Watch Trailer

The Priests (2015) with Sinhala Subtitle | ආවේශය! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම!මම අදත් කොරියානු බයිස්කෝප් එකක් අරන් තමයි ආවෙ වෙනද වගේම.මං හිතනවා ”kundo:age of the rampant’‘ චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා.බැලුවෙ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙදා පාර අරන් ආවෙ නම් ටිකක් බය හිතෙන බයිස්කෝප් එකක්.ටිකක් කිව්වට ටිකක් වැඩිපුරත් එක්ක බය වෙන්න පුලුවන්.අ…

The Priests (2015)
ආයුබෝවන් හැමෝටම!මම අදත් කොරියානු බයිස්කෝප් එකක් අරන් තමයි ආවෙ වෙනද වගේම.මං හිතනවා ”kundo:age of the rampant’‘ චිත්‍රපටිය හැමෝම බලන්න ඇති කියලා.බැලුවෙ නැත්නම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මෙදා පාර අරන් ආවෙ නම් ටිකක් බය හිතෙන බයිස්කෝප් එකක්.ටිකක් කිව්වට ටිකක් වැඩිපුරත් එක්ක බය වෙන්න පුලුවන්.අපිත් ආසයිනේ ඒ වගේ බයිස්කෝප් වලට.පැහැදිලිවම කිව්වොත් ශරීරයකට වැහුණු යක්ෂ ආත්මයක් එළවන හැටි තමයි මේකෙ තියෙන්නෙ.මං හිතනවා ඔයාලත් කැමති වෙයි කියලා.මං බය නැතුව කියනවා මේක බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ කියලා.”The Priests” මේ චිත්‍රපටිය ඉස්සරලම තිරගත කරලා තියෙන්නෙ  2015 නොවැම්බර් පස්වන දින දකුණු කොරියාවෙත්  දෙසැම්බර් 04 වන දින ඇමරිකාවෙත් ය.ඒ වගේම ඇ.ඩො.මිලියන 34.7කආදායමක් උපයා ගන්නත් මේ චිත්‍රපටියට හැකි වෙලා තියෙනවා. imdb අගය 6.3 ක් ලබා ගත් මෙම චිත්‍රපටය පැය 1 කුත් විනාඩි 48 ක් පුරා දිවයනවා.

ලොකු ලිපියක් ලියන්න නම් බලාපොරොත්තුවක් නෑ අද කෙළින්ම කතාවට බහින්නම්,

ඉස්කෝලෙ යන ගෑණු ළමයෙක්ව,ඒ කියන්නෙ Young-Sin (Park So-Dam,මෙයා ‘the silenced’movie එකේ හිටියා.),මෙයාව එක රැයකදි කාර් එකකට හැප්පෙනවා.වැඩි දවසක් යන්න කලින් මෙයා අභිරහස් අසනීපයකින් විදවන්න පටන් ගන්නවා.

Kim පූජකතුමා (Kim Yun-Seok,මෙයා හිටියා ‘yellow sea’movie එකේ. ) මේ  Young-Sin ව අදුරනවා,ඒ වගේම මෙයාව බලන්න ඉස්පිරිතාලෙට එනවා.පූජකතුමාට විශ්වාසයි මේ ගෑණු ළමයට භයානක ආත්මයක් ආවේශ වෙලා කියලා. මෙයා පූජාවකට එහෙම නැත්තන් තොවිලයකට ලෑස්ති වෙනවා කොරියානු කතෝලික දේවස්ථානයෙ උදව් ඇතිව. කිම් පූජකතුමා ඔහුට උදව්වට අත් උදව් පූජක කෙනෙක් එහෙම නැත්තන් උප යකැදුරු කෙනෙක්ව ඉල්ලනවා, ඒත් තොවිලෙන් ටික දවසකට පස්සෙ හැමෝම මඟ අරිනවා ඒක කරන එක.ඇයි කියලා ඔයාල බලද්දිම තේරෙයි. දෙව්මැදුරෙ ඉගෙන ගන්න Choi පූජකතුමන් (kang Dong-Won,මෙයා ‘kundo:age of the rampant’ movie එකේ හිටියා  ) ව එකොළොස් වෙනි උප යකැදුරු හැටියට  Kim පූජකතුමාට උදව් කරන්න තෝර ගන්නවා. මේ දෙන්නට එක දවසයි ඉතුරු වෙලා තියෙන්නෙ Young-Sin ව බේර ගන්න. මෙයාලට ගෑණු ළමයව බේර ගන්න පුලුවන් වෙයිද?යක්ෂ ආත්මය මොන වගේද කියලා ඔයාල බලන්න.බලලා මටත් කියන්න.පොඩි ළමයි වගේම හදවත් රෝග තියෙන අය නොබැලුවට කමක් නෑ. එහෙනම් ගිහින් එන්නම් තවත් උපසැරසියක් අරගෙනම.කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මම චාමල් කැලුම් අතපත්තු.

බය වේවා! ජයවේවා! බායි!

The Priests (2015) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Priests.2015.HDRip

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,740 downloadsDownload The.Priests.2015.Baiscopelk.com_.rar31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,740 downloadsDownload Subtitles31 KB

18 comments

  1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴1st

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      verry verry thanx saho

    2. Anonymous

      Sinhala subtitles are here.but the movie???? there is no place to download this movie

  2. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    digatama sub demu niyamai

  3. Asitha

    thanks saho
    oya nam koriean film sab mashimak

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.

  5. Ishan Madusha

    නියමයි සහෝ. දිගටම උපසිරැසි දෙන්න.උපසිරැසියට ස්තුතියි

  6. Jack

    නියමයි මචන්..
    පට්ටම කතාවක්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  7. suneth

    ado meka balala mata hadawath sathkamak karanna weda bn... nolaba innath be bn. oney deyak unawe kiyala balanawa bn.. eth bayai ban man holman walata...

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  9. kavinda

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  10. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  11. Charuka

    torrentz.com walata mkada wela tiyenne kiyala kawruth dannwada?

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. nilmini

    thanzz ....pinocchio k tv sirias puluwanm sub eka denna

  14. Madusha

    සහෝ korean movies වලට සබ් කරන්ඩො

  15. mithun

    මෙකත් ගන්නව ස්තුතියි ඔබට ඔයගෙ තෙරිම් සුපිරි බ්‍රො congratulations

  16. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති howling (2012) sub dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.