ඉන්දියාව සහ පාකිස්තානය කියන්නෙ නිතරම යුද වැදි රටවල් දෙකක්. 1971 දි ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වුනු යුද්දය වර්තමානයේ බංගලාදේශය නමින් හඳුන්වන නැගෙනහිර පාකිස්තානයේ ස්වාදීන සටනේදි ඇති වූ යුද්දයක්. එය 1971 දෙසැම්බර් 03 වනදා ආරම්බ වී දෙසැම්බර් 16 වනදායින් අවසන් වුනා. දින 16ක් පුරා පැවති ඒ යුද්දය ඉති…

ඉන්දියාව සහ පාකිස්තානය කියන්නෙ නිතරම යුද වැදි රටවල් දෙකක්. 1971 දි ඉන්දියාව හා පාකිස්තානය අතර ඇති වුනු යුද්දය වර්තමානයේ බංගලාදේශය නමින් හඳුන්වන නැගෙනහිර පාකිස්තානයේ ස්වාදීන සටනේදි ඇති වූ යුද්දයක්. එය 1971 දෙසැම්බර් 03 වනදා ආරම්බ වී දෙසැම්බර් 16 වනදායින් අවසන් වුනා. දින 16ක් පුරා පැවති ඒ යුද්දය ඉතිහාසයේ කෙටිම යුද්දයක් බවට සඳහන් වෙනවා. 1971 දෙසැම්බර් 16 වෙනිදා ධකා හිදී ගිවිසුම් අත්සන් කර පාකිස්තානය ඉන්දියානු හමුදාවට යටත් වෙනවා වගේම ඉන්දියාව යුද්දය ජයග්‍රහනය කරනවා. ඒ වගේම නැගෙනහිර පාකිස්තානය බංගලාදේශය නමින් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙනවා.
මේ සටන සිදු වෙලා දැන් වසර 46ක් ගත වෙලා අවසන්. ඒ වගේම මේ යුද්දය ගැන බොහෝ චිත්‍රපටි නිපදවුනා. Border , 1971(2007), 1971: Beyond Borders (2017 Malayalam), Gunday (2014), Children of War (2014), The Ghazi Attack (2017) වැනි බොලිවුඩ් චිත්‍රපටි වගේම බංගලාදේශ චිත්‍රපතිත් බොහෝ නිපදවුනා. Meghna Gulzar අධ්‍යක්ශනය කරපු මේ චිත්‍රපටියටත් පාදක වෙන්නෙ මේ 1971 ඉන්දු පාකිස්තාන යුද්දයම තමයි. The Ghazi Attack (2017) කියන චිත්‍රපටියට මේ චිත්‍රපටිය ගොඩක් සම්බන්දයි. The Ghazi Attack ප්‍රහාරයට කලින් සිදු වූ සිද්දීන් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නෙ.
අපේ ත්‍රිවිධ හමුදාවම එකතු වෙලා.
1971 දි පාකිස්තානයට විරුද්දව යුද්දය ජයග්‍රහනය කලා.
ඒ යුද්දෙයේ සාක්ශිකාරයින් වුනු අපේජ්‍යෙෂ්ඨ නිලධාරීන්
කරපු කැප කිරීම් අපිට කවදාවත් අමතක කරන්න බෑ.
ඒ විතරක් නෙවෙයි,
යුද බිමේ සටන් වැදුනු අය…
සැතපුම් ගානක් ඈතින් ඉඳන් සටන් කරපු අය
අපේ හමුදාවන්ට උපකාර කලා.
අපේ බුද්ධි අංශයේ නිර්භීත නිලධාරීන්
ගත් පියවර තාමත් මගෙ මතකයේ රැව් දෙනවා.
ඔවුන් අතරෙ එක අවුරුදු 20ක ගෑනු ළමයෙක්
හැම සීමාවක්ම පහු කරල ගියා
තමන්ගෙ රට ජාතිය වෙනුවෙන්…ඉන්දියාව වෙනුවෙන් ඔත්තු බලන එකට
පාකිස්තානෙන් සම්බන්දකම් තියා ගන්න එක වෙනම දෙයක්.
ඒත් මේ අහිංසක කෙල්ලෙක්.
ඔත්තු බලන එක ගැන දන්නෙවත් නැති පොඩි කෙල්ලෙක්.
එයා ඔයාගෙ දුව හිදායත්.නෑ එයා ඉන්දියානුවෙක්!
පුතේ,
මම කැමතියි ඔයා මගෙ තැන ගන්නවට.
ඉන්දියාවෙ ඇස් දෙකයි කන් දෙකයි වෙලා…
පාකිස්තානෙ ඉන්න.තමන්ගෙ දේශය තරම් වෙන කිසිම දෙයක් වැදගත් නැහැ.
තමන්වත් නැහැ.
ඒක වැරැද්දක් නම්…
රට ආරක්ශා කරන්න පුත්තුන්ව හමුදාවට යවන එකත්….
වැරැද්දක් වෙන්න ඇති.
Meghna Gulzar ගේ අධ්‍යක්ශනයෙන් Vineet Jain, Karan Johar, Hiroo Yash Johar, Apoorva Mehta ගේ නිශ්පාදනයෙන් මේ චිත්‍රපටිය එලියට එන්නෙ 2018 මැයි මාසෙ 11 වෙනිදා. Harinder Sikka ගේ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචිත Calling Sehmat නම් කෘතිය පාදක කරගත් මේ කතාවෙ Alia Bhatt සමගින් Vicky Kaushal, Rajit Kapur, Shishir Sharma, සහ Jaideep Ahlawat රංගනයෙන් දායක වෙනවා. සංගීතය අධ්‍යක්ශනය කරන්නෙ Shankar–Ehsaan–Loy විසින්. ගි පද රචනය Gulzar. ගීත ගායනයෙන් Arijit Singh, Harshdeep Kaur, Vibha Saraf, Satyajeet Jena Shankar Mahadevan සහ Sunidhi Chauhan එක් වෙනවා.
2018 ජූූනිි මස පවැත්වුනු NBT Utsav Awards සම්මාන උලෙලේදී Alia Bhatt මේ චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය ලබා ගත්තා. ඒ වගේම Indian Film Festival of Melbourne හි හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ශනය සහ හොඳම නිලිය වෙනුවෙන් නිර්දේශ වී තිබෙනවා. කෝටි 35ක වියදමින් නිපදවුනු මේ චිත්‍රපටිය දැනට කෝටි 193 ක ආදායමක් ලබා 2018 බොක්ස් ඔෆිස් වාර්තා අතර 5 වන ස්තානයේ රැඳී තිබෙනවා. ඒ වගේම කාන්තා චරිතයක් ප්‍රධාන කරගත් චිත්‍රපටි අතරින් මුල් ස්තානයක සිටිනවා.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාන් යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
25,501 downloadsDownload Raazi-2018.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
93 comments
Prasad Randunu
samanr23
බොහෝ ම ස්තූතියි නංගෝ.... දිගටම සබ් කරන්න.ජයෙන් ජයම වේවා..
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sub ekata.. digatama sub demu...
Kavishal Rasintha
නියමයි අක්කෙ... හොද film එකක්.. Tnxs සබ් එකට. Gd luck for future and keep continue...
oshanda
බොහෝ ම ස්තූතියි නංගෝ….
THE NEW FOLDER
බොහෝම ස්තූතියි
ජයෙන් ජයම වේවා..supun bro
Thank you
gihan perera
ගොඩක් ස්තුතියි නංගා් වෙච්ච මහන්සියට....දිගටම හින්දි වලටම උපසිරැසි දෙන්න...තාම sanju film එකේ හොඳ copy එකක් ආවේ නැද්ද..එ්කටත් උපසිරැසි දෙන්න බලන්න නංගා්...ජය වෙිවා.....
Kovidu
පට්ට ෆිල්ම් එකක්, බොහොමත්ම ස්තූතියි අමා අක්ක, රේටින්ග්ස් ස්ටාර් 5 ටත් ඊටත් වැඩියෙන් ස්තූතියි................. සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!! ජය!!!!!
Thisal
ස්තූතියි……
Medmc
Thank you!! ✌️
MR
enakal balan hitiye. thank you akka!!! digatama sub demu. jayawewa!!!
SanjulaJeter
thanks
chathurangi93
Raazi enakan balagena hitiye. Gdaaaak Thankzzz!
madushangamage
thankes.....
Virajudara
Thank you Bosss
kumaradasa
bohoma stutie api wanuwan kalaya kapa karala mahansi wala sub danawata
Asiiidhananjaya
දන්න කෙනෙක් ෆිල්ම් එකේ ටොරෙන්ට් ලින්ක් එකක් දාන්නකො ....
Kavishal Rasintha
Baiscope download එකේ තියෙනවා සහෝ.. Torrent and Direct දෙකම...
bhanuka dhananjaya
Raazi (2018) Hindi 720p HDRip x264 AAC ESubs - Downloadhub .mekat sub eka resync karala denna puluwann nm loku udawwak wei sis...
thnx sub ekataHemantha De Silva
ස්තුතියි අමා...
M.W. Dilhani
thank you so much
Kapila4499
thank for sub dear friend
Milind@
Thanks saho
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ThilinaDinelka
සබට Thanks
Saranga J. Liyanagama
බොහෙම ස්තුතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයThirasha
thanks sub ekata.jaya wewa
Nirosh C
ස්තුතියි දහරා.ජයවේවා!
tishantha
thanks....
Hemal
Thank You
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
wnrodrigo
Good work friend, Thanks!
Mendis
ස්තූතී සබ් එක ට....
D.Chamara
bohoma sthuthi sis .....
දිලා
තැන්ක්ස් ඔයාට තව සුපිරි එකක් ඕනි
subodha
Thanks
summa@123
film eka ganna link ekak denna plz
Nimach273
Thanks nangi sub akata jaya wewa
nalin.kumara0510
Thanks bro good luck
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sampa
Thank you very much
aks
Thanks...
kodagoda
tnx naga
LRTL DE SILVA
super....
Dhruva Natchathiram 2017 vikramge movie sub denna.Chami.S
Thanks..
Good Luck..W.A.Rumesh
Thanks...
JF6996
Downloading............................
Thanks Muthu AmaKaushan Herath
Thanks 4the Sub
Helili Hemamali
දැන් තමයි බලලා ඉවර වුනේ.. කතාව පුරාම ජීවත් වුනා වගේ දැනුනා, වෙලාව යනවවත් නොතේරෙන තරමට! මුතු අක්කේ, බොහොම ස්තූතියි! තවත් නිර්මාණයකින් හමු වෙමු.
lahirusasanka
Hope aur hum 2018
high jack 2018
duck duck goose 2018Filmes walata sinhala sub dennako..
supiri comedy movies tikak..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

BOHIMA STHUTHI... DIGATAMA ME WAHE SUPIRI FILMS DENNA AKKA !