Watch Trailer

Prisoners of the Ghostland (2021) Sinhala Subtitles | අඳුරු දේශයක බිහිසුණු සංග්‍රාමය [සිංහල උපසිරසි] [18+]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Prisoners of the Ghostland චිත්‍රපටය 2021 සැප්තැම්බර් 17 තමයි VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) ක්‍රමය හරහා නිකුත් වෙන්න තිබුනේ. ඒත් හදිසියේම ඊයේ (14) මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන නිසා ඉක්මනටම උපසිරැසි ගේන්…

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනින්ම අළුතින්ම තිරගත උන තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. Prisoners of the Ghostland චිත්‍රපටය 2021 සැප්තැම්බර් 17 තමයි VOD (වීඩීයෝ ඔන් ඩිමාන්ඩ්) ක්‍රමය හරහා නිකුත් වෙන්න තිබුනේ. ඒත් හදිසියේම ඊයේ (14) මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන නිසා ඉක්මනටම උපසිරැසි ගේන්න පුළුවන් උනා. මේ චිත්‍රපටය 76%ක කුණු තක්කාලි කැමත්ත ලබාගන්නත්, 5.6ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Action / Thriller / Horror යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය Sion Sono විසින් සිදු කරලා තියෙන අතර මෑතකදි Pig (2021) චිත්‍රපටයෙ විශිෂ්ට රංගනයක නියුතු උන Ghost Rider (2007), Faceoff (2007), The Rock (1996), Jiu Jitsu (2020), Lord of War (2005) වැනි චිත්‍රපටවල සදා නොමැකෙන රංගනයෙන් දායක උන හොලිවුඩයේ පතාක යෝධයෙක් බඳු සුපිරි නළු Nicholas Cage “හීරෝ” ලෙසත්, The Mummy (2017), Fahrenheit 451 (2018), Hotel Artemis (2018) වැනි නිර්මාණ තුලින් හමුවූ Sofia Boutella “බර්නීස්” ලෙසත් මෙහි ප්‍රධාන චරිත වලට එක්වෙනවා.

සමුරායි නගරයේ බන්ධනාගාරගත කරලා ඉන්න නමක්, ගමක් නොදන්න කුප්‍රකට අතිශය භයානක අපරාධකරුවෙක්ට මේ නගරයේ ඉන්න ධනවත් ආණ්ඩුකාරයා වැඩක් පවරනවා. ඒ තමයි තමන්ගේ භාරව ඉඳලා අතුරුදන් උන ඔහුගේ මිනිබිරිය වන “බර්නිස්” හොයාගන්න එක. ඉතිං මේ වගේ බිහිසුණු මිනිහෙක්ට තමන්ගේ මිනිබිරිය සොයන්න භාර දෙන්න කලින් මේ ධනවතා ආරක්ෂක ක්‍රියාමාර්ගක් කිහිපයකුත් ගන්නවා. මිනිබිරිය සොයා ගන්න දවස් තුනයි තියෙන්නේ. ඒ වගේම මේ අපරාධකාරයට ලෙදර් වලින් නිමවුන ජැකට් එකක් සහිත කලිසමක් අන්දනවා. මේ ඇඳුමේ අත් දෙකේ සහ කකුල්වල පුපුරණ ද්‍රව්‍ය සවිකරලයි තියෙන්නේ, කකුල්වල කිව්වට මරු තැනක තමයි මේ පුපුරණ ද්‍රව්‍ය තියෙන්නේ. දවස් 3ක් ඇතුලට ඇයව හොයාගෙන ඇයගේ නම ඇඳුමට සම්බන්ධ මයික්‍රෆෝනයෙන් පැවසුවේ නැත්තම් මේ ඇඳුම පුපුරණවා. ඒ වගේම කාන්තාවකට සැර පරුෂව සැලකුවොත් මේ ඇඳුමේ තියන ස්නායු සංවේදක ක්‍රියාත්මක වෙලා මේ ඇඳුම පුපුරනවා. ඉතිං දවස් 3ක් ඇතුලත සාර්ථකව තම මිනිබිරිය සොයාගෙන ඇවිත් භාර දුන්නොත් මේ අපරාධකරුවට සම්පූර්ණ නිදහස ලැබෙනවා.

එහෙනම් ඉතිං චිත්‍රපටය ගැන වැඩි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ මනුස්සයට තමන්වත් බේරගෙන ආණ්ඩුකාරයගේ මිනිබිරියවත් බේරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකෝ. මේකේ වචන භාවිතය නිසා පවුලේ සැමට බලන්න බෑ කියලා මතක් කරන්නත් ඕන. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න තිසර නියෝ සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. Covid-19 උවදුර තුරන් වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

 

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,253 downloadsDownload Prisoners-of-the-Ghostland-2021.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

11,253 downloadsDownload Subtitles27 KB

26 comments

  1. Ishanm

    Thnx sub akata.. film akanam meloke rahak ne

  2. Janith

    Fast saga එකේ bluray update එක දාන්ඩකෝ

  3. Janith

    පරණ ෆිල්ම් ටිකකටයි,පරණ ටීවී සීරීස් ටිකකටයි සබ් දෙන්ඩකො පුළුවන් නම්? හින්දි නම් එපා

  4. Anonymous

    sub ekata thanks film eka nam melo rahak naa appiriyak terumak nati magulak

  5. Anonymous

    Me naluwa mta nm set wennema na
    Khomawunth thanks mchn sub ekata

  6. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  7. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Asela

    Thank you

  10. Lakshansilva18

    thanks

  11. indika75

    thanks..

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Ruchira

    Thanks for the sub!!

  15. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  16. Lahiru Lakshan

    thanks...

  17. mindika

    Thanks !!!

  18. Anonymous

    Thanks Brother

  19. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  20. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  21. Shanaka

    Thanks for sub. e unata mata film eka nam set une ma ne. mama tika balala delete kala.. :(

  22. Arawinda Sunimal

    thanks sahoo

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Anonymous

    film eka ganna barida?

  25. Dewadithya

    Thanks for Sub!

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!