හොඳයි, ඔන්න ආයෙත් උපසිරැසියක් අරගෙන ආවා. මේක මම කරන්න භාර අරගෙන ටික දවසක් වෙනවා. වැඩේ ටිකක් පරක්කු වුනා මොකද මේ ෆිල්ම් එකේ ගොඩක් කුණු හරප වචන වැඩියි. ඒවා තෝරලා බේරලා දාන්න ගිහාම වෙලාවක් යනවා. අනික අදාල වචනේ අදාලම තේරුම සිංහලෙන් ඒ විදියටම මට දෙන්න අපහසු වුනා. ඒ කියන්නේ කුණු හරප වචන. ගොඩක් පරිස්සම් ව…

හොඳයි, ඔන්න ආයෙත් උපසිරැසියක් අරගෙන ආවා. මේක මම කරන්න භාර අරගෙන ටික දවසක් වෙනවා. වැඩේ ටිකක් පරක්කු වුනා මොකද මේ ෆිල්ම් එකේ ගොඩක් කුණු හරප වචන වැඩියි. ඒවා තෝරලා බේරලා දාන්න ගිහාම වෙලාවක් යනවා. අනික අදාල වචනේ අදාලම තේරුම සිංහලෙන් ඒ විදියටම මට දෙන්න අපහසු වුනා. ඒ කියන්නේ කුණු හරප වචන. ගොඩක් පරිස්සම් වුනා ඒවට සිංහල කරනකොට. හරිම තේරුම ඉතින් දෙන්න පුළුවන් ඒ වුනාට ඒක සිංහලෙන් හුඟක් කැත අදහසක් එන හින්දා ඒවට එහෙම දැම්මේ නෑ. තව මේකේ Timeline file එක ගැන කතා කරනවා නම් කියලා වැඩක් නෑ. මට මුල ඉඳන් Timing තැන් තැන් වලින් අතින් හදන්න වුනා. තනි ලයින් එකේ තියෙන්න ඕනේ වචනේ ලයින් දෙකකට ගහලා තිබුනා, ඒ නිසා කියවන කෙනාට ඒක අපහසුයි. ටක් ටක් ගාලා ලයින් යනවා. මේ නිසා මම ඒ තැන් තනි ලයින් එකකට දාලා හැදුවා. තවත් සමහර තැන් ටික වෙලාවයි දිස් වෙලා තියෙන්නේ. ඒවයේ දිස් වෙලා තියෙන්න ඕනේ වෙලාව තරමක් දික් කරා. මෙන්න මේ හේතු නිසයි මේක කරන්න යම් කාලයක් ගත වුනේ. මේකට Timeline අලුතෙන්ම හදන්න වුනා නම් මට මේක ලබන මාසේ තමයි දෙන්න වෙන්නේ 😊 කොහොමහරි ඔයාලගේ රස වින්දනයට බාධා වෙන්නේ නැති වෙන්න මම මේක හුඟක් මහන්සි වෙලා ගුණාත්මකව සාර්ථකව කරලා නිම කරා. ආ… ඒ වගේම කියන්න තව දෙයක් තියනවා, මේ චිත්රපටිය කලින් බයිස්කෝප් අඩවියේ ලිපියක් විදියට පමණක් දාලා තිබුන එකක්. මම දැක්කා ගොඩක් අය මේකට සිංහල උපසිරැසි ඉල්ලලා තිබුනා. හොඳයි එහෙනම් ඔන්න මේක ඔයාලටයි.
Sex Drive 2008 වර්ෂයේ නිකුත් වුන ඇමරිකන් Comedy චිත්රපටියක්. මේක අයත් වෙන්නේ Road Sex Comedy/ Coming of age/Teen film යන ගණයන් වලටයි. මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 9ක් තරම් දිගු වේලාවක් දිව යනවා. Box Office වාර්තා තියන්නත් මේ චිත්රපටියට සමත් වෙලා තියනවා, ඒ ඇමරිකානුඩොලර් මිලියන 18.8ක්. මේ චිත්රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2008 ඔක්තෝම්බර් 18 වෙනිදා. මේක අධ්යක්ෂනය කරලා තියෙන්නේ Sean Anders. මැන්ටල්බයිස්කෝප් වලට අධිපති.
මේ ඇවිල්ලා Sean Anders අධ්යක්ෂනය, තිර රචනය සහ නිෂ්පාදනය කරපු ෆිල්ම් ටිකක්,
- Never Been Thawed (2005)
- Playing Chicken (2007)
- Sex Drive (2008)
- Hot Tub Time Machine (2008)
- She’s Out of My League (2010)
- That’s My Boy (2012)
- We’re the Millers (2013)
- Horrible Bosses 2 (2013)
- Dumb and Dumber To (2014) (මේක නම් පට්ටම කොමඩියක් )
- Daddy’s Home (2015)
- Daddy’s Home 2 (2017)
මේක මෙයාගේ ඉස්සරහට එන්න තියන එකක්
- Instant Family (2019)
ඒ වගේම මෙයාට නංගී කෙනෙක් ඉන්නවා එයා නිළියක්. මේ ෆිල්ම් එකේ පොඩි කෑල්ලකට එයත් ඉන්නවා. හරි එහෙනම් දැන් වෙන කතා ඇති. මං ඔයාලට මේ ෆිල්ම් ගැන බොහොම කෙටියෙන් ටිකක් කියන්නම්. ඉයන් කියලා වයස 18ක කොල්ලෙක් ඉන්නවා. මේ කොල්ලා කිසිම දවසක කෙල්ලෙක් එක්ක යාළු වෙලා එහෙම මුකුත් කරලා නෑ. මොකද මිනිහට කෙල්ලෙක්ව දාගන්න තරම් ගැම්මක් නෑ. කැතයි නෙමෙයි. කොල්ලා ලස්සනයි. ඒ කියන්නේ ටෝක් කරලා දාගන්න එහෙම ඒ හැටි තේරුමක් නෑ, ළාමක ගතිය. ඉයන් ට ඉන්නවා ලොකු අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි හැබැයි ඒ දෙන්නා මෙහෙම නෑ. ඉයන්ගේ පොඩිම 14 මල්ලිටත් හිටං ඉන්නවා ඉයන්ගේ වයසෙම 18 කෙල්ලෙක් ඉතින් මේ වගේ දේවල් නිසා ඉයන් හුඟක් අපහසුතාවයට පත්වී සිටින චරිතයක්. විශේෂයෙන්ම ඉයන්ගේ ලොකු අයියා ගැන කියන්න ඕනේ, මිනිහා පිස්සු විකාර වැඩ නිතරම තමන්ගේ මල්ලිට කරන හෙන අසහනකාරි චරිතයක්.
ඒත් පොඩි මල්ලිට මිනිහා එහෙම කරන්නේ නෑ. ඉයන්ට විතරයි කරන්නේ. මොකද ඒ තාම ඉයන් කෙල්ලෙක් දාගෙන නැති හින්දා. දවසක් ඉයන් අන්තර්ජාලයෙන් යාළු වෙලා ඉන්න ඇහටවත් දැකලා නැති පින්තූරෙකින් විතරක් දැකලා තියන හුඟක් ලස්සන කෙල්ලෙක්ව හම්බ වෙන්න යන්න තීරණය කරනවා තමන්ගේ අයියා පණ වගේ ආදරේ කරන වාහනෙත් හොරෙන් උස්සගෙන. මේ ගමනට ඉයන්ගේ හොඳම යාළුවෝ දෙන්නෙකුත් එකතු වෙනවා. ඒ කොල්ලෙකුයි කෙල්ලෙකුයි. මෙයලට මේ ගමන අතරතුර දි කරදර ගොඩකට මූණ දෙන්න සිද්ද වෙනවා. ඒ වගේම තව පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ ඔයාලට මේ ෆිල්ම් එක ගැන. ඒ තමයි මේ ෆිල්ම් එකේ අතරින් පතර සම්පූර්ණයෙන්ම නිරුවතින් කිසිම තේරුමක් නැතුව කතාව යන අතරතුරේ කාන්තාවන් එහාට මෙහාට යනවා. ඒ නිසා පරිස්සමෙන් බලන්න. ඒක ඇවිල්ලා මේක අධ්‍යක්ෂනය කරපු Sean Anders සහ නිෂ්පාදක John Morris ගෙයි පිස්සු විකාර අදහසක් නරඹන්නන්ට අලුත් විදියේ අසහනකාරි අත්දැකීමක් ලබා දෙන්න උත්සහා කරපු. කතාව පටන් ගන්නකොටම මෙයාලා මේ ගැන කියනවා. ඒක හරි හැටි තේරුම් ගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා
2009 සැප්තැම්බර් 5 පළ කළ ලිපිය.
මේ කියන්න යන්නෙ මම කලින් දීපු Accepted (2006) හා Old School (2003) වගේ චිත්‍රපටි ප්‍රිය කරපු හැමෝටම හොද ආරංචියක්..IMDB රේටින්ග්ස් වල 6.9/10 ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය තරුණ හැමෝටම අල්ලල යයි කියල හිතනව..
මෙන්න මෙහෙමයි චිත්‍රපටියේ කතාව යන්නෙ..
එක්තරා තරුණයෙක් ඉන්නව ගැහැණු ළමුන් යාලු කරගැනීම අතින් බොහොම දුර්වල මට්ටමක සිටින..දවසක් අන්තර්ජාලයෙන් ඔහුට හම්බෙනව ගෑණු ළමයෙක්..මේ දෙන්න කාලයක ඉදන් චැට් කරනව..අපේ කතා නායකයගෙ අයියයි මල්ලියි නම් ඔහුට වඩා සම්පූර්ණයෙන් වෙනස්..ඔවුන් හොදටම පිස්සු නටන කට්ටිය..මේ තරුණයාගෙ යාලුවත් එහෙමයි..හොදටම විනොදයෙන් කල් ගෙවනව..
දිනක් මේ තරුණය තීරණය කරනව අන්තර්ජාලයෙන් චැට් කරන කෙල්ලව හම්බවෙන්න යන්න..ඔහු තමන්ගෙ අයිය පණ වගේ ආරක්ෂා කරන කාර් එක හොරකම් කරගෙන ගමන යන්න පිටත් වෙනව ඔහුගේ යාලුවන් දෙදෙනත් එක්ක (කොල්ලෙක් සහ කෙල්ලෙක්)..බලන්නකො මේ ගමනෙදි කස්ටියට මොකද වෙන්නෙ කියල..
හොදටම හිනා යන රසවත් චිත්‍රපටියක්..අනිවා බලන්න..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
18,398 downloadsDownload Sex-Drive-2008.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
58 comments
සනිඳු ලක්ඛිත
Sisitha Chamika
film eka niyamai. fun movie.
mee film ekatama kalin baiscope eke article ekak gihin tiyenawa. film eke nama gahala google search karaama enne eeka.Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shan Ashok
තැන්ක්ස් ඕයා මේ comedy ය දුන්නට .ගොඩ කලකින් විහිළු ෆිල්ම් එකක් ලැබුනෙ.මන් මේකේ MR bones ,american pie, hot Tub time Machine2,bad santa තව bruno ,jim carrey ,zach Galifianakis,කෙවින් හර්ට් ගෙ හොද විහිළු movies බැලුව .එයාලගෙ ටව හොද comedy ටිකක් දෙන්න ,please ae movie වල තියන නියම english වචනෙට හොදටම ගැලපෙන හිනා යන නියම සිංහල word aeka දෙන්න .eatakota tamai නියමෙට හිනා යන්නෙ .ඔයාගේ sub aekata මගෙන් සුබ පැතුම්.tava හොද comedy ටිකක් දාන්න
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
පට්ට කොමඩියක් වගේ...Dilanka Maduwantha
thanks
Toma
Thank you malli.. :)
Shan Ashok
hot tub time machine 2 දුන්නෙ .2008 දුන් ne .1 st එක පුළුවන් නම් දෙන්න
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
ranga11112
thank you bro
TharakaWAS
Thanks bro..
Cj
අඩො තැන්කුයි කිව්වලු ඒහෙනම්!
Kumara97911
Tq so much.comedy tama magenm asama.kevin hart ge sub deela neti ewa tynw.ewtth dunnoth nm ftt.wedi wediyen comedym denda lebewa..
Kanchaka
Thanks bro
dileepa4883
උපසිරැසියට ස්තූතියි.
prashal1025
Thanks bro..
Damith Priyankara
thankz ....
malshika
සබට බොහොම පින් සහෝ@@@@
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා !!!Sandeepmadushan
Thanx saho
Madusara
බොහොම ස්තූතිවන්ත වෙනවා සබ් දීපු එකට ජයවේවා...
hot tub time machine 2කට සබ් දීලා තියෙනව.පලවෙනි ෆිලුමට තියෙන්නේ ලිපියක්විතරයි.උපසිරසිකරුවන්ගෙ අවදානයට ලක්වේවා ....hasiya
සබ් එකට තුති!
dilipvijethunga
Thank you mchn
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.malith
Ela ela
Cypher_Paradox
එලම සහෝ..ගත්ත මහන්සියට බොහොම ස්තූතියි..ජය වේවා!!
asabee
jaya wewa..bohoma sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබට බොහොම ස්තූතියි සහෝ.....
පුලුවන්නම් දිගටම මේ වගේ කොමඩි ෆිල්ම් වලට සබ් දෙන්න....
ඔබට ජය.......Tharindu Athukorala
සබට තැන්ක්ස් ..මේ ලගදී සබ් එක නැති නිසා eng සබ් එක්ක බැලුවා :D
.comDevinda
සබ් එක හොඳයි
jagath55
Thanks
Dush
සුපිරි ෆිලුමක් වගේ. අදනෙ දැක්කෙ. අනිවා බාන්න ඔිනෙ. සබට තුති.
SanjulaJeter
thanks
hiruni
Thankzzzz
nadeera_suranjan
kunuharapa daddi e vidiyatama dpan nethnm wedak ne
@sahan@
Meke sub eke download wen na bro
Su
Thanks saho sub ekata..:)
kent parker
thanks bro
Chulender kasun
Thanks ...
deshan5
supiri machan.....bohoma pin me wadeta
ricadodamien
Thank u Shehan brother & baiscope team for the sub, all the best to baiscope team.....................
muditha gayan
Thankzzzzzzzz
IsuruF
Rimesh Dilshan
Instant Family 2018 එකටත් දැන් සබ් එක දෙනවද??
ගොඩක් කල් ෆිල්ම් එක ඇවිල්ල....Stranger
thanks
Maleeshani
Instant family ekatath sub denna puluwanda?.. Thanks
avishka360
Thaks
Dilshan rajitha
Thanks bro
thanks mchan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Sex Drive (2008) with sinhala subtitles | වැලක් නෙමෙයි එළ කොමඩියක් [සිංහල උපසිරසි සමඟ] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/03/Sex-Drive-2008.jpg)
බොහොම ස්තූති සහෝ උපසිරසට. කාලෙකින් කොමඩියක් බැලුවේ නෑ..