විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ…

විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ නැහැ. මේ වෙනකොට ගාන්ධි කසාද බැඳලා අවුරුදු හයක් වෙනවා. විවාහයෙන් පස්සෙ ගාන්ධිට රාජසේකර්ගෙ පවුලෙ අයත් එක්ක ආශ්‍රයෙන් ටිකක් ඈත් වෙන්න වුණා. දවසක් ගාන්ධිගේ රැකියා ස්ථායේත් ප්‍රධානියා වුණ රාජසේකර්ව අත්අඩංගුවට ගත්තා කියලා ආරංචියක් ලැබුණා. මේ අස්සෙදි රාජසේකර්ට ආරක්ෂිතව තියන්න කිව්ව රු. කෝටි දහ දාහක් ගැන ස්වදේශ කටයුතු ඇමතිතුමා ගාන්ධිගෙන් අහනවා. ගාන්ධි හීනෙකින්වත් හිතුව දෙයක් නෙවෙයි රාජසේකර් මහත්තයා හොර ගනුදෙනුව කරනවා කියන එක. ඒ වගේම ඇමති ගාන්ධිට තර්ජනය කරන්නත් ගත්තා. ගාන්ධි රාජසේකර්ව මුණගැහෙන්න ගිහින් මේ ගැන එයාගෙන් ඇහුවත් උත්තර දෙන්න කැමති වෙන්නෙ නැහැ. ගාන්ධි පොලිස් ස්තානයෙන් පිටවෙලා යද්දි කල්ලියක් ගාන්ධිව අල්ලගන්නවා. ගාන්ධිගෙ පවුලෙ අයවත් ඒ අය ප්‍රාණ ඇපයට අරගෙන තිබුණේ. ඩේවිඩ් කියන මේ පුද්ගලයටත් ඕනේ වෙලා තිබුණේ රු. කෝටි දහදාහම තමයි. රාජසේකර් සල්ලි කොහෙද හැංගුවෙ කියලා කියනකල් ගාන්ධිගෙ පවුල අතාරින්නෙ නැහැ කියලා ඩේවිඩ් කිව්වා. සල්ලි හොයාගත්තම මුලින්ම ඩේවිඩ්ට කියන්න ඕනේ කියන පොරොන්දුව පිට ගාන්ධිට එතනින් යන්න දෙනවා. ගෙදරට ගිහින් බැලුවහම පොලිස් නිලධාරියෙක් ඒ කෝටි දහදාහම හොයාගෙන ඇවිත්. එයාත් සල්ලි ගැන මුලින්ම එයාට කියන්න කියලා බල කරනවා. කොහොම හරි ගාන්ධි රාජසේකර් පෙන්වපු  රහස් සංඥාවකින් සල්ලි තියෙන තැන හොයා ගන්නවා. ගාන්ධි මුලින්ම රාජසේකර්ගෙ පවුලේ අයව බේරගන්න ඕනේ නිසා සල්ලි ගැන මුලින්ම ඇමතිතුමාට කියනවා. දෙවැනියට ඩේවිට සල්ලි ගැන කියලා තමන්ගෙ පවුල බේරගන්න හිතවා. කොහොමින් හරි ඇමතිගෙ සල්ලි ඩේවිඩ් කොල්ල කනවා. මේ ඔක්කොම දිහා ගාන්ධි අසරණව බලාගෙන හිටියා. ඩේවිඩ්ගෙන් ගාන්ධි, තමන්ගෙ පවුලෙ අයව, තමන්ව නිදහස් කරන්න කියලා ඉල්ලනවා. ඩේවිඩ් පොරොන්දු වුණ විදිහට ගාන්ධිගෙ පවුලෙ අයව අතහරිනවා. ඒත් ගාන්ධිව අතහරින මුවාවෙන් ගාන්ධිව මරලා දාන්න ඩේවිඩ් ලෑස්ති වුණේ. මේක වාසනාවකට වගේ ගාන්ධට දකින්න පුළුවන් වුණා. ගාන්ධි එතැනින් පැනගෙන ගෙදරට යනවා. ගෙදර ඒ වෙනකොටත් ඩේවිඩ්ගෙ මිනිස්සු ඇවිත් හිටියා. ඒ වෙනකොටත් පවුලේ සාමාජිකයින් එකින් එක මරාගෙන යන ගමන් හිටියේ. ගාන්ධි ඇරෙන්න ඉතිරි වෙලා ගිටිය ගාන්ධිගෙ දුව එතනින් පැනලා ගිහින් තිබුණා. පහුවදා ගාන්ධි මේ මිනීමැරුම් වලට චූදිතයා කරමින්  ගාන්ධිව අත්අඩංගුවට ගන්නවා…. මේක කතාව පටන් ගන්න විදිහ ගැන පොඩි සාරංශයක් විතරයි. ඇත්තටම ගාන්ධිට මේ මිනීමැරුම් තමන් කලේ නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් වේවිද? ගාන්ධිගෙ පවුලෙ අය ඇත්තටම මැරුණද?

රවි තේජා නැත්නම් ආදරේට කියන ‘රවන්නා’ Vikramarkudu (2006), Kick (2009) Dubai Seenu (2007), Amma Nanna O Tamila Ammai (2003) වගේ ප්‍රසිද්ධ චිත්‍රපටකම රඟපාලා තියෙනවා. කිසිම විදිහෙ උදව්වක් නැතිව තමන්ගෙ උත්සාහයෙන් ඉදිරියටම ආව නළුවෙක් තමයි රවන්නා. රවි තේජාට වෙනත් නළුවන්ගේ රසිකයින් පවා ආදරය කරනවා. වෛර කරන්නන් නැහැයි කියන්න බැරි වුණත් අවම ප්‍රමාණයකින් තමයි ඉන්නෙ. පසුගිය කාලයේ රවි තේජා බොහෝ පසුබෑමකට ලක් වුණා. කවුරුවත් සාර්ථක වෙන්න ඕනේ කියලා හිතන නළුවෙක් වුණ රවි තේජාට මෙහෙම අසීරු කාලයක් වුණ එක දුක හිතෙන දෙයක්. කොහොම හරි කාගෙත් බලාපොරොත්තුව යථාර්ථයක් කරමින් 2021දි Krack (2021) චිත්‍රපටයෙන් ආයෙමත් රවන්නා සාර්ථකත්වයට පත් වෙනවා. නිරෝධායන නීති රීති මැද්දෙ නිකුත් වුණ මේ චිත්‍රපටය ඉ. රු. කෝටි 70 පමණ බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්නවා. රවි තේජාගේ වෘත්තීය ජීවිතයේ වැඩිම බොක්ස් ඔෆිස් ආදයමක් ලැබුණෙත් ක්‍රැක් චිත්‍රපටයටයි. ක්‍රැක් නිකුත් වුණෙත් බොහෝම කරදර ජංජාල, දර්ශන වාර අවලංගු වීම් මැද්දේ. කොහොම වුණත් සුපර් හිට් එකකින් පස්සෙ රවන්න තෝර ගත්ත කතාව තමයි කිලාඩි. කිලාඩි චිත්‍රපටයේ අධ්‍යක්ෂ රවී වර්මා මීට කලින් රවි තේජාගේ Veera (2011) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවා. Psychological Thriller කාණ්ඩයට අයත් හොඳම චිත්‍රපට‍යක් වන Ratsasan (2018) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය Rakshasudu (2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේද රවි වර්මා විසින්.

කොහොම වුණත් දුර්වල තිර රචනය, ආඛ්‍යානය නිසා කිලාඩි රවි තේජාගේ නිරූපන දක්ෂතාවයට වත් DSPගේ ආකර්ෂණීය සංගීතයට වත් මේ චිත්‍රපටය බේරාගන්න බැරි වුණා. රවි තේජාගේ පරණ චිත්‍රපටිවල දකින්න ලැබුණ කොටස් කිහිපයක්ම මෙයට ඇතුලත් කර තිබුණා. ඇක්ෂන් කින්ග් අර්ජුන් සර්ජාට මේ චිත්‍රපටයේ වැදගත් කොටසක් හිමි වේවි කියලා හිතුවත්, අර්ජුන්ට නිසි ඉඩකඩක් හෝ චරිතයක් ලැබී තිබුණෙ නැහැ. දක්ෂ නළුවෙක්ගෙ හැකියාව අපතේ දැමීමක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. Kick (2009) චිත්‍රපටයේ ෂාම්ගේ චරිතය මේ චිත්‍රපටයෙදි අර්ජුන්ට හිලවු කරලා දීලා තියෙනවා. ඩිම්පල් හයාති, මීනාක්ෂි චවුද්‍රි දෙදෙනාගේ චරිත ගොඩක් දුරට චරිතවලට සාධාරණයක් ඉටු කලා. මේ හැරුණුකොට රාඕ රමේෂ්, අනුසුයා බරද්වරාජ්, මුරලි ෂර්මා, වෙනිලා ක්‍රිෂෝර්, මුකේෂ් රිෂී යන අයගෙ නම් විතරක් කියන්න පුළුවන්. ඒ වගේම මළයාලම් සිනමාවෙන් ගෙනවිත් තිබුණ උන්නි මුකුන්දන්වත් මතක් කරන්න පුළුවන්.

කිලාඩි හින්දි භාෂාවෙන් ද හඬ කවා තිරගත කරනු ලැබුවා. මේ චිත්‍රපටයට විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාර පමණයි ලබාගන්න පුළුවන් වුණේ. DSP එකම රාමුවෙ හිර වෙලා හිටියත් මෙහි එන ගීත සියල්ලම පාහේ හිට් වෙලා තිබුණා. පසුබිම් සංගීතයත් ඉතාමත් ආකර්ෂණීය විදිහට DSP සපයා තියෙනවා. මේ චිත්‍රපටිය රවි තේජාගේ රංගනය වෙනුවෙන් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් චිත්‍රපටියක්. රවන්නගේ රාමා රාඕ ඔන් ඩියුටි ළඟදීම OTT ඔස්සේ නිකුත් වීමට තිබෙනවා. ඒ වගේම අතේ තවත් චිත්‍රපටි කීපයකුත් තියාගෙන ඉන්නවා.

මේ චිත්‍රපටියත් ඇවිත් ටික දවවක් වුණත් කරන්න කවුරුවත්ම හිටියෙ නැහැ. තෙළිඟු චිත්‍රපටි කරන සහෝදරයින් දෙන්නත් මේ දවස්වල කාර්යබහුල වෙලා. ඉතින් මම බලලා අරගෙන කරන්න ගත්තා. මේක ඉල්ලලා කීප දෙනෙක් බලාගෙන හිටිය නිසා පරක්කු නොකර මට පුළුවන් ඉක්මනින්ම මේක කරලා දැම්මා. තවත් මොනවද ඉතින්… වෙනදා වගේම අදහස් දක්වන හැමෝටමත්, බයිස්කෝප් හැමෝටමත් ස්තූතියි! පුළුවන් ඉක්මනින්ම තවත් උපසිරැසියකින් මුණ ගැහෙන්නම්.

බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත සඳහා අදාළ වේ.

11,137 downloadsDownload Khiladi-2022.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,137 downloadsDownload Subtitles74 KB

35 comments

  1. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. Anonymous

    Thanks for sub

  3. Gayan

    බොහොමත්ම ස්තුතියි

  4. Mihiran

    රවිදු නවින් එල කොල්ලෙක්නෙ බන්
    දිගටම මෙහෙම සබ් දෙමු
    ජය වේවා

  5. Kushan

    Sub akta thanks

  6. Anonymous

    Patta

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Gotabaya

    Thanks putha.

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. Naveen

    උපසිරසියට තුති

  11. Lakindu

    මේක දුන්නට ස්තුතියි අනේ ප්‍රභාස්ගේ එක ඔයාලා කරනවද ?
    ඔයාලගෙන් ඒක ආපු ගමන් එයි කියලා බලාපොරොත්තු වෙනවා.. ස්තූතියි 2009 ඉඳලා තාමත් අපිට සබ් දෙනවට
    ( ප්‍රභාස්ගේ එකත් ඕනේ.. ආදරෙයි )

  12. Lakindu R

    මේක දුන්නට ස්තුතියි අනේ ප්‍රභාස්ගේ එක ඔයාලා කරනවද ?
    ඔයාලගෙන් ඒක ආපු ගමන් එයි කියලා බලාපොරොත්තු වෙනවා.. ස්තූතියි 2009 ඉඳලා තාමත් අපිට සබ් දෙනවට
    ( ප්‍රභාස්ගේ එකත් ඕනේ.. ආදරෙයි ) ❤

  13. Samith

    Thanks brother

  14. Anonymous

    Digtma telugu demu

  15. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. dulan

    ස්තුතියි !

  17. Anonymous

    තෑන්ක්ස් වේවා

  18. Anonymous

    SALUTE sub plz

  19. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  20. supun

    super sharanya සබ් එක දෙන්නකෝ

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. Anonymous

    Bohoma sthuthiyi saho

  23. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  24. bunny

    Thanks buddy

  25. Dineth de silva

    Thanks brother

  26. Anonymous

    Salute (2022)
    Aarattu (2022) Malayalam film walata sub denna plz

  27. Udaya Fdo

    Thank you

  28. Anonymous

    තෑම්ක්ස් කොම්ලෝ ❤

  29. harsha

    ඇයි අනෙ දැන් මලයාලම් දෙන්නේ නැත්තේ??
    සුපිරිම මලයාලම් නලුවෝ දෙන්නෙක්ගේ ෆිල්ම් ඇවිල්ලා තියෙද්දිත් තාම නැහැනෙ
    එහෙම කරන්න එපා,මලයාලම් වල තියෙන්නේ අමුතුම රහක්

    1. Naveen Mbr

      මලයාලම් කරන අය කාර්‍යබහුල වෙලා අනේ. :-(

  30. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  31. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි රවිඳු සහෝදරයා සිංහලට..ඔබට ජය..බුදු සරණයි ..!!!

  32. Naveen Mbr

    හැමෝටම ස්තූතියි! ;-) ;-) ;-)

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.