Watch Trailer

Luv U Soniyo (2012) | ආදරෙයි සෝනියෝ. [සිංහල උපසිරසි සමඟ]

සාතියා චිත්‍රපටියට පස්සේ මේ මම අරගෙන එන පළවෙනි චිත්‍රපටය. මේකත් 2013 අවුරුද්දේ තිරගත වුණු ලස්සන ආදර කතාවක් රැගත් හින්දි චිත්‍රපටයක්. මගේ 13 සිංහල උපසිරස විදියට රැගෙන ආපු මේ චිත්‍රපටය තමයි Luv U Soniyo. IMDb අගය 5.8 ලෙස සටහන් වන මේ චිත්‍රපටය ගැන විස්තර කියන්නයි මේ සූදානම. ජෝ රාජන් විසින් අධ්‍යක්ෂණය…

Luv_U_Soniyo_2012

සාතියා චිත්‍රපටියට පස්සේ මේ මම අරගෙන එන පළවෙනි චිත්‍රපටය. මේකත් 2013 අවුරුද්දේ තිරගත වුණු ලස්සන ආදර කතාවක් රැගත් හින්දි චිත්‍රපටයක්. මගේ 13 සිංහල උපසිරස විදියට රැගෙන ආපු මේ චිත්‍රපටය තමයි Luv U Soniyo. IMDb අගය 5.8 ලෙස සටහන් වන මේ චිත්‍රපටය ගැන විස්තර කියන්නයි මේ සූදානම.

ජෝ රාජන් විසින් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වන්නේ තනූජ් වීර්වානි සහ නේහා හින්ගේ. විපින් පට්වාගේ සංගීතයෙන් රස ගැන්වෙන මේ චිත්‍රපටිය සඳහා ගීත ගායනයෙන් දායක වෙනවා සෝනු නිගම්, ශ්‍රියා ගෝෂාල්, ෂාන් ඒ වගේම සුනිදි චෝහාන් වැනි ප්‍රකට ඉන්දීය ගායන තරු. චිත්‍රපටිය තිරගත වුණේ 2013 ජූලි 26. ලබාගත් බොක්ස් ඔෆීස් ආදායම US$440,000 ලෙසයි සටහන් වන්නේ.

දැන් කියන්නම් මේකේ කතාව, මාර්ක් සහ සෝනියෝ ජෝඩුව කුඩා කාලයේ ඉඳන්ම අහඹු ලෙස නොයෙක් නොයෙක් අවස්ථාවලදී මුණගැහෙනවා. හැබැයි දෙන්නා දෙන්නාව අඳුනගන්නේ නැහැ. කොහොමහරි මේ දෙන්නා තරුණ වයසට ආවම ඉගෙනගන්න ලැබෙන්නේ එකම විද්‍යාලයක. මාර්ක් කියන්නේ කතෝලික, මව අහිමි, යාළුවොත් එක්ක පිස්සු කෙලින රස්ත කොල්ලෙක්. ඉගෙන ගන්නවා කියන දේ මේ යකාට අරහං. මෙයාගේ යාළුවෝ සෙට් එකත් ඒ වගේම තමයි. හැබැයි මාර්ක් ක්‍රීඩාවට හරිම දක්ෂයි. සෝනියෝ කියන්නේ ඉගෙනීමට වගේම විද්‍යාලයේ බාහිර වැඩවලටත් කැපවුන පංජාබ් ජාතික දක්ෂ ගෑනූ ළමයෙක්. කොහොමහරි මේ දෙන්නා එකිනෙකාට එතරම් කැමති නැහැ. ඒත් මාර්ක් සෝනියෝට කරන උදව්වක් නිසා සෝනියෝ එයාලගේ එක විභාගයකට උත්තර ලියන්න මාර්ක්ට උදව් කරනවා. ඒ කිව්වේ මේ කොපි කරන්න. කොහොමහරි හොඳට කොපි කරගෙන උත්තර ලියපු මාර්ක්, එයාගේ යාළුවන්ට ගිහින් කියනවා සෝනියෝ එයාට කැමති නිසා කොපි කරන්න ඉඩදුන්නා කියලා. මේක ඇහෙන සෝනියෝ මාර්ක් එක්ක තරහා වෙනවා. ඉතින් ඊට පස්සේ මාර්ක් මාර ගේමක් තමයි දෙන්නේ සෝනියෝව යාළු කරගන්න. ඒ අතරෙදි මාර්ක්ගේ හිතේ සෝනියෝ ගැන කැමැත්තක් ඇති වෙනවා.

කොහොමහරි කතාව ගලාගෙන යනකොට එනවා කථාවේ දුෂ්ටයා. ඒ තමයි මාර්ක්ගේ යාළුවා වීර්ගේ අයියා. එයා හමුදාවෙන් එන්නේ සෝනියෝව බඳින්න. ඒත් සෝනියෝ ඒ ගැන දන්නේවත් නැහැ. මාර්ක්ට තමන්ගේ ආදරේ සෝනියෝට කියාගන්න පුළුවන් වෙයිද? එතකොට සෝනිියෝ හමුදාවෙන් ආපු වික්‍රම්ට කැමති වෙයිද? එතකොට මාර්ක්ට මොකද වෙන්නේ.. ඔය ප්‍රශ්න වලට ලස්සනට උත්තර මේ කතාව අවසාන වෙනකොට ලැබෙනවා. ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. හිනාවෙවී බලන්න පුළුවන්.

දැන් තියෙනවා පොඩි සමාව ගැනීමක් කරන්න අපේ විකියා සහෝගෙන්. ඇත්තටම මම මේ ෆිලුම සබ් දාගන්න භාරගත්තේ ජනවාරි මැද වගේ. ඒත් මගේ උසස් අධ්‍යාපන කටයුතු වලට හිරවුණු නිසා මට මේකට උපසිරස කරන්න ලැබුණු අවස්ථාව හරිම අඩුයි. පේළි දෙදාහකට වැඩි ප්‍රමාණයක් තිබුණ නිසා හෙමින් තමයි දැම්මේ. ඔයාලට අනිවාර්යයෙන්ම දෙන්න ඕන ෂීල්ඩ් කතාමාලාවට මම මට ලැබුණු කාලය වෙන් කළා. ඉතින් කොහොමහරි අද දවසම විදුලිය නැතිව තියෙද්දීත් අන්තිම පේළි 500 ඉවර කරගන්න මගේ ලැපේ බැටරි බලය පිහිට වුණා. එහෙනම් හැමෝටම ජයම වේවා කියන ගමන් සමුගන්නවා. තවත් ලස්සන ෆිලුමකින් හමු වෙමු එහෙනම්.

Luv U Soniyo (2012) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

C131D962EA51DA8512B5AF036BA803D941CFD20E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,625 downloadsDownload Love.u.Soniyo.2013.baiscopelk.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,625 downloadsDownload Subtitles76 KB

33 comments

  1. Kulanjana Maduranga

    pattama film 1k.aniwa bamak thama.subata thanks YASHODA saho.digatama sub denn.jaya wewa.....

    1. rajeew jayanath

      thnx kollllooo elama thama

  2. me

    Thanks

  3. ගයාන් රූකාන්ත (ජෝනා)

    අනිවා බෑමක් තමා යන්තං දී ගත්තා නේද
    සබට තුති ,සහෝ..........!!!!

    1. යශෝධ

      ඔව් ජෝනෝ... තව පරක්කු වුනා නම් හිතටත් අවුල්නේ... එලස්ස්ස.....

  4. bee

    patta patta tnx

  5. Sisira Hegoda

    Thanks.

  6. හර්ෂ ලහිරු

    තව සුපිරි පාරක් වගේ බලමුකෝ මොකක්ද සීන් එක කියලා :P
    ස්තුතියි සහො :D :P ජය

  7. චතුර මදුසංක

    elaz macn..thanks ehenam

  8. අදිත ප්‍රවීන්

    එළ පොරක්නේ ;)
    බොහොම ස්තුතියි සහෝ

  9. ප්‍රදිප්

    නියමයි, බෝහෝම ස්තුතියි සහෝ.

  10. sanjeewa

    ela ela machan jaya wewa

  11. herry

    ස්තුතියි සහො

  12. madusha05

    thanks bro

  13. Raj

    Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!

  14. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  15. නලින්

    ස්තුතියි යශෝ සිංහල උපසිරසට

    ජය වේවා!

  16. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍උ‍ප‍සි‍රැ‍සි ‍ල‍බා ‍දෙන්‍‍න‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා
    ‍ධෛර්‍ය‍ය ‍ල‍බේ‍වා ‍කි‍යා ‍ප‍ත‍මි.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  17. akila

    niyamai..wage..thanxz..sub walata..puluwannam DILLI 6 FILM EKATH DENNAKOO..

    1. niroshana

      ela ela

  18. Sampath

    ela

  19. Nilanka

    niyamai saho sub ekata godak pin.

  20. මෝඩ කෙල්ල

    සිංහල සබ් ඩවුන්ලෝර්ඩ් වෙන්නේ නැහැනේ මෙච්චර දවසක් කිසි අවුලක් නැතුව ඩවුන්ලෝර්ඩ් කළා :'(

  21. rakhitha

    thankz kollo

  22. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. මේ දවස් ආදරණීයම ඒවා දෙන්න ගත්තෙ මොකද?????? ජය෴෴ :P :P

  23. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  24. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල,ජයවේවා.

  25. Chathuranga

    niyamai machan

  26. yenu

    thanks sub dunnata...........

  27. කසුන් ගයන්ත

    මචන්ලා මෙන්න මෙකෙ ටොරෙන්ට් ෆයිල් එකෙ අවුලක් තියෙනවා.ඩවුන්ලෝඩ් වෙන්නේ නෑ මචන්ලා

  28. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  29. P.K

    Thanx saho...All the best..

  30. chamika

    great selection. good sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.