‘මේක තමා මගේ පළවෙනි උපසිරැසිය‘ මගෙ හිතවතා, ( 😛 ) ඔයාලගේ (?) ශාන් විමුක්ති (විමා) තමා මේක කරන්න හිටියෙ ඒත් එයාට මේ ටිකේ විභාගයක් තියන නිසා ඔයා මේකෙ සබ් එක කරන්න කියල මගෙ කරපිට පැටෙව්ව, ලිපිය සහ සියලු ගුරුහරුකම් එයාගෙන්මයි, පලවෙනි එක නිසා වැඩිය අත හුරුත් නෑ, පරක්කුවෙලා අරන් ආපු එකේ වැඩි කතා නැතුව විස…

The Best Of Me 2014

‘මේක තමා මගේ පළවෙනි උපසිරැසිය‘ මගෙ හිතවතා, ( 😛 ) ඔයාලගේ (?) ශාන් විමුක්ති (විමා) තමා මේක කරන්න හිටියෙ ඒත් එයාට මේ ටිකේ විභාගයක් තියන නිසා ඔයා මේකෙ සබ් එක කරන්න කියල මගෙ කරපිට පැටෙව්ව, ලිපිය සහ සියලු ගුරුහරුකම් එයාගෙන්මයි, පලවෙනි එක නිසා වැඩිය අත හුරුත් නෑ, පරක්කුවෙලා අරන් ආපු එකේ වැඩි කතා නැතුව විස්තරේ දිහාවට හැරමු.

මේක එක්තරා අන්දමක අවාසනාවන්ත සිදුවීමකුත් කැටිකරගත් දෙයක්. සමහර දේවල් තියනවා වෙන්න ඕන විදියට, වෙන්න ඕන කාලෙට නෙමේ ඒ දේවල් වෙන්නේ. ඇයි කියල කවදාවත් හිතාගන්න බැහැ දෛවය කියන්නෙ ඒකට වෙන්න පුළුවන්. මේ කියන්න යන්නෙ එහෙම කතාවක් ගැන. මේ ආදර කතාව ලියල තියෙන්නේ දැනටමත් ගොඩක් දෙනෙක් දන්න “නිකලස් ස්පාක්ස්” විසින්. කට්ටියට මතක නැත්තම් Message in a Bottle (1999), A Walk to Remember (2002), The Notebook (2004), Nights in Rodanthe (2008), Dear John (2010), The Last Song (2010), The Lucky One ( 2012), Safe Haven (2013) කියන සිනමාපට වලට පාදක කරගත්ත පොත්වල හිමිකාරයා ඔහුයි. ඒ වගේම ඔහුගේ “The Longest Ride” යන කෘතියත් එම නමින්ම 2015 අප්‍රියල් මාසයේ 10වෙනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි.

ඉතින් මේ කතාව මේ අන්දමින් සිනමාවට නගන්න පිරිස මෙහෙයුවේ The Last Station (2009) හි මෙහෙයුම්කරු, Michael Hoffman. එයා විසින් මෙහෙයවුණු පිරිස ගැන කියනවනම් Source Code (2011) හි හුන් Michelle Monaghan ප්‍රධාන කාන්තා චරිතය වන “ඇමෙන්ඩා” ලෙසත්, Stuck in Love (2012) හි හුන් Liana Liberato ඇගේ තරුණ අවධිය උදෙසාත් දායක වන අතර, ප්‍රධාන නළුවා ලෙසින් X-Men: Days of Future Past (2014) හි මෙන්ම X-Men සිනේ මාලාවෙහි Scott Summers ලෙසින් දායකවූ James Marsden විසින් “ඩෝසන්” හට පන දෙන අතර, G.I. Joe: Retaliation (2013) හි Cobra Commander ලෙසින් දායක වූ Luke Bracey විසින් ඩෝසන්ගේ තරුණ අවධියට පන පොවයි. අප කවුරුත් හදුනන, Paul Walker. මෙහි ඩෝසන් ලෙසින් එක්වීමට සිටියත් අද ඔහු මෙතන නොසිටින්නේ මන්ද කියා ඔබත් මමත් හොදින්ම දන්නා කරුණක්. එනිසයි පළමුකොටම පැවසුවේ මෙය එක්තරා අන්දමක අවාසනාවන්ත සිදුවීමකුත් කැටිකරගත් දෙයක් යනුවෙන්.

සෑහෙන දේවල් කිවුවා. ඒත් ගොඩක් වැදගත්ම දේවල් වෙන්නේ කියාගන්න බැරුව හිතේ ඉතුරුවෙන දේවල් කියල ‘මෙහෙමත් ආදර කතා’ වලදී කියල තිබ්බා. එක කාලෙකදී මගේ හිතේ අන්න ඒ වගේ දෙයක් තිබ්බා. එක ලස්සන කෙල්ලෙක්. හිනාවෙද්දි සතුටින් පිම්බිලා වල ගැහෙන කම්මුල් දෙකක් තියන මාව සම්පුර්ණයෙන්ම පිස්සු වට්ටපු ඇස් දෙකක්. මම දන්නවා මම මේ දේට ඒ තරම් දක්ෂයෙක් නෙමේ කියල. කෙල්ලෙක්ව අල්ලගන්න මම දක්ෂයෙක් නෙමේ. එයා මගේ ලගම හිටියා උනත් මම දැනගෙන හිටියේ නෑ එයාට ආදරෙයි කියන්නේ කොහොමද කියල. ඊට වඩා අපේ තියන පරතරය. ඔව් මම දන්නවා එයාට දැන් තියන දේවල් දෙන්න තරම් මට හැකියාවක් නැහැ තවම. ඒත් මට දැනට එයාට ලබාදෙන්න පුළුවන් හොදම දෙයක් තියනවා ඒ මගේ අවංක ආදරේ. දිවි තුරාවටම… එයත් ඒක දන්නවා එයා මට ආදරෙයි. කොහොමින් හරි අපි ලං වුනා. ඒත් අන්තිමේදී මම එයාට ලං නොවී හිටපු හේතුව ඉස්මතුවුනා. තාත්තා කෙනෙක්ගේ බලාපොරොත්තුව තමන්ගේ දුවට හොදම කෙනාව ලබාදෙන්න. ඇයට හොද අනාගතයක් උරුම කරවන්න. ඒ අය හොදම කෙනාව මනින මිම්ම වෙනම එකක්. මම දන්නේ නැහැ ඒ මිම්ම හරිද කියල. මොකද මම තවම තාත්ත කෙනෙක්ගේ හැගීම දන්නේ නැහැ, මම දැනට දන්නේ පෙම්වතෙකුගේ හැගීම ගැන විතරයි. ඒත් මට සිද්ද වෙනවා මේ දේ කරන්න. ඔව් සමහර වෙලාවට මටත් එහෙම හිතෙනවා. මම එයාට හිමි හොදම කෙනා නෙමෙයි වෙන්න ඇති කියල. ඒ වගේමයි නරක මිනිස්සුත් එක්ක ගැවසෙද්දී නරක දේවල්මයි සිද්දවෙන්නේ.. දවසක් ඒ වගේ නරක දෙයක් සිද්දවුනා.. ඒ නිසාවෙන් මට යන්න සිද්දවුනා.. කරගන්නම දෙයක් නැති අසරණකමකින් යන්න ගියත්, යම් දෙයක් මම විස්වාස කලා… ‘දෙයක් වේ නම් එය සුදුස්සාටමය යන’ වග. මං කිවුව තමයි මාව අමතක කරන්න කියල.. ඒ දේට හේතුවක් තිබ්බා… ඒ තමා ඔයා… ඔයාගේ සතුට… කවදාකහෝ ඇය ආයේ ඒනම්.. කුළුදුල් ආදරෙත් අරන්… තනිකර ගියාක්මෙන් එදා… නෑ යන්නෙ නෑ ආයෙනම්… මන්දයත්, බැහැ යන්න තව දුරක්… වෙනද මෙන් නොවේ දැන්… පාරන කල පෙර මතක… විඩාවයි දැවුණ හදකට… මෙතෙක් නොකියූ මගේ කතාවේ.. ගැලපුනත් තව වචන… දුරක් නොගොසින් තවත්… නිමාව සටහන් කරමි මෙලෙසින්… යලි එන්න මතු දිනක.. රැගෙන මිහිරි මතක පොද.. විඩාබර, පිපාසිත දෙතොල් අද්දරට සිහිල් දිය බිඳක් සේ… අවසානය වෙත තබමි මෙලෙසින් නිමාව. ඔබ සැමට ජයෙන් ජය!!

~ ඔබට කෙදිනකවත් අමතක නොවූ ආදරය, යලිත් හමුවුනොතින්….? ~

ලිපිය : ශාන් විමුක්ති

The Best of Me (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

 

869 MB (BR) කොපිය මෙතනින් බාගන්න

 

1.85 GB (BR) කොපිය මෙතනින් බාගන්න

 
 

8,892 downloadsDownload The-Best-of-Me-2014.zip183 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/Vandana-vima-e1421949565469.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වන්දනා හංසනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වන්දනා හංසනි

Subtitles

8,892 downloadsDownload Subtitles183 KB

92 comments

  1. samadhi

    ස්තූතියි සහෝදරිය උපසිරැසියට.

    1. samadhi

      පලමු උපසිරැසියට නියම සලරුවක්නේ තෝර ගෙන තියෙන්නේ.

  2. Bhanuka

    තැන්කිවී වේවා.....

  3. chandana

    බොහෝම ස්තූතියි වන්දනා,

  4. Isuru feat

    Thxx

  5. යශෝධ

    දැන් මෙතන ආදර කතාව කෝකද විමෝ?..... ;-)
    සියලු යහපත් පැතුම් ඉටු වේවා..
    ජයෙන් ජයම වේවා..
    බොහෝම ස්තූතියි සහෝදරී උපසිරැසියට.
    දිගටම සිංහල උපසිරැසි කරමු එහෙනම්.
    පළමු උපසිරැසියට සුබ පැතුම්.
    ලිපිය නම් ලෙසටම තියෙනවා විමා. මෙන්න බානවා එහෙනම්. එලස්ස්ස්...

  6. නලින්

    ස්තුතියි වන්දනා හංසනී නංගි..! ආදරයෙන් පිළිගන්නවා අඩවියට. විමාගේ ගුරුහරුකම් මැද්දේ තව තවත් රසවත් හරවත් නිර්මාණ අරන් එන්න..

    ජය වේවා!

  7. Gayan Wilkinson

    Gud Luck Vandana Hansani (Vanda) !!! Oyagei Vimukthigei Lovestory eka ganada me dala thiyanne???

  8. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    ලව් ස්ටොරියක් වගේ..
    අනිවා බෑමක් තමා ඉතින් ..
    ඔන්න බාන්න දැම්මා..
    ජය

  10. senuth

    godak kal enakan balan hitapu film ekak.. thank you

  11. sajeevi

    thanks

  12. priyankara

    thankz saho enakan unnne sub...

  13. කැලුම් ගුණසේකර

    අලුත් සාමාජිකාවක්. පුරුදු නමක්. නියමයි නේ? බොහෝම ස්තූතියි උපසිරැසියට. දිගට ම හොද උපසිරැසි දෙන්න මේ වගේ.

  14. චන්දිම අමරසිංහ

    වාව් නියමයිනේ....
    පලමු කොටම පිළිගන්නවා බයිස්කොප් අඩවියට.
    සුභපැතුම් මේවගේ හොද බයිස්කොප් කරන්න කාලය ලැබේවා..!
    ජයෙන් ජය.

  15. SaDuN dAnUsHkA (ධනූ)

    නංගිද අක්කද දන්නෙත් නැහැ
    උනුසුම් සුභපැතුම්
    පළමු උපසිරැසියට........!

  16. ගයාන් රූකාන්ත

    සබට බොහොම තුති සහෝදරි (විමා ඔහොම මිනිස්සු අමාරුවේ දාන්න එපා බන් ඕවා මහා කැත වැඩ.)
    පලවෙනි උනහම මොකෝ විමානේ හිතවතා ;) සබ ලෙසටම ඇති ඉතින්
    පලවෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්,(ලිපියත් ඉතින් හොදයි වෙන එකක් නැති නිසා :P )
    තව තවත් උපසිරැසි කරන්න ශක්තිය ධෛර්‍ය පතනවා ජය!!

  17. ආදරය හීනයක්

    තැංකු අක්කෙ!

  18. Tharindu Udayanga Perera

    supiri ahhh...
    meka denakammai balan hitiyee...
    mona vade thibbath meka balanna epai..
    thanks nanga sub ekatahh....
    palaveniyatama aran avith thiyenne supiri bandayaknee..
    palamu vadeta subapathum..
    jaya vevaa....

  19. kavinda

    බොහෝම ස්තූතියි

  20. හර්ෂ ලහිරු

    පලවෙනි එකටම සුප්පා පාරක් ගෙනල්ලා තියෙන්නේ :P
    මේක ආපුගමන්ම වගේ ඉන්න බැරිකමට බැලුවා :P
    ආයෙත් ඉතින් නොබලා බෑ :D
    මේකෙන් විතරක් නවතින්න එපා තව එකක් දෙමු :P
    සබ් එකට බොහොම ස්තුතියි හංසනී :D :D ජය

  21. wadduwa

    Thanks

  22. #ChalinduDeshan (කිනා)

    මට කියහල්ලා විමයි, මේ සබ දුන්න නෝනයි ඔය ලියලා තියෙන්නේ පිලුම ගැනද නැත්නං වෙන ජහුටක් ගැනද කියලා :P
    එල එල සුභ පැතුම්!
    ජයවේවා!

  23. sanjeewa

    thanks

  24. අසිත

    මව් වගේ ෆිල්ම් එකක් බලන්න සිංහල සබ ඕනෑමයි මට නම්.ඔයාලට බොහොම පින්.

    1. Gimz

      this subtitle doesn't work on my computer..help me.

  25. janaka

    This is my first comment for the baiscope though I use this site usually.I am compelled to put a comment on this since u have express this so nicely.hope to download this.Nice work sister...

  26. බ්ලැක් පැන්තර්

    මල කෙලියයි ජූලි හතයි...
    අඩේ මෙන්න මේ වන්දනා නැන්දා සබ් එකක් කොරලා...
    විමාගේ හිතවත් නැන්දා... :o...
    මා මේ දකින්නේ සප්නයක්ද... :o ...
    කොහොමත් විමා මේ හුචක්කුව ගැන ගැන කියව කියවා තමා උන්නේ...
    මං හිතුවේ නෑනේ විමාගේ වැඩේ විමාගේ නැන්දට කරන්න වෙයි කියලා... :3
    කොහොම උනත් නැන්දේ පළමු වැඩේට සුභ පතනවා...
    ඔන්න එහෙනම් විමා කලින් ඉඳන්ම බලන්න කියපු නිසා අද ඩවුන් වෙන්න දානවා...
    බලමුකෝ එහෙනම් විමාගේ වන්දනා නැන්දගේ සබ කොහොමද කියලා...
    දෙන්නගේම අනාගතේට සුභ පතනවා... :3 ...
    යෝ යෝ...

  27. Buddhi J Amarakoon

    බොහෝම ස්තුතියි මේ සබ් එක දැම්මට...
    බලාගෙන හිටියෙ මේක දානකම්...
    නිකොලස් ස්පාර්ක්ස්ගේ ෆිල්ම් ඔක්කොම තියෙනවා...
    බොහෝම ස්තුතියි...
    ඉස්සරහටත් හොදට කරගෙන යන්න...
    ජය වේවා...

  28. thisal

    අහ් විමාගෙ වැඩක් නෙහ් එල එල තැන්ක්ස් සබට ඇ.. තව සබ් ඩෙමු හොදෙ... ඇත්තටම කිව්වොත් මම english ලව් බලන්න කැමති නැ මොකද පට්ට කම්මැලියි ලගදි එකක් නම් බැලුව එක නම් පට්ට fault in our stars කියලා එකට සබ් දුන්නෙත් විමා ම තමා.. මෙක නම් බාන්න එකම හෙතුව paul walker තැන්ක්ස් සබට

  29. Kulanjana Maduranga

    patta love storyak wge....me wge 1k nobala kohomada.1st subata suba pathum VANDANA Sis.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

    VIMA saho lipiya nm pattai......

  30. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මේතන අපි නොදන්න කතාවක් යනවා වගෙ. :-D
    ස්තුතියි සහොදරී.
    ජය වේවා. !

  31. Vandana Hansani

    හැමෝටම thanx වේවා! ^_^
    පළමු සබ නිසා අඩුපාඩුත් ඇති. ඒත් ෆිලුමට කැමතිවෙයි කියල හිතනවා. comment එකක් දාල සහයෝගය දීපු හැමෝටම නැවතත් ස්තුතියි! :) ( මඩ ප්‍රචාර කියපු අයටත් එක්කම තමා කිවුවේ :P :D )

  32. ela kolla

    ela kiri

  33. me

    Thanks

  34. ශාන් විමුක්ති (විමා)

    අලුත් කෙනෙක් නේද, අලුත් සාමාජිකාවක් :P
    පලවෙනි වැඩේට සුබපැතුම් සහෝදරි.
    අඩවියට සාදරයෙන් පිලිගන්නවා
    මේකෙන් නවතින්නේ නැතුව දිගටම අපිත් එක්ක රැඳිලා ඉදිවී කියල හිතනව හිටං :lol: :mrgreen:
    මෙන්න සබ් එක ගන්නව
    (මඩ නොගහ ඉදපියව් :twisted: )

    1. බ්ලැක් පැන්තර්

      උඹ සබ ගන්නවද??????
      එළ. සන්තෝසයි... :D
      ඇයි මඩ ගැහුවහම බොට මොකෝ... මෙයා බෝගෙ කවුද බෝල... :3
      (නොදන්නා නිසා ඇහුවෙ ආය... )

    2. සමීර කරුණාරත්න

      උඹ අනුන්ගේ මඩ හොඳන්න යන්නේ නැතුව උඹේ අපරාධ චෝදනාවලින් නිදහස් වෙන්න බලහන්... :P

    3. ශාන් විමුක්ති (විමා)

      චෝදනා නෙමේ මඩ
      අපරාධ කරල නෑ යකෝ මං

  35. සමීර චතුරංග

    කියන්න ඕනේ මේක මම කලින්ම බැලුවා. සබ් ලැබෙනකම් ඉවසන් ඉන්න බැරුව ගියා.
    ආයෙත් බලන්නම්කෝ.
    මොනවා උනත් අපේ විමා, කට්ටිය කියන විදියට හාමිනේ වත් කැන්දන් ඇවිත් මල් හතේ වැඩක් කරලා තියෙන්නේ.
    දෙන්නම එකතු වෙලා ඉක්මණට එකක් අරගෙන එන්න ඈ...
    ජය, සුබ පැතුම්.

  36. nuwan

    thank you...............!

  37. සමීර කරුණාරත්න

    මේක භාර ගත්තේ නම් විමා හැබැයි, කොලේ වෙන කෙනෙක් නමුත් කියන්න ඕනේ උපසිරැස නම් නියමෙටම තිබ්බා, විමා මේක නොකළ එක ගැන සතුටු වෙන්න පුළුවන් වෙන්නම තිබ්බා කියන්න ඇහැකි බය නැතුව ( :P ) සාධරයෙන් පිලිගන්නවා අපේ වෙබ් අඩවිය වෙත, ඔන්න තවත් චිත්‍රපටයක් වෙනුවෙන් යෝජනාවක් එව්වා විමා අතේ... ඒකත් කරලා දෙන්න කියලා ඉල්ලනවා එහෙනම් ජය වේවා.. බොහොම ස්තුතියි මේ සබ් එකට....

    1. සමීර කරුණාරත්න

      ආ එකක්ම නැගණිය ඔයා ජීවිතය ගැන ගන්නා තීරණ තව පොඩ්ඩක් හිතා ගන්න කියලා මම යෝජනා කරනවා.... :P

    2. ශාන් විමුක්ති (විමා)

      උබට කිවුවයි කියල හිතගනින්කෝ සැමියෝ

  38. නලින් පෙරේරා

    ස්තුතියි වන්දනා.. ඒවගේම අශාන්..දැනුයි බලලා ඉවර කලේ..

    ඇතෙන්ම හරිම ලස්සන කතාවක් ඒවගේම සිංහල රස මුසුවත් විශිෂ්ට අන්දමට කරලා තියනවා.

    ජය වේවා!

  39. ruchira

    Niyamai.

  40. ruchira

    Thanks.......

  41. රොයිලි

    බොහොම ස්තූතියි වන්දනා සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  42. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි
    මෙහෙමත් කාලයක් කියලා තමා කියන්න තියෙන්නේ. :-D
    අපේ විමාගේ කෙනෙක් නිසා සබ් & ෆිලුම ගන්නවා.
    බට් බලන එක ෂුවර් නෑ.
    මොකද මේ වගේ කතා පෞද්ගලිකව මම නොබලන නිසා.
    සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
    පලමු වැඩේට සුබ පැතුම්.
    දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!!!

  43. Kaushal Manu

    බොහොමත්ම ස්තූතියි සබට..මේක එනකම් මාස 2ක් බලන් හිටියනෙ..ඒ වගේම වන්දනා සොයුරියටත් විමා සොයුරටත් සුබ පැතුම්... (ඉදිරියටත් දෙන්න එක්කම සබ් ගේනවානම් ලොකු දෙයක්) :D

  44. Ayeshi

    සබ් එක හොදටම තිබුනා.නියමයි....තව දිගටම සබ් කරන්න අක්කෝ :)

  45. Manjula Kumara

    බොහෝම ස්තූතියි...! :)

  46. Imankar

    thanx

  47. තිසර නියෝ

    සාදරයෙන් පිලිගන්නවා
    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  48. Chami

    Thank you very much...

  49. Chamika Sadaruwan

    adddooooo bohoma pin machan mama balapu lassanama film tika thamai “නිකලස් ස්පාක්ස්” ge katha tika ubata godak pin sahooo jayen jayawama wewa me wage nirmana thawa karanna wasanawa lebewa kiyala pathanawa (y)

  50. kavi

    sub ekata godak sthuthi hansi....jaya wewa !!!!!!!

Load more comments