Watch Trailer

Allied (2016) with Sinhala Subtitles | යුද්ධයේ බලපෑම… [සිංහල උපසිරසි සමඟ]

“1942 කාලයේදී මැක්ස් වැටෑන් කියලා කැනේඩියානු බුද්ධි අංශ නිලධාරියෙකුට මෙහෙයුමක් පැවරෙනවා කැසබ්ලැන්කාවල වලදී ජර්මානු තානාපතිව ඝාතනය කරන්න කියලා. මේකට එයාට උදව් ලැබෙනවා. ඒ ඇයගේ බිරිදගෙන්. නමුත් සැබෑ ජීවිතයේ බිරිද නම් නෙවෙයි. ජර්මානු තානාපති ඝාතනය දවස එනකන් දවස් ගනනක් මේ දෙන්නට එකට ඉන්න සිද්දවෙනවා බැදප…

Allied 1

“1942 කාලයේදී මැක්ස් වැටෑන් කියලා කැනේඩියානු බුද්ධි අංශ නිලධාරියෙකුට මෙහෙයුමක් පැවරෙනවා කැසබ්ලැන්කාවල වලදී ජර්මානු තානාපතිව ඝාතනය කරන්න කියලා. මේකට එයාට උදව් ලැබෙනවා. ඒ ඇයගේ බිරිදගෙන්. නමුත් සැබෑ ජීවිතයේ බිරිද නම් නෙවෙයි. ජර්මානු තානාපති ඝාතනය දවස එනකන් දවස් ගනනක් මේ දෙන්නට එකට ඉන්න සිද්දවෙනවා බැදපු ජෝඩුවක් හැටියට. ඇයගේ නම මරීයාන් බියුසොජෝර්. කොහොම හරි මේ දෙන්නට සාර්ථකව තානාපතිව ඝාතනය කරන්න හැකියාවක් ලැබෙනවා.මේ දෙන්නා මේ මෙහෙයුමට කලින් ගත කරපු කාලෙත් එක්ක සැබෑවටම ආදරෙන් බැදෙනවා. මෙහෙයුම ඉවර වෙලා ඒ දෙන්නා තම තමන්ගේ මාවත් වල ගමන් කරලා සති තුනකට පස්සේ ආයෙමත් වතාවක්  මුණගැහිලා මේ දෙන්නා විවාහ වෙනවා. පස්සේ කාලෙක යුද්ධේ කාලෙ දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල වෙන වෙලාවක මැක්ස්ගේ හා මරීයාන් ගේ කුලුදුල් දරුවා උත්පත්තිය ලබනවා. ඇයට “ඇනා” කියලා නම තියනවා. ඉතින් දැන් ඇනාවත් මේ දෙන්නට ලැබුනට පස්සේ මැක්ස් මරීයාන් එක්ක වෙනම තැනක ජීවිතේ සතුටින් ගත කරන්න හැකියාවක් ලැබෙනවා. හැබැයි ඒ වැඩි කලකට එහෙම නෙවෙයි. මේ ලස්සන ආදර කතාව සුළු මොහොතකින් සුළු විසුළු වෙලා යන ආරංචියක් මැක්ස්ට ලැබෙනවා. ඒ තමයි මරීයාන් බියුසොජෝර් කියන්නේ ජර්මානු ඔත්තුකාරියක් කියලා. මේක ඇත්තද කියලා හොයාගන්න කරන්න සිදුවුන එකම දේ තමයි පරීක්ෂාවක් කරන එකයි. ඇය සැබෑවටම ඔත්තුකාරියක් කියලා දැනගත්තොත් මැක්ස්ට සිද්දවෙනවා මරීයන් වෙඩිතියලා ,මරලා දාන්න.”

හිට්ලර් යුද්ධ කාල සමය හා කැටි කරලා නිර්මාණය වූවක් තමයි මේ “Allied” කියන්නේ. මේ සලරුව නිර්මාණය වෙන්නේ 2015 වසරේ නිකුත් වුනු සත්‍ය කතාවක් පදනම් කරගත් “The Walk” චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා දායක වුනු “Robert Zemeckis” විසින්. IMDb දර්ශකය තුල 7.1/10 ක වැනි ඉහල අගයක් ලබාගැනීමටද හැකියාවක් ලැබිලා තියෙනවා. ඒවගේම විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අදහස් මත ඇගයීමට ලක්වෙන Rotten Tomatoes තුල 61% අගයක් හිමි කරගෙන තියෙනවා වගේම 67% ප්‍රේක්ෂක කැමැත්තක් දිනාගෙනත් තියෙනවා. Action, Drama, Romance යට අංශ වලට ඇතුලත් මෙම චිත්‍රපටය පැය දෙකකුත් විනාඩි හතරකුත් වගේ ටිකක් දීර්ඝ කාලයක් ධාවනය වෙනවා. Academy Award සම්මාන උළලෙහි “හොදම ඇදුම් නිර්මාණකරණය” වෙනුවෙන් සම්මානයක් ලැබි ඇති අතර තවත් නාම යෝජනා හයකට ඇතුල්වීමට හැකියාව ලැබිලා තියෙනවා. කතාව තනිකරම ගලා යන්නේ දෙවන ලෝක යුද්ධ සමය හා ප්‍රේමාන්විත පැත්තටයි. 2016 නොවැම්බර් 25 වැනි දින තිරගත වීම ආරම්භ කල මෙය පළමු සතිය තුලදීම ඇමරිකානු ඩොලර් 12,701,743 අගයක් උපයාගෙන තියෙනවා. BOX OFFICE දර්ශකය තුලඇමරිකානු ඩොලර් මිලියන 109.1 වැනි අගයක් උපයාගෙන තියෙනවා. චිත්‍රපටය සදහා සම්පුර්ණ ඇස්තමේන්තු අගය සටහන් වෙලා තියෙන්නේ ඩොලර් 85,000,000 පමණයි.

රංගනයෙන් දායක වන නළු නිලි පිරිස ගැන කියනවනම්, World War Z (2013) චිත්‍රපටයේ ගෙරිගේ චරිතයට හා Fury (2014) චිත්‍රපටයේ වර්ඩැඩිට ප්‍රධාන රංගනයෙන් දායක වූ “Brad Pitt” එහෙමත් නැත්තම් ප්‍රධානම චරිතය වන මැක්ස් වැටෑන්ට රංගනයෙන් දායක වනවා. Assassin’s Creed (2016) චිත්‍රපටයේ ඩොක්ටර් සොෆියාට හා The Dark Knight Rises (2012) චිත්‍රපටයේ රාස් අල් ගුල්ගේ දියණිය ටාලියා අල්ගුල්ට රංගනයෙන් දායක වූ, Macbeth (2015) චිත්‍රපටයේ ලේඩි මැක්බේත්ට, ලියනාඩෝගේ රංගනය සුපිරියට විදහා දැක්වුණු Inception (2010) චිත්‍රපටයද රංගනයෙන් දායක වුනු “Marion Cotillard” එහෙමත් නැතිනම් මරීයාන් බියුසොජෝර් හට රංගනයෙන් දායක වනවා. මේ හැරුණු කොට Camille Cottin, Michael McKell, Vincent Latorre, August Diehl වගේ තවත් හුග දෙනෙක් දායක වීමක් සිදු කරලා තියෙනවා.

අවසාන වශයෙන් මට මේක එන්නත් කලින් මට උපසිරැසි ගැන්වීමට සුදුසු යැයි කියලා බාරදුන්නු හසා අයියාට හුගක් ස්තුතිවන්ත වෙනවා. මේකේ ස්ක්‍රිනර් එහෙමත් නැතිනම් හුග දෙනෙක් දන්න SCR කොපිය නිකුත් වෙලා සතියක් වගේ කාලයක් තමයි වෙන්නේ. උපසිරැසි ගන්වන්න ගිහින් හොද කට්ටක් කන්න වුණා. මොකද මේක 100% ඉංග්‍රීසි චිත්‍රපටයක් නොවන නිසා. මන්ද ප්‍රංශ භාෂාව මෙන්ම ජර්මන් භාෂාවද අඩංගු වෙලා තිබුනා. මේක ස්ක්‍රිනර් කොපියකට ආපු එකක් නිසා උපසිරැසියෙ නම් හුගක් වැරදි තිබුනා. ඒ නිසා අලුතින් කාලරාමු එක්කාසු කරලා, තිබුණු කාලරාමු වෙනස් කරලා අසා ලිවීම් වගේම භාෂා පරිවර්තනයක් එහෙම කරන්නත් සිද්දවුණා. මේ නිසා වීඩියෝ පිටපත ඇතුලේ තියෙන වචන වලට රැවටෙන්න එපා. ඒකෙ ඉංග්‍රීසි අකුරු පවා වැරදියට වැටෙන්නෙත්. මේ පිටපත නම් බය නැතිව අරගන්න. මේ වගේ කොපි බලන්න අකමැති නම්, මෙවර ආදරවන්තයින්ගේ දිනයේදී HD පිටපත් නිකුත් වීමක් සිදු වෙනවා වගේම බ්ලුරේ පිටපත මේ මාසේ ඒ කියන්නේ පෙබරවාරි 28 වැනිදා නිකුත් වීමට නියමිතයි. සුපුරුදු පරිදි උපසිරැසි යාවත්කාලීන කිරීමක් නම් අනිවාර්යෙන්ම සිදුවේවි.

එහෙනම් ඉතින් මං හැමෝටම ආරධනා කරනවා මේක නරඹන්නයි කියලා. තවත් උපසිරැසියකින් හමුවනතුරු සමුගන්නවා. හැමෝටම ජයෙන් ජය!!

ගැලපෙන පිටපත්

DVDSCR

Allied.2016.DVDSCR 700MB – NBY
Allied 2016 DvDScr 700 MB – iExTV
Allied 2016 DVDSCR 800MB – MkvCage
Allied.2016.DVDScr.XVID.AC3.HQve-CM8
Allied.2016.DVDSCR – 700MB – ShAaNiG
Allied.2016 DVDScr.AC3.Plex.PapaFatHead
Allied.Un.Ombra.Nascosta.2016.iTALiAN.MD.DVDSCR.XviD-FLASH

Blu-Ray

Allied.2016.720p.BrRip.2CH.x265.HEVC-PSA
Allied.2016.720p.BluRay.x264-SPARKS
Allied.2016.1080p.BluRay.x264-SPARKS
Allied.2016.BDRip.x264-SPARKS + YTS.AG
Allied.2016.720p.BluRay.H264.AAC-RARBG +1080p
Allied.2016.720p.BluRay.x264.ShAaNiG + 1080p
Allied.2016.720p.BluRay.HEVC.x265-RMTeam
Allied.2016.720p.BRRip.x264-MkvCage + 1080p
Allied.2016.720p.BRRip.x264.AAC-ETRG + 1080p
Allied.2016.BRRip.XViD-ETRG + NBY+ EVO

Blu-Ray පිටපත සඳහා යාවත්කාලීන කරන ලදී.

Allied (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

4,222 downloadsDownload Allied.2016.Br_.Baiscopelk.com_.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,222 downloadsDownload Subtitles71 KB

40 comments

  1. chin

    ela wadak blurey awama balanawa

  2. අසිත

    elama saho thanks

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. Madhushan

    Niyamai macho....
    Thanks......
    Supiri Film eka...
    Blurey anakal iwasanna wenawa....

    1. shafy

      bluray ewith bro

  5. සදීප

    thanksss

  6. Dulanga

    Thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith B/K

    මන් නම් මේක බලන්නේ නෑ
    එත් උපසිරසට ස්තුතියි

  9. Dhanushka

    ela ela bro

  10. Rushan chathuranga

    godak kalekin balapu supiri film ekak.. niyamai. thanks for the sub "saho"

  11. වජිර රත්නායක

    උපසිරැසියට ස්තුතියි. හොඳ චිත්‍රපටයක් වගේ ඔබගේ විස්තර කිරීමේ හැටියට.

  12. Saminda

    Great work... thank you very much

  13. Palitha de Silva

    thank you very much...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. charaka milan

    ay bn bluray enna kal yanne???? me wage ekak balanna kal inna be.
    thank u very much..

  16. charaka milan wickramasinghe

    2nd thank

  17. Chami.S

    Thanks...

  18. shafy

    bluray sub eka dennako allied

  19. ඉසුරු රණසිංහ

    Blu-Ray 720p එක YTS එකේ තියනවා අද දාල. එකටත් සබ් අප්ඩේට් කරමු... ස්තුති වැඩේට

    1. Roshan

      මේ සබ් 1 brrip 1 ට වැඩ

  20. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  21. Saranga Liyanagama

    බොහොම ස්තූතියි...

  22. mithun

    ලගදි බලපූ සුපිරිම ෆිල්ම් එක කියල බය නැතුව කියනව .
    සුපිරි උපසිරැසි ගැන්විමක්. තැන්ක්ස් මචන්
    කොමෙන්ට් එකක් දාන්න තරම් හිතට වැදුන ෆිල්ම් එක

  23. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,... ජය

  24. nirmal

    ස්තුතියි මචන් sub එකට. නමුත් මෙතන ඔක්කම කතාව කියන්න එපා ආයේ. වැඩක්න් නැනෙ එතකොට.

    1. දස්ස

      ඔව්. බිරිද ජර්මන් ඔත්තුකාරියක් කියල මෙතන කියල ඉවරයි ඔක්කටම කලින්.

    2. nirmal

      හරියට හරි.

  25. Inusha Ambagahawaththa

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  26. wije

    ela macho thava sub koranta

  27. sangeethsrimal

    Thanks aaaa

  28. Gayan Chathuranga

    thanks mchan

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  30. Janith Sachintha

    මාර ලස්සන ෆිල්ම් එක
    සබත් දීල තියනවා ඇඩෙන්න
    බොහොම ස්තුතී මිත්‍රයා

  31. Hiranhiru

    ගොඩක් ස්තුතියි...
    ජයවේවා...!

  32. sasanka

    thanks for the sub

  33. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

  34. rajiv FERNANDO

    Tnx bro, but Font Eka penne nhe ?

  35. Sandun

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.