Watch Trailer

Midnight in the Switchgrass (2021) Sinhala Subtitles | අභිසරු ලියන්ගේ අඳෝනාව [සිංහල උපසිරසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී ජනතාවනි. Fear Street චිත්‍රපට මාලාවට පස්සේ ඔන්න එහෙනම් තවත් ෆිලුමක් ගෙනාවා. මම ඉන්න ප්‍රදේශයට බලපෑව විදුලිය ඇණ හිටිමේ දෝෂයක් නිසා මේක දෙන්න දවසක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලන්න ඕන. Midnight In The Switchgrass චිත්‍රපටය ජූලි මාසයේ 23 තමයි නිකුත් වෙන්නේ. ඇමරිකාවේ විසූ අති බිහිසුණ…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී ජනතාවනි. Fear Street චිත්‍රපට මාලාවට පස්සේ ඔන්න එහෙනම් තවත් ෆිලුමක් ගෙනාවා. මම ඉන්න ප්‍රදේශයට බලපෑව විදුලිය ඇණ හිටිමේ දෝෂයක් නිසා මේක දෙන්න දවසක් පරක්කු උනා ඒකට සමාව ඉල්ලන්න ඕන. Midnight In The Switchgrass චිත්‍රපටය ජූලි මාසයේ 23 තමයි නිකුත් වෙන්නේ. ඇමරිකාවේ විසූ අති බිහිසුණු අනුක්‍රමික ඝාතකයෙක්, ස්ත්‍රී දූෂකයෙක් උන “රොබට් බෙන් රෝඩ්ස්” ගේ ජීවිතය අනුසාරයෙන් නිමවු කල්පිතයක් විදියට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 1973 – 1990 අතර කාලය තුල ඔහුට ගොදුරු කාන්තාවන් ගණන 50කට අධිකයි. වෘත්තියෙන් ට්‍රක් රථ රියදුරෙකු වු රොබට් බෙන් රෝඩ්ස් ඔහුගේ කුරිරු බව නිසා ඔහුට “The Truck Stop Killer” ලෙස අන්වර්ථ නම් පවා පට බැඳුනා. මෙතරම් විශාල අපරාධ සංඛ්‍යාවක් සිදු කල බවට ඔහුට චෝදනා ලැබුවත් ඔහුට එරෙහිව ඔප්පු කරගත හැකි වූයේ මිනීමැරුම් 3ක් පමණයි. 2005 දී ඔහුට ඉලිනොයිස් හි චෙස්ටර් හි උපරිම ආරක්‍ෂිත මෙනාර්ඩ් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේ ජීවීතාන්තය දක්වා සිර දඬුවම් ලැබෙනවා.

ඉතිං අපි චිත්‍රපටයේ කතාව බැලුවොත් බයිරන් ක්‍රෝව්ෆර්ඩ් ෆ්ලොරිඩාවේ නීතිය බලාත්මක කිරීමේ දෙපාර්තමේන්තුවේ නිළධාරියෙක්.මාස කීපයක පටන් ඔහු ජීවත් වන පෙන්සකෝලා හි අධීවේගී මාර්ගය අවටින් කාන්තා මළ සිරුරු රැසක් විටින් විට හමුවෙනවා. මේ සියළුම කාන්තාවන් මියගොස් තියෙන්නේ එකම විදියකටයි. ඔවුන් හැමෝම මරණයට පත් වෙලා තියෙන්නේ ගෙල සිර කිරීමෙන්, ඒ වගේම ඔවුන්ගේගේ සිරුරුවල සැපීම් සහ ලිංගිකව දූෂනය කල ඇති බවට සළකුණු තියෙනවා. අනිත් කාරණාව තමයි මේ හැම කාන්තාවක්ම වෘත්තියෙන් ගණිකාවන්. ඉතිං මේ සුළු හෝඩුවාවන් පස්සේ මීනීමරුවා පස්සේ පන්නන බයිරන්ට FBI නියෝජිතවරියකගේ සහය ලැබෙනවා. ඉතිං මේ දෙන්නා කොහොමද මේ අභිරහස විසඳන්නේ කියලා ඔයාලත් බලන්න.

මේ වනවිට IMDb අගය 4.5ක් සහ ගූගල් පරීශිලක මනාප 56%ක් ලබාගන්නත් මෙය සමත් වෙලා තියෙනවා. Crime/Mystery යන කාණ්ඩ වලට වර්ගීකරණය උන මෙහි අධ්‍යක්ෂනය Randall Emmet විසින් සිදු කරලා තිබෙනවා. ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් Into the Wild (2007), The Girl Next Door (2004) වැනි චිත්‍රපටවල රඟපෑ Emile Hirsch බයිරන් ක්‍රෝව්ෆර්ඩ් ලෙසත්, Transformers, Jennifer’s Body (2009), Teenage Mutant Ninja Turtle, Rogue (2020), Till Death (2021) වැනි චිත්‍රපටවල රඟපෑ සුරූපී නිළි Megan Fox රෙබෙකා ලොම්බාර්ඩ් ලෙසත්, Die Hard චිත්‍රපට මාලාවෙන් අතිශය ජනප්‍රියත්වයට පත් Bruce Willis කාර්ල් හෙල්ටර් ලෙසත් දායක වෙනවා ඊට අමතර එතරම් වැඩි නළු නිළියන් පිරිසක් මෙයට දායක වෙන්නේ නෑ. මේ ෆිලුම මට වෙන් කරලා දුන්නට අපේ විමා සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ආපහු උපසිරසියකින් ඉක්මනටම හමුවෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න මම දනුවා.

තෙරුවන් සරණයි !

 

 

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,527 downloadsDownload Midnight-in-the-Switchgrass-2021.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

8,527 downloadsDownload Subtitles38 KB

28 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  2. Pasiya

    Thank U So Much Broo.. denakam balan Hitiyee..Thank You..

  3. Pasiya

    Jolt (2021) puluwannam Me filumeth sub genna..

  4. MTR Tharindu Rukshan perera

    යුරාන් මල්ලි උපසිරසි කරන්න තෝරගත්ත චිත්‍රපටියක් කියන්නේ ආයේ ඉතින් සුපිරියක්ම තමයි. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Kushan

    Sub akta thanks

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Neo

    Thanks brother
    Keep it up

  10. Anonymous

    Thank you!

  11. ශාමල් මනෝජන්

    Jekob's Wife - 2021 ෆිල්ම් එකට පුලුවන් නම් සබ් දෙන්න සහෝ.

  12. Shaggy

    Thank you very much

  13. D.Chamara

    බොහොම ස්තූතියි ... !

  14. tharidu16

    thanks machiii

  15. Suranjan

    Thanks.....jayawewa....!

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Bobby

    Thank you very much

  18. Anonymous

    web torrent file koheda tiyenne

  19. Hasitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ

  20. කවිඳු ජයවර්ධන

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ..

  21. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  22. Anonymous

    Thanks Brother

  23. Pramukmili

    Thanx bro....................

  24. Anonymous

    Download wannabe

  25. MAALNATH

    Thanks.........good luck....

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Dewadithya

    Thanks for Sub!

  28. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!