Watch Trailer

Iqbal (2005) Sinhala subtitles | ඉක්බාල්ගේ ක්‍රිකට් සිහිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ දහ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේ පාරත් අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්… 2005 දී තිරගත වුණු Iqbal කියන සලරුව තමා මේ පාර මම අරගෙන ආවේ. ඉක්බාල් චිත්‍රපටයේ, කතාව, තිරරචනය, අධ්‍යක්ෂණය කියන තුනම නාගේෂ් කුකුනූර්ගේ, නාගේෂ් චිත්‍රපටි රැසක් අධ්‍යක්ෂණය කරපු එක්කෙනෙක්… ඔහු එකකට එකක් වෙනස් නිර්මාණ තම…

ඔන්න මගේ දහ තුන්වෙනි උපසිරැසියත් අරගෙන ආවා. මේ පාරත් අරගෙන ආවේ හින්දි චිත්‍රපටයක්… 2005 දී තිරගත වුණු Iqbal කියන සලරුව තමා මේ පාර මම අරගෙන ආවේ.

ඉක්බාල් චිත්‍රපටයේ, කතාව, තිරරචනය, අධ්‍යක්ෂණය කියන තුනම නාගේෂ් කුකුනූර්ගේ, නාගේෂ් චිත්‍රපටි රැසක් අධ්‍යක්ෂණය කරපු එක්කෙනෙක්… ඔහු එකකට එකක් වෙනස් නිර්මාණ තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටි කිහිපයක් තමා, 3 Deewarein(2003), 8×10 Tasveer(2009), Aashayein(2010), Lakshmi(2014), Dhanak(2016) කියන්නේ. ඉක්බාල් නිෂ්පාදනය කරන්නේ තවත් අධ්‍යක්ෂකවරයෙක් වන සුභාෂ් ගයි විසින්. මේ චිත්‍රපටය ස්පෝර්ට්ස් සහ ඩ්‍රාමා කියන කාණ්ඩයට තමා අයත් වෙන්නේ, IMDb දර්ශකයේ 14,150කට අධික ප්‍රේක්ෂකයන්ගේ මනාපයෙන් 8.1ක අගයක් ලබාගෙන IMDb හොඳම ඉන්දියානු චිත්‍රපට 250 අතර 66වෙනි තැන ලබාගෙන තියෙනවා.

මෙහි ඉක්බාල් ලෙස ප්‍රධාන රංගන දායකත්වය මුසු කරන්නේ ශ්‍රේයාස් තල්පඩේ විසින්… ඒ කිව්වේ ඕම් ශාන්ති ඕම් එකේ ෂාරුක්ගේ යාළුවට හිටපු පොර. ඊට අමතරව නස්රුදීන් ෂා, ගිරිෂ් කර්නාද්, රංගනයේ නිරත වෙනවා, මෙහි ශ්වේතා බාසු ප්‍රසාද් කියන ළමා නිළිය ඉක්බාල්ගේ නැගණිය ලෙස ප්‍රේක්ෂකයාට මතක හිටින රංගනයක නිරත වෙනවා. ඇය තමා Makdee(2002) චිත්‍රපටයේ කළ ළමා චරිතයට හොඳම ළමා නිළියට හිමි සම්මානය හිමි කරගන්නේ ජාතික ඉන්දියානු සිනමා උළලේදී. පසුකාලෙක චන්ද්‍ර නන්දිනී කියන ඉන්දියන් ටෙලි කතාවේ නන්දිනිට රඟපෑවේත් ඇයමයි.

කතාව ගැන කෙටියෙන් කිව්වොත්, මේක ක්‍රිකට් කතාවක්… ඒ කිව්වේ Victory(2009) වගේ කතාවක් නෙවෙයි. එක්තරා ගමක ඉක්බාල් කියලා තරුණයෙක් ඉන්නවා, ඔහු ගොළු වගේම බිහිරි පුද්ගලයෙක්, ඔහු සහජයෙන්ම පන්දු යවන්න දක්ෂයෙක්, ඒත් ගොවියෙකු වුණු ඔහුගේ පියා ක්‍රිකට්වලට තදින්ම විරුද්ධයි. ඔහු වගේම ඔහුගේ නැගණියගේ සිහිනය ඔහු ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරනු දැකීමයි… ඉතිං ඒක කරගන්න පුළුවන්ද, ඒ කොහොමද කියන එක තමයි තියෙන්නේ, චිත්‍රපටය ප්‍රේක්ෂකයාට දැනෙන විදිහට හදලා තියෙනවා… මම කතාව ඉදිරිපත් කලාට වඩා හොඳයි කියන එක IMDb අගයෙන්ම සනාත වෙනවා.

ඉතිං උපසිරැසිය බාගෙන යන ගමන්, අදහසකුත් පල කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරගෙනම මමත් ගිහින් ආයෙත් උපසිරැසියකින්ම මුණගැහෙන්නම්.

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා ගැළපේ.

2,210 downloadsDownload Iqbal-2005.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

2,210 downloadsDownload Subtitles36 KB

14 comments

  1. Hashan M. Priyadarshana

    Thank you machan sub ekata...
    Jaya wewa!

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Thilina Jayarathna

    scooby doo aluth ekak avillooooooooooo

    Scooby Doo and the Curse of the 13th Ghost [2019] [720p] [WEB-DL] [575MB] [EWORLD]

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  5. Nirosh C

    ස්තුතියි සිසි.ජයවේවා!

  6. Kulanjana Maduranga

    subata thanks

  7. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  8. Athula

    Thanks ...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති සහෝ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  11. madhurakma

    පට්ට film එක sub එකට thanks

  12. Kasun Danuka

    Thank YOU!!!

  13. Su

    Thanks saho sub ekata..:)

  14. Nidi

    අපූරුයි සිසිත, හරිම අපූරුයි!
    ලස්සන ෆිලුමක්. හරිම සංවේදී ෆිල්ම් එකක්.
    ඔයා නියමෙට සබ්ස් දීලා.
    ගොඩක් ස්තුතියි!