කොහොමද යහළුවනේ ඔන්න මම මගේ 55වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේ කතාව තමයි මේ චිත්‍රපට මාලාවේ අවසාන එක. මම ඔයාලට මේක අරගෙන එනවා කියල පොරොන්දු උණත්, කල් ගත උණේ මේකට ඉංග්‍රීසි උපසිරසියක් හොයාගන්න බැරි උණා. ඉතින් චිත්‍රපටයේ හාඩ් සබ් ලෙස ”ඉංග්‍රීසි” තියෙනවා ඒක බලාගෙන තමයි මේ සබ් එක හැදුවේ. නමුත…

කොහොමද යහළුවනේ ඔන්න මම මගේ 55වෙනි නිර්මාණයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. මේ කතාව තමයි මේ චිත්‍රපට මාලාවේ අවසාන එක. මම ඔයාලට මේක අරගෙන එනවා කියල පොරොන්දු උණත්, කල් ගත උණේ මේකට ඉංග්‍රීසි උපසිරසියක් හොයාගන්න බැරි උණා. ඉතින් චිත්‍රපටයේ හාඩ් සබ් ලෙස ”ඉංග්‍රීසි” තියෙනවා ඒක බලාගෙන තමයි මේ සබ් එක හැදුවේ. නමුත් සමහර තැන් වල සුදු පසුබිමේ දෙබස් කොහොමත්ම පේන්නේ නැහැ. ඉතින් මම වීඩියෝ එක මන්දගාමීව ධාවනය කරමින් තමයි දෙබස් බොහොම අමාරුවෙන් බලාගෙන කළේ. ඒ වගේම රුපවාහිනි තිරය අඳුරු කරලා. චිත්‍රපටය බලනකොට ඒක ඔයාලට තේරෙයි, මම කොච්චර අමාරුවෙන්ද මේ සබ් එක හැදුවේ කියල. මේක IMDb වල ලකුණු 4.0ක් තමයි ගන්න සමත් වෙලා තියෙන්නේ. මෙහි මුල් කොටස් හතර ඔයාල බලල ඇතිනේ නැත්නම් මෙතනින් අරන් බලන්න.
The Gods Must Be Crazy II (1989)
Crazy Safari (The Gods Must Be Crazy III) (1991)
Crazy Hong Kong (The Gods Must Be Crazy IV) (1993)
The Gods Must Be Funny in China (The Gods Must Be Crazy V) (1994) මේ දෙන එක.
අපේ උපසිරසි දෙන හැමෝගෙන්ම මම ඉල්ලනවනේ මේ ෆිල්ම් එකේ තව එකක් තියෙනවා දෙන්න. අරකෙ තව එකක් තියෙනවා දෙන්න කියල. ඉතින් එයාලගෙන් ඉල්ලලා මමත් සහභාගි උණ මුවි කලෙක්ෂන් එකක් සම්පූර්ණ නොකර බැහැනේ. ඒකයි අමාරුවෙන් හරි මේක කළේ. තව පොඩි ඉල්ලීමක් තියෙනවා අපේ සබ් දෙන හැමෝගෙන්ම. මුවි කලෙක්ෂන් එකේ තියෙන පැරණි ෆිල්ම් ගැන බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ නැහැනේ. හැකිනම් බලල එක්කෙනා එක බැගින්වත් භාර ගෙන කරන්න කියල ඉල්ලනවා.
හරි එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමු. මේකේ කතාව යන්නේ කට්ටියක් චීනයේ පැවැත්වෙන මැරතන් තරඟයකට පුහුණුවීම් කරනවා. ඒ අතර අපේ ”නික්ස්” එයාලත් පසු කරන් විදුලි වේගයෙන් දුවනවා. මේක ගැන අර මැරතන් කණ්ඩායමට පුහුණු කරන ගැහැණු කෙනාට ටිකක් හිතයනවා. ඔය අතර මේ කණ්ඩායමේ හතර දෙනාගෙන් කෙනෙකුට බොහොම තදේට බඩේ අමාරුවක් හැදිලා තරඟයට ඉදිරිපත් වෙන්න බැරි වෙනවා. දැන් මොකද කරන්නේ කෙනෙක් හොයාගත්තේ නැත්නම් කට්ටියටම තරඟයට ඉදිරිපත් වෙන්නත් බැහැ. තෑගී මුදලත් ලේසි නැහැ. ඩොලර් මිලියනයක් පළමු තෑග්ග. දැන් මොකද කරන්නේ? අර ගැහැණු කෙනා ඒ ගැන හිතමින් යන විට පාරේදී ආයිත් අපේ”නික්ස්” කොල්ලව දකිනවා. ඉතින් ඇය ඔහු පස්සෙන් ගිහින් ඔහුත් සමඟ ඉන්න කෙනෙක් සමග කතා කරලා ඔහුව තරඟෙට ගන්න එකඟ කර ගන්නවා. දැන් මෙයාල තරඟෙට යනවා. ඔය අතර තව කට්ටියක් චීනයේ ඉන්න පැන්ඩා සතුන් අල්ලන්න හදනවා. මේ සත්තු ඉන්නෙත් මෙයාල තරඟය තියෙන ප්‍රදේශයකමයි. ඉතින් දැන් මොකද වෙන්නේ? අර මිනිස්සු පැන්ඩා සතුන් අල්ලන් යාවිද? ”නික්ස්” ඇතුළු කණ්ඩායම තරඟය දිනා ඩොලර් මිලියනය දිනයිද? ඒ අතර ඉතාමත්ම රසවත් සිදුවීම් වලින් පිරි මේ චිත්‍රපටයක් බලන්න කැමතිනම් ඔබත් රැගෙන බලන්න කියා ඉල්ලමි.
ආ තව දෙයක්, මේ දෙන ටොරන්ට් පිටපතේ හාඩ් සබ් ලෙස සබ් දෙකක්ම අන්තර්ගතයි. නමුත් බලන ඔයාලට අපහසුවක් නොවෙන්න මම සිංහල උපසිරසි සියල්ල වර්ණ ගන්වා තිබෙන්නේ. මොකද වෙන ටොරන්ට් එකක් මට හොයාගන්න බැරි උණා.
ඒ වගේම ට්‍රේලර් එක පොඩ්ඩක් බලලම ඉන්නකෝ. ඒ අතර ඉංග්‍රීසි දෙබස් ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒවා තමයි මම අමාරුවෙන් බාලගෙන පරිවර්තනය කළේ. සමහර තැන් වල වැරදි ඇති.
ඉතින් ඔයාලගේ අදහසුත් ලියා යන්න කියා ඉල්ලමු, හැකිනම් චිත්‍රපටය නරඹලත් අදහසක් දාන්න කියා ඉල්ලමි. එතකොට ඔබට තේරේවි මේ සබ් එක කරන්න මම කෙතරම් මහන්සි උනාද කියල. හැමෝටම ජයවේවා.
02bd9435ad09e5c6d4383beb63e6fef2eeff0275 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,281 downloadsDownload T.G.M.B.Crazy_.5.1994.baiscopelk.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
30 comments
Kasun
දිමුතු තරංග ඉලුක්කුඹුර
මේ අසහාය නළුවා N!xau (1 July 2003) මිය ගොස් තිබෙනවා උපත සිදුවී තිබෙන්නේ 1943 වසරේයි, ඔහු ගැන වැඩිදුර ඔබට දැනගැනීමට උවමනානම් N!xau යන නම ගූගල් වල සොයන්න.
supun
thanks bro sub walata..
sachira sandeepa
thank u........very much
deanuwan
tnk for sub
Naween
55 වෙනි උපසිරැසියට සුබ පැතුම් දිමුතු සහෝ....
දිගටම සබ් දෙන්න...
ඔබට ජයෙන් ජය...!තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)කේ.යූ.ජී. උදාර
වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි දිමුතු..............
නලින්
ස්තුතියි දිමුතු සහෝ!
ජය වේවා!
Kulanjana Maduranga
niyamai...subata thanks DIMUTHU saho.keep it up.jaya wewa........
ඉෂාර වෙත්තසිංහ
නියමයි දිමුතු සහෝ............
කලින් ඒවා ඔක්කොම බැලුවා.............
ඒ වගේම මේකත් හොඳට තියේවි කියලා හිතෙනවා...........
ඔන්න මම බානවා..
මේ වගේ ලොකු මහන්සියක් වෙලා මේ ෆිල්ම් එක ගෙනාව එක ගැන ගොඩක් ස්තුතියි...........
තව දෙයක් කියන්න ඕන සහෝ...........
මම මුලින්ම බැලුවෙත් ඔයා සබ් කරපු ෆිල්ම් එකක්.............
නමුත් මේ වගේ පරණ, නමුත් හොඳ ෆිල්ම්ස් වලට තියන comments අඩු වීම දුකට කරුණක්..............
ඔබට ජය...................Thanu
Thanx saho sub 1ta
ANURADA
MCHAN KATTA KALA UBALA KRANA ME WADETA GODAK THANX...FILM AKA DWNLOAD KRANNA DAMMA
කොස්තා
එල වැඩක් සහෝ... :*
කොස්තා
එල වැඩක් මචෝ
Shan Vimukthi
හුට්ටප්පාරේ මේකේ තවත් එකක් තියනවයි
දන්නේ නැහැ නොවැ
අනිවා බානවා
බොහොම ස්තුතියි දිමුතු සහෝ උපසිරසට
සැහෙන කට්ටක් කාලා නොවැ :DEra
maru film ekakne dela thiyenne.......ela
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!#ChalinduDeshan (කිනා)
අඩේ දිමුතුවා තාම පලවෙනි එක විතරයි බං බැලුවේ. අනිත් ඒවා බෑවට බැලුවේ නෑ තාම. මේකත් බාමි.
ජයවේවාර්!ARA
බොහොම ස්තූතියි....
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Saman Prasad (Black Panther)
ලිපිය කියෙව්වාම හිතාගන්න පුලුවන් අයියෙ වෙලා තියෙන මහන්සිය.මහන්සි වුනාට බොහොම ස්තූතියි.! එහෙනම් ඔන්න මාත් බානවා. තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා...!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
ඔයා ලොකු මහන්සියක් ගන්නෙ සහෝ
හොද පරන එව්වා අපිට ගෙනත් දෙන්න
මේ සෙට් ඉවර කල එක නම් මරු
සබට තුති
ඔබට ජය...........Amil
වෙච්ච මහන්සියට බොහොම ස්තූතියි.
සබටත් බොහොම ස්තූතියිරොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jemaa
ela ela.mama meke anith films serama beluwa,thanks biscope.lk.me sub ekatath thanks.me wage parana hoda films walata sub daana eka nam bohoma hodayi.jayawewa....
jemaa
ah den mathak une.me film eka mama mita awrudu 15 kata vithara kalin VHS ekakin beluwa.ethakota den wage films download karaganna internet na neh.yaluwek laga thibba VHS patiyak genath mage VHS player eken tv eke beluwe.onna ehenm ayema balanawa sinhala sub ekkama.
ඉමල්ක
ගොඩක් ස්තුතියි සහෝ සබට ,
ඒ වගේම වුන මහන්සියටත් ,
55 වෙනි නිර්මාණයට සුභ පතනවාWaruna Kamalawansha
බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

මම අද 1. ස්තූතියි සහෝ සබ් ඒකට