Watch Trailer

1971: Beyond Borders (2017) Sinhala Subtitles | යුද්ධයේ සැබෑ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයේ ආවා.මේක අයිතිවෙන්නේ Action War කියන ප්‍රභේදවලට.1971දී සිද්දවුන ඉන්දු-පාකිස්ථාන යුද්ධය සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා තමයි මේ ෆිලුම නිර්මාණය වෙන්නේ.සාමාන්‍යයෙන් මේ විදියේ War ෆිලුමක් බලන්න ගොඩක් අය කැමතියිනේ.ඒ නිසා මලයාලම් ෆිලුම් බලන නොබලන හැමෝටම මේක බලන්න…

 

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයේ ආවා.මේක අයිතිවෙන්නේ Action War කියන ප්‍රභේදවලට.1971දී සිද්දවුන ඉන්දු-පාකිස්ථාන යුද්ධය සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා තමයි මේ ෆිලුම නිර්මාණය වෙන්නේ.සාමාන්‍යයෙන් මේ විදියේ War ෆිලුමක් බලන්න ගොඩක් අය කැමතියිනේ.ඒ නිසා මලයාලම් ෆිලුම් බලන නොබලන හැමෝටම මේක බලන්න කියලා මුලින්ම ආරාධනා කරනවා! ෆිලුම අධ්‍යක්ෂනය කරන්නේ මෑත අතීතයේ හුඟක් ජනප්‍රිය වුන මලයාලම් ෆිල්ම් වන Action Hero Biju(2016), Anarkali(2015), Picket 43(2015) වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කල Major Ravi විසින්.ඉන්දියාවේ හුඟක් ප්‍රවීණ ඒ වගේම ජනප්‍රිය නළු නිලියෝ මේ ෆිලුමට දායකවෙලා තියෙනවා.මම Mohanlalගේ ෆිලුමකට සබ් කරන පලවෙනි වතාව තමයි මේක.බොලිවුඩ් සිනමාවේ චිත්‍රපට රැසක ප්‍රතිවීර චරිතය රඟ පෑ Arunoday Singh මේ ෆිලුමේත් ඒ විදියේ නමුත් තරමක් වෙනස් වූ චරිතයකට පණ පොවනවා.ඒ වගේම ෆිලුමට අපිව ප්‍රවේශ කරන්නේ මලයාලම් ප්‍රවීණ නළු,Mammootty ගේ කටහඬින්,ඒ කියන්නේ අපේ මලයාලම් රසිකයෝ ගොඩක් අය දන්න Dulquer Salmaanගේ තාත්තා.ඒ වගේම තෙලිඟු සිනමාවේ Superstar කෙනෙක් වන Allu Arjunගේ මල්ලී Allu Sirish ෆිලුමේ කැපී පෙනෙන තවත් චරිතයකට පණ පොවනවා.

චිත්‍රපටිය තිරගතවීම් ඇරඹුවේ මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ.ඒ වගේම මේක දමිළ සහ තෙලිඟු භාෂා වලින් හඬකවලා සමගාමීව තිරගත වෙනවා.ඉන්දියාවේ කේරලයේ,රාජස්ථාන් වල,ජම්මු-කාශ්මීරයේ වගේම ජෝර්ජියාවෙත් මේක රූපගත කරලා තියෙනවා.මලයාලම්,දමිළ සහ හින්දි කියන භාෂාවලින් මෙහි ගීත ඇතුලත් වෙනවා.

කතාව ගැන කියන්න කලින් ෆිලුමේ පසුබිම ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතිලා 1947දී නිදහස ලබද්දී ඉන්දියාවේ භූමියෙන් කොටසක් වෙන්වෙලා පාකිස්ථානය නිර්මාණය වෙනවා.ඒත් එකක්ම නැගෙනහිර පාකිස්ථානය කියලා තවත් කොටසක් ඉන්දියාවේ නැගෙනහිර පැත්තෙන් නිර්මාණය වෙනවා.පාකිස්ථානය එක්ක ගොඩබිමෙන් සම්බන්ධ නොවුන මේ භූමියත් මුලින් පාලනය කරන්නේ පාකිස්ථානය විසින්.ඒත් නැගෙනහිර පාකිස්ථානයේ සිවිල් වැසියන් ස්වාධීන පාලනයක් ඉල්ලමින් මුල් කාලයේ ඉඳලම විවිධ අරගල දියත් කරනවා.මේවා උච්චතම අවස්ථාවකට එන්නේ 1971දී.අරගල පාලනය කරන මුවාවෙන් පාකිස්ථානු හමුදාව නැගෙනහිර පාකිස්ථානයේ ස්වදේශී බෙංගාලි වැසියන්ට විවිධ හිංසා පීඩා සිදුකරනවා.ඒ හේතුවෙන් මිනිසුන් ලක්ෂ ගානක් සරණාගතයින් විදියට ඉන්දියාවේ දේශසීමා වලට එනවා.අන්තිමේදී ඉන්දීය රජය මොවුන් සරණාගතයින් ලෙස භාරගන්න තීරණය කරනවා.නැගෙනහිර පාකිස්ථානයේ අරගලයට ඉන්දියාව වරින් වර සිදුකල මැදිහත්වීම් ගැන කුපිතවුන පාකිස්ථානය ඉන්දියාවට ගුවනින් ප්‍රහාර එල්ලකරනවා.එයින් තමයි මේ 1971 ඉන්දු-පාකිස්ථාන යුද්ධය නැත්නම් බංග්ලාදේශ යුද්ධය ආරම්භ වෙන්නේ.මේකෙදි ඇමෙරිකාව පාකිස්ථානයටත් රුසියාව ඉන්දියාවටත් විවිධ අයුරින් සහය පළකරනවා.කොහොමවුනත් දහස් ගණනකට මරු කැඳ වූ මෙම යුද්ධය ඉන්දියාවට ජයග්‍රණය අත්කරදෙමින් අවසන් වෙනවා.මෙතනදී තමයි නැගෙනහිර පාකිස්ථානය වර්තමාන බංග්ලාදේශය විදියට පාකිස්ථානු පාලනයෙන් නිදහස් වෙලා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වන්නේ.

ෆිලුමේ ඇතුලත් වෙන්නේ සහදේවන් කියන හමුදා මේජර්වරයා මේ යුද්ධයේදී ලබන අත්දැකීම ගැන.ෆිලුම පටන්ගන්නේ වර්තමාන කාලයෙන්.ඒ පාකිස්ථානු හමුදා නිලධාරියෙක් සහ ඉන්දීය හමුදා නිලධාරියෙක් ජෝර්ජියාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමකදී එකිනෙකා හඳුනාගන්න අවස්ථාවෙන්.එතැනදී මේ අය එකෙනෙකා දැනගන්නවා,1971 යුද්ධයදී පෙරමුණේ සිටි බල ඇණිවල අණදෙන නිලධාරීන් විදියට තමන්ගේ තාත්තලා තම තමන්ගේ රට වෙනුවෙන් සේවය කලා කියලා.ඒ වගේම මෙතන තව විශේෂත්වයක් තියෙනවා.මොවුන්ගෙන් එක් අයෙකුගේ පියෙක් යුද්ධය අවසානයේ මියයනවා.නමුත් මොහුගේ නිර්භීතභාවය ගැන සඳහන් කරමින් අනෙකාගේ පියා ලියපු ලිපියක් මළ සිරුරේ ඇඳුමේ සාක්කුවක තිබිලා හම්බෙනවා.මේක නිසා මේ නිලධාරියට මරණින් පසු හමුදා නිලධාරියෙක් විදියට ලැබෙන්න පුළුවන් උපරිම ගෞරව නාමය ලැබෙනවා.මේ සිද්දිය ගැන හෙළිකිරීම තමයි මුලින්ම ෆිලුමේ තියෙන්නේ. ඉන්පස්සේ තමයි මේකට මුල් වුන යුද්ධය ගැන සහ තමන්ගේ අත්දැකීම් ගැන මේ සහදේවන් කියන හමුදා නිලධාරියා එයාගේ මුණුපුරු මිනිපිරියන්ට කියන කතාව ෆිලුමේ අඩංගු වෙන්නේ.

ෆිලුමේ කතාව ගැන හරියටම විස්තරයක් කරන්න ගියොත් මුළු ෆිලුමම මෙතන කියන්න වෙනවා.ඒකයි සම්පූර්ණ කතාව නොකියවෙන විදියට සමහර නම් ගම් හරියට නොකියා පොඩි හැඳින්වීමක් විතරක් කලේ.ඕනෙම යුද්ධයක තියෙන නිරර්ථක බව,එයින් නිකරුනේ විනාශවෙන වටිනා ජීවිත ගැන,ජාති-ආගම් විදියට බෙදිලා පුහු ගැටුම් ඇති කරගන්න එකේ ආදීනව ගැන වටිනා පණිවිඩයක් ෆිලුමෙන් ලබා දෙනවා.ෆිලුම ඉවරවෙන්නේ අපිට හිතන්න යමක් ඉතුරුකරලා.ඉතින් අවසාන වශයෙන් මේ විදියේ ලස්සන ෆිලුමක් බලන්න ආයේ දෙපාරක් හිතන්න එපා කියලා මතක් කරනවා!

තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු! එතෙක් ඔබට ජය!

 

1971: Beyond Borders (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

1971 Beyond Borders (2017) Malayalam DVDRip x264

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

6,514 downloadsDownload 1971-Beyond-Borders-2017.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

6,514 downloadsDownload Subtitles52 KB

26 comments

  1. Lahiru

    Thnx for subtitles shivalinga film akata sub dennako

  2. Madusha Bandara

    THanks For the SUB

  3. එල්.සී. දමැල්

    Thanks wewa sub ekata
    Thawath film ekakin ikmanin hamu wemu...

  4. Sisila Prasad

    එදා මෙදා තුර මලයාලම් චිත්‍රපට ඉතිහාසයේ බිහිවුණු දැවැන්තම නිර්මාණයක් විදියට කිසිඳු සැකයකින් තොරවම හඳුන්වාදෙන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, මෝහන්ලාල්ගේ අති විශිෂ්ට රංගනය, ඇඟ කිලිපොලා යන්නාවූ පසුබිම් සංගීතය, දේශාභිමානි දෙබස්... මේ හැම දේකින්ම මට නම් දැනුනේ මාත් යුධ භුමියේ ඉන්නවා වගේ හැඟීමක්. විටෙක ඔබගේ හදවත විරෝධාරත්වයෙන් පිරී ඉතිරී යාවි. තවත් විටෙක ඔබගේ හදවත හඬා වැලපේවි. විශේෂයෙන්ම කියන්න ඕනේ, යුද්ධ ටැංකි සටන් දර්ශන ඉතාමත්ම තාත්වික විදියට රූගත කරලා තියෙනවා. ඉන්දියානු යුධමය චිත්‍රපටයක් මේ තරම් විශිෂ්ට අයුරින් නිර්මාණය කරලා තියෙනවා දැක්ක පළවෙනි අවස්ථාව. ලැබිලා තියෙන imdb අගය ගැන නම් කිසිසේත්ම සෑහීමකට පත්වෙන්න අමාරුයි. චිත්‍රපටය නරඹන හැමදෙනාටම අවසානයේ ඒ ගැන තීරණයකට එන්න පුළුවන්. මගේ තක්සේරුව නම්, 8.5/10 යි. අනිවාර්‍යයෙන්ම හැමකෙනෙක්ම නැරඹිය යුතුයැයි ඉහලින්ම නිර්දේශ කරනවා. එතරම් විශිෂ්ට නිර්මාණයක්.
    මේ වගේ නිර්මාණයක් තෝරාගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා, සහෝ. ඉදිරියටත් මේ වගේ විශිෂ්ට නිර්මාණයන්ගෙන් හමුවෙමු, ජයවේවා!!!

  5. Samitha

    Thnkzzz bro

  6. Chalana

    thnx bro...

  7. mahesh babu

    Thank's for sub bro.......
    Anarkali(2015) movie 1tath sub demu
    Jaya wewa!!!!!!

    1. තරිඳු රසාංග

      Anarkali (2015) අපේ වෙනත් උපසිරැසිකරුවෙක් භාරගෙන තියෙනවා සහෝ,එයා ඒක ඉක්මනට අරගෙන ඒවි!

  8. kumara

    මොහාන්ලාල්. මැමූති ආයෙ මොන කතාද... සුපිරියට ඇති.. බොහෝම ස්තූතියි මල්ලි... අපි වෙනුවෙන් කරන මේ සේවයට ගොඩාක් පිං.......

  9. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    මලයාලම් ෆිල්ම් බලන්නෙම නැති තරම්.ඒත් ලිපිය කියෙවුවට පස්සේ බලන්නම හිතුනා. ඒ කරලා කමෙන්ටුවක් දාන්න පහලට ගියාම සිසිල සහො ලිපියට නොදැවිනි කමෙන්ටුවක් දාලා. දැන්නම් අනිවා බෑමක් තමයි අදම!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  10. SPD

    වැඩ දහසක් තියාගන අප වෙනුවෙන් කරන මේ සේවයට බොහොම ස්තුතියි මචන්. මේක පට්ටම ෆිලුමක් මම නම් බලලා ඉවරයි ඒ වුනත් සිංහල සබත් එක්ක ආයෙම බලන්න ආසයි. ඒ නිසා ඉතින් ඔන්න බා ගත්තා. මට හිතෙන විදියට නම් මේකේ IMDB අගය ගැන නම් සෑහීමකට පත්වෙන්න අමාරුයි. මේකට ඊට වඩා එන්න ඕන. උඹ ලිපියත් එලටම දීලා තියනවා මචන්. මෙහෙම ලිපියකුත් කියවල මේ ෆිලුම නොබලා යන අයට ඉතින් පව් කියලා තමයි කියන්න තියෙන්නේ. එල මචන්. ඉදිරි ගමනට සුභ පතනවා. ජයෙන් ජයම වේවා..!

    තවත් මලයාලම් ෆිලුමකට ඉක්මනට සබක් ඕනේ හොඳේ...

  11. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    හොඳ කතාවක් වගේ...
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!
    සිසිලගේ කමෙන්ට් එකක් දැක්කත් ෆිලුම ගන්න හිතෙනවා...

  12. කසුන් සංජය

    මමත් බලපු සුපිරි ෆිලුමක් සහෝ මේ වගේ සුපිරි ෆිලුම ඉස්සරහටත් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    තරිදු රසාංග සහෝ ඔබට ජය!!

  13. Kulanjana Maduranga

    niayamai…patta filumak..malayalam nm aniwa bamak thama..thanks saho..sub ekata..thawa malayalam film walata sub demu.jaya wewa……

  14. Riz

    White.Girl.2016.720p.BluRay.x264-[YTS.AG] sinhala sub eka nadda kollone

  15. Niram Suresh

    හොය හොයා හිටියේ බං ජය ජය සුභ සුභ ඈ

  16. gayan

    බොහොම ස්තූතියි.....

  17. mahesh babu

    Reply 1ta bohoma sthuthi Tharindu bro.....
    Jaya wewa!!!

  18. Palitha de Silva

    thankyou verymuch..

  19. Chami.S

    Thanks...

  20. Lushan Kuruppu

    Thanks Bro!

  21. kottege mendis

    ස්තුතියි සහෝ.. දෙවි පිහිටයි !....

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. අසිත

    elama saho thanks

  24. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  25. rangika Kariyawasam

    Thanks sahoo...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.