” ඩෝව්න්, ගින්නක් ඇතිවුනා “ ” ඔයා ඒකට හිර වුණා.” ” ඔයා මැරුණා.” “මේ අළු ටික විතරයි ඔයාගෙන් ඉතිරි වුණේ.” “ඒක ඇත්ත නෙවේ.” “ඒක ඇත්ත.ඔයා පණපිටින් පිච්චුනා” තේරුමක් නැති කතාවක් නේද? මැරුණු කෙනෙක්ට නම කියලා ඔයා මැරුණා කියලා කියන එක.ඒත් මේ චිත්‍රපටියට අනුව නම්, ඔහොම කියන එක ගොඩක් සාමාන්‍ය දෙයක්.ඉතින් ඒක අ…
” ඩෝව්න්, ගින්නක් ඇතිවුනා “
” ඔයා ඒකට හිර වුණා.”
” ඔයා මැරුණා.”
“මේ අළු ටික විතරයි ඔයාගෙන් ඉතිරි වුණේ.”
“ඒක ඇත්ත නෙවේ.”
“ඒක ඇත්ත.ඔයා පණපිටින් පිච්චුනා”
තේරුමක් නැති කතාවක් නේද? මැරුණු කෙනෙක්ට නම කියලා ඔයා මැරුණා කියලා කියන එක.ඒත් මේ චිත්‍රපටියට අනුව නම්, ඔහොම කියන එක ගොඩක් සාමාන්‍ය දෙයක්.ඉතින් ඒක අපි පස්සේ බලමුකෝ.ඔන්න ඔය විදියට මම මගේ පස්වෙනි උපසිරැසියත් ගෙනාවේ.ඉතින් කොහොම කොහොම හරි වෙන වෙන වැඩත් එක්ක මේකත් කරන්න ඕන හින්දා දැන් රෑටත් නිදාගන්න එකත් නවත්තලා තියෙන්නේ.හරි හරි ෆිල්ම් එක ගැන කියන්න කලින් මම ෆිල්ම් එක ගැන මගේ අදහස කියන්නම්කො.මේක නම් පට්ට ෆිල්ම් එකක් නෙවෙයි.මේක හිතට වදින ෆිල්ම් එකක්.එහෙනම් ඉතින් දැන් ෆිල්ම් එක ගැන බලන්න කලින් කියන්න ඕනා වෙන කාරණාවක් තියෙනවා.ඒකෙන් ලේසි වෙයි මේ ෆිල්ම් එක ගැන තේරුම් ගන්න එක.ඒ තමයි ක්ලෝනීකරණය.
මොකක්ද මේ ක්ලෝනීකරණය ? ගොඩක් අය දන්නේ ෆොටෝකොපි මැෂින් එකකින් කොපි කරගෙන යනවා වගේ මනුස්සයෙක් අරගෙන කොපි කරගෙන කොපි කරගෙන යන එක කියලා.ඒත් ඇත්තටම මොකක්ද මේ ක්ලෝනීකරණය කියන්නේ.සරලවම නම් DNA වල තියන සැකැස්ම අනුව ඒවගේ ගබඩා වෙන දත්ත, ඒ කිව්වේ අපි ඉපදෙද්දී අපිට අම්මගෙන් තාත්තාගෙන් ලැබෙන ලක්ෂණ වගේ දේවල් ඒ විදියටම අරගෙන ඒක කලලයක ස්වරූපයෙන් වැඩෙන්න හැරීමයි.එතකොට අර ගත්තු DNA එකේ තියන තොරතුරු ඒක ගත්තු කෙනාගේ තොරතුරු වලට හරියටම සමාන වෙන නිසා අර ලක්ෂණ සහිතම තවත් කෙනෙක් ඇති වෙනවා.අපි ඉපදෙනකොට අම්මගේ වර්ණදේහ වලින් අම්මගේ ලක්ෂණයි, තාත්තගේ වර්ණදේහ වලින් තාත්තගේ ලක්ෂණයි අපිට ලැබෙනවා.එතකොට අපි අම්මගෙයි තාත්තගෙයි දෙන්නගෙම ලක්ෂණ සම සමව මිශ්‍ර වුණු කෙනෙක්.ඉතින් හිතන්නකෝ අපිට අම්මගේ ලක්ෂණ නොලැබී තාත්තාගේ ලක්ෂණ විතරක් ලැබෙනවා කියලා.එතකොට අපේ ජානයි තාත්තගේ ජානයි හරියටම සමානයි.ඒ කියන්නේ අපේ ලක්ෂණයි තාත්තගේ ලක්ෂණයි සමානයි.අන්න ඒ වගේ තමා ක්ලෝනීකරණයත්.අපිට සම්පූර්ණ මනුස්සයෙක් විතරක් නෙවෙයි.ඒ මනුස්සයාගේ අවයවයක් විතරක් වුනත් ක්ලෝනීකරණය කරන්න පුළුවන්.ඒක ක්ලොනීකරණයේ කොටස් තුනෙන් එකක්.ඒ තමයි ජාන ක්ලෝනීකරණය.මනුස්සයෙක්ගේ අදාළ ඉන්ද්‍රියයකට අදාළ ජාන ලක්ෂණ අරගෙන, ඒක ක්ලෝනීකරණය කිරීම.අනිත් කෘත්‍රිම ක්ලෝනීකරණ වර්ග දෙක තමයි ප්‍රජනන ක්ලෝනීකරණය හා චිකිත්සක ක්ලෝනීකරණය.ඒ දෙකෙන් අපේ චිත්‍රපටයට අදාළ ක්ලෝනීකරණය තමයි ප්‍රජනන ක්ලෝනීකරණය.ජීවී කලලයක් පාවිච්චි කරමින් සම්පූර්ණ ජීවියෙක්ම ක්ලෝනීකරණය කිරීම.දැන් ප්‍රශ්නේ තමා ඇත්තටම මනුස්සයෙක්ව ක්ලෝනීකරණයට භාජනය කරලා තියනවද කියන එක? උත්තරේ තමයි ඔව් කියන එක.1998 දී දකුණු කොරියාවේ පළවෙනි වරට මනුස්සයෙක්ව ක්ලෝනීකරණයට ලක් කරලා සාර්ථක වෙලා තියෙනවා.ඒත් නීතිමය ගැටළු නිසා කිව්වේ නම් ඒක පටන් ගනිද්දිම වැරදුණා කියලයි.ඒත් අප්‍රසිද්ධව ඉතිහාසයේ ඕන තරම් මනුෂ්‍ය ක්ලෝනීකරණය සිදු වෙලා තියෙනවා.ක්ලෝනීකරණයේ තියන තාර්කික ප්‍රශ්නයක් තමයි මූලිකවම අපි කතාකරන ෆිල්ම් එකේ නිරූපණය වෙන්නේ.ඒකත් කිව්වොත් ෆිල්ම් එකේ රසවිඳින්න දෙයක් නැති වෙනවා ඒක නිසා ඒක නොකියා ඉන්නම්.දැන් අපි බලමු ෆිල්ම් එක ගැන.
Andover චිත්‍රපටය IMDb දර්ශකයේ 5.8 ගන්නට සමත් වුණු පැය 1 යි මිනිත්තු 35 ක ධාවන කාලයක් තියන Sci-fi/Romance කියන වර්ග වලට අයත් චිත්‍රපටියක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Scott Perlman කියන අධ්‍යක්ෂකවරයා විසින්.නළු නිළියෝ විදියට මහාචාර්ය ස්ලෝප් ලෙස Jonathan Silverman සහ ඩෝව්න් ලෙස Jennifer Finnigan රංගනයෙන් දායක වෙනවා.ඊට අමතරව එමා ලෙස Scout Taylor රංගනයෙන් දායක වෙනවා.මේකේ කතාව ගැන කිව්වොත් මහාචාර්ය ස්ලෝප්ගේ මැරුණු බිරිඳව ආපහු ලබා ගන්න අරමුණෙන් දිගින් දිගටම දිගින් දිගටම එයාගේ මැරුණු බිරිඳට සමාන කෙනෙක් ලැබෙනකන් එයාගේ ජාන ක්ලෝනීකරණයට ලක් කරනවා.ඉතින් එයා සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියන එක ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.අවසානෙ ගැන ඉඟියක් විදියට කියන්නම් එයා අසාර්ථක වෙන්නෙත් නෑ සාර්ථක වෙන්නෙත් නෑ.හිතන්නෙවත් නැති ලස්සන අවසානයක් තමා මේ ෆිල්ම් එකට තියෙන්නේ.
අවසන් වශයෙන් කියන තියෙන්නේ මේ ෆිල්ම් එකේ සබ කරන්න අවසර දීපු ශාන් විමුක්ති(විමා) සහෝදරයාටත් වෙබ් අඩවියේ අනෙක් සහෝදරයින්ටත් ස්තූතිවන්ත වෙනවා.වෙලාවක් තියනවනම් කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා.ඉතින් ෆිල්ම් එක රසවිඳින්න කියලත් ඉල්ලනවා.
ජය වේවා…!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,790 downloadsDownload Andover-2018.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
10 comments
Kantha_DLA
indika75
thanks..
roshanst
thank you
Suranjan
Thanks jayawewa....!
yeshu
tnx
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jayasanka
ගොඩක් ස්තුතියි.
Dewadithya
Thanks for sub!
Advertisement
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!