මේක ආදර කතාවක්.. මතකද Fanaa සහ Hum Tum හින්දි චිත්‍රපටි දෙක.. ඒ දැවැන්ත චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු.. කුනාල් කෝලි තෙලුගු සිනමාවට ඇවිදින්.. තෙලුගු සිනමාවේ කොහිනූර් දියමන්තිය.. තමන්නා ඇවිත් ඔන්න ආයෙත් ටොලිවුඩ් වෙත.. 2018 වසරේ දෙසැම්බර් 7 වැනිදා නිකුත් වුනු, ආදර කථාවන් කැටගරියට අයිති තවත් ලස්සනම ලස්…

මේක ආදර කතාවක්..
මතකද Fanaa සහ Hum Tum හින්දි චිත්‍රපටි දෙක..
ඒ දැවැන්ත චිත්‍රපටි දෙක අධ්‍යක්ෂණය කරපු..
කුනාල් කෝලි තෙලුගු සිනමාවට ඇවිදින්..
තෙලුගු සිනමාවේ කොහිනූර් දියමන්තිය..
තමන්නා ඇවිත් ඔන්න ආයෙත් ටොලිවුඩ් වෙත..2018 වසරේ දෙසැම්බර් 7 වැනිදා නිකුත් වුනු, ආදර කථාවන් කැටගරියට අයිති තවත් ලස්සනම ලස්සන සලරුවක් අරගෙන බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නයි මේ සූදානම. කස්ටිය තමන්නගේ ෆිල්ම් එකක් බැලුවේ නෑ නේද කාලෙකින්. ඔන්න එනවා කාලයක් කාගේත් ක්‍රෂ් එක වෙලා හිටිය තමන්නා ඔයාලගේ තිරය මතට. තමන්නාට නම් පහුගිය කාලය එච්චර හොඳ කලදසාවක් ගෙවුනේ නෑ, බාහුබලි චිත්‍රපටය ඇරෙන්න අනෙක්වට එතරම් සාර්ථකත්වයක් දක්වන්න බැරි උනා. Sketch චිත්‍රපටයේත් තමන්නාට ප්‍රේක්ෂක සිත් වසඟ කරගත හැකි රංගනයක නිරත වෙන්න හැකි වුනේ නෑ. බාහුබලි චිත්‍රපටයේ පවා ඇය රංගනයේ නිරත වූයේ අවන්තිකා එහෙමත් නැත්නම් රණශුරිණියකගේ චරිතයක් නිසා තමන්නාගේ සුපුරුදු රොමැන්ටික් රංගනය ප්‍රේක්ෂකයින්හට දැකගැනීමට නොහැකි වූවා. (තමන්නාව දන්නේ නැත්නම් Rachcha, Badrinath, Endukante… Premanta!, Rebel, Aagadu, Oopiri සහ බාහුබලි චිත්‍රපටි දෙක බැලුවනම් මේ සූකිරි කැටේ බලාගන්න පුළුවන්.. ඔය චිත්‍රපටි දෙක තුනක් විතරයි. තව සෑහෙන්න ලිස්ට් එකක් තියෙනවා. දන්නෝ දනිති. 😉)
කුනාල් කෝලි තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. කුනාල් කෝලි කියන්නේ බොලිවුඩයේ දැවැන්ත නිර්මාණයන් දෙකක් වන Fanaa සහ Hum Tum චිත්‍රපටි යුගලය අධ්‍යක්ෂණය කරපු වැඩකාරයා. ඉතින් මේ මහත්තයා තෙලුගු සිනමාවට පිවිසෙන්න පලවෙනි වතාවට. විශේෂත්වය කියන්නේ මේ චිත්‍රපටියේ සියලුම රූගත කිරීම් පැය විසිහතරක් එහෙමත් නැත්නම් දවසක් ඇතුලත කරා කියල තමයි ආරංචිය තියෙන්නේ.When Harry Met Sally.. කියන ඇමරිකානු චිත්‍රපටිය පාදක කරගෙන තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. තමන්නාට අමතරව එයා එක්ක ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සුදීප් කිෂාන් විසින්.
මේක හරිම සරල කතාවක්. නමුත් මේකෙන් කියවෙන දේවල් හරිම සංකීර්ණයි. තේරුම් ගන්න ටිකක් අමාරුයි. බෝරින් ගතියක් එහෙමත් දැනේවි සමහරෙක්ට. නමුත් නවීන පරම්පරාවේ අය නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. IMDB අගය 6.3/10 ක්ම තියෙනවා. නමුත් විචාරක ප්‍රසාදය (Critic reviews) නම් මහ ලොකුවට නෑ. එහෙම වෙන්න ඇත්තේ මේක ෆනා හම්තුම් තරම් දැවැන්ත අයුරින් නිර්මාණය නොකළ ලද්දක් නිසා වෙන්න ඇති කියලයි මගේ නම් අදහස. නමුත් සමස්තයක් වශයෙන් ආදරය කරන අයට, ආදරය කරන්න ඉන්න අයට, සහ ආදරය අහිමි වෙලා තවත් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලන්න වටින හොඳ චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්.
කතාව යන්නේ චරිත තුනක් මත. සංජු, ටැමී, ක්‍රිෂ්, මෙයාලා වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. ටැමී කියන්නේ සැබෑ ආදරයක් හොයන නවීන පන්නයේ සුරූපී තරුණියක්. සංජු කියන්නේ සෙල්ලක්කාර සාමාන්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න තරුණයෙක්. ඒ වගේම ක්‍රිෂ් කියන්නේ ආදරේ සම්බන්ධව අමිහිරි අතීතයක් තියෙන දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ඉතින් මේ තුන්දෙනා වටා ගෙතුණු මේ කතාව හැමෝටම නරඹන්න කියල ආරාධනා කර සිටින ගමන් අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි චිත්‍රපටිය සෙට් වෙන එකක් නෑ කියල සැකයක් තියේ නම් කෝකටත් කියල ට්‍රේලර් එක එහෙම බලලා තව ටිකක් චිත්‍රපටිය ගැන හොයලා චිත්‍රපටිය අරගන්න කියල ඉල්ලා හිටිනවා. මොකද මං දන්නවා හැමෝටම මේක සෙට් වෙන එකක් නෑ. ස්වල්ප පිරිසකට මේ චිත්‍රපටිය අල්ලන්නේ නෑ කියල මං දන්නවා. ඒ හින්දයි අවංකවම කියන්නේ ට්‍රේලර් එක එහෙම බලලා, චිත්‍රපටිය ගන්නවද නැද්ද කියල තීරණය කරන්න කියල. නැත්නම් අන්තිමේ මටයි බනින්නේ ටෝක්ස් දීලා ඇඟේ ගැහුවා කියලා. අවසාන වශයෙන් කියන්න ඕන මේ චිත්‍රපටිය සඳහා හොඳ කොපියක් එක්කල සබ් එකක් පහුගිය දවසක නිකුත් උනත් ඒ නිකුත් වුනු සබ් එක සෑහෙන්න අඩුපාඩු වලින් යුක්ත එකක් වූවා. චිත්‍රපටියේ ඇති දෙබස් වචන දෙකෙන් තුනෙන් ඉංග්‍රීසි වාක්‍ය විදිහට හදල තමයි ඒ සබ් එකේ සටහන් කරලා තිබුනේ. ඉතින් බොහොම අමාරුවෙන් තමයි චිත්‍රපටියේ කියන දෙබසුත් අහගෙන සෑහෙන්න අමාරුවෙන් ගලපලා වැඩේ ගොඩ දාගත්තේ. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියේ කතා කරන දේවල් ගොඩක් සංකීර්ණ දෙබස් වලින් යුක්තයි. නිකුත් වී තිබු ඉංග්‍රීසි උපසිරැසිය ප්‍රමාණවත් නොවුවත් සියලුම දෙබස් සඳහා උපරිම සාධාරණය ඉටු කරන්නට සෑම විටම උත්සහ ගත්තා. ගීතයක හෝ දෙකක උපසිරැසි නම් පරිවර්තනය කිරීමට හැකි මට්ටමක තිබුනේ නෑ. එසේ අතිශයින්ම අපහසු අවස්ථාවකදී හැර අනික් සියලුම ගීත උපසිරැසි ගන්වා ඇති. ඉතින් සමස්තයක් වශයෙන් උපසිරසියේ යම් යම් අඩුපාඩු පැවතියහොත් ඒ පිළිබඳ සමාවෙන්න කියල ඉල්ලනවා..
එහෙනම් කැපෙන්න වෙලාව හරි. යන්න කලින් කියන්නෝන මං මේ අවුරුද්දේ බයිස්කෝප් එකට අරන් එන පලවෙනි උපසිරැසිය නිසා ලැබුවා වු 2019 වසර සාර්ථක නව වසරක් වෙන්න කියල බයිස්කෝප් වාසි ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කර සිටිනවා. දශකයක් පුරාවට බයිස්කෝප් අඩවිය එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වසරේදීත් සිනමාවට සහ ටෙලි කතා අවකාශයට නිකුත් වෙන්නට නියමිත නිර්මාණ සියල්ලම හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න අපේ කණ්ඩායම නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ හැමදේම සාර්ථකව කරගන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සැමටත් හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
12,725 downloadsDownload Next-Enti-2018-1.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
51 comments
Prabodha Madhusankha Hettiarachchi
PavinduAvishka
Sub Ekata Thanks..baiscopedownloads eke links upload wela nanee..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!shaneesha
සබට ස්තුතියි වැඩි කලක් නොගෙන දුන්නා
Veera Bhoga Vasantha Rayalu (2018)
60 Vayadu Maaniram (2018)
Nela Ticket (2018)
මේ වටත් ඉක්මනින් දෙමු ....maikee
සුපිරි තැන්ක්ස් සබට
Nilush Angana
Sub ekata thanx
tharukagayashan5
sub ekata thanks saho.jayen jaya
Aac3
Elama.. sub ekata godak sthuthi... digatama me wage sub denna brooo... jaya wewa !!!
Eranda Malith 2.0
Thanks mcn
snak
thanks sahoo
thanks bro
Kulanjana Maduranga
patta ahhh,,,bamak thama,,,subata thanks saho...keep it up...
harshani11112
ස්තුති සහො...
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
what is your next..? When do it..?
Ayesh Prashan
Thank You
damith_janaranjana
Thanks bro
IsuruF
Thankz bro
sooriyapatabadige
Thanks for sub .... ( Athidi 2007) mahesh babuge film eka dennako please.....!!!!!!!!!!!!????????????????##########
IndunilN
බොහොම ස්තුතියි සබ් එකට සහෝ,
lahiru sadaruvan
thank you so much bro
Deshani
thank you
dush135
ela
Anuradha Rathnasiri
Thanks
eshan92
superb thank u bro
Eranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..MudithaDissanayaka
thanks "tharawa""
sub ekatachathurangi93
lassana film1k wagee. Thankz for the sub. Ela
tharindu.tdk
Lady tiger (2019) එකටත් සබ් දෙන්නකෝ
Udaya Saman
බොහොම ස්තූතියි සබ් එකට තාරක නුවන් සොයුර..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
N_R
Thanks.
KeethFranc
Thanks
Chamod Kaushal
Thanks....Digatama karagena yanna......
prasakr
bohoma sthuthi sub ekata jayawewa
TharakaWAS
Subata Thanks bro...
Jaya wewa...!!!ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා..
කවුරු හරි ගේනකල් ඉඳලා බලන්නෝන.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!nish47
thanks bro
Lasantharathnasirirox
ගැම්ම තාරක.. ..මහන්සියට බොහෝම ස්තුතියි....!!
sublove
bohoma sthuthi me sub ekata
ස්තුතියි
rohanahe
ඔන්න සහෝ උපසිරැය නම් ගත්තා...Thanks......
ramenabeysingha
Thanx bro
Sandaru
Thanks for sub.good luck bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!MAALnath
Thanks ..............good luck .......................
Rukshan37
Ela ela
Bama_Boy
thank you!
avishka360
Thanks Bro
Anusha rathnayake
thanks brooo suppa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Godak sthuthi broo sub ekata.....