශේෂයෙන්ම 2000 – 2010 දශකයේ ළමා කාලය ගතකල අයට මේක සෙන්ටිමෙන්ට් එකක්.
පඩයප්පා වගේ බ්ලොක්බස්ටර් එකකින් පස්සෙ ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වුණේ ඒ වගේම චිත්‍රපටයක් වුණත් ඒ බලාපොරොත්තු මේ බාබා චිත්‍රපටයෙන් තෘප්තිමත් කරන්න අසමත් වුණා. පඩයප්පා තනිකරම වාගේ ක්‍රියාදාම වලින් පිරි චිත්‍රපටයක් වුණත් බාබා ආධ්‍යාත්මිකත්වය පිළිබඳ චිත්‍රපටයක් නිසා ප්‍රේක්ෂකයින් සෑහීමකට පත් වුණේ නැහැ. බාබා අධි වියදම් චිත්‍රපටියක් විදියට නිෂ්පාදනය වුණා වගේම බෙදාහරින්නන්ට ඉ.රු. කෝටි 17ක් වැනි අධික මුදලකට විකුණුවා. චිත්‍රපටය ප්‍රේක්ෂකයින් අතර ක්‍රියා කලේ නැති නිසා බෙදාහැරීමේ ගාස්තු විදියට අධික ගණනක් යොදා මිලදී ගත් බෙදාහරින්නන්ට යොදවපු සල්ලි ආයේ ලැබෙයිද කියන එක ප්‍රශ්නයක් වුණා. ලැබුණ ආදායම් අනුව සිනමාශාලා හිමියන් තෘප්තිමත් වුණේ නැහැ. කොහොම වුණත් රජිණි බෙදාහරින්නන්ගේ අලාභ තමන් විසින්ම පියවනු ලැබුවා. වර්ථමානයේ මේ ආකරයෙන්ම පසුගිය වසරේදී නිකුත් වුණ ප්‍රින්ස් චිත්‍රපටයෙන් ඇති වූ අලාභය වෙනුවෙන් ශිවකාර්තිකෙයන් කෝටි 3කුත්, නිෂ්පාදන ආයතනයෙන් කෝටි 3කුත් විදියට ඉ. රු. කෝටි 6ක් සිනමාශාලා හිමියන්‍ට පියවා තිබෙනවා. රජිණිට දේශපාලනය ගැන උනන්දුවක් ඇති නිසාත් කවදද දේශපාලනයට එන්නෙ කියලා බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්න වලටත් පිළිතුරක් ලබා දෙන්නත් එක්කම තමයි මේ චිත්‍රපටය නිර්මාණය කෙරුණේ. 2002 වසරේදී වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වුණේද බාබායි. ඒ වගේම රජිණිගේ අසාර්ථක වූ Linga (2014) හා Darbar (2020) එම වසර වලදී වැඩිම ආදායම ලැබූ චිත්‍රපට වනවා.
“මම මැරෙනකල්ම සුපර් ස්ටාර් නෙවෙයි. ඒ ඒ කාලෙට වැඩිම හිට් දෙන, නිෂ්පාදක වරුන්ට ලාභයක් අරන් දෙන කෙනා තමයි සුපර් ස්ටාර්. මගේ චිත්‍රපටය එක්ක තමයි මගේ තරඟය, අනෙත් අයගේ චිත්‍රපටි එක්ක නෙවෙයි, මගේ චිත්‍රපටි තමයි මගේ තරඟකරුවෝ. මගේ තරඟය දැන් පඩයප්පා. මම පඩයප්පාට වඩා ලොකු හිට් එකක් දෙන්න ඕන.”
– රජිණිකාන්ත් සාමි චිත්‍රපටයේ දින 25 සැමරුම් උත්සවයේදී.
මේ විදියට රජිණි සහභාගි වෙන උත්සව වලදී චූටි කතාවක්(කුට්ටි කදෛ) කියන එක පුරුද්දක්.

මේ වනතුරුත් තමිල්නාඩුවේ වැඩිම පිරිසක් නැරඹීමට ගිය චිත්‍රපටය වන්නේ Padayappa (1999) චිත්‍රපටයි. එකල පඩයප්පා බොක්ස් ඔෆිස් ආදායම ඉ. රු. කෝටි 50 පසුකරනු ලැබූ මුල්ම චිත්‍රපටයයි. එය බාෂා තැබූ වාර්ථාවක් බිඳ හෙලීමක්. ඒ වගේම මේ පඩයප්පා චිත්‍රපටයේ රඟපෑමට යොදාගත් අලියා පඩයප්පා නමින් නම් කර තිබෙනවා. සුරේෂ් ක්‍රිෂ්ණා රජිණි වෙනුවෙන් Annaamalai (1992), Veera (1994), Baasha (1995) චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලැබුවා. අන්නාමලෛ, රජිණිව අල්ලන්නට බැරි තරම් ඉහලටම රැගෙන ගියා. මේ දශක දෙකක කාලයේදි Non-Rajini වාර්ථා පිහිටුවන්නට වෙනත් නළුවෙකුට හැකියාවක් හිමි වුණේ නැහැ. අන්නාමලෛ චිත්‍රපටය ගැන කරුණු දීර්ඝ විදියට විස්තර කරලා බයිස්කෝප් උපසිරැසි ලිපියේ දක්වලා තියෙනවා. බ්ලොක්බස්ටර් අධ්‍යක්ෂකවරයෙක් ලෙස සුරේෂ් ක්‍රිෂ්ණා රජිණි වෙනුවෙන් කරන හතරවැනි චිත්‍රපටය බාබා.
බාබා වෙනුවෙන් සංගීතය සැපයුවේ ඒ. ආර්. රහුමාන්. චිත්‍රපටයේ ගීත ඇල්බමයේ සෑම ගීතයක්ම වාගේ ජනප්‍රියත්වයට පත්ව සිත් ඇද බැඳගෙන තිබුණා. රහුමාන්ගේ මැජික් ස්ඵර්ශයෙන් ගීත බොහෝ රසවත් වෙලා තියෙනවා. ඒ වගේම දෙමළ සිනමාවේ(සමහරවිට ඉන්දීය සිනමාවෙන්ම වෙන්නත් පුළුවන්.) රැප් ගීතයක් තේමා ගීතය විදියට යොදාගනු ලැබුවේ ප්‍රථම වතාවටයි. රහුමාන්ගේ සංගීතයෙන් හැඩ වුණ ගීත ඇබ්බැහි වෙන සුලුයි. ඒ නිසා ප්‍රවේසමෙන්! “බාබා කිච්චු තා” ගීතයේ එන රජිණිගේ හදූ දෙන ශෛලිය විජේගේ Varisu (2023) චිත්‍රපටයේ රංජිතමේ ගීතයේ විජේගේ Flying Kiss Style විදියට යොදාගෙන තියෙනවා. මේ “කිච්චු තා” ගීතය හා “ඩිප්පු ඩිප්පු”, “ශක්ති කොඩු” ගීතයන් වෛරමුත්තු විසින් ද, “ඒකම් ඒවා අදිවිතේයම්”, “මායා මායා”, “රාජ්‍යමා ඉල්ලෛ ඉමයමා” ගීත වාලි විසින් රචනා කරලා තියෙනවා. බාබා රැප් ගීතය බ්ලේස් විසින් රචනා කර ගායනා කර තිබෙනවා. රහුමාන්, ඓශ්වර්යාගේ(අධ්‍යක්ෂක) Lal Salaam (2023) චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කරනවා. චිත්‍රපටයේ නිෂ්පාදන වැඩ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතිනවා. රජිණිකාන්ත් මෙහි දීර්ඝ කල විශේෂ පෙනීසිටීමක්(extended cameo) ඉදිරිපත් කරනවා. ක්‍රිකට් ක්‍රීඩාව පාදක කරගත් ලාල් සලාම් මේ වසරේදී නිකුත් කිරීමට සූදානම් බව Announcement පෝස්ටර් වල සඳහන් කර තිබුණා. ඓශ්වර්යා මීට පෙරදී Kochadaiiyaan (2014) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවා.
තෙළිඟු බසින් මහ අවතාර් බාබාජිට(බාබාට නෙවෙයි) හඬකැවීම කර තිබුණේ රජිණි විසින්මයි. රජිණිගේ තෙළිඟු බසින් හඬකවා නිකුත් කෙරෙන චිත්‍රපටවලට ඔහු හඬකැවීම් කරන්නේ නැහැ. ඒ බලද්දි මේක දුර්ලබ අවස්ථාවක්. බොහෝ වෙලාවට ගායක මනෝ සහ නළු සයිකුමාර් ඔහු වෙනුවෙන් තෙළිඟු බසින් හඬ ලබා දෙනවා.
ඉන්දියානු මයිකල් ජැක්සන්, ප්‍රභූ දේවා මෙහි එන “බාබා කිච්චු තා” ගීතයට නර්තන රචනා කර තිබෙනවා. ඒ වගේම රජිණිගේ ගෝලයා රාඝවා ලෝරන්ස් “මායා මායා” ගීතයට නර්තන රචනා කර තිබෙනවා. රජිණි රඟපෑ 2006 දී ආව Chandramukhi චිත්‍රපටයේ දෙවන කොටස් ප්‍රධාන චරිතයට රාඝවා ලෝරන්ස් රංගනයෙන් දායක වෙනවා.
බාබා චිත්‍රපටයේ කතාව සහ දෙබස් රචනා කරනු ලැබුවේ රජිණිකාන්ත් විසින්මයි. රජිණි කියන විදියට, රජිණි රූගත කිරීම් හාවෙනත් ගමන් යන අතරතුරේදී ගුවන්තොටුපලේදී, කඩවල්වල, වගේ තැන් කිහිපයකදීම එයාගේ ඇස් පොතක් ගැන යොමු වෙලා තිබිලා තියෙනවා. ඒ පොතේ පිට කවරයේ කෙනෙකුගෙ රූපයක් තිබිලා තියෙනවා. හිතට වද දුන්න නිසාම ගුවන් තොටුපලකදී මේ පොත මිලදීගන්නවා. ඒත් ඒ පොත ඉංග්‍රීසියෙන් තිබුණ නිසා කියවන්නෙ නැහැ. රජිණිට ඉංග්‍රීසි බැරි නිසා ඒ පොත එයාගේ පුස්තාකාලයෙන් තබනවා. පඩයප්පා අති සාර්ථකත්වයට පත් වීමත් එක්ක තවත් චිත්‍රපටි නොකරන්න තීරණයක් ගෙන තියෙනවා. ඉස්සරහටත් රඟපානවද නැද්ද කියලා එයා ගුරු කෙනෙකුගෙන් උපදෙසක් ඉල්ලනවා. ගුරු රජිණිට හිත සැහැල්ලු කරගන්න, පැටලිලි සහගත තත්වය මඟහැරගන්න ගුරූගේ ඇමරිකාවේ ආශ්‍රමයට එන්න කියනවා. මේ ගමන යද්දි අර පොතත් අරගෙන යනවා. ආශ්‍රමයේ හිටිය කාලයේදි විවේක වෙලාවට මේ පොත කියවලා තියෙනවා. මේ පොතේ තියෙන්නෙ හිමාලයේ අදටත් ජීවමානව සිටින බාබාජි ගැනයි. ඒ විදියට පොත කියවගෙන යද්දි බාබාජි ගැන මහත් පුදුයට පත් වෙනවා. බාබාජි ගැන වශී වූ රජිණිගේ හිතේ මැවුණ දේවල් තමයි බාබා චිත්‍රපටයට ඇතුලත් කරලා තියෙන්නෙ. ඇත්තටම රජිණි ආධ්‍යාත්මිකත්වයට බොහෝ නැඹුරු පුදගලයෙක්. රාඝවේන්ද්‍රාගේ අනුගාමිකයෙක්. රජිණිගේ වෘත්තිය ජීවිතයේ සියවැනි චිත්‍රපටය වූයේත් රාඝවේන්ද්‍රා වෙනුවෙන් පිදූ Sri Raghavendrar (1985) චිත්‍රපටයයි. සියවැනි චිත්‍රපටය විදියට රාඝවේන්ද්‍රර් ගැන චිත්‍රපටයක් කිරීමට තිබුණ අදහස නිසාවෙන් කේ. බාලචන්දර්ගෙන් උපදෙසක් පතනවා. ඒ අනුව කේ. බාලචන්දර්ගේ කවිතාලයා ප්‍රඩක්ෂන් විසින් ඊට නිෂ්පාදන දායකත්වය ලබා දෙනවා. විචාරකයන්ගේද පවා යහපත් ප්‍රතිචාර ලැබුවත් ආදායම් වශයෙන් මේ චිත්‍රපටය අසාර්ථක වුණා. විශේෂයෙන්ම රජිණිගේ කුසලතාවයන් වෙනුවෙන් ප්‍රශංසා කිරීම් ලැබුණා.ඒ වගේම මේ චිත්‍රපටය බදු වලින් නිදහස් කෙරුණා. ඉන් හොඳම නළුවාට හිමි සම්මාන දෙකක්ම රජිණිට හිමිවුණා. යෝගා, මුද්‍රා ගැන දැඩි විශ්වායක් රජිණිට තියෙනවා. චිත්‍රපටවල රඟපාද්දි වගේම පොටෝ වලට පෙනි සිටියදී පවා නිතරම අතේ ග්‍යාන් මුද්‍රාව තබා ගනිමින් දකින්න පුළුවන්.
ජපානයෙන් රජිණිට විශාල වශයෙන් ඇති වූ අනුගාමික රසික බලපෑම නිසාම මේ චිත්‍රපටයට ගෛකෝ නම් ජපන් ජාතික තරුණියක් ඇතුලත් කරගෙන තියෙනවා. Muthu (1994) චිත්‍රපටයෙන් රජිණිට ජපානයේ ලොකු මාකට් එකක් හැදුණා. Metal Gear, Snatcher, Zone of Enders, Death Stranding වගේ පරිඝණක ක්‍රීඩාවල නිර්මාපකයෙකු, රචකයෙකු වූ හයිඩියෝ කොජිමා, ඉන්දියානු චිත්‍රපට නැරඹීමට ආරම්භ කලේ ජපානයේදීද තිරගත වූ රජිණිගේ මුත්තු චිත්‍රපටයෙන් බව ට්විට්ටර් හි සඳහන් කර තිබුණා.

“පට්ටාලි මක්කල් කට්චි” පක්ෂයේ රාමදාස් නම් දේශපාලඥයා රජිණි චිත්‍රපටයේදී බීඩි පානය කිරීම උලුප්පා දක්වමින් තරුණයින්ට එය නරක ආදර්ශයක් ලබා දෙන බවත් පවසමින් විවේචනය කරා. ඔහුගේ පක්ෂ සාමාජිකයින් බාබා තිරගත වූ සිනමාශාලා වලට පහර දීමටත්, චිත්‍රපටයේ ෆිල්ම් රෝල පැහැර ගැනීමටත් කටයුතු කලා. රජිණි රංගනයෙන් ඈත්ව සිටීමට පවා තීරණය කලා. පසුව නවක අධ්‍යක්ෂකවරුන් ඔහුට කතා පිටපත් ඉදිරිපත් කලත් සියල්ලම ප්‍රතික්ෂේප කලා. 2021දී ජයි භීම් චිත්‍රපටයේ කැලැන්ඩරයෙන් ඇති වුණ කුලයන් පිළිබඳ මතභේදය ඇති වුණේ මේ රාමදාස්ගේ පුතා වන අන්බුමනි රාමදාස්ගේ ප්‍රකාෂයකින්.
මේ වෙද්දි නම් රජිණි දේශපාලනය කරන්න එන්නෙ නැහැ කියලා තහවුරු කරලම කියලා තියෙනවා. බාබාගෙන් පස්සෙ රජිණි චිත්‍රපටවල දුම් පානය ඇතුලත් දර්ශනවල රඟපෑමෙන් වැළකුණා. අජිත්ට Vivegam (2017), විජේට Sura (2010) Beast (2022) වගේ, තර්කානුකූල නොවන දර්ශන නිසාවෙන් රජිණිගේ සිනමා දිවියේ බාබා ට්‍රෝල් මැටීරියල් චිත්‍රපටියක් වුණා.
• 2022 නැවත නිකුත් කිරීම.
රජිණි Remastered වර්ෂන් එක වෙනුවෙන් නැවත හඬකැවීම් කරනු ලැබුවා. අවසන් ජවනිකාවද වෙනස් කර, හඬකැවීම් කර වෙනස් අවසානයක් ලබා දී තිබුණා. අනවශ්‍ය යැයි හැඟුණු කොටස් කිහිපයක්ම කපා ඉවත් කරලා තියෙනවා. මුල් චිත්‍රපටයේ ධාවන කාලය පැය 2 යි විනාඩි 58ක්. Re Release පිටපතේ ධාවන කාලය පැය 2යි විනාඩි 28ක්. පැය භාගයක පමණ කොටසක් කපා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම බීඩී, දුම්කොළ භාවිතා කරන දර්ශන සීමා කල බවත් කියනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක රහුමාන් ද චිත්‍රපටයේ නව සංස්කරණය අනුව වර්තමානයට ගැලපෙන පරිදි සංගීතය යාවත්කාලීන කර නැවුම් බවක් එක් කරනු ලැබුවා. ස්වර්ණවාහිනී අධිපති අල්ලිරාජා සුබාස්කරන්ගේ ලයිකා ප්‍රඩක්ෂන් නිෂ්පාදන ආයතනය මේ නැවත නිකුත් කිරීම විදේශීය රටවල් වල බෙදාහැරීම වෙනුවෙන් දායකත්වය සපයනවා.
නිකුත් වුණ පලමු දිනයේදී ආදායම විදියට ඉ. රු. කෝටි 1.4ක් එකතු කරගනු ලැබුවා. පලමු සතිය තුලදී ඉ. රු. කෝටි 4 – 6 ත් අතර ප්‍රමාණයක් ආදායම ලැබුවා. ප්‍රංශයේ නැවත නිකුත් කිරීමක් සිද්ද වුණ දෙමළ චිත්‍රපටි අතරින් බාබා චිත්‍රපටයේ ආදායම් වාර්ථාවද බිඳ දමනු ලැබුවා. නැවත නිකුත් කරනු ලැබූ දෙමළ චිත්‍රපට අතරින් බාෂා තවමත් පලමු තැන රැඳී ඉද්දී, බාබා දෙවන ස්ථානයට පත් වෙනවා. චෙන්නායි වල ප්‍රමුඛ පෙළේ සිනමාශාලාවක් වන රෝහිණී සිල්වර් ස්ක්‍රීන් හි බාබා වෙනුවෙන් ටිකට්පත් 10,000ක් පලමු සතිය තුලදී අලෙවි වූ බව නිල වශයෙන් දැනුම් දුන්නා. එය එම සිනමාශාලාවේ සතියක් ඇතුලත මෙතෙක් චිත්‍රපටයකින් අලෙවි වූ වැඩිම ටිකට්පත් සංඛ්‍යාවයි. රෝහිණී සිනමාශාලාව එහි ඇති නඩත්තුව හා කළමනාකරණය නිසාම සිනමා රසිකයින් අතර ප්‍රසිද්ධයි.
මේ වෙද්දි චිත්‍රපට නැවත නිකුත් කිරීම ට්‍රෙන්ඩ් එකක් බාබා එක්කම පටන් අරගෙන තියෙනවා. පවන් කල්‍යාන්ගේ Kushi (2001), මහේෂ් බාබුගේ Okkadu (2003), අල්ලු අර්ජුන්ගේ Desamuduru (2007) චිත්‍රපටි 4K විදියට නැවත නිකුත් කිරීමට සූදානම් වෙනවා. (මේ වෙද්දි කුෂි නිකුත් වෙලා තියෙන්නෙ.)
සන් පික්චර්ස් නිෂ්පාදනය කරන, නෙල්සන් අධ්‍යක්ෂණය කරන Jailer (2023) චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් මස 14 දා නිකුත් කිරීමට දින යොදාගෙන තිබෙනවා. Darbar (2020) සහ Annaatthe (2021) චිත්‍රපට රජිණිගේ මීට පෙර චිත්‍රපටි මෙන් බොක්ස් ඔෆිස් එකේ සුපුරුදු විදියට ආදායම් වශයෙන් ක්‍රියා කලේ නැහැ. මීලඟ චිත්‍රපටය ජේලර් හි අධ්‍යක්ෂක වන නෙල්සන්ව, විජේ රසිකයින් පළු අරින අවස්ථාවකදී ජේලර් ඇත්තටම ඔහුට අභියෝගයක්. Thalaivar 169 නමින් නිකුත් කල Announcement වීඩියෝව මෙතෙක් නිකුත්කල සියලුම චිත්‍රපට නිවේදන වීඩියෝ නැරඹුම් වාර සංඛ්‍යා පසුකර වැඩිම අගයක් ලබා තියෙනවා. මේ වෙද්දි එහි නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 9.6ක්. ජේලර් වෙනුවෙන් සංගීතය සපයන්නේ රොක් ස්ටාර් අනිරුද්. ආදරණීය නීලාම්බරී, රම්‍යා ක්‍රිෂ්ණන්, කන්නඩ නළු ශිවරාජ්කුමාර්, වසන්ත් රවී, මලයාලම් නළු විනායකන් යන අය දැනට ලැබුණ තොරතුරු අනුව ජේලර් හි චරිත මවනවා. රෙඩින් කිංග්ස්ලි, යෝගි බාබු දෙන්නත් ඇති කියලා අනුමාන කරන්න පුළුවන්.
පසුගිය දෙසැම්බර් 12 දා ජේලර් හි රජිණිගේ චරිතය මුතුවේල් පාන්ඩියන්ව වීඩියෝවක් නිකුත් කරමින් හඳුන්වා දුන්නා. බලාපොරොත්තු වූ තරමට නොවෙන සාමාන්‍ය මට්ටමේ වීඩියෝ පටයක් තමයි නිකුත් කරලා තිබුණේ. ඒ නිසාම චිත්‍රපටිය ඇතුලේ නෙල්සන් මොන මොන දේවල් කරාවිද කියලා කුතුහලයක් ඇති කරනවා.
මේ වෙද්දි නම් මේ නැවත නිකුත් කිරීම කරපු Remastered වර්ෂන් එක කිසිම මාධ්‍යයකින් නිකුත් කිරීමක් වෙලා නැහැ. මේ උපසිරැසිය පරණ පිටපතකට තමයි ලබා දීලා තියෙන්නෙ. Remastered පිටපත ලැබුණ ඉක්මනින් උපසිරැසිය යාවත්කාලීන කරන්නම්. එහෙනම් ඉතින් තවත් උපසිරැසියකින් හමුවෙන්නම්! අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ DVDRip පිටපත සඳහා අදාළ වේ.
2,797 downloadsDownload Baba-2002.zip7.2 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
- #A.R. Rahman
- #Editor's Pick
- #Indian Box Office Hits
- #Manisha Koirala
- #MaxxA
- #Must Watch
- #Rajinikanth
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #Suresh Krishna
- #You Decide
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
Kantha_DLA
Μάγος για πάρτυ
Thanks for the information contained in this
Ravindu_Heshan
බොහොම ස්තූති මල්ලි
Naveen Mbr
ස්තූතියි අයියේ!
Kushan
Sub akta thanks
Samith
Thanks brother
dulan
ස්තුතියි !
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Pramux
සබ් එකට තැන්ක්ස්
මේ ෆිලුමේ කොපිය කොලිටිදNaveen Mbr
දැනට තිබුණ පැහැදිලි කොපියකට සබ් එක හැදුවේ. Remastered එක ලඟදිම දේවි. එතකොට අප්ඩේට් එකක් දෙන්නම්.
Lasantharathnasirirox
බොහෝම ස්තූතීයී සහෝ..ජයවේවා.
Anonymous
Thanks for sub
Buddhika Lakmal (laKMal)
හම්මෝ බං ඒ ලිපිය...
ලිපියට තෑන්ක්ස් මචං.. ඒ වගේම සබටත්..
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Naveen Mbr
ගොඩක් ස්තූතියි!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!