Watch Trailer

The Batman (2022) Sinhala Subtitles | අඳුරු නගරයේ වීරයා! [සිංහල උපසිරසි]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සුපුරුදු පරිදි වෙලාවට උපසිරැසි ලබාදෙන්න බැරි උනාට. චිත්‍රපටයක් රසවිඳින්න තරම් හිතේ නිදහසක් අනාගතයක් දැක්මක් තියෙන සමාජයක රටක නෙමෙයි අපි අද ජිවත් වෙන්නේ. අපේ රටත් අද එක්තරා ගෝතම් නගරයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්ණ ඇරෙන්න අපිට හිනාවෙන්න අනාගතය ගැන මවන්න හීන මේ රටේ ඉතුරු වෙලා…

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා සුපුරුදු පරිදි වෙලාවට උපසිරැසි ලබාදෙන්න බැරි උනාට. චිත්‍රපටයක් රසවිඳින්න තරම් හිතේ නිදහසක් අනාගතයක් දැක්මක් තියෙන සමාජයක රටක නෙමෙයි අපි අද ජිවත් වෙන්නේ. අපේ රටත් අද එක්තරා ගෝතම් නගරයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්ණ ඇරෙන්න අපිට හිනාවෙන්න අනාගතය ගැන මවන්න හීන මේ රටේ ඉතුරු වෙලා නැහැ. ඒවගේ අවස්ථාවක තමයි මේ චිත්‍රපටය හරහා ඔබ අපි මුණ ගැහෙන්නේ. එහෙනම් චිත්‍රපටය ගැන විස්තරය පහලින් තියෙනවා. නැවත දවසක මුණ ගැහෙමු.

​හපෝ ආයෙම තව බැට්මෑන් ෆිල්ම් එකක්.

යකෝ මුන්ට බැට්මෑන් රීබූට් කරනව ඇරෙන්න වෙන ස්ටෝරි එකක් ගේන්නම බැරිද

හෑ පැටින්සන්ද බැට්මෑන්ට ඉන්නෙ. හරි එහෙනම් මල් මල් ෆිල්ම් එකක් තමා බලන්න වෙන්නෙ. කෙල්ලොනම් පොර කාගෙන යයි.

හම්මේ අලුතින්ම බැට්මෑන් ෆිල්ම් එකක් එනව කිව්ව ගමන් කට්ටිය කියපු කතා ටික. හැබැයි ෆිල්ම් එක රිලීස් උනාට පස්සෙ එහෙම කියපු අය හොයාගන්නත් නෑ. කාලෙකට පස්සෙ WB ල DC රසිකයන්ට අති සාර්තක ෆිල්ම් එකක් දුන්නා.

ලොකු කතාවක් කියන්න යන්නෙ නැ මං. පොඩි විස්තර ටිකක් කියල ඉන්නම් ඒ නිසා. හැබැයි ඉතින් දන්නෙම නැතුව දික් වෙයිදනම් දන්නෙ නැ. පුලුවන් තරම් ප්ලොට් එක ස්පොයිල් නොවෙන්න විස්තර ගේන්නම්.

මේ වෙද්දී බැට්මෑන් ෆිල්ම් ගොඩක් ඇවිත් තියෙනවනේ. මයිකල් කීටන්, වැල් කිල්මර්, ජෝර්ජ් ක්ලූනි, ක්‍රිස්ටියන් බේල්, බෙන් ඇෆ්ලෙක් බැට්මෑන් විදියට රඟපාලා තියෙනවා. හැබැයි මේ සේරගෙනම ගොඩක් අය ආදරේ කරන ෆිල්ම් සෙට් එක තමයි ක්‍රිස්ටෝපර් නෝලන් ඩිරෙක්ට් කරපු බැට්මෑන් ෆිල්ම් තුන. සමානය සුපර්හීරෝ ස්ටෝරි එකකින් මිදිලා සැබෑ ලෝකයේ චරිතයක් විදියට තමයි මේ ෆිල්ම් තුන නිර්මාණය කරේ. ඒ කියන්නේ අපේ සැබෑ ලෝකයේ කෙනෙක් බැට්මෑන් උනොත් කොහොම වෙයිද කියන එක පෙන්වන එක. ඉතින් රියලිස්ටික් අතින් ඉහලින් තියෙන මේ ෆිල්ම් තුන තමයි අදටත් වැඩි දෙනෙක්ගේ ප්‍රියතම බැට්මෑන් විදියට දායක උන ක්‍රිස්ටියන් බේල් ඉන්න ෆිල්ම් තුන. ඉතින් මේ ට්‍රිලොජි එකට පස්සේ ආයෙම බැට්මෑන් කෙනෙක් ලයිව් ඇක්ෂන් විදියට ආවේ සැක් ස්නයිඩර්ගේ BvS ෆිල්ම් එකෙන් සහ ජස්ටිස් ලීග් ෆිල්ම් එකෙන්. බෙන් ඇෆ්ලෙක් තමයි බැට්මෑන් විදියට එකතු උනේ. ඉතින් DCEU එක ඇතුලේ බැට්මෑන් චරිතයට ලොකු දුරක් යන්න වෙන්නේ නැහැ. WB ලගේ බලපෑම එක්ක මේ යුනිවර්ස් එක අතරමග නතර වෙනවා.

මේ වෙද්දී බෙන් ඇෆ්ලෙක් ඉන්න බැට්මෑන් සෝලෝ ෆිල්ම් එකක් නිර්මාණය කරන්න සූදානම් වෙලා තිබුනා. බෙන් ඇෆ්ලෙක් ම ඩිරෙක්ට් කරන්න වගේම නිෂ්පාදනය සහ සහය රචනයෙන්ද දායක වෙන්න ලැස්ති වෙලා හිටිය මේ ෆිල්ම් එකේ විලන් විදියට එන්න හිටියේ ජස්ටිස් ලීග් ෆිල්ම් එකේ අන්තිමට දැකගන්න ලැබුණු ඩෙත්ස්ට්‍රොක්. 2016 වෙද්දී Geoff Johns එක්ක ඇෆ්ලෙක් ස්ක්‍රිප්ට් එකේ මුල් අදියර අවසන් කරලා තිබුනා. ආරංචි උන විදියට මේ ස්ක්‍රිප්ට් එක කොමික් පොත් වලින් ආභාෂය අරගෙන තිබුනා. ආකම් අසයිලම් එක මූලික කරගෙන නිර්මාණය වෙලා තිබුණු මේ පිටපත BvS සහ ජස්ටිස් ලීග් ෆිල්ම් එකේ සිදුවීම් වලින් පසු කාලය පාදක කරගෙන නිර්මාණය වෙන්න තිබුණු බව හෙළි වෙනවා. ප්‍රධාන වශයෙන්ම බැට්මෑන් සමඟ සටනට ඩෙත්ස්ට්‍රොක් එන අතර බැට්මෑන් ගේ සහයට බැට්ගර්ල් එන්න නියමිතව තිබුනා. ඒ වගේම ඉඟි පල උනා BvS එකෙන් අපිට පෙන්වපු මැරුණු රොබින් ගැන කතාව පවා දැකගන්න තිබුනා කියල. 2016 අප්‍රේල් වෙද්දී ඇෆ්ලෙක් ඩිරෙක්ට් කරන එක තහවුරු උනා වගේම ජෙරමි අයන්ස් සුපුරුදු විදියට ඇල්ෆ්‍රඩ් විදියට සහ ජෝ මැන්ගනිඑල්ලෝ සුපුරුදු විදියට ඩෙත්ස්ට්‍රෝක් විදියට එකතු වෙනවා කියල.

ඔහු හෙලි කරා ඩෙත්ස්ට්‍රොක් තමන්ගේ පුතාගේ මරණයට හේතුව බැට්මෑන් බව විශ්වාස කරමින් බැට්මෑන්ගේ සමීපතයමයන් මරාදමමින් සහ බැට්මෑන්ගේ ජීවිතය විනාශ කරන්න උත්සහ කරනවා කියල. ඒ වගේම 2016 ඔක්තෝබර් වෙද්දි ඇෆ්ලෙක් හෙලි කරා ෆිල්ම් එකේ නම THE BATMAN කියල. දෙසැම්බර් වලදී හෙලි කරා රූගත කිරීම් 2017 මැද ආරම්භ කරනවා කියල සහ 2018 දී තිරගත කරනවා කියල. ඒ මාසයේම බැට්මෑන් ෆිල්ම් එක නිසා ජස්ටිස් ලීග් දෙවැන්න (සැලසුම් වල තිබුනු) ප්‍රමාද කරා වගේම ජනවාරි වෙද්දි තිර පිටපත නැවත වරක් ලියුවා. 2017 ජනවාරි මාසයේදීම ඇෆ්ලෙක් නිවේදනය කළේ ඔහු අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් වන බව සහ රඟපෑමට සහ නිෂ්පාදනය කිරීමට එකතු වෙන බවයි. ඔහු මුලින් පැවසුවේ බැට්මෑන් ලෙස රංගනයට වැඩි අවධානයක් යොමු කිරීමට තමා ඉවත් වූ බව නමුත් පසුව ඉක්මනින්ම ප්‍රකාශ කළේ ඔහුට අවශ්‍ය පිටපත ලබා ගැනීමට නොහැකි වූ බවත්, වෙනත් කෙනෙකුට බාරදීමට කාලය පැමිණ ඇති බවයි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙන් තමා සතුටක් ලබනු ඇතැයි නොසිතූ බවත් එය අධ්‍යක්ෂණය කළ යුත්තේ එහි වැඩ කිරීමට කැමති අයෙකු විසින් ෆිල්ම් එක කළ යුතු බවත් ඇෆ්ලෙක් පසුව වැඩිදුරටත් පවසා සිටියා.

ඒ වෙද්දි Warner Bros විසින් Batman v Superman චිත්‍රපටිය නිකුත් වීමෙන් පසු සුපිරි වීර චිත්‍රපට ගැන නැවත වරක් සලකා බලමින් හිටි කාලයක්. ජස්ටිස් ලීග් එක පවා සැක්ව අයින් කරලා නැවත රූගතකිරිම්කරෙත් ඒ නිසා. මේ නිසා ඇෆ්ලෙක්ගේ බැට්මෑන් ෆිල්ම් එකත් නවත්තන්න හේතුවක් වෙන්න ඇති කියල කියවෙනවා. සැක් ජස්ටිස් ලීග් ෆිල්ම් එකේ ප්ලෑන් කරලා තිබුනු පෝස්ට් ක්‍රෙඩිට් එක පවා වෙනස් කරන්නට WB ල කටයුතු කරා.

ඉතින් ඇෆ්ලෙක් ඩිරෙක්ට් කරන එකෙන් අයින් උනාට පස්සෙ Matt Reeves, Matt Ross, Ridley Scott, Gavin O’Connor, George Miller, Denis Villeneuve, සහ Fede Álvarez යෝජනා උනත් බැට්මෑන් රසිකයෙක් උන මැට් රීව්ස් ලිස්ට් එකේ උඩට ඇවිත් අවසානෙදි ඩිරෙක්ට් කරන්න WB ල එක්ක එකතු වෙනවා. WB ල මැට් ට ස්ක්‍රිප්ට් එකේ පිටපතක් යැවුවත් ඒක කියෙව්වට පස්සෙ මැට් කිව්වේ ඇෆ්ලෙක්ගේ මේ පිටපත හොද එකක් වුනත් තමන්ගේ දැක්මට ඒක ගැලපෙන්නේ නැහැ කියල. ඒ නිසා ෆිල්ම් එකේ සම්පූර්ණ නිර්මාණාත්මක පාලනය තමන්ට අවශ්‍ය බව කියා සිටියා. WB ල මැට්ගේ අදහස්වලට කැමති උන නිසා ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම ඔහුට භාර කරා. ඒ වගේම මැට් ඒ වෙද්දි ඩිරෙක්ට් කරමින් හිටිය War for the Planet of the Apes ෆිල්ම් එක අවසන් කරනකල් බැට්මෑන් ෆිල්ම් එකේ නිෂ්පාදන කටයුතු පස්සට දාන්න WBලා තීරණය කරා.

2017 මාර්තු වලදී මැට් ස්ක්‍රිප්ට් එක ලියන්න පටන් ගත්තා. මුලදී එයා ෆිල්ම් එක DCEU සමඟ සම්බන්ද කිරීමට සැලසුම් කරා. ඇෆ්ලෙක් එක්ක පවා ඒ ගැන සාකච්ඡා කරා. ඒත් පස්සෙ මැට් තීරණය කරා බැට්මෑන්ගේ මුල් කාලෙ කතාවක් විදියට මේ ෆිල්ම් එක නිර්මාණය කරන්න. ඒ සඳහා තරුණ නලුවෙක් යොදාගන්න එයා සැලසුම් කරා.

2019 ජනවාරි වලදී WB ල නිවේදනය කරා අලුත් බැට්මෑන් ෆිල්ම් එක 2021ජූනි 25 තිරගත කරන බව. ඒ වගේම ඇෆ්ලෙක් ⁣නිවේදනය කරා තමන් සම්පූර්ණයෙන්ම ෆිල්ම් එකෙන් ඉවත් උනා කියල. ජෙනිෆර් ගානර් එක්ක දික්කසාදය, සැක්ව අයින් කරල වෙනස් කරපු ජස්ටිස් ලීග් ෆිල්ම් එක නිසා ඇතිවුනු කලකිරිම සහ තමන්ගේ ඇල්කොහොල් ඇබ්බැහිය නිසා අයින් වුනා කියල එයා කිව්වා.

මැට් බැට්මෑන්ගේ තරුණ කාලය අලලා තිරපිටපත ලියන්න තීරණය කරා. ඒ වගේම එයා තිරණය කරා ආපහු සැරයක් ඔරිජින් ස්ටෝරි එකක් නොකර ඉන්න. ඒ නිසා එයා බැට්මෑන්ගේ දෙවන වසර – ඒ කියන්නෙ බෘස් වේයින් බැට්මෑන් වෙලා ගතකරන දෙවෙනි අවුරුද්ද- ගැන ෆිල්ම් එක නිර්මාණය කරන්න. DCU එකෙන් පිට නිර්මාණය කරන්න මැට්ට ඕන උනා සහ මල්ටිවර්ස් එක ඒ වෙද්දි ගෙනත් තිබුනු නිසා WB ලා මැට්ට ඕනා ව්දිය⁣ට ෆිල්ම් එක කරන්න අවසර දුුන්නා. මේ නිසා Earth-2 වල යන කතාවක් ව්දියට මේ ෆිල්ම් එක සැලකෙනවා. ස්ක්‍රිප්ට් එක ලියද්දි මැට් නැවත නැවතත් අදහස් අරගන්න එයාගේ කැමතිම බැට්මෑන් කොමික් පොත් කියෙව්වා.

YEAR ONE එකෙන් අත්දැකීම් අඩු බැට්මෑන් කෙනෙක්, Batman: The Long Halloween සහ Dark Victory එකෙන් කැට්වුමන් සහ ෆැල්කෝනි අතර සම්බන්ධය, Ego එකෙන් බැට්මෑන්ගේ මනෝවිද්‍යා පැතිකඩපසහ පලිගැනීමේ සිට බලාපොරොත්තුව දක්වා එන ගමන, Zero Year එකෙන් තෝමස් වේයින් ගේ නගරාධිපති කැම්පේන් එක, Batman: Earth One එකෙන් මාර්තා වෙයින් ආර්කම් පවුලේ සමාජිකාවත් වීම, Batman: The Animated Series එකේ “I am vengeance, I am the night” දෙබසින් වෙන්ජන්ස් එක උපුටා ගැනිම වගේ ලෙකු පරාසයක කොමික් පසුබිමක් මැට් ආවරණය කරනවා. ඒ වගේම මැට් The French Connection (1971), Klute (1971), Chinatown (1974),  All the President’s Men (1976), and Taxi Driver (1976),  වගේ ෆිල්ම් තමන්ගේ බැට්මෑන් ෆිල්ම් එකට ඉන්ස්පයර් කරගන්නවා.

කලින් ෆිල්ම් වගේ නැතුව මේ පාර බැට්මෑන්ගේ ඩිටෙක්ටිව් ස්කිල් -රහස් පරීක්ෂණ හැකියාව- මූලික කරගෙන ෆිල්ම් එක නිර්මාණය කරන්න තීරණය කරනවා. ඒ නිසා detective, action, horror සහ psychological thriller මුසු වුන ෆිල්ම් එක නිර්මාණ කරන්න මැට් සමත් වෙනවා.

2019 වෙද්දි  Robert Pattinson, Nicholas Hoult, Armie Hammer සහ Aaron Taylor-Johnson අලුත්ම බැට්මෑන් විදියට තෝරගන්න ලැයිස්තුවට එකතු කරගන්නවා. මේ අතරින් පැටින්සන් සහ නිකලස් හෝල්ට් අතර තමයි ලොකුම තරඟය තිබුණේ. ඒ වගේම 2017 ආව පැටින්සන් රඟපාපු Good Time ෆිල්ම් එකේ දැකපු රීව්ස් තිර පිටපත ලියල තිබුනෙම පැටින්සන් ගැන ඔලුවේ තියාගෙන. හැබැයි එයා එයි කියල බලාපොරොත්තු වෙලා නැහැ. මොකද ටිවයිලයිට් ෆැන්චයිස් එක නිසා පැටින්සන් දැවැන්ත ෆැන්චයිස් මගහරින ගමන් තිබුනෙ. කොහොම වුනත් අවසානෙදි හෝල්ට් සහ පැටින්සන් දෙන්නා ඉතුරු උනා තෝරගන්න. මේ දෙන්නා 2019 මැයි 20 ස්ක්‍රීන් ටෙස්ට් එකට මුහුණ දුන්නා. මේකෙදි පැටින්සන් අඳින්නේ 1995 දි ආව Batman Forever ෆිල්ම් එකේ Val Kilmer ඇන්ද බැට්සූට් එක. මොකද ඒ වෙලාවේ එයාට ගැලපුන එකම ඇඳුම ඒක. ඉතින් මැයි 31 වෙද්දි පැටින්සන් තෝරාගන්නවා බැට්මෑන් චරිතය⁣ට.

මේත් එක්කම බැට්මෑන් රසිකයන්ගෙන් දැවැන්ත අප්‍රසාදයත් මේ ගැන එල්ල උනා. Change.org හරහා පෙත්සමක් පවා රසිකයන් ඉදිරිපත් කරා පැටින්සන්ව අයින් කරන්න කියලා. හැබැයි කලින් බැට්මෑන් චරිතය කරපු ක්‍රිස්ටියන් බේල් ඔහුව දිරිගැන්නුවා. ඒ වගේම TENET රූගතකිරීම් අතරතුරේ ක්‍රිස්ටෝපර් නෝලන්ගෙන් උපදෙස් පවා හිමි උනා.

පැටින්සන් ඇඟේ වෙනස්කම් කරගන්න උපදේශක Rigan Machado ගෙන් Brazilian jiu-jitsu ඉගෙනගන්න පටන් ගත්තා. ඒ වගේම කොම්ක් පොත් කියවමින් බැට්මෑන් චරිතය ගැන ඉගෙනගන්න පටන් ගත්තා.

Ana de Armas, Ella Balinska, Eiza González, Zazie Beetz, Alicia Vikander වගේ අය අතරින් Zoë Kravitz තෝරගන්නවා කැට්වුමන්ගේ චරිතයට. Jeffrey Wright ⁣ජේම්ස් ගෝර්ඩන් විදියටත්, මුලින් තෝරගන්න හිටිය Jonah Hill වෙනුවට පස්සේ Paul Dano රිඩ්ලර් විදියටත් එකතු කරගන්නවා. ඒ වගේම November, Andy Serkis, Colin Farrell, සහ John Turturro පිලිවෙලින් Alfred Pennyworth, Penguin සහ Carmine Falcone විදියට එකතු කරගත්තා. තියරටිකල් රිලීස් එකේදි පෙන්වන්න හැකි වෙයිද හෝ තෝරගන්න කෙනා දිගටම ඒ චරිතටය කරයිද කියල සැක සහිත උනත මැට් තීරණය කරනවා Barry Keoghan ව ජෝකර් විදියට එකතු කරගන්න.

බැට්මෑන්ගෙ ඇඳුම ඩිසයින් කරද්දි බෲස් වෙයින් අමතර කොටස් වලින් හෝම් මේඩ් ඩිසයින් කරපු ඇඳුමක් වගේ පේන විදියට නිර්මාණය කරන්න තීරණය කරා. ෆැරල්ට වෙනම ඇඳුමත් නිර්මාණය කරා මහත පෙන්ගුවින් කෙනෙක් පෙන්වන්න. රිඩ්ලර්ට සෝඩියැක් කිලර් පෙනුමක් ලබා දෙන්න කටයුතු කරා.

2020 ජනවාරි පටන් ගත්ත රූගත කිරිම් 2021 මාර්තු 13 දක්වා සිදු කරා. කොරෝනා නිසා තමයි අවුරුද්දකටත් වැඩි කාලයත් මේක ඇදුනේ. 2020 පෙබරවාරි වල රූගත කරපු කනත්තක් අසල රූගත කිරිම් වල පින්තූර කිහිපයක් සමාජ මාධ්‍ය වල⁣ට නිදහස් උනා. ඒ පින්තූරත් විවිද රිවීව්ස් පැටින්සන්ට එල්ල උනා.

පැන්ඩමික් එක නිසා 2021 ජූනි 25 තිරගත කරන්න නියමිතව තිබුනු ෆිල්ම් එක මාස හතරකින් කල් දාන්න WB ල.තිරණය කරා. ඒ ඔක්තොම්බර් 01 දිනට. ටීම් එකේ අයට කොරෝනා වැළඳීම නිසා රූගකතිරිම් කිහිප වරක්ම නතර කරන්න උනා. මැට් තමන්ට කොරෝනා වැළඳුනොත් ෆිල්ම් එක නතර කරන්න වෙයි කියල බය නිසා රූගතකිරීම් වලදි මාස්ක් එකට අමතරව ෆේස් මාස්ක් එකක්, දියයට කිමිදෙනකොට දාන කණ්නාඩියක් වගේම ඔලුවට ආවරණයකුත් දාන් හිටියා. බලාපොරොත්තු උනාට වඩා රූගත කිරීම් කල් ගිය නිසා WB ලා ෆිල්ම් එක 2022 මාර්තු 04 දක්වා ආපහු සැරයක් කල් දැම්මා. පස්සේ ඒක මාර්තු 01 උනා.

මුලින්ම පැටින්සන් බැට්සූට් එක ටෙස්ට් කරන අතර ඇඳුුමේ ක්ලෝසප් ෆස්ට් ලුක් එකක් රිලීස් කරනවා. ඒකෙදි විශේෂයෙන්ම දැකගන්න පුලුවන් උනේ පිස්ටල් එකකින් ඇඳුමේ බැට් ලෝගෝ එක හදල තිබුනා කියල. පස්සෙ හෙලි වෙනවා මේ පිස්ටල් එක බෲස්ගේ අම්මයි තාත්තයි මරපු පිස්ටල් එක කියල. ඒ වගෙම 2020 අගෝස්තු 22 තිබුනු virtual DC FanDome එකේදි ටීසර් එක රිලීස් කරනවා වගේම ඒ ටීසර් එක අන්තර්ජාලය කලඹන්න සමත් වෙනවා. 2021 අගෝස්තු 24 CinemaCon පැනල් එකේදි අලුත් ෆූටේජ් කිහිපයක් රිලීස් කරනවා වගේම ඔක්තොම්බර් 16  DC FanDome එකේදි ට්‍රේලර් එක රිලීස් කරනවා. පස්සෙ ට්‍රේල්ර්ස් වගේම ෆුටේජ් කිහිප වරක් රිලීස් කරා.

ෆිල්ම් එක රිලීස් වීමත් එක්ක බලාපොරොත්තු වුනාටත් වඩා පොස්ටිව් ෆීඩ්බැක් ෆිල්ම් එකට ලැබෙන්න පටන් ගත්තා. අති බහුතරයකගේ ⁣ප්‍රියතම බැට්මෑන් ෆිල්ම් එක වෙන්න මේක සමත් වෙන්නේ පැට්න්සන්ට විහිලු කරපු අයගේ කටවල් වසා දමමින්.

ඉතින් ඕක තමයි පුලුවන් තරම් කෙටියෙන් ෆිල්ම් එකේ පසුබිම් කතාව අරන් ආවේ. හිතුවට වඩා දිග උන නිසා ඉතුරු ටික කෙටියෙන්ම කියන්නම්.

මේක බලන්න කලින් ඔයාල පුලුවන්නම්, කැමතිනම් මේ යුනිවර්ස් එකට අදාල නැති උනත් BATMAN: YEAR ONE (2011) ඇනිමේෂන් ෆිල්ම් එක බලන්න. මොකද THE BATMAN ෆිල්ම් එක බෲස් බැට්මෑන් වෙලා දෙවෙනි අවුරුද්දේ කතාවක් නිසා පලවෙනි අවුරද්ද බෲස් ගතකරන හැටි ඒ ඇනිමේෂන් එකෙන් බලාගන්න පුලුවන්.

ෆිල්ම් එක තිරගත වෙන්නත් කලින්ම The Gotham P.D. නමින් සීරිස් එකක් සහ පෙන්ගුවින් සඳහා සීරිස් එකක් HBOMAX එකට එන බව නිවේදනය කරා. ඒත් මෑතකදී ගෝතම් සීරිස් එක කැන්සල් කරනවා.

​​අම්මයි තාත්තයි තමන් ඉදිරියේ මැරුණු හැටි දැක්ක, අනාතයෙක් විදියට ලෝකයා හඳුන්වන්න ගත්ත ලමයා තරුණ වියට පිවිසෙද්දිම පලිගැනීමේ දූතයෙක් වගේ ගමන අරඹන හැටි මේකෙන් අපිට බලන්න පුලුවන්. අවුරුදු දෙකක් ඇතුලත එක ලයිට් එලියකින්ම විතරක් නගරයේ අපරාදකාරයින්ව බියෙන් සලිත කරන්න තරම් බලයක් තමා වටේ ගොඩනගාගෙන තියෙන හැටි හරි අපූරු විදියට බලාගන්න පුලුවන්. ෆිල්ම් එකේ මුල් සිදුවීම් ටික epic. සුපුරුදු විදියට දුශ්ටයා අල්ලගෙන දිනන බැට්මෑන් කිව්වම ඔලුවට එන බැට්මෑන්ල ඉන්න ෆිල්ම් වලින් වෙනස් වෙලා මේ පාර තවමත් රලු කිට් එකක් ඇඳගත්ත තමන්ගේ පරීක්ෂණ හැකියාව යොදාගෙන සතුරා පසුපස යන, ආයුද ගත්ත මැරවරයන් දහයක් පහලවක් මැදට උනත් බයක් නැතුව ඇවිදන් එන තරමේ මැරෙන්න බය නැති, අපරාදකාරයන්ට මාරයෙක් මේ පාර අපිට බලාගන්න පුලුවන්. දෙමව්පියන්ගේ මරණයට වාඩුව ගන්න අපරාදකාරයන් වඩලන්න එන කෙනෙක් තමයි මේ ෆිල්ම් එකෙන් අපිට හඳුන්වලා දෙන්නෙ. තවම එයා මුල් කාලය ගත කරන්නේ. අපිට හුරුපුරුදු පරිණත බැට්මෑන් වෙන්න තව ලොකු ගමනක් එයාට යන්න තියෙනවා. තවම එයා බැට්මෑන්ම නෙවෙයි. තවමත් එයා පලිගැන්මයි – වෙන්ජන්ස් -.

#Hail_Hydra

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

59,964 downloadsDownload The-Batman-2022-Blu-Ray.zip203 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

59,964 downloadsDownload Subtitles203 KB

81 comments

  1. හිෂාන් සමරසිංහ

    බොහෝම ස්තූතියි.. ❤

  2. Sachee...

    Video පිටපත් නිකුත් වුණු දවසේ ඉඳලා සැරින් සැරේ ඇවිත් බැළුවා Site එකට... Subtitle දාලා තියෙනවා දැක්කාම මාර Happy.

    . .
    _.-'\ |\-"""-/| /`-._
    _.-` `. / \ ,' '-._
    _.' `._ ; \ / ; _,' `._
    .' `-.: :.-' `.
    ,` , , '.
    ,` '.
    / \
    :,-"""-, ,-"""-,:
    /' ` ' '\
    : :
    : ,-"""-, ,-"""-, :
    /' `. _.-' '-._ .' '\
    \ .` : : '. /
    . .` : : '. .
    :/ : : \:
    : : : :
    :

  3. Biahndu

    Thanks sgo

    1. Anonymous

      Thanks for sub

  4. Sanjeewa2010

    Thnxxxxxxxxx

  5. Bimsara Yashan(ඔලිව)

    බලාගෙනම හිටපු එකක්. උපසිරැසියට බොහොම ස්තූතියි හසන්ත අයියේ. ජයවේවා!

  6. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි හසා අයියා.

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Arawinda Sunimal

    thanks sub ekata jayawewa (HASANTHA)

  9. Ga

    උපසිරසට බොහොම ස්තූතියි මේ සබ් ටයිල් කරලා තියෙන්නේ INTERNATIONAL එකට නෙ HOB MAX එකට සෙට් වෙන්නේ නැ නෙ ☺️

  10. Gagan pabasara

    උපසිරසට බොහොම ස්තූතියි මේ සබ් ටයිල් කරලා තියෙන්නේ INTERNATIONAL එකට නෙ HOB MAX එකට සෙට් වෙන්නේ නැ නෙ ☺️

  11. kavinda gamage

    බොහොම ස්තුතියි

  12. ව්මුක්ති

    1080 Galaxy Webrip කොපියට සබ් වැඩ නැත්ද??
    අනේ වැඩ නැත්නම් ඒකටත් ගැලපෙන කොපියකට සබ් එක හදලා දෙන්නකෝ සහෝ
    ගොබ්බ සයිට් එකක කුජීත සබ් එකක් ඇවිල්ලා තිබ්බත් නොබලා ඉන්නේ මේ වගේ ෆිල්ම් එකක් බයිස්කෝප් සබ් එකෙන් නැතුව බලලා වැඩක් නැති නිසා
    බොහොමත්ම ස්තුතියි මේ කාලේ මෙහෙමවත් සබ් කරනවට බයිස්කෝප්
    ජය වේවා❤️

  13. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතීයි...❤

    1. Sahan

      Ambulance 2022 සබ් එකත් දෙන්නකො

  14. Kushan

    Sub akta thanks

  15. නිමේෂ් කාවින්ද

    ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩක් ස්තූතියි හසන්ත සහෝ !

  16. Tharindu

    thank you

  17. Akash

    Warhunt film එකට Subtitle ඕනා

  18. Udaya Fdo

    Thank you

  19. Naveen

    උපසිරසියට තුති

  20. spider

    hasantha ayye thanks sub ekata

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  22. Choka

    ගොඩාක් ස්තුතියි

  23. Lakmal

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  24. Navod Madusanka

    thanks ayye. letter ek awesome.

  25. sahangayantha

    thanks a lot sub ekata

  26. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  27. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  28. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  29. Kantha_(DLA)

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  30. Anonymous

    #hAIL BAISCOPELK

  31. oshanda

    thanks sahoo

  32. indika 75

    thanks..

  33. Achi

    Thanks sudda

  34. TEESHAN

    THANKS BAISCOPE

  35. Anonymous

    Thanks bro..

  36. ishan

    sub eka enakan blgena hitiye hasa ayye..

  37. Anonymous

    Web කොපි ඔක්කොටම සබ් වැඩ නෑ බන්
    ඒවටත් update කරපන්කො

  38. MUDITHA

    good job hasa aiya

  39. Tihan Moshitha

    Thanks Bokka. දිගටම සබ් දෙන්න. ජයෙන් ජය!

  40. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  41. Nirosh

    galaxy webrip walata sub set wenne na

  42. Yohan

    Mee para google search karala ganna bari una sub.

  43. lakshan

    thanks .........................

  44. Udara Damith

    kora

  45. Udara Damith

    lipiya maru

  46. lakshan

    webrip ekata sub wada nahane bro

  47. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  48. Anonymous

    Subtitles not syncing correctly. Please update

  49. Sandun

    සහෝ, මේකෙ සබ් එක Web පිටපත් එක්ක ගැලපෙන් නෑනෙ.. මම දෙක තුනක්ම බැලුව (eg. yts, galaxy), එකකටවත් ගැලපුන් නෑ.. පෝඩ්ඩක් බලල update කරන්නකො සහො.

    ගොඩක් අයට මේ ප්‍රශ්නෙ අවිත් තියනව කියල පහල කමෙන්ට් වලත් තියනව. ඒනිසා හැකි ඉක්මනින් මේ ගැන බලන්න.

    ජය වේව!!

  50. Harvey O'brien

    උපසිරසියේ තිබු ගැටලුව නිරාකරණය කර ඇති අතර සියලුම වෙබ් පිටපත් සඳහා උපසිරසි යාවත්කාලීන කර ඇත.

    1. dananjaya

      thanks Brother,,,

    2. Dushmantha

      Web del, web copy වල වෙනස මොකද්ද

Load more comments