සැක් බ්‍රැඩ්ෆර්ඩ් කියන්නෙ සාමාන්‍ය පිරිමි ළමයෙක්. මෙයාට පොඩිකාලෙදි අසාමාන්‍ය විදියේ හීන පේන්න ගන්නවා. මේ හීනවල වෙස් මූණක් දාගත්තු පොඩි ගෑනුලමයෙකුයි, කළු ඇදගත්තු පිරිමි කෙනෙකුයි ඉන්නවා. මේ හීනවලට මේ ළමයා නිතරම වගේ බයවෙන්න ගන්නවා. මේක නිසා මෙයාගේ දෙමව්පියෝ මේ ළමයව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නනවා. ඒ වෛද්‍ය…
සැක් බ්‍රැඩ්ෆර්ඩ් කියන්නෙ සාමාන්‍ය පිරිමි ළමයෙක්. මෙයාට පොඩිකාලෙදි අසාමාන්‍ය විදියේ හීන පේන්න ගන්නවා. මේ හීනවල වෙස් මූණක් දාගත්තු පොඩි ගෑනුලමයෙකුයි, කළු ඇදගත්තු පිරිමි කෙනෙකුයි ඉන්නවා. මේ හීනවලට මේ ළමයා නිතරම වගේ බයවෙන්න ගන්නවා. මේක නිසා මෙයාගේ දෙමව්පියෝ මේ ළමයව මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නනවා. ඒ වෛද්‍යවරයා මෙයාට වෙන ප්‍රතිකාරයක් හරියන්නෙ නැති නිසා මේ ළමයගේ මතකය සුළු වශයෙන් නැති කරන්න තීරනය කරනවා. පස්සෙ මෙයා හොද සතුටින් ජීවත් වෙනවා. ඒත් අවුරුදු 13කට පස්සෙ ආයෙත් කළින් විදියටම නරක දේවල් මේ සැක් ට වෙන්න පටන්ගන්නවා. මේ වෙනකොට මෙයාට ලස්සන ගෑනුලමයෙකුත් ඉන්නවා(ෂෝන්). මේ දෙන්නා ටවුමෙන් අලුත් ගෙදරක් ගන්නවා. දවසක් මේ ගෙදර අයිතිකාර ගෑනුකෙනාගෙ තාත්තා සියදිවි නසාගන්නවා. මේක සිද්දවෙන්නෙ අර කළු ඇදගත්තු කෙනා නිසා. මේ සිද්දිය නිසා අර ගෑනු කෙනා ගොඩක් දුකට පත්වෙනවා වගේම ගොඩක් බය වෙනවා. ඊටපස්සෙ දවසක් රෑක අර ගෑනු කෙනාට අමුතු දේකින් කරදර කරනවා. මේක නිසා මෙයා මේ ගැන ෂෝන්ට අනතුරුඅගවනවා. මේ දේවල් නිසා සැක්ටත් පිස්සු වගේ. ඒක නිසා මේ දෙන්නා රණ්ඩුත් වෙනවා. මේ අතරෙදි ෂෝන්ට අමුතු දෙයක් සිද්දවෙනවා. ඒ දෙයින් මේ සේරම දේවල් සිද්දවෙන්න හේතුව සැක් දැනගන්නවා. ඉතිං මීට වඩා නම් කියන්න යන්නෙ නෑ. මේ කතාවේ අවසානෙ සිද්දවෙන්නෙ මොකක්ද කියලා තේරුම්ගන්න නම් මුල ඉදලම බලන්න ඕනි. නැත්නම් තේරෙන්නෙ නැති වෙයි.
Don’t Sleep (2017) නම් මෙම චිත්‍රපටය තිරගතවුනේ මේ වසරේ සැප්තැම්බර් 29 වනදා. ආදරණීය, අත්භූත, ත්‍රාසජනක, ගණයට අයත් වන මෙය Imdb දර්ශකයේ 3.2 වැනි සුළු අගයක් අරගෙන තිබීම නම් කනගාටුවක්. මෙහි ප්‍රධාන චරිත ලෙස Dominic Sherwood, Charlbi Dean Kriek යන අය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම Jill Hennessy, Cary Elwes, Alex Rocco, Dash Williams, Alex Carter යන අය ද රංගනයෙන් දායක වී තිබෙනවා. ඒවගේම මේ කතාව ආදරයේ ඇති සුන්දරත්වය මැනවින් විදහා දක්වනවා.
මේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මගේ තුන්වන උපසිරැසි ගැන්වීම. ඒවගේම උපසිරැසිය අරගෙන යන ගමන්ම හිත සතුටුවෙන්නත් එක්ක කමෙන්ට් එකක් දාගෙන ගියාට කමක් නෑ. මොකද ඒවා තමා තව තවත් උපසිරැසි ගෙනඒමට අපට රුකුල් වෙන්නෙ. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් යන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2,661 downloadsDownload Dont-Sleep-2017.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් නුවන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කසුන් නුවන්ත
Subtitles
17 comments
දිල්ශාන් සචින්ත
ඉෂාන්
පට්ට කතාවක් වගේ....
ස්තුතියි සහෝ....එල...ජය වේවා...Hope
Thanks machan.... balagena hitye denakan.
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kaveesha
කතාවනම් පට්ට වගෙ බාලාම බලන්න ඕන ඉතින්...දිගටම සබ් දෙමු සහෝ ජය ..
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Chanaka
ela ela saho.. ubala binda film ekak සිංහලෙන් sub ekka hodata terum athiwa balanawa. good luck බයිස්කෝප් brothers...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan......jayawewa......!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.දමිත්
උපසිරැසියට බොහොම ස්තුතියි කසුන් සහෝ.
ජයෙන් ජයSajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතිසි සහෝ,
ජයෙන් ජයම වේවා...!!අසිත
elama saho thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Anonymous
Sub එක දැන් වැඩ නෑ මචං. ගන්න ක්‍රමයක් තියෙයි ද?
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

ශා සුපිරි බාන්ඩයක් නේ බස්සලා තියෙන්නේ... මේකත් ඉතින් පට්ටම හොරර් ෆිලුමක් තමා . මමත් ඕකට සබ දාන්න කියලා හිතන් හිටියේ..ඔයා ඉස්සර වෙලා නෙව..එනිවේ, තෑන්කූ සබ් එකට දිගටම සබ් දෙමු. ජ්ය..