Watch Trailer

Sharmeelee (1971) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි සුන්දර සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් හයවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. ඊළඟට මොකද වෙන්නේ කියා දිගටම නරඹන්නට සිතෙන කුතුහ…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් හයවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. ඊළඟට මොකද වෙන්නේ කියා දිගටම නරඹන්නට සිතෙන කුතුහලයෙන් පිරි අගනා සිනමා පටයක්. මෙහි කතා සාරාංශය වන්නේ, කාංචන් සහ කාමිණී නිවුන් සොහොයුරියන්ය. “කාංචන්” කතාබහ ඉතාමත් අඩු අහිංසක තරුණියක් වන අතර “කාමිණී” ඉතා කඩිසර සෙල්ලක්කාර තරුණියකි. කාංචන්ව මංගල යෝජනා හරහා විවාහ කර දීමට ඇයගේ දෙමවුපියන් කොපමණ උත්සාහ කළත් එය සාර්ථක නොවන්නේ ඇය බාහිර සමාජයෙන් වෙන්වී මුළු ගැන්වී සිටින චරිතයක් නිසායි. ඒ පැමිණෙන බොහෝ අය කාමිණී විවාහ කර ගැනීමට කැමැත්ත පළ කරයි. මේ අතර “කාමිණී” තම යෙහෙළියන් සමඟ ශීත කඳුකර පෙදෙසක විනෝද ගමනක් යයි. එහිදී යුධ හමුදාවේ සේවය කරන “කපිතාන් අජිත්ව” හමුවී පෙම් සම්බන්ධතාවයක් ආරම්භ වන අතර ඊට පසුදින සියළු තරුණියන් ආපසු ගිය නිසා අජිත්ට ඇයගේ තොරතුරු ලබා ගැනීමට නොහැකිවේ. මේ නිසා ඔහු කනස්සල්ලට පත්වේ.

අජිත් දෙමවුපියන් නොමැති කෙනෙක් වන අතර ඔහුව හදාවඩා ගන්න ලද්දේ පල්ලියේ ජෝසෆ් පියතුමාය. ඔහු “කාංචන්’ගේ පවුලේ කිට්ටුම හිතවතෙකි. කාංචන් ගැන අනුකම්පාවෙන් සහ සෙනෙහසින් සිටින ඔහුට අවශ්‍ය වන්නේ අජිත්ට ඇයව විවාහකර දීමටයි. අජිත් කඳවුරින් නිවාඩු ලබා පැමිණි විට කාංචන් බැලීමට ඔහුව කැඳවාගෙන යයි. එහිදී මේ අහිංසක විධියට රඟපාන්නේ කාමිණී යයි වරදවා තේරුම් ගෙන ඔහු එම විවාහයට කැමති වුවත් දින කීපයකින් මේ නිවුන් සොහොයුරියන් බව දැනගෙන කාංචන්ට සිය අකමැත්ත ප්‍රකාශ කර කාමිණී සමඟ ඇසුරු කරයි. විවාහයටද දිනයක් ද නියම කර ගනී. නමුත් මේ අතරතුර කාමිණී මීට පෙර ඇසුරු කළ පෙම්වතෙක් ඇයට හමුවේ. මෙහිදී අජිත් සහ ඔහු අතර ගැටුමක්ද ඇතිවේ. සමාජයේ දාමරික වැඩ කරනා පුද්ගලයෙක් වූ ඔහු, කාමිණීට තර්ජනය කර තමාව දිගටම ආශ්‍රය කරන ලෙස ඉල්ලා සිටී. කාමිණී තමාට පාඩුවේ ජීවත්වීමට දෙන ලෙස ඉල්ලා සිටියත් පසුව උපක්‍රමිකව ඔහු කාමිණීව කොටුකර ගනී. ඔහුගෙන් බේරෙන්නටම නොහැකිවූ විට කාමිණී තමාගේ කාරයට යටකර ඔහුව මරා දමයි. එම කාරයට මළ සිරුර දමා ගඟකට පෙරළා දමා ඇයද අතුරුදහන් වූ ලෙස සමාජ ශාලාවක, සමාජ විරෝධී වැඩ කරමින් ජීවත්වේ. ඇයගේ හැඩරුවට සමාන අහිංසක කාංචන්ට මෙතැන් සිට ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. ශෂී කපුර්, රාකී සහ නසීර් හුසේන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත.

මෙම වෙබ් එකේ පැරණි හින්දි හෝ ඉංග්‍රීසි සිනමාපටයක් ඩවුන්ලෝඩ් කිරීමට 1000 ක් පමණ පිරිසක් එදා සිටියත්, අද එය 50 ක් පමණ ඉතාමත් අඩු තත්වයකට පත්වෙලා. එයට හේතුව පසුගිය කාලයේ එම ඩවුන්ලෝඩ් කරන්නන් දිනපතා මෙම වෙබ් එකට පැමිණ “හිස් අතින්” ආපසු යාමට සිදුවූ නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි සිනමාපට සබ් කරන්නන් තව එකතු වෙනවා නම් කොපමණ වටිනවාද?

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Sharmeelee 1971 – Dramatic Movie | Shashi Kapoor, Rakhee, Nazir Hussain, Narendra Nath. යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස්පහයි, තත්පර හතළිස් දෙකක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,022 downloadsDownload Sharmeelee-1971.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,022 downloadsDownload Subtitles39 KB

11 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. D P Gamage

    හින්දි සිනමා වංශ කතාවේ නොමැකෙන සිනමාපටයක් ලෙස මා මෙය දකින්නේ. ඉතා වටිනා සිනමාපටයකට ඔබ මේ සබ් දීලා තිබෙන්නේ. ස්තුතියි විතානගේ!

  3. කවිඳු ජයවර්ධන

    ලබා දුන් උප්සිරැසියට බොහොම ස්තුතියි..දිගටම පැරණි ගුණාත්මක හින්දි සිනමාපටවලට උපසිරැසි ලබා දෙන්න.!!!...ඔබට ජය..!!!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. W T Ajith

    Good work, Thanks for your sub.... I like Amithab Bachchan movies.
    .

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  7. nirmal

    thank you for the sub

  8. Ajith

    පට්ට ෆිල්ම් එකක්..බොහොම ස්තුතියි සහෝ

  9. Anonymous

    සබ් එකට බොහොම ස්තුතියි..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.