Watch Trailer

Marnie (1964) with sinhala subtitles | මාර්නි.(ලියතඹරා) [සිංහල උපසිරසි සමඟ]

මෙන්න මම ඔයාලට තවත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමක් ගෙන ආව. ප්‍රමුඛ පෙලේ සමාගම් වල ලිපිකාර තනතුරු සඳහා රැකියා ලබාගන්නා මාර්නි, පෙනි සිටිනුයේ ව්‍යාජ නම් වලිනි. ඒ ඇගේ යටිසිතේ ක්‍රියාත්මක වන අදහස් ඉටුකරගැනීමටයි. ඇගේ කර්ර්‍යය වන්නේ මාස කිහිපයකට පසු ආයතනය මංකොල්ල කා පලා යෑමයි. මෙලෙස සේවය කල ස්ට්…

Marnie (1964)මෙන්න මම ඔයාලට තවත් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමක් ගෙන ආව. ප්‍රමුඛ පෙලේ සමාගම් වල ලිපිකාර තනතුරු සඳහා රැකියා ලබාගන්නා මාර්නි, පෙනි සිටිනුයේ  ව්‍යාජ නම් වලිනි. ඒ ඇගේ යටිසිතේ ක්‍රියාත්මක වන අදහස් ඉටුකරගැනීමටයි. ඇගේ කර්ර්‍යය වන්නේ මාස කිහිපයකට පසු ආයතනය මංකොල්ල කා පලා යෑමයි. මෙලෙස සේවය කල ස්ට්‍රට් ආයතනය කොල්ල කා පලා යන ඇය, ඊලඟට තෝරාගන්නේ රට්ලන්ඩ් නම් ආයතනයයි.


සම්මුඛ පරීක්ෂණයේදී ආයතනයේ හිමිකරු ඇයව දකින අතර පෙර දැක පුරුදු බව සිතුනද ඒ පිළිබඳ විශ්වාසයක් නැතිනිසා සිතින් අත හැර දමා ඇයට රැකියාව ලබාදෙයි. කල් යත්ම මාර්ක්ගේ සිතෙහි මේ සුරූපී තරුණිය කෙරේ විශේෂ කැමැත්තක් උපදී. නමුත් ඇයට තම සිතැඟි පැවසීමට පෙරම ඇය ආයතනයෙන් මුඩ්ජල් සොරකම් කර පලායයි. නමුත් මාර්ක්ගේ කාර්යක්ෂමතාවය නිසා ඇයව අල්ලාගැනීමට හැකිවේ.


මේ සොරකම් හා ඇගේ චර්‍යාවේ ඇති අසාමාන්‍ය බව නිසාම ඔහු ඇයව පොලිසියට බාර නොදී විවාහ කරගනී. ඒ ඇයට යම්කිසි මානසික ආභාධයක් ඇතිබව අටහාඅ ගන්නා නිසාවෙනි. දිගින් දිගටම ඇයගෙන් ලැබෙන විරෝධතා නොසලකා ඇයව සුවපත් කරගැනීමට උත්සහය දරයි. මේ රෝගී තත්වයට හේතුව යම්කිසි අතීත සිද්ධියක් බව වටහා ගන්නා ඔහු ඒ පිලිබඳ පරීක්ශා කිරීමට රහස්පරීක්ෂකයකු යොදවයි.


ඔහු හරහා ලබාගන්නා ලද තොරතුරු අනුව මෙය බිහිසුණු අපරාධයක ප්‍රථිපලයක් බවත්, මෙයට විසඳුම් ඇත්තේ ඇගේ මව ලඟ බවත් වටහා ගන්නා මාර්ක්, මාර්නිව මව වෙත කැඳවාගෙන යයි. එහිදී මව විස්තර කරනුයේ මාර්නිට අමතකව ගිය, ඇගේ මානසික ආබාධයට හේතු වූ අතීතයයි.

Marnie (1964) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.

226 downloadsDownload Marnie-1964.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

226 downloadsDownload Subtitles59 KB

11 comments

  1. අසිත

    මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් වලටයි
    Dial M for Murder (1954) (IMDB 250)
    North by Northwest (1959) (IMDB 250)
    Strangers on a Train (1951) (IMDB 250)
    Rope (1948)
    Rebecca (1940)

  2. HacKrisH

    rings(2017) ta suib denne nadda bn.kavada idalada illanne.thanjs

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. Web-බුවා

    සබට ස්තූතියි. ✌✋

    ජය! :)

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Withanage Priyantha Dayakeerthi

    බුද්ධික නුවන් සොයුර,

    ඔබට ඉතාමත් ස්තුතියි මෙම සබ් එකටත්, මීට පෙර ඔබ ලබාදුන් Notorious (1946), Frenzy (1972), Dial M for Murder(1954) යන සිනමාපට තුනම බැලුවා. විශේෂයෙන්ම Frenzy සහ Dial M Muder නැවත නැවතත් නැරඹිය හැකි සිනමාපට. ඊළඟටත් මහා සිනමාකරු ඇල්ෆඩ් හිච්කොක් ශ්‍රීමතාණන්ගේ සිනමාපටයක්ම ලබාදෙන්න. නැවතත් ස්තුතියි! ඔබට ජය! මේ මහඟු කාර්යයට මාගේ ප්‍රණාමය!!!

  7. praneeth madu

    බො‍හොම ස්තූතියි සහෝ

  8. Chalana Rukshan

    thnx bro...

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. අසංක ප්‍රදීප් රණතුංග

    ස්තුතියි

  11. වජිර රත්නායක

    උපසිරැසියට සුබ පැතුම්

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.