Watch Trailer

Singam 3 (2017) with Sinhala Subtitles | යුක්තියේ සිංහයාගේ තෙවන දඩයම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…! අයියේ සිංගම් 3 ඉවරද ? අයියේ අද දෙනවද ? අයියේ ඇයි පරක්කු ? මේ දවල් වල මුහුණ පොතට එන මැසේජ් මෙන්න මෙව්වා තමයි. මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපතක් එනවා කියලා තිබ්බේ අප්‍රේල් මුල් සතියේ නමුත් හදිස්සියේ පැමිණි නිසා කලින් සූදානම් නොවී සිටි නිසාත් මෙය ඔබ හට ගෙන…

Singam 3

හැමෝටම ආයුබෝවන්…! අයියේ සිංගම් 3 ඉවරද ? අයියේ අද දෙනවද ? අයියේ ඇයි පරක්කු ? මේ දවල් වල මුහුණ පොතට එන මැසේජ් මෙන්න මෙව්වා තමයි. මුලින්ම සමාව ඉල්ලනවා හැමෝගෙන්ම මේ ෆිල්ම් එකේ ඔර්ජිනල් පිටපතක් එනවා කියලා තිබ්බේ අප්‍රේල් මුල් සතියේ නමුත් හදිස්සියේ පැමිණි නිසා කලින් සූදානම් නොවී සිටි නිසාත් මෙය ඔබ හට ගෙන ඒමට ප්‍රමාදවීම පිළිබඳ ඔබගෙන් සමාව අයැද සිටිනවා. කොහොම වුනත් දැන් ඔන්න අලුතෙන් උපසිරැසි වලට ඡන්දය දෙන්න පුළුවන්. ඒ නිසා ඡන්දය දීලා ඉහලින්ම තියෙන මෙන් ඉල්ලා සිටිනවා. නයි මල්ලී මමයි ඔන් ගෙනාවා සිංගම් 3.

ඔබ දමිල ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රියකරන්නෙක්ද ? එසේනම්, 2010 වර්ෂයේදී නිකුත්වූ සිංහම් පළමු චිත්‍රපටය අනිවාර්යයෙන්ම නරඹන්න ඇති. පළමු සිංහම් චිත්‍රපටය නැරඹුවා නම්, අනිවාර්යයෙන්ම 2013 වර්ෂයේදී නිකුත්වූ සිංහම් දෙවැනි චිත්‍රපටයත් නරඹන්නට ඇති. දෙවැනි චිත්‍රපටයත් නැරඹුවා නම්, 2017 වර්ෂයේ පෙබරවාරි මස 9 වෙනිදා සිට, ලොව වටා තිරගතවීම ආරම්භ කල, සිංහයාගේ තුන්වෙනි දඩයම නොහොත් තෙවෙනි සිංහම් චිත්‍රපටය වෙනුවෙන්, ඔබ මෙතෙක් කාලයක් පුරාවටම නොඉවසිල්ලෙන් පසුවෙන්න ඇති. එසේනම්, මේතාක් කාලයක් පුරාවට, තෙවනි සිංහ දඩයම දැකගැනීමට පෙරුම් පුරමින් සිටි සියළුම ප්‍රේක්ෂක ජනතාවගේ සිතට අස්වැසිල්ලක් ගෙනදෙමින්, තෙවෙනි සිංහ දඩයම්ත් සමගින් එකතුවීමට ඔබ සැමට කෙරෙන්නාවූ සුහඳ ආරාධනාවයි මේ.

අවනීතිය රජයමින්, අසාධාරණත්වයේ හස්තයේ ග්‍රහණයෙන් මුළු මහත් සමාජයක්ම ඝනාන්ධකාරය වෙත රැගෙන යමින් පවතින්නාවූ කාල වකවානුවක, ධනයට, බලයට හිස පහත් නොකරමින්, දූෂිත පාලනයට එරෙහිව සිංහයෙකු මෙන් නිර්භීතව මුහුණ දී, එම සියලු දුෂ්ඨ බලවේගයන් සුනුවිසුණු කර දැමුවාවූ, සත්‍යගරුක පොලිස් නිලධාරියෙකුගේ තෙවැනි වික්‍රමය පාදක කොටගනිමින් නිර්මාණය වුනාවූ මෙම අපූරු සිනාමා නිර්මාණයෙහි, සුපුරුදු පරිදිම ප්‍රධාන රංගන දායකත්වය සපයනු ලබන්නේ, දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නාවූ Suriya විසිනි. මේ වතාවේ ඊට අමතරව, Anushka Shetty සහ Shruti Haasan විසින් උප ප්‍රධාන චරිත සඳහා සිය රංගන දායකත්වය සපයනු ලබනවා. තිරගතවීම ආරම්භවූ දිනයේ පටන්ම, ලොව වටා සුවහසක් සිනමා ලෝලීන් විසින් උමතුවකින් මෙන් වැළඳ ගත්තාවූ, දොරේ සිංහම්ගේ වික්‍රමාන්විත චාරිකාව පදනම් කරගනිමින්, Imdb දර්ශකයේ 7.4 ක අගයකින් ඔපමට්ටම්වූ මෙම ක්‍රියාදාම චිත්‍රපටය, මේ වනවිටත් ඉන්දියානු රුපියල් බිලියන 1.1 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවකින් සවිබල ගැන්වී අවසානයි.

චිත්‍රපටය තුල සංගීත අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Yennai Arindhaal (2015), Anegan (2015), Iru Mugan (2016) ආදී ජනප්‍රිය චිත්‍රපට රාශියක් සඳහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායකවූ Harris Jayaraj විසිනි. එමෙන්ම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Singam (2010) සහ Singam 2(2013) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද, Hari විසිනි.

චිත්‍රපටයේ කතාව ගැන කියනවා නම් විශේෂයක් නෑ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශය වන දකුණු ඉන්දියාවේ රෑගත කර ඇති නිසා එක් මිනිසෙකුට ගහපුවහම අඩි 20ක් 30ක් විතර උඩ ගිහින් බිම වැටෙනවා. දමිළ ක්‍රියාදාම චිත්‍රපටි ඉස්සර ඉඳන් නරඹපු අයට නම් මෙය විශේෂත්වයක් නෑ. නමුත් අලුතෙන් නරඹන අයට නම් මෙය විශේෂත්වයක් වේ. එසේනම්, වහා වහා සූදානම් වෙන්න. සිංහයා, සිය තුන්වන දඩයම ආරම්භ කළා. ඔහුත් සමගින් ඔහුගේ වීර චාරිකාවේ, පුරා හෝරා දෙක හමාරක් තුරාවට දඩයම් කිරීමට සූදානම් වන්න. සැබවින්ම මෙම සිංහ දඩයම, ඔබට නැවුම්වූ අත්දැකීමක් වනු නොඅනුමානයි.

එහෙනම්, අවසරයි හැමෝගෙන්ම. නැවතත් මෙවැනි වූ චිත්‍රපටයක් තුලින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

 

Singam 3 (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Singam-3.(2017).Tamil.HDRip.x264.400MB.ESubs
Singam-3.(2017).Tamil.HDRip.x264.700MB.ESubs
www.TamilRockers.mx – Singam 3 (2017) Tamil 720p HDRip 5.1 AC3 1.4GB HC ESubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

34,372 downloadsDownload Singam-3-2017.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/RAJ-SADUN-e1486245345903.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට සහ “සඳුන් ධනුෂ්ක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

34,372 downloadsDownload Subtitles83 KB

132 comments

  1. Sandu & Yajitha

    Thank you so much. Good luck.

  2. hasintha

    pin sidda wenwooooo

  3. Dilum

    Hammeeeee.....athiyantaham..film eka apu dwsema dehiwala premier concord ghn blwa.net ekata film eka apu daawasema baagena hamadama dawasata paya 2kata warak baiscope ekata awa sub diilada balanna.asiri ayya nam qwa iye ra hari ada ude hari denawa kiyala.qwa wagema ada dunna..budu amme...sathuthi sthuthi sthuthiiiiiiiiiiiiiiiii

  4. Eranga Sandaruwan

    හම්මේ ඉතින්.
    ඉවසීම පුරුදු කලාට බෝම පින් බ්‍රෝස්..

    උප සිරැසියට බෝම පිං..
    ජය වේවා..

    ටැමිල් නම්...............

  5. ishanka

    thanks saho

  6. Hemal

    thada thada bro :P :D

  7. Anjana

    Dennatama thankz,meka denakan balan hitiya sab ekak.....All the Best. hodama de kawadath ekenma baiscope eken. jayaaaaaa

  8. Sandika Wijerathna

    thanks, anakm maga balagen hitiye

  9. Nirodha uthpala

    Oba depalata deergausha vagema digatama sub denna labewa keya hadavatinma partana karanava

  10. Zeal

    Thanx Mcnlaaa sub 1ta.. download karala dawas ganak... ela ela.....

  11. Devaka Sadaruwan

    කියන්න වදන් නැ.. දෙන්නටම ගොඩාක් තුති. හ්ම්ම පොඩ්ඩක් පරක්කු උන ගමන් බැනුම් සාමාන්‍යය දෙයක් වෙලානේ.. ඒ නිසා ඒවාට සැලෙන්නේ නැ කියලා දන්නවා..

    කැප විමට දෙන්නටම ස්තුතියි

  12. කවියා✌️✌️✌️

    Patta tq brothers

  13. Chamal Perera

    නියම වැඩක්... බලං හිටපු පිලුමක් තමා.. දෙන්නටම ස්තුතියි

  14. widuranga

    thanx sub ekata .......

  15. සචිත් ලක්ෂාන්(සචී)

    එනකන් බලන් හිටපු ෆිලුමක්...
    සහෝල දෙන්නටම ස්තූතියි
    ජයම වේවා

  16. දමිත්

    ස්තුතිය සහෝ..
    එනකල් බලන් හිටියේ..

  17. Kasun Widusha

    Tnkuu nayatai. sadun aiyataii

  18. Kulanjana Maduranga

    niayamai…thanks RAJ & DANUSHKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Suu

    thank u :)

  20. chanaka jayasuriya

    thanks dennatama jayawewa

  21. udi

    mama tamai fb eke hama tissema oyata karadara karanne
    hikz
    elaa

  22. mithun

    Screensshot එකකින්ම දැනුම් දුන්නට ස්තුතියි සදුන් සහෝ ආ..... ඔං සබ් එක ගත්ත තව ටිකක් පරක්කු උනා නම් අරාබි සබ් එකක් එක්ක බලන්න කියල හැදුවෙ............ එක දෙක බලලා තියෙන නිසා අතාරින්න බෑ නෙ දෙන්නටම තැන්ක්ස් කිව්වා ඉස්සරහටත් හොදම එව දෙමු ජයවෙවා

  23. kapila

    Tnkuu nayatai.bro

  24. අසිත

    elama saho thanks

  25. sachintha

    බොහෝම ස්තූතිය සහෝ...

  26. සක්වල මිතුරා

    good luck

  27. thisal

    thanks bn

  28. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  29. සුරේෂ් ජයතිලක

    ගුරුත්වාකර්ෂණේ නං පොඩි අඩුවක් තියෙනවා තමා :-P

  30. tharanga

    ගොඩේ පොරවල් වලට හොදයි ඉතින් මේ වගේ එව.

    1. සහන්

      Gon comment danna epa හකරා

    2. Kevin

      Only an idiot like you will laugh at choices of other people. Bastard. Wal godaya with a century old funny Sinhala name.. Tharanga... LOL

    3. Ravin Laksitha

      yako sub eka gaththa nan paduwe hitapan gon katha nokiya............me minissu e gollange watina kalaya waya karala apita karanne patta sewayakne..........

    4. Kamal

      අඩෝ Tharanga... උඹ දන්නවද සබක් කරන එක කොච්චර අමාරුද කියලා?
      ඒ නිසා උඹ මේවා බලන්නේ නැත්තම් පාඩුවේ පලයන් ගොන් කතා නොකියා

  31. Sandaruwan

    Thanks bro...

  32. Asanka Gayan RZ

    elama bn

  33. Prasad Randunu

    Bohoooooma Thuthi Sahooooo Oyata.... Ela... Jayama Wewa....!

  34. Jack

    නියමයි සහෝලා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  35. Micky Bro

    හම්මෝ ඔය තියෙන්නෙ. තෑන්ක්ස් තෑන්ක්ස් දෙන්නටම. බොහොම පිං........

  36. Lalantha Madushan

    බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. ඇගිලි ගැන ගැන උන්නෙ දෙනකං

  37. hiran

    denatama tnx a lot....all the besr your's future...bogan eketh subs denna...tnx agin

  38. නීල් අම්ස්ට්‍රොන්ගේ අප්පච්චි

    පරීක්ෂණ පැවැත්වීම සදහා දකුණු ඉන්දියාවට යන ගමන් - නසා ආයතනය

  39. Gayan

    sub ekata thank's saho. Jayawewaa!

  40. Thisara j De silva

    නයි සහෝ & සදුන් බොක්ක (CPL) තෑන්ක්ස් කිවිවා අමිබානට දෙන්නටම......ආඩමිබරයි....

  41. heshan

    tnx bro

  42. desandu

    thank uuuuuuuu.....................
    Good luck

    1. desandu

      Dhruva meke sub dennako plz....

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. තරිඳු

    තැන්ක්ස් සහෝල දෙන්නටම මහන්සිවෙලා උබලගේ වැඩත් පාඩු කරගෙන කරපු මේ සුපිරි වැඩේට..
    ඉවසීම පුරුදු කරාටත් තැන්ක්ස් බම්.

  45. M.B.H.M Marasinghe

    සබ් එකට තුති සහෝලා...දකුණු ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණය අඩුයි වගේම ඇමරිකාවට පිටසක්වළයින්ගෙන් කරදර බහුලයි නේ බ්‍රෝ...

  46. dinushan

    thanks

  47. Dhananjaya Chamath

    බොහොම ස්තූතියි

  48. Gathsara Umesh

    බොහොම ස්තූතියි සහෝ මේ කරන සේවයට..!!

  49. lahiru

    ammoo ela ela thankks saho

  50. silent$

    Patttaaaaaaaaaaaaaaaaaaaa

Load more comments