The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බලන්නකො..එතකොට මේ චිත්‍රපටය බලන්න ආසාවක් ඇති වෙයි..අනිත් ලිපි වල වගේ මම මේකෙත් කතාව ටිකක් දුරට කියන්…

The Reader ගැන ලිව්වට පස්සෙ මේ තරම් අභියෝගයක් ලැබුනේ නෑ මට ගොඩක් කාලෙකින්..ඇත්තටම මේ චිත්‍රපටය ගැන ලියන එක හරිම අමාරු දෙයක්..අපේ ජීවිතර අවරෝහණ පිළිවෙලට උනොත් කොහොමද?නිකමට වත් හිතල තියෙනවද ඒ ගැන?හිතල බලන්නකො..එතකොට මේ චිත්‍රපටය බලන්න ආසාවක් ඇති වෙයි..අනිත් ලිපි වල වගේ මම මේකෙත් කතාව ටිකක් දුරට කියන්නම්..මෙන්න මෙහෙමයි කතාව..මරණාසන්න කාන්තාවක් රෝහලේදි තම දියණියට එක්තරා දින පොතක් දී කියනව එය තමන්ටත් ඇහෙන්න කියවන ලෙස..මේ දිනපොතේ ඇති කතාව තමයි මෙතැන් සිට අපිට බලන්න වෙන්නෙ..දැන් මම මේ කියන්නෙ එම දිනපොතේ කතාව..එක්තරා පවුලකට දරුවෙකු ලැබෙනව..දරු උපත නිසාම එම කාන්තාව මිය යන අතර දරුවාගෙ පියා මේ පිළිබද තරහින් මේ දරුවාව මහළු නිවාසෙක පඩිවෙලකින් තියල එනව..මේ සිගිත්ත අසාමාන්‍ය අන්දමට විරූපෙයි..ඒත් කරුණාවන්ත කාන්තාවක් වන මහළු නිවාසයෙ සාත්තු සේවිකක් විසින් මේ දරුව හදාවඩාගන්නව..මොහුට අවුරුදු 7ක් වන විට පෙනුම අවුරුදු 90ක පමණ මහල්ලෙකුගෙ වගෙයි..මොහු ජීවත් වෙන්නෙ මහලු නිවාසයක නිසා මර්ණය ඔහුට අලුත් දෙයක් නෙවෙයි..ඔහුගේ ජීවිතය ගෙවෙන්නෙ බොහොම වෙනස් විදියට..ඒ ගැන මම කියුඅන්නෙ නෑ, ඔයත් ජීවිතය,අනිත්‍ය,සතුට,ආදරය,වෙන්වීම, ආදි හැගීම් දැනෙන කෙනෙක් නම් අනිවාර්යෙන් බලන්නThe Curious Case of Benjamin Button ,ඔබට දැනෙන දේට නව අරුතක් එක් කරාවි මේ චිත්‍රපටය..
ඕපදූප:- මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..සෙල්ලම් නෑ නෙද? 😛 ඒ වගෙම මේ ප්‍රධාන චරිතය රගපාන බ්‍රැඩ් පීට් ගේ රංගන කුසලතාව නිසා තවත් හැඩවෙලා තියෙනව මේ චිත්‍රපටය..
ලිපිය-දමිත් තරංග
මම දැනට සිංහල උපසිරැසි කරපු චිත්‍රපට තිස් ගාන අතුරින් අති විශිෂ්ඨතම චිත්‍රපටය මේක කියලා අවිවාදයෙන්ම කියන්න ඕන. මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනාගෙන තියෙනවා වගේම තවත් සම්මාන 68කට නිර්දේශ වී එයින් 21ක් දිනාගෙන ඊට අමතරව විෂුවල් ඉෆෙක්ට්ස් සදහාත් සම්මාන ලබාගෙන තියෙනවා. ඒ වගේම IMDB දර්ශකයෙත් 7.8ක අගයක් ලබාගෙන තියෙනවා. ටිකක් පරණ චිත්‍රපටිවලට හොඳ රේටින් එකක් ගන්නම අමාරු Rotten Tomatoes දර්ශකයෙත් 72%ක රේටින් එකක් තියෙනවා කියන්නේ වෙන මොනවද ඉතින්. ඒකෙන්ම කියන්න පුලුවන් ඉතාමත් සුවිශේෂී කථාන්තරයක් මේ චිත්‍රපටය පුරාවටම දිගහැරෙන බව. මේක තවත් කෙනෙකුට ලේසියෙන් හිතාගන්න බැරි විදිහේ මාතෘකාවක් මත පදනම් වී බිහිවූ චිත්‍රපටයක්. මේ වගේ කතාවකට තිර රචනය ලියපු පුද්ගලයා සුපිරිම පොරක් වෙන්න ඕන. කතාව අන්තිම හරිය යද්දී එහෙම හිතේවි. කතාව මෙහෙමයි.
කැත්‍රිනා කියලා නම් කරපු කුණාටුව ඇමරිකාවෙ නිව් ඔර්ලියන්ස් නගරය හඹා එනවා. මේ අතරෙ, වයස්ගත ඩේසි විලියම්ස් නගරයෙ රෝහලක් තුල ඇගේ මරණ මංචකයෙ වැතිර ඉන්නව. පසෙකින් ඉන්නෙ ඇයගෙ දුව කැරොලයින්. ඔහොම ඉන්නකොට ඩේසි, කැරොලයින්ගෙන් ඉල්ලනව ඇගේ ඇඳුම් බෑගයෙ තියන පරණ දිනපොතක් අරන් ඇයට කියවන්න කියල. ඒක අයත් වෙන්නෙ ඇගේ පරණ මිතුරෙක් වුණ බෙන්ජමින් බට්න්ට. ඔහු ඉතා සුවිශේෂී පුද්ගලයෙක්. කායික විකෘතිතාවයක් එක්ක ඉපදුනු ඔහුගෙ වයස ගියේ අනිත් පැත්තට. විශ්වාස කරන්න පුලුවන්ද, ඉපදෙනකොට ඔහුගෙ වයස අවුරුදු 80යි. පෙනුමත් වයස අවුරුදු 80ක පෙනුම තියෙන කෙනෙක් වගේමයි. ඒක වෙන්නෙ මෙහෙමයි. ප්‍රමාණයෙන් සාමාන්‍ය අත දරුවෙක් වගේ වුනාට ඔහුගෙ හැඩය, හම, ඇඟේ අවයව විතරක් නෙවෙයි හෘද ස්පන්දනයත් අවුරුදු 80 ක පුද්ගලයෙක්ගෙ වගේ.මේ දරු උපත නිසාම ඔහුගේ මව මිය යනවා.තාත්තට යකා නඟිනවා. ඔහුගෙ මේ විකෘති බව දැක්ක පියා තෝමස් බට්න්, තරහින් යුතුව තමන්ගේ බිරිඳ එපා කියද්දීම බෙන්ජමින් ඉපදුන දවසෙම වැඩිහිටි නිවාසයක දොර පඩිය උඩ අතහැරල දාල යනව. ඒක වැඩිහිටි නිවාසයක්. ඒකෙ ඉන්න වැඩිහිටියන් බලාගන්න කරුණාවන්ත කාන්තාවක් වගේම මහළු නිවාසයෙ සාත්තු සේවිකාවක් වන ක්වීනි කියන කලු ජාතික කාන්තාව බාරගන්නව ඔහුව හදාගන්න. කාලයත් එක්ක ටික ටික ලොකු වෙනකොට වෙන ළමයින්ට වයස වැඩි වුනත් බෙන්ජමින්ට වෙන්නෙ වයස අඩු වෙන එක. ඔය අතරෙ තමයි ඔහුට ඩේසි විලියම්ස් හම්බෙන්නෙ. ඩේසිට වයස 6ක් වෙනකොට බෙන්ජමින්ට හැත්තැ ගානක්. ඩේසිට වයස 20ක් වෙනකොට බෙන්ජමින්ට පනස් ගානක්. පෙනුමෙ මේ වගේ ලොකු වෙනසක් තිබුනත් ඒක ඔවුන්ගෙ පුංචි කාලෙ මිත්‍රත්වයට බාධාවක් වෙන්නෙ නෑ. ඒත් මේ විදියට ගිහින් අන්තිමට ඈත් වෙලා හිටපු ඔවුන්ගෙ වයස ආසන්න වශයෙන් සමාන වෙනකොට පුදුමාකාර ලෙස ඔවුන් ආපහු එක් වෙනවා. එතන ඉඳන් වෙන්නේ මොනවද කියලා ඔයාලම බලන්න.
“Curious Case” කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්පූර්ණයෙන්ම කුතුහලය දනවන කතාවක්. අපිට අපේ ජීවිත ගැනත් අනිවාර්යෙන්ම තවත් පාරක් හිතන්න සලස්වන කතාවක්. ඉන්න ටිකේ මොන සෙල්ලම් දැම්මත් අන්තිමට හැමෝටම ඉතුරු වෙන්නේ හයේ හතරේ වලක් තමයි කියන එක අපූරුවට මතක් කරලා දෙන කතාවක් මේක. පැය 2යි මිනිත්තු 46ක් පුරා දිවයන මේ කතාව, මිනිස්සුන්ගෙ ගති සොබාවන් මනාව විදහා දක්වන කලාත්මක චිත්‍රපටයක් විදියටත් හඳුන්වන්න පුලුවන්. චිත්‍රපටය පුරාවට තියෙන්නෙ ඉතා සෞම්‍ය සංගීතයක්. වේගයෙන් දිවයන (tensed) අවස්ථා වල පවා තේමාවට හානියක් නොවී එය රඳවාගන්න නිර්මාණකරුවා සමත් වෙලා තියනව. ඊට අමතරව දෙබස් භාවිතයත් සුවිශේෂියි. උචිත තැන් වල පමණක් උචිත පරිදි දෙබස් පරිහරණය කරමින් හැම රූප රාමුවක්ම ප්‍රේක්ෂකයාට නරඹා අදහස ග්‍රහණය කරගත හැකි වන ලෙස ඉදිරිපත් කරල තිබෙනව. තවත් විශේෂයෙන්ම සඳහන් කලයුතු දෙයක් තමයි බෙන්ජමින් බට්න්ගෙ චරිතය. පීටර් ඩොනල්ඩ් බැඩමෙන්ටි (බෙන්ජමින් 1928-31), රොබට් ටවර්ස් (බෙන්ජමින් 1932-34), ටොම් එවර්ට් (බෙන්ජමින් 1935-37) හා බ්‍රැඩ් පීට් –Brad Pitt (බෙන්ජමින් ප්‍රධාන අවධිය) එම චරිතය නිරූපණය කරල තියනව. මේ සියලු දෙනා ඒ ඒ අවධි වල බෙන්ජමින්ගේ නිහඬ චරිතය සහ එහි ගැඹුර විදහා දක්වන ආකාරය අද්විතීයයි. Brad Pitt රඟපාපු Mr. & Mrs. Smith (2005), Troy (2004), Fury (2014), Allied (2016),World War Z (2013) එහෙම මතකයිනේ. මීට අමතරව ඩේසිගේ තරුණ හා වැඩිහිටි අවධි නිරූපණය කරන කේට් බ්ලැන්කට් (Cate Blanchett) ද එම චරිතයට උපරිම වශයෙන් සාධාරණය ඉටුකර ඇති බව පවසන්න ඕනෙ.Cate Blanchett කියන්නේ ඇය චරිත නිරූපණය කරපු Elizabeth: The Golden Age (2007), Carol (2015), Robin Hood (2010) චිත්‍රපට වලටත් ඇය උපරිම සාධාරණයක් ඉටු කරපු නිලියක්.
තවත් අනිවාර්යයෙන්ම පැවසිය යුතු කරුණක් තියනව. ඒ තමයි චිත්‍රපටය පුරාවට ‘නිරුවත’ භාවිතා කර ඇති අන්දම. එය ඉස්මතු වන අවස්ථා කිහිපයක් තිබුණත් ඒ හැම එකක්ම ඉතා සංයමයෙන් භාවිතා කරන්න චිත්‍රපට අධ්‍යක්ෂ ඩේවිඩ් ෆින්චර් පරිස්සම් වෙලා තියනව. හොලිවුඩ්හි ප්‍රකට වේශ නිරූපණ ශිල්පියෙක් වන Greg Cannom සහ 300ක පමණ VFX special effects කණ්ඩායමක් මේ බෙන්ජමින් බට්න්ගෙ චරිතය නිර්මාණය කිරීම පිටිපස්සේ ඉන්නවා.Geg Cannom වේෂ නිරූපණයෙන් දායකත්වය දරපු තවත් ප්‍රකට චිත්‍රපට කිහිපයක් තමයි Abraham Lincoln: Vampire Hunter(2012), The Fan (2016), Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) වගේ ඒවා. ඒ වගේම සිංහල උපසිරැසියටත් උපරිමයෙන්ම සාධාරණය ඉටු කරලා තියෙනවා.මේක බලපු නැති හැම දෙනාටමත් බලන්න කියන එක කියන්නම ඕන. මොකද මේ වගේ සලරුවක් නොබලපු දෑස් කුමකටද කියලා හිතේවි බලලා ඉවර වුනාම.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
11,834 downloadsDownload The-Curious-Case-of-Benjamin-Button-2008.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Damith-Rathnayake.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමිත් තරංග
Subtitles
82 comments
-බිன்ku-
චින්තක
ඇත්තටම කදිම සිනමා පටයක්, විෂුවල් ඉෆෙක්ට්ස් සදහා සම්මානත් ලැබුව මයෙ හිතේ!
wanni
නියමයි.
අනූ
ඔන්න අද තමා බැලුවෙ. ජීවිතය ගැන අමුතු විදිකට හිතන්න බල කරන ෆිල්ම් එකක්. ෆොරස්ට් ගම්ප් ටයිප් එකේ. ලස්සනයි.
රොයිලි
ඇත්තටම නියමයි. අමුතු විධියට ගලාගෙන යන්නේ කතාව....
zag
ayye mekata sub ekak dannko
Anonymous
torrent not found ,i want download that movies ,pls make
ගෝලයා
දැන් හරි..
Anonymous
thanks lokka
rK
Ela ma kiri maruma film ekakk.
Dhananjaya
One of Best movie for ever...
prami
හිතට දැනෙන film එකක්.
gessy
elakiri machan..thanx
Ramraj
අනේ මන්දා මම මේවා බලලා නෑ.
AL1717
Mama Me Movie Eka Beluwe 18/01/2011.
Meka Belala Iwara Wenakota Hithata Maha Amuth Hegeem Maha Godak Awa.
Etthatama Me Movie Eka Nam Pattai Kiyanne
Pattama Pattai.Balapu Nethi Kauru Hari Innawa Nam Nobala Inna Epa.
Ape Jeevitha Walata Ganna Sehenna Dewal Me Movie Eke Thiyanawa...
Etthatama Supiri Movie Ekak.
Jaya Wewaaa..
art
මේකට සිංහල සබ් දෙන්න බැරිද ?
danuka
dannawa parakkui kiyala.film1 download karanna ba
torrent not found kiyala watenawa.please mokawath karanna baida?panduka
meke srt nadda?'
panduka
srt nadda meke
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)anushka
sinhala sub denavada
jayodha walawage
sinhala sub pls
Malith
මේකටවත් සබ් දාලා දෙනවද?? පරණ දවස් වල දාපු ගොඩක් films වල සබ් නැ.....
Helitha Winsuka
sinhala subtitle please...
LSM HUSKAA
sinhala sub pls
Krishan NiShalya
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
මේකට සබ් දෙන එකක් නෑ කියලයි හිතුවේ ....
බොහොම ස්තුතියි...
☺☺☺☺☺
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬LSM HUSKAA
thanks bro meke sub dunnata .denkan mcho hitiye.........
sakitha
thnx saho
thadiya
great job bro....thnk you
Ganicus
supiri machan. thawa supiri movie ekakin hamu wemu jaya wewa...
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
wiki
බොහොම ස්තූතියි
Soori
අනිවා මේක නම් බලන්න ඕනම පිලුමක්....
බොහෝම ස්තුතියි දමිත් තරංග සහෝ උපසිරසට.....Nisha Wijesekara
Thank you so much this is a good movie you all need to watch. Thanks for your kindness.
tharindu gunarathna
thanks bro.. thanks,,,,,
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........Ice&Fire
අඩෝ සහෝදරයා අනිවා බැලිල්ලක් තමා, කාලෙකින් මචන් මේ සයිට් එක ඔස්කාර් ගහපු movie එකක් වැටුනේ.උබනම් දෙයියෙක්.මචන් දිගටම ඔස්කාර් ගහන movies කරපන් ලොකු දෙයක්.නැත්නම් මේක ඇවිල්ලා කෝවිල වගේ .තෙලිඟු , කේරල හින්දි , කණ්නඩ , මලයාලම් මල මගුලේ movies පිරිලා ගන්න දෙයක් නෑ. වැදගත් දෙයක් බලන එකෙකුට බලන්න කියල කිසිම දෙයක් නෑ. ජය වේවා!!!!!!!!!!!!!!!
ප්‍රභාෂ
අනිවා බන්
ප්‍රභාෂ
පට්ට බන් මම මේ film එකට සබ් එක දෙනකන් බලන් හියේ thanks බන්
thisal
ස්තුතියි ;)
චතුෂ තුෂර කුමාර
හුඟ දවසකට පස්සේ බලන්න ලැබුන උසස්ම තත්වයේ සිනමා සිත්තමක්...
බොහෝමත්ම ස්තූතියි.
ඒ වගේම වැඩේ හොඳටම කරලා තියෙනවා. කියන්න කිසිම අඩුපාඩුවක් ඉතිරි කරලා නැති තරම්...
මේ වගේ හොඳම තත්වයේ අතපහු උන සිනමාපටවලට තව තවත් උපසිරැසි දෙන්නට හැකියාව ලැබේවා...චතුෂ තුෂර කුමාර
ඒ වගේම තව දෙයක් කියන්න ඕන... මේ සයිිට් එකේ ඉස්සර මේ වගේ හුඟාක් හොඳම ෆිල්ම් වලට සබ් නොදී නිකං ෆිල්ම් එක විතරක් ගෙනත් අතාරින්න පුරුදු වෙලා හිටිය උදවිය හින්දා ඒ ෆිල්ම් වලටත්... බලන අයටත් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා... දැන් උනත් මේකේ තියෙන පරණ ෆිල්ම් අවුස්ස අවුස්ස යද්දි ඒවට සබ් නොදී නිකංම දාලා තියෙනවා අහු වෙනවා... සෑහෙන අපරාධයක් ඒක. අළුත් ඒවට සබ් දෙනවා මිස එහෙම නිකංම ගෙනත් මේකට අතෑරලා දාලා නාස්ති කරපු ෆිල්ම්වලට සබ් දෙන එක හුඟාක් වටින දෙයක්... ඒ හින්දා නැවතත් ස්තූති කරන්න කැමතියි...
Udara Damith B/K
..............බොහෝම ස්තුතියි.........
tharuka
බයිස්කෝප් Lk දිගු කල් දිනේවා !!!""!!!!!!ඔබ කරනා වටිනා කර්තව්‍ය සැමදා අගය කරමු !!!!!!බාධක මැද සිංහල sub දෙන කතෘවරු ද අගය කරමු !!!!!!!!!
darshi
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
w A Thilak
හොඳ කතාවක් වගේ..ස්තූතියි බොහෝම
Tharindu
Thank you very much saho.!!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kavindu
Thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Madu
Beautiful movie.
lakmal
Patta.thanks macho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
එළස්....මල් හතයි!