Watch Trailer

Madhura Raja (2019) Sinhala Subtitles | නායකතුමා! [සිංහල උපසිරසි සමඟ]

දින 45ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 100+ වැඩි ආදායමක් ලබමින් කේරළ ‘තලපති’ මම්මුතිගේ වැඩිම බොක්ස්-ඔෆිස් ආදායම්ලාභී සිනමාපටය බවට පත් වූද… එදා මෙදා තුර ඉන්දීය සිනමා ඉතිහාසයේ මලයාලම් සිනමා නිර්මාණයක් ලැබූ හතරවන වැඩිම ආදායම හිමි කරගත්තා වූද… ලුසිෆර් ආගමනයට පෙර වසර ගණනාවක් එකදිගට කේරළයේ ඉහළම BoxOffice…

දින 45ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 100+ වැඩි ආදායමක් ලබමින් කේරළ ‘තලපති’ මම්මුතිගේ වැඩිම බොක්ස්-ඔෆිස් ආදායම්ලාභී සිනමාපටය බවට පත් වූද…
එදා මෙදා තුර ඉන්දීය සිනමා ඉතිහාසයේ මලයාලම් සිනමා නිර්මාණයක් ලැබූ හතරවන වැඩිම ආදායම හිමි කරගත්තා වූද…
ලුසිෆර් ආගමනයට පෙර වසර ගණනාවක් එකදිගට කේරළයේ ඉහළම BoxOffice වාර්තාව රැක සිටි Pulimurugan හි අධ්‍යක්ෂක Vysakhගේ නවතම අධ්‍යක්ෂණයෙන් හැඩ වෙමින් 2500කට අධික මනාප සංඛ්‍යාවකින් IMDb මීටරය අති දැවැන්ත 7.9 අගයකට කරකැ වූද…
එතෙක් මෙතෙක් ඉතිහාසයේ මම්මුතිගේ දැවැන්තම සිනෙමා නිර්මාණය
මොලිවුඩයෙන් මම්මුති- කොලිවුඩයෙන් ජායි- බොලිවුඩයෙන් සනී ලියෝන්-
මමුක්කා ලෝලීනි, මලයාලම් රසික රසිකාවියනි, පිළිගන්න එසේ නම්….
රාජා! මධුර රාජා!!

පහුගිය මාර්තු-අප්‍රේල් කාල සීමාව කියන්නේ කාලෙකට පස්සේ කේරළ සිනමාව හොඳ හැටි රත් වුණු කාල පරිච්ඡේදයක් විදිහට බය නැතිව හඳුන්වන්න පුලුවන්. බයිස්කෝප් මංසලේ පොඩි Post එකකින් අපි ඔය ගැන මුලින් ඉඟි කළා සමහරුන්ට මතකත් ඇති. මලයාලම් සිනමාව විසින් එදා මෙදාතුර බිහි කළ විශිෂ්තටම තරු යුගල වන Mohanlal සහ Mammoottyගේ සිනමාපට ද්විත්වයක් සතියක් වැනි සුලු කාල පරතරයක් ඇතිව කේරළය තුළ බොක්ස්-ඔෆිස් ගින්නක් ඇති කළ විත්තිය දැනටමත් හැමෝම දන්න කාරණයක්. ඉන්දියාව වටේ උකසට සින්න වුණු මලයාලමේ සිහින කුමරිය, සායි පල්ලවී වසර ගණනකට පස්සේ කේරළයට පා තියපු Athiran සිනමාපටය හා මලයාලම් සිනමාවේ අනාගත උරුමකරු DQගේ Oru Yamandan Premkadha සිනමාපටය තිරගත වුණෙත් මේ අස්සෙමයි. මොකක්දෝ අවාසනාවකට සායිට උන් හිටිතැන් පවා නැති බංගස්තාන කරමින් Athiran චිත්‍රපටය සෝදා පාලු වෙලා ගියා. දුල්කර්ටත් එතරම් වාසනාවක් හිමි වුණේ නැහැ. වෙනදා වගේම, මලයාලම වෙනස් කරපු හැට පිරුණු නාකි ජෝඩුව ඉදිරියේ තරුණ ජවයන් හේදිලාම ගියා. මෝහන්ලාල් හා මම්මුති අතර තියුණු සටනකින් පසු මෝහන්ලාල්ගේ Lucifer සිනමාපටය ඉන්දියානු කෝටි 200+ අධික ආදායමක් සමඟින් එතෙක් මෙතෙක් ඉන්දීය සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් හිමි කර ගත් මලයාලම් චිත්‍රපටය බවට පත් වෙමින් තරඟය ජය ගත්තා.

එහෙමැයි කියලා මම්මුති සැලුණද මිත්‍රවරුනි! අපෝ නෑ… ලෝ පුරා සිනමා ශාලා 3000කට අධික සංඛ්‍යාවක තිරගත වුණු Lucifer චිත්‍රපටය කෝටි 200ක් හොයද්දී Mammoottyගේ Madhura Raja සලරුව දින හතළිස්පහක් තුළදී ඉන්දියානු රුපියල් කෝටි 100+ සීමාව පහු කළේ (Total Business of 104 Crore in 45 Days) සිනමා ශාලා 820ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක පමණක් තිරගත කරලා. බැරි වෙලාවත්, හෝල් දාහක දෙදාහක පෙන්නුවා නම් කොහොමට තියේවිද කියලා හිතාගන්නකෝ..! මේ විදිහට කාලෙකට පස්සේ දක්නට ලැබුණු මලයාලම් බොක්ස්ඔෆිස් ඝට්ටනය කේරළ සිනමාව පුරාම උඩුදුවන්න ගත්තා. මෝහන්ලාල් වගේම මම්මුතිත් එකිනෙකාට නොදෙවෙනිව තමන්ගේ පෞද්ගලික ආදායම් වාර්තා බර ගණනක් අලුත් කරගන්න සමත් වුණා. ප්‍රේක්ෂකයා අතරට යන්න හරි හමන් වාණිජ චිත්‍රපටයක් නැතිව ලත වෙවී හිටපු මම්මුති අසාර්ථක නිර්මාණ පෝළිමකට පස්සේ හතර අතේ මල් වෙඩි පත්තු කරගෙනම කළඑළි බැස්සේ මේ නිර්මාණයෙන්…

පසුගිය අප්‍රේල් මස 12 වනදා තිරගත වීම ඇරඹුණු Madhura Raja සිනමාපටය, තම පළමු දිනය අවසන් කරන විට ඉන්දියානු කෝටි 9.2ට වැඩි ආදායමකට වග උත්තර කියන්න සමත් වුණා. එම පළමු දින ආදායම ලෝ පුරා බෙදිලා ගියේ මෙන්න මේ විදිහටයි..!
Kerala BO – 4.2Cr
Rest of India- 1.4Cr
GCC – 2.9Cr
USA & Europe – 32L
Rest of World – 30L
මෙසේ අති සාර්ථක ආරම්භයක් ලබා ගත් මම්මුතිගේ මධුර රාජා, ඉතා සීමිත දින කීපයක් ඇතුළත නවතම ආදායම් වාර්තා රාශියක් සමඟින් කේරළ බොක්ස්ඔෆිස් ඉතිහාසයම අලුත් කළේ මලයාලම තවමත් තමන්ගේ නමට යටත් බව සෑම සියලු දෙනාටම ඉඟි කරමිනි.

· Mega Star මම්මුතිගේ සිනමා ජීවිතයේදී එදා මෙදාතුර ලැබූ ඉහළම බොක්ස්- ඔෆිස් ආදායම
· මම්මුති රඟ පෑ සියලුම චිත්‍රපටි අභිබවමින් එතෙක් මෙතෙක් ඔහු ලැබූ වැඩිම පළමු දින ආදායම
· ඔහුගේ චිත්‍රපටියක් වෙනුවෙන් ලබාගත් වැඩිම පළමු සතිඅන්ත ආදායම (කේරළ)
· ඉන්දියානු කෝටි 100Cr කඩයිම පසු කළ හතරවන මලයාලම් සිනමාපටය
· 2019 වසරේ මේ දක්වා මලයාලම් සිනමා නිර්මාණයක් ලැබූ දෙවන වැඩිම පළමු දින ආදායම
· 2019 වසරේ මේ දක්වා ඕනෑම චිත්‍රපටයක් කේරළය තුළ ලැබූ දෙවන වැඩිම ආදායම
· මලයාලම් සිනමාපටයක රූපවාහිනී ප්‍රකාශන අයිතිය සඳහා ගෙවනු ලැබූ ඉහළම මූල්‍යමය වටිනාකම
· එදා මෙදාතුර මලයාලම් චිත්‍රපටියක් ලෝ පුරා තිරගත වුණු වැඩිම දර්ශනවාර යන් හි මුල්ම පහළොව අතර ද මෙය පවතී.

තමන්ගේ පළමු දින හතර තුළදී පමණක් ඉන්දියානු කෝටි 32.4 මුදලක් හිමි කරගත් මධුර රාජා සිනමාපටයට කෝටි පනහ සීමාව පසු කිරීමට ගත වූයේ දින දහයක් පමණයි! කෝටි 27ක සුලු පිරිවැයක් දරමින් නිර්මාණය වී දින 45ක් තුළ කෝටි 100 කඩයිම පසු කරමින් අති සාර්ථක ගමනක යෙදුණු Madhura Raja සලරුව මැයි 20 වනදා වන විට මම්මුතිගේ වැඩිම ආදායම්ලාභී සිනමාපටය බවට පත් වුණේ මීට පෙර එම ස්ථානය රැක ගෙන සිටි Abrahaminte Santhathikal සිනමාපටයත් දෙවෙනි ස්ථානයට ඇද දමමිනුයි. All-Time Highest Grossing Malayalam Movies ලැයිස්තුවේ හතරවන ස්ථානය තමන්ගේ නමට ලියා ගනිමින් මලයාලම් සිනමාවේ නවමු පරිච්ඡේදයක් ඇරඹුවා වූ මෙය… 86% ගූගල් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ද ලබා ගත්තේ තම සාර්ථකත්වය නැවත නැවතත් තහවුරු කර ගනිමින්!!

Luciferට පමණක් දෙවෙනි වෙමින් 2019 වර්ෂය තුළ දැනට පැමිණි මලයාලම් සිනමාපට අතුරින් ඉහළම බොක්ස්-ඔෆිස් ආදායම් වාර්තාව පිහිට වූ මෙහි රූපවාහිනී ප්‍රකාශන අයිතිය ලබා ගත්තේ Zee Keralam රූපවාහිනී නාළිකාවයි. ඒ වාර්තාගත ඉන්දියානු රුපියල් කෝටි 14 අති විශාල මුදලකටයි. ඒ ඔවුන් විසින් මලයාලම් සිනමා නිර්මාණයක් සඳහා මෙතෙක් ගෙවනු ලැබූ ඉහළම මුදල බවත් සඳහන්.

ලොකු ලොකු නම් කියාගන්න බොහෝ සිනමා තාරකා තමන්ගේ ප්‍රාන්තීය සිනමාවට විතරක් සින්න වුණු කාලෙක, Mammootty කියන්නේ කේරළයෙන් එළියේ හතර දිබ්බාගයේම අණසක පතුරපු තාරකාවක්. මලයාලම් සිනමාවෙන් එපිට දමිළ සිනමාවේ ද කරට කර තරඟයක යෙදෙන මේ අපූරු මනුස්සයගේ හොඳම දමිළ චිත්‍රපටි ද්විත්වය විදිහට මගේ නම් මතය තමයි, රැජිනිකානත්ගේ Thalapathy චිත්‍රපටය හා මේ වසර මුල අපිට දැකගන්න ලැබුණු Peranbu සිනමා නිර්මාණය. මම්මුති ගැන මෙතන ලියනවා නම් චිත්‍රපටිය ගැන කියන්න වෙලාවක් ඉතිරි වෙන්නැති වෙයි! ඒ තරමටම ඉන්දියානු සිනමාව වෙනස් කරපු චරිතයක් තමයි ඔහු. Lucifer තුළින් විවේක් ඕබ්රෝයි මලයාලමට පය තිබ්බා වගේ Madhura Raja තුළින් මලයාලමට පය තියන්නේ ප්‍රසිද්ධ දමිළ සිනමා නළු Jai! Jarugandi, Balloon, Pugazh වැනි චිත්‍රපට තුළින් මතක හිටින ජාතියේ වැඩකිඩ පෙන්වපු ඔහු මධුර රාජා හි චරිතයටත් උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා තියෙන විත්තිය කිසි සැකයක් නැහැ. ඊට අමතරව ෆහද්ගේ සුන්දර Maheshinte Prathikaaram සලරුවෙන් අපිට දක්නට ලැබුණු ආදරවන්තිය, Anusree වගේම සුරූපී බොලිවුඩ් තාරකාවක වන සනී ලියෝන් ද මධුර රාජා චිත්‍රපටය තුළින් අපිට දැකගන්න පුලුවන්.


· තමිල්නාඩුවෙන් කේරළයට ගොඩ බැහැපු ජායිගේ පළවෙනිම මලයාලම් චිත්‍රපටය තමයි මේ! දෙමළ සිනමාවෙන් මලයාලමට ගහපු පිම්ම නිසා සමහර විට ඉස්සරහට කේරළ නිර්මාණ රාශියකින්ම මිනිහව දැකගන්න පුලුවන් වේවි.
· බොහෝ තෙළෙඟු සිනමාපටවල දුෂ්ටයාගේ චරිතයට පණ පොවන ජගන්පති බාබු තමන්ගේ පළවෙනි මලයාලම් චිත්‍රපටය විදිහට රඟපාපු Pulimuruganට පස්සේ අධ්‍යක්ෂක Vysakh සමඟ එකතු වුණු දෙවෙනි වතාව තමයි මධුර රාජා කියන්නේ.
· මෙහි මම්මුතිගේ පියාගේ චරිතය රඟපාන Nedumudi Venu මීට කලිනුත් කීප වතාවක්ම ඒ චරිතය රඟපාලා තියෙනවා. හොඳම වැඩේ කියන්නේ, ඇත්ත ජීවිතේ මේ දෙන්නගේ වයස් පරතරය බොහොම පොඩි ගාණයි…
· චිත්‍රපටියේ ක්‍රියාදාම දර්ශනයන්ට විශේෂයෙන්ම පුහුණු කරන ලද සුනඛයන් පවා යොදාගෙන තියෙනවලු. යූටියුබ්ගත කළ MadhuraRaja Making Video වීඩියෝව පුරාවටම ඒ ත්‍රාසජනක දර්ශන හොඳින් පෙන්වලා තියෙනවා.
· මේ වන විට ලෝ පුරා දර්ශනවාර 25 000 පසු කිරීමට මධුර රාජා සිනමාපටය සමත් වෙලා තියෙන විත්තිය නිල වශයෙන් දැනුම් දී අවසානයි.

විශේෂයෙන්ම කියන්න තියන්නේ, වෙනදා බලන ආදරණීය මලයාලම් ස්ටෝරියක් මේ කතාවෙන් බලාපොරොත්තු වෙන්න එපා. හොඳ පදමට ක්‍රියාදාමවලින් පිරුණු කේරළ සිනමාවෙන් බිහි කරපු දැවැන්තම මසාලා චිත්‍රපටියක් විත්තිය මතක තියාගන්න! ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවට.. කම්මැලිකමේ උඩ බලාගෙන ඉන්න වෙලාවට… දුකක් හිතුණ වෙලාවක පොඩ්ඩක් හිනාවෙන්න ඇත්නම් කියලා හිතුණු වෙලාවක…
අන්න, එතකොට නම් මේ කතාව හොද උත්තරයක් වේවි.
Action|Comedy|Drama ශානරයට අයත්ව පැය දෙකහමාරක් ඔයාව හොඳට හිනා ගස්සවන ගමන් මම්මුතිගේ සුපුරුදු පෞරුෂත්වයත් එක්කලා හොඳ ෆයිට් කෑලි වගයක් බලාගන්න පුලුවන් චිත්‍රපටියකට නම් මේ තියන්නේ හොඳම බෙහෙතක් වේවි.

(ලිපිය – කවිනු වීරක්කොඩි)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Proper HDrip පිටපත සඳහා අදාළ වේ.

7,864 downloadsDownload Madhura-Raja-2019.zip89 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය”සහ“ ප්‍රදීප් රවින්ද්‍ර ” යන සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,864 downloadsDownload Subtitles89 KB

29 comments

  1. isb

    Thank mcn niyamaine lipiyth okkama beluwa

  2. ඩොක් අයියා

    එල එල බ්‍රෝ

    එහෙනම් ඔන්න බාගත්තා

    ආ ............. තැන්කු කියන්න අමතක උනා නේ .................

    @සොරි.කොම්

    1. ddnd

      Ela

  3. wajira

    Thanks for sub

  4. palithadesilva

    thankyou..

  5. arawindasunimal

    thanks

  6. Rumesh dhanushka

    බොහොම ස්තුතියි යාළුවනේ...

  7. chamipriya

    thanks brothers

  8. avishka360

    Thanks

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. rangika Kariyawasam

    අනිවා .සුපිරියක් කියන්නේ ෆට්ටම ෆිලුම . බෝම තුති සබට

  11. supun1234

    thanks machoooo

  12. Hemantha De Silva

    ඔෂධ, ප්‍රදීප්, කවීනු ...
    ස්තුතියි සෙට් එකටම...
    තව මලයාලමකින් හම්බවෙමු.

  13. Kapila4499

    thanks

  14. gayanmagee

    thanks

  15. Udaya Saman

    Osandha ආයෙත් එහෙනම් වැඩ පටන් අරන් වගේ.ස්තුතඅයි දෙන්නටම උපසිරසියට.ජය වේවා

  16. thilz

    thank u for the sub

  17. Tharaka

    Supiri filumak thanks

  18. kodagoda

    tnx sahoo sub ekta

  19. Kavishna

    thnx bro...

  20. kelumchathuranga

    thanks

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. Anurada

    Thank You !!!

  23. Tiger zinda

    Thanks to you...

  24. Akila0708

    thnx

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. නිමල් දිසානායක

    ඔෂධ, ප්‍රදීප්
    දෙන්නාටම ස්තුත්යි සබ්ස්වලට!

  27. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  28. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!