Watch Trailer

Trollhunters: Rise of the Titans (2021) Sinhala Subtitles | ටයිටන්වරුන්ගේ නැගිටීම [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම… වැඩ පටන් අරන් චුට්ටක් විතර කාර්ය බහුල වෙලාවක අශාන් විමුක්ති සහෝදරයාගේ ආරාධනාවකට ඔන්න මං පසුගිය 21 වන දා නෙට්ෆ්ලික්ස් සමාගමෙන් මුදා හැරි අළුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා. Trollhunters: Rise of the Titans පුරාන කතාවල එන ලෝකයේ මිනිස්සුන්ට එර…

ආයුබෝවන් සුබ දවසක් වේවා බයිස්කෝප් යාළුවෝ හැමෝටම… වැඩ පටන් අරන් චුට්ටක් විතර කාර්ය බහුල වෙලාවක අශාන් විමුක්ති සහෝදරයාගේ ආරාධනාවකට ඔන්න මං පසුගිය 21 වන දා නෙට්ෆ්ලික්ස් සමාගමෙන් මුදා හැරි අළුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් ආවා.

Trollhunters: Rise of the Titans

පුරාන කතාවල එන ලෝකයේ මිනිස්සුන්ට එරෙහිව එන ටයිටන්වරු තුන් දෙනෙක්ගෙන් නාරී මිනිසුන්ගේ පැත්තට එකතු වෙනවා ලෝකය බේරගන්න. ඒත් ඇයව හඹා එන අනික් දෙදෙනා ඇයව පැහැරගෙන ලෝකය මුල ඉඳන්ම නිර්මාණය කරන්න සැරසෙනවා. ඒ මුළු මහත් මනුෂ්‍ය ඝාතනය වළක්වන්න ට්‍රෝල්හන්ටර්වරු නව දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමේ ත්‍රාසජනක වීර කතාවයි මේ.

Guillermo del Toro සහ Daniel Kraus විසින් නිර්මාණය කල Tales of Arcadia නම් ඇමරිකානු රූපවාහිනී කතා මාලවක් ඇසුරින් නිර්මාණය කල මෙම චිත්‍රපටය Johane Matte, Francisco Ruiz Velasco සහ Andrew Schmidt විසින් අධ්‍යක්ෂණය කර ඇත. නිෂ්පාදනය Marc Guggenheim, Dan Hageman සමගින් Kevin Hageman විසිනි. චිත්‍රපටයේ රංඟනයෙන් (හඬකැවීමෙන්) Emile Hirsch, Lexi Medrano, Charlie Saxton, Kelsey Grammer, Fred Tatasciore, Tatiana Maslany, Diego Luna ඇතුළු ශිල්පීන් රැසක් සහභාගී වී ඇත.

මේ වසරේ (2021) ජූලි මස 21 වන දින මුදා හැරි මෙම චිත්‍රපටය විනාඩි 106ක ධාවන කාලයකින් යුක්තය. චිත්‍රපටය සඳහා මේ වන විට IMDb දර්ශකයේ 7.5 ක්, Rotten Tomatoes 100% අගයක් ලැබී ඇත. පැරණි චිත්‍රපට අතරේ අළුත් චිත්‍රපටයකට උපසිරසි දුන්නට පැරණි චිත්‍රපට උපසිරසි නිර්මාණය අතෑරලා නෑ. අනික මේ මගේ පළවෙනි ඇනිමේෂන් චිත්‍රපට උපසිරසි නිර්මාණය.

චිත්‍රපටය ගැන හඳුන්වලා දීලා චිත්‍රපටය වෙන් කරලා දුන්න අඩවියේ මං ඉස්සෙල්ලම දැන හඳුන ගත්ත ඇඩ්මින් මඩුල්ලේ අශාන් විමුක්ති සහෝදරයට මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා.!

~ ජය වේවා ~

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,785 downloadsDownload Trollhunters-Rise-of-the-Titans-2021.zip52 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,785 downloadsDownload Subtitles52 KB

35 comments

  1. Gihan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..

  2. indika75

    thanks..

  3. Mawan Geethanjana

    සිංහල උපසිරැසියට ස්තූතියි ♥️

  4. විමා

    සබට තුති මචන්..

    1. ශාමල් මනෝජන්

      විමා සහෝ. පොඩි උදව්වක් කරන්න. බයිස්කෝප් වෙබ් අඩවියට හානි කරන ඔය තිත්ත ඇත්ත කියලා කමෙන්ට් කරලා තියන phone හරි මොකක් හරි Device එක block කරා දාන්න පුලුවන් නම්. රොයිලි සහෝ ට කියන්න. විකියා සහෝ වගේ කාට හරි හොඳ වෙබ් සයිට් සයිබර් පැත්තෙන් වැඩ්ඩෙක් ට කියලා ඔය device එක block කරලාම දාන්න please. ඕකේ IP Address හරි serial number හරි block කරන්න. බයිස්කෝප් වෙබ් අඩවිය ආරක්ෂා කරන්න. Please. රොෂාන් ශමීර සහෝට සබ් කරන එක එපා වෙන්න දෙන්න එපා. Please.

  5. tharidu16

    thanks machi

  6. Ravindu

    Thanks for the sub

  7. ශාමල් මනෝජන්

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.

    පුලුවන් නම් Trollhunter - 2010 ෆිල්ම් එකටත් සබ් දෙන්න.

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. ශාමල් මනෝජන්

    අශාන් විමුක්ති සහෝ, ඔවැනි අසත්පුරුෂයන්ට ඔවැනි විනාශකාරී කමෙන්ට් බයිස්කෝප් එකේ නැවත පල නොකිරීම පිණිස E-mail Address Secure කරන මෙන් කාරුණිකව ඉල්ලමි. Block කරන්න ඔවුන්ව. Please Do Something... Protect Baiscope

    1. Anonymous

      මේ දවස්වල දෙන ටීවි සීරීස් එක වෙන kudi yedamaithe එකේ පලවෙනි එපිසෝඩ් එකේ (s01:e01) කමෙන්ට් සෙක්ශන් එක ගැනත් කතා කරන්නකො.කමෙන්ට් 150ගානක් තියෙනවා බැනගෙන.සයිට් එකේ නම තමයි කැතවෙන්න.

    2. Anonymous

      වෙන කවුරුත් නෙවේ බං ඔය අර pirate එකේ අපතයා

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Nilush Angana

    Sub ekata thanx

    1. K.M.N.C.k

      Meke TV series eka baiscope eke na neneda nathi nisa upload karanawada

  12. Pavith Wijesooriya

    මේ යුනිවර්ස් එකට සම්පූර්ණයෙන්ම සබ් දෙමුකෝ....පට්ටනේ...

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. D.Chamara

    බොහොම ස්තූතියි .. !

  15. tharidu16

    thanks machiiiiiiiiiiiiiii

  16. Roshan

    Tnx bro...Good Luck...

  17. Harsha

    උපසිරසියක් තියෙනවා ඒක extract කරන්නත් බෑ delete කරන්නත් බෑ. Notification bar එකේ තියෙනවා. ඒක නිසා වෙන උපසිරසියක්වත් extract කරන්නත් බෑ. මොකක්ද කරන්නේ

    1. JD

      Mageth ehemai.mokda karanne

  18. Pramod

    Thanks machan

  19. chanu mikhail

    thank u

  20. Praneeth Edirisinghe

    බොහොම ස්තුතියි.. පුලුවන්නම් law Abiding Citizen සබ දෙන්න

  21. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  22. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    සබ් එකට ස්තුතියි!

  23. Dilshan

    මේක පරණ series ටිකට සබ් දෙන්නකෝ පුලුවන්නම්.....

  24. Anonymous

    Thank u !

  25. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි රොෂාන් සහෝ...ඔබට ජය...!!"

  26. janiya

    අඩෝ තැම්ස් මචෝ ගොඩක්. මේ වගේ ඉදිරියට එන ෆිල්ම්ස් වලටත් හොද සබ් ෆයිල් හදන්න ලැබේවා කියල මං ප්‍රාර්තනා කරනවා. ජය...

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Gihan sandeepa

    Trollhunters eka mul ewa wala subtitles hoyaganna teyanwa da.

  29. කාවින්ද

    සබ් එක සුපිරි...ට්‍රෝල්හන්ටර්ස් සීරීස් එකේ සබ් හදල දෙන්න පුළුවන්නම් වටිනව සගෝ......

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.