කොහොමද සෙට් එකට? ඔන්න මං මගේ දෙවැනි සබ් එක අරන් ආවා. මම කලින් ගෙනාපු Defiance චිත්‍රපටය වගේ නෙවෙයි, මේක හුඟක් ප්‍රසිද්ධ වුණු චිත්‍රපටයක්. මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ “Transformers Serious, Armageddon, Pearl Harbor, Bad Boys 1,2” වගේ ජනප්‍රිය චිත්‍රපටි නිර්මාණය කළ Michael Bay කියන අධ්‍යක්‍ෂකවරයා.…
කොහොමද සෙට් එකට? ඔන්න මං මගේ දෙවැනි සබ් එක අරන් ආවා. මම කලින් ගෙනාපු Defiance චිත්‍රපටය වගේ නෙවෙයි, මේක හුඟක් ප්‍රසිද්ධ වුණු චිත්‍රපටයක්. මේක අධ්‍යක්‍ෂණය කරලා තියෙන්නේ “Transformers Serious, Armageddon, Pearl Harbor, Bad Boys 1,2” වගේ ජනප්‍රිය චිත්‍රපටි නිර්මාණය කළ Michael Bay කියන අධ්‍යක්‍ෂකවරයා. ඩොලර් මිලියන 335 කට වැඩි බොක්ස් ඔෆිස් වාර්තාවක් තබලා, 1996 අවුරුද්දේ 4 වෙනියට වැඩිම ආදායමක් ලබා ගත්තු චිත්‍රපටිය වෙන්නට මෙයට හැකි වෙලා තියෙනවා. මම හිතනවා මේ ගැන ඕගොල්ලොන්ට කලින් විස්තරයක් කළෝතින් හොඳයි කියලා. හැබැයි විස්තරය ටිකක් දිග වැඩි වෙයිද මන්දා…..
ඕගොල්ලෝ සමහර විට දන්නවා ඇති හමුදාමය “Black Operations” ගැන. Call of Duty: Black Ops ගේම් එක ගැහුව කට්ටිය මේ ගැන හොඳට දන්නවා ඇති. ඊශ්‍රාලය, බ්‍රිතාන්‍යය, රුසියාව, විශේෂයෙන්ම ඇමෙරිකාව වගේ, තමන් තමයි පොරවල් කියලා හිතන් ඉන්න; අනිත් රටවල දේවල් වලට ඇගිලි නොගහ ඉන්න බැරි රටවල් තමයි මේ වගේ මෙහෙයුම් දියත් කරන්නේ. කවුරු හරි විශේෂ කෙනෙක්ව ඝාතනය කරන්න, ඔවුන්ට ඕනෑ දෙයක් හොරකම් කරන්න වගේ යටිකූට්ටු හොර මගඩි කරන්න මේ මෙහෙයුම් යොදාගන්නවා. ජාත්‍යන්තර සිවිල්, යුධ නීති වලට පටහැනිවයි මේවා සිදු කරන්නේ. ඒක හින්දා මේ මෙහෙයුම් වලට ඔවුන්ගේ රටෙන් යන සෙබළා හෝ සෙබළ පිරිස, අහු වුණෝතින් ඔවුන් වග කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට මේ බව දන්නේ නැතිවයි සෙබළුන් මේවාට යන්නේ. යන රටේදී අහු වුණොතින් ඇපත් නෑ. ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවන්නෙත් නෑ, මොකද අනවශ්‍ය ප්‍රසිද්ධියක් ඇති වන නිසා. ඉතින් හමුදා සෙබළුන්ව බිල්ලට දීලා කරන Black Operations තමයි, මේ චිත්‍රපටියේ කතාවට පාදක වෙන්නේ.
ඉතින් අපි දැන් කතාවට බහිමුකෝ. අනේ මන්දා විස්තරේ දැනටමත් දිග වැඩියිද කියලා, කමක් නෑ ඕගොල්ලො බැන බැන හරි කියවන්න. මේ කතාවේ ප්‍රධාන චරිතයක් තමයි, බ්‍රිගේඩියර් ජෙනරාල් ෆ්‍රෑන්සිස් හමෙල්. ඔහු එකස්ත් ජනපදයේ විශේෂ හමුදා ඒකකයක් වන ‘මැරීන්’ බලකායේ බොහොම දක්‍ෂ, ඒ වගේම රටට පක්ෂපාතීව වැඩ කරපු නිලධාරියෙක්. ඉතින් මොහුත් මේ Black Ops වලට සම්බන්ධ වෙලා තියෙනවා වගේම, ඔහුගේ නායකත්වය යටතේ කරපු මෙහෙයුම් වලදී සෙබළුන් 83 දෙනෙක් මැරිලා තියෙනවා. ඔහු මේ මැරුණු සෙබළුන්ගේ පවුල් වලට වන්දි ගෙවන්න සහ Black Ops සිදු කරන එක නවත්තන්න කියලා ආණ්ඩුවට කිව්වත් ඒවායෙන් වැඩක් වෙලා නැහැ. කියලා කියලා බැරිම තැන මොහු අපූරු වැඩක් කරනවා. මුලින්ම මෙයා V.X. කියන භයානක විෂ වායුව අඩංගු මිසයිල 15ක් නාවික හමුදාවෙන් හොරකම් කරනවා. ඊට පස්සේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ තියෙන The Rock කියන අතාඇරලා දාපු හිරගෙදර, ප්‍රාණ ඇපකරුවන් 81 දෙනෙක් එක්ක අල්ලාගන්නවා. ඊට පස්සේ අර මිසයිල ටික නගරයට එල්ල කරන්න පුළුවන් විදිහට සකස් කරලා, FBI එකට කතා කරලා කියනවා මැරූණු සෙබළු 83 දෙනාගේ පවුල් වලට වන්දි ගෙවීමට, පැය 40ක් ඇතුළත ඩොලර් මිලියන 100ක් ගෙවපං, නැත්තන් මම මිසයිල ටික විදිනවා කියලා.
ඉතින් FBI එක ඇතුළු පෙන්ටගනය අන්දමන්ද වෙලා මේකට විසඳුම් හොයනවා. ඔවුන්ට අර මැරීන් සෙබළුන්ට ලේසියෙන් මුකුත් කරන්න බැහැ, මොකද ඔවුන් ගාව ප්‍රාණ ඇපකරුවන් ඉන්න නිසාත්, මේ හිරගෙදර දූපතක පිහිටීම නිසාත්. ඉතින් මොවුන්ගේ මූලික සැලැස්ම වෙන්නේ ඇමෙරිකාවේ තවත් විශේෂ හමුදා ඒකකයක් වන “Navy SEAL” භටයින් යොදාගෙන, ඔවුන්ව වතුර යටින් ගොස් දූපතේ නල මාර්ග ඔස්සේ හිරගෙදර ඇතුළට යවලා, මැරීන් සෙබළු ටික පිටිපස්සෙන් ගිහින් යටත් කරගෙන ඊටපස්සේ මිසයිල ටික නිෂ්ක්‍රීය කරලා දාන එක. ඒක හරි ගියේ නැත්තන් දෙවැනි සලැස්ම තමයි, “ත’මයිට් ප්ලාස්මා” කියන තාප විමෝචක බෝමබ හෙළලා මුලු දූපතම දූවිලි කරලා දාන එක. සල්ලි ගෙවන්න නම් මොවුන් එච්චර කැමති නෑ වගේ. ඒත් පළවැනි සැලැස්ම නම් කරන්න ටිකක් අමාරුයි. මොකද මේ වැඩේට දූපත ගැන හොඳට දන්න කෙනෙකුයි, මිසයිල ගැන හොඳට දන්න කෙනකුයි ඕනෑ වෙනවා. එතනදී තමයි ඇමෙරිකානු ආරක්‍ෂක අංශයට, සුවිශේෂී පුද්ගලයන් දෙදෙනෙකුගේ සහය ලබාගන්න වෙන්නේ.
එක්කෙනෙක් තමයි ස්ටැන්ලි ගුඩ්ස්පීඩ් කියන්නේ. ඔහු රසායන විද්‍යාව සම්බන්ධයෙන් PhD එකක් ගහපු පොරක්. ඔහු රසායනික ආයුධ විශේෂඥයෙක් විදිහට FBI එකේ වැඩ කරන ගමන් ඉන්නේ. අනිත් එක්කෙනා අමුතු පොරක්, ඔහු ජෝන් මේසන්. ඔහු බ්‍රිතාන්‍යයේ සුපිරිම හමුදා ඒකකය වන S.A.S. හමුදා කපිතාන් වරයෙක්. ඔහුත් අවුරුදු 30කට කලින් Black Operation එකකට ඇමෙරිකාවට ඇවිල්ලා මුළු ජීවිත කාලයම හිරේ වැට්ලා හිටපු කෙනෙක්. The Rock හිරගෙදර තිබ්බ් කාලේ, මේකෙන් කාටවත්ම පැනලා යන්න බැරි වෙලා තියෙනවා. ඒත් එකම එක සිරකරුවෙක් විතරක් මේකෙන් පැනලා ගිහිල්ලා තියෙනවා. ඒ තමයි ජෝන් මේසන්. ඔහු ඒ තරම්ම වැඩකාරයෙක්. දැන් මිනිහට අවුරුදු 60ක් වුණත් තාමත් වැඩකාරයෙක්.
ඉතින් මේ SEAL භටයන් ඇතුළු කණ්ඩායමට මිසයිල නිෂ්ක්‍රීය කරන්න හැකි වෙයිද? ජෙනරාල් හමෙල් කිව්වා වගේම මිසයිල ටික එල්ල කරයිද? නැති නම් බෝම්බ හෙළීමට සිදු වෙයිද? ඉතින් ඒ ගැන ඕගොල්ලොන්ට චිත්‍රපටිය බලලම දැනගන්න කියලා මම කියනවා. හැබැයි ඉහත දේවල් හැම එකකින්ම ටිකක් හරි සිද්ධ වෙනවා කියලා කිව්වොත් නිවැරදියි. ඒ කියන්නේ මේකට අමුතුම විදිහේ අවසානයක් තියෙනවා කියන එකනේ. ඉතින් චිත්‍රපටිය බලලා සබ්ස් ගැන comment එකකුත් දාලා යන්න කියලා මම ඕගොලොන්ට ආරාධනා කරනවා. එතකොට මට ඊළඟ සබ් එක, මීට වඩා හොඳට කරන්න පුළුවන් වේවි.
850 MB (BR) කොපිය මෙතනින් බාගන්න
C9CC82B7079CD4F6FB189C38BD8F76CD5EBF85FA1.80 GB (BR) කොපිය මෙතනින් බාගන්න
98F0EF7E41A5E67B72CF7AB060A3906D4626C6BE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,579 downloadsDownload The-Rock-1996.zip146 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුලස්ති විජේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුලස්ති විජේසිංහ
Subtitles
28 comments
Hewagak
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
මයිකල් බේගෙ එකක් නම් පට්ට වෙන්නැති
වෙලාවක සෙට් උනොත් බලනවා
සබට තුති
ඔබට ජය....Ranil srimal
ෂා... නියමයි, ඈ.
බොහොම ස්තූති සබ් වලට.dev
bohoma stuti saho....
Global
Niyamaine Saho. Mama Balapu Hodama Movie Ekak. Meke Hindi Movie Ekakuth Thiyenawa.
Sub Walata Godak Thanks Saho..!
CHIWETEL EJIOFOR Ragapana Aluth Movie Eka "HALF OF A YELLOW SUN" Movie Ekata Saho Kenek
Ikmanata Sub Dennako..Thanks Again..නලින්
නියමයි පුලස්ති සහෝ!
මෙකෙ බපු කොපියක් තියෙනවා! අායේ බලන්න ඔනේ!
ස්තුතියි සහෝ!
ජය වේවා!
Isu DP
Niyamai Pulasthi Sahoo......
Oya Genne Patta Katha...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PkanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Thilina
meke sub eka denakanmai indiye..බොහොම ස්තූති....!!!
SaDuN dAnUsHkA
එල එල
පට්ට චිත්‍රපටයක් වගේJack
නියමයි මචෝ. පට්ටම කතාවක්.
ස්තුතියි සබ් එකට.Naween
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...
තවත් ෆිල්ම් වලට සබ් දෙන්න ඔබට ජය....!ෂෙහාන්[Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Kulanjana Maduranga
meka nm pattai wge.subata thanks PULASTHI saho.digatama sub demu.jaya wewa............
udayanga
පරණ උනාට මේවගේ ඒවා තව දුන්නට කමක් නැහැ.......මම දවසට දෙපාරක් මෙතැනට එනවා.හොඳ එකක් තිබුනොත් බානවා.අලුත් ඒවා දෙන්න.....වැඩක් ඇති ඒවා....දුන්න එකට ස්තුතිය
Ashoka
katawe wistharaye hatiyata super film ekak wage.thank sub ekata
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
Dulanga
thanks
hashan
මම සාමන්‍යයෙන් වැඩිපුර comment කරන කෙනෙක් නෙමෙයි :D මේකටනම් නොදා ඉන්න හිතුනේ නැ!
Movie එක කලින් බලලා තිබුනත් මේ විස්තරය කියෙව්වම ආයෙම බලන්න හිතුන :)
නියමයි පුලස්ති.......Bhanuka
ado ela...man meka baladdi hithuwe ube nama thiyena wena kawru hari sub damma kiyala...dan thama uba kiyala anne...ela ela machan...ape ekekuth sub dammane....sub eka gananam ahanna deyak na...uba ithin kadda kaapar ne....ela ela digatama mehema demu pula....:-) (bassa)
රොයිලි
බොහොම ස්තූතියි පුලස්ති සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකෙක් නොවැ තෝරගෙන තියෙන්නෙ. ඔන්න අදයි බාගන්නෙ. ජය෴෴ :P :P
Mithun Sriyantha
ඇත්තටම qwot මමත් ටික කාලෙක ඉදල මෙ සයිඩ් එකට පිස්සු වැටිල ඉන්නෙ, ඔයාල මෙ කරන සෙවෙට , සබ් දෙන ෆිලුම් දැකල, command දැකල මමත් දැන් පිස්සුවෙන් වගෙ ෆිලුම් බාගෙන බලනව...... මෙ ෆිලුම් එක කලින් බළල තිබුනත් මෙ විදියට අයෙ බලන්න ලැබෙයි කියල හිතුවෙ නැ, බයිස්කෝප් සයිඩ් එකට පිං අයිතිවෙන්න මෙ සුපිරි ෆිල්ම් එක ඔන්න මාත් බාගත්ත .
Thank dr සබ් එකට බයිස්කෝප් සයිඩ් එකට තුති .Wicki
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Janith Sachintha
mewan sab thawath karanna shakthiya labewa obata bohoma sthuthi pulathisi wijesinghe mahathmaya
Pasan
Thx sahoo
sadeepa
thanks for the sub brother...............
Advertisement
![The Rock (1996) | ඇමෙරිකාවට එරෙහිව ඇමෙරිකාව? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/the-rock1996.jpg)

Thanks Macho....