ඇඩ්මින් මඩුල්ලේ නිවේදනය ඇඩ්මින් මඩුල්ලේ අතපසුවීමකින් උපසිරසිකරුවන් දෙදෙනෙක්ට මෙම චිත්‍රපටයට උපසිරසි කිරීමට ලබාදී ඇති බැවින් දෙදෙනාටම අසාදාරනයක් නොවෙන සේ උපසිරසි දෙකම මෙලෙස පළකරන්නෙමු. ඉසුරු සම්පත් සිරිසේන සහෝදරයාගේ ලිපිය අවුරුදු තුනක් තිස්සෙ, උන්ගෙ ඝාතකයා වුණේ මමයි… ගණන් කරන්න බැරි තරම් අහිංසක මිනි…

ඇඩ්මින් මඩුල්ලේ නිවේදනය
ඇඩ්මින් මඩුල්ලේ අතපසුවීමකින් උපසිරසිකරුවන් දෙදෙනෙක්ට මෙම චිත්‍රපටයට උපසිරසි කිරීමට ලබාදී ඇති බැවින් දෙදෙනාටම අසාදාරනයක් නොවෙන සේ උපසිරසි දෙකම මෙලෙස පළකරන්නෙමු.
ඉසුරු සම්පත් සිරිසේන සහෝදරයාගේ ලිපිය
අවුරුදු තුනක් තිස්සෙ, උන්ගෙ ඝාතකයා වුණේ මමයි…
ගණන් කරන්න බැරි තරම් අහිංසක මිනිස්සු මරල දැම්මා…
තමුන් SIX SEAS එකේ නම්, ඒක සරලයි…
කිසිම සමාවක් නැහැ, කිසි කෙනෙක් ඉතුරු කරන්නෙත් නැහැ…
මගේ දෛවයේ ලියවිලා තිබුණෙ මිනී මරන්න…
සම්පූර්ණ ගමක්ම සමූල ඝාතනය කළා,
ගමේ දෙතුන් දෙනෙක් ට්‍රයාඩ් එකෙන් හොරකම් කරපු නිසා…
ඒත් ඊට පස්සෙ මං ඒක පැහැදිලිවම දැක්කා…
නැතිවෙලා යන්න ඔන්න මෙන්න තියෙන පුංචි ජීවිතයක්…
සමහරවිට, සමහර වෙලාවට…
මට මගේ දෛවය වෙනස් කරන්න පුළුවන්…
දහ අටවැනි ශතවර්ෂයේ පටන් වර්තමානය දක්වාම පැවතෙන, සබඳතා ජාල බොහොමයක් පවතින අන්තර්ජාතික චීන අපරාධ සංවිධානයක් තමයි ට්‍රයාඩ් කියල කියන්නෙ. ට්‍රයාඩ් කියන්නෙ Trinity එහෙමත් නැත්නම් කණ්ඩායම් තුනේ එකතුව කියන එකටයි. මේ ට්‍රයාඩ් සංවිධානය කියන්නෙ නිකන්ම නිකන් වීදි මැර කල්ලියකට නම් නෙවෙයි. නීති පොත් වල නීතියට පටහැණියි කියල සඳහන් වෙන සියළුම අපරාධ ක්‍රියාකාරකම් ට්‍රයාඩ් සංවිධානය ඇතුළෙ සිද්දවෙනවා. රන් ත්‍රිකෝණය එහෙමත් නැත්නම් තායිලන්ත, ලාඕස හා මියන්මාර් දේශ සීමාවන් තමයි මේ ට්‍රයාඩ් සංවිධානයේ බළ කඳවුරු විදිහට හඳුන්වන්නෙ. තමන්ගේ බල පුළුවන්කාරකම් පිහිටෙන් ආසියාවේ සිද්දවෙන ජාවාරම් කටයුතු වලින් 80%ක පමණ ප්‍රමාණයක් පාලනය කරන්නෙ කලින් කියපු ට්‍රයාඩ් සංවිධානය මඟිනුයි. මත් කුඩු ජාවාරම, අවි ජාවරම සහ මිනිස් ජාවාරම ට්‍රයාඩ් සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ග විදිහට සලකනවා.
කාලයත් එක්ක ආසියානු අපරාධ කල්ලි වල ඉහළම තැන ට්‍රයාඩ් සංවිධානයට ලැබෙනවා. මේ අතරෙ ට්‍රයාඩ් සංවිධානයේ නායකයො තීරණය කරනවා පුහුණු නියෝජිත කණ්ඩායම් නිර්මාණය කරන්න. මේ නියෝජිත කණ්ඩායම් වල රාජකාරිය වෙන්නෙ සංවිධානය තුළ අවුල් වියවුල් ඇති නොවීමට වගබලා ගැනීම හා පිටස්තරින් ඇතිවෙන බාධා වලින් සංවිධානය ආරක්ෂා කර ගැනීමයි. ඒ වගෙම මේ නියෝජිතයින්ට සංවිධානයට කීකරුව සංවිධානයේ පැවැත්ම වෙනුවෙන් ඕනිම දෙයක් කරන්නත් නායකයො අවසර ලබාදෙනවා. නියෝජිත පිරිසක් කිව්වට හැබෑවටම මේ ඉන්නෙ ඝාතක කණ්ඩායමක්. මේ එක කණ්ඩායමක පිරිමි හය දෙනෙක් වගෙම ගැහැණු හය දෙනෙක් ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට පෞද්ගලික අනන්‍යතාවයක් කියල දෙයක් නෑ. පොදුවේ මේ කණ්ඩායම හඳුන්වන්නෙ (SIX SEAS – මුහුදු හය) කියලයි.
ඉටෝ කියන්නෙත් මේ SIX SEAS ඝාතක කණ්ඩායමක සාමාජිකයෙක්. අවුරුදු තුනක් තිස්සෙ ඉඳන් ඉටෝ ට්‍රයාඩ් සංවිධානය වෙනුවෙන් නොයෙක් ආකාරයේ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ වුණු ක්‍රියාකාරී සාමාජිකයෙක්. මේ අතරෙ ට්‍රයාඩ් සංවිධානයේ ජාවාරම් බඩු තොගයක් හොරකම් කරන්න උත්සහ කරපු වෙරළබඩ ගමක මිනිස්සු කීප දෙනෙක්ව ට්‍රයාඩ් කල්ලිය අල්ලගන්නවා. මේ කරපු වැඩේට දඬුවම විදිහට ඒ මුළු ගමම මරල දාන්න ට්‍රයාඩ් කල්ලිය තීරණයක් ගන්නවා. මේ අමානුෂික දඬුවම ක්‍රියාත්මක කරන්න යන SIX SEAS වධක කණ්ඩායමේ නායකයා විදිහට ඉටෝත් ඉන්නවා. ඒත් එදා තමන්ගෙ ඉරණම වෙනස් වෙන දවස කියල ඉටෝ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. ගම්මුන්ගෙන් බාගෙට බාගයක් මරල දාපු ඉටෝ ප්‍රමුඛ පිරිසට අවසානෙදි ඉතුරු වුණු ගම්මු ටිකත් වෙරළට අරන් ඇවිත් මරල දානවා. ඒත් මුළු ගමක්ම ලේ විලක් මැද මැරිල ගියත් එක ජීවිතයක් ඉතුරුවෙනවා. ඒ තමයි අහිංසක කෙලි පොඩ්ඩක්. ඉතින් දෛවයේ සරදමකට වගේ මේ පොඩි කෙල්ලගේ ජිවිතේ අවසන් කරන්න තුවක්කුව ලැබෙන්නෙ ඉටෝගෙ අතට.
ඒත් ඒ අහිංසක කෙල්ලගේ ඇස් දෙක දැක්කම කොච්චර දාමරික හිතක් තිබුණු මිනිහෙක් වුණත් ඉටෝගෙ හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. තමන්ගේ අපරාධ කල්ලියේ නාමයෙන් අවුරුදු තුනක් තිස්සෙ ගණන් කරන්න බැරි තරම් ජීවිත උදුරගත්තු මේ ඝාතකයා අහිංසක පොඩි කෙල්ලෙක්ගෙ ජීවිතේ බේරගන්න ඒ මොහොතේ තමන්ගෙ ජීවිතේ අනතුරේ දාගන්නවා. තමන් එක්ක ආපු ට්‍රයාඩ් කල්ලියේ සාමාජිකයො ඔක්කොම මරල දාල අර පොඩි දැරිවිත් අරන් ඉටෝ එතනින් යන්න යනවා. ඒත් තමන් මේ කරපු දේට ට්‍රයාඩ් එකෙන් කවදාවත් සමාවක් නම් ලැබෙන්නෙ නෑ කියලත් ඉටෝ හොඳාකාරවම දන්නවා. ඉටෝ තමන්ට ද්‍රෝහි වුණු බව දැනගන්න ට්‍රයාඩ් කල්ලියේ නායකයො ඉටෝ වගෙම අර පුංචි දැරිවිත් මරල දාන්න තීරණය කරනවා. ඉතින් ඉටෝ වෙනුවට SIX SEAS කණ්ඩායමට එකතුවීමේ බලාපොරොත්තුව ඇතුව මේ ජිවිත දෙක කෙළවර කරන්න බාරගන්නෙත් ඉටෝ ළඟින්ම ඇසුරු කරපු ඉටෝගෙ හොඳම යාළුවෙක්. කතාව ගැන කිව්ව වැඩිද මන්ද. හරි එහෙනම්, මෙතනින් එහාට මම තව වචනයක්වත් නොකියා ඉන්නම්. අවසාන වශයෙන් තව එක වචනයක් කියන්නම්, යුද්ධයක්!
Night Come For Us කියන්නෙ Action | Thriller සිනමා වර්ගීකරණයන් යටතේ නිශ්පාදිත ඉන්දුනීසියානු සිනමා නිර්මාණයක්. ඉන්දුනීසියානු සලරුවක් වුණත් මෙම චිත්‍රපටය තුළ ඉන්දුනීසියානු, ඉංග්‍රීසි, මැන්ඩරින් සහ ප්‍රංශ දෙබස් කාණ්ඩ ඇතුළත් වෙලා තියෙනවා. 2018 සැප්තැම්බර් 22 Fantastic Fest සිනමා උළෙලේදී මුල් වරට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කළ අතර ඊට දින හතරකට පසු මෙම සලරුවේ විකාශන අයිතිය නිළ වශයෙන් Netflix නාළිකාව විසින් ලබාගත් බව නිවේදනය කරනවා. විකාශන අයිතිය ලබාගත් නමුත් Netflix නාළිකාව මඟින් චිත්‍රපටය විකාශය කරනු ලබන්නේ 2018 ඔක්තෝබර් 19. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කර ඇත්තේ Timo Tjahjanto විසිනුයි. Macabre (2009), V/H/S/2 (2013) සහ Killers (2014) යන චිත්‍රපට වල තිර පිටපත් රචකයා ලෙසත් 2016 වසරේදී ජනප්‍රියත්වයට පත්වූ Headshot චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කළේ ඔහුයි. සුපුරුදු පරිදි මේ සලරුවේ තිර පිටපත නිර්මාණය කරන්නෙත් Timo Tjahjanto විසින්මයි.
චිත්‍රපටයේ චරිත ගැන කියනවා නම් ප්‍රධාන චරිතය වන ඉටෝගේ චරිතයට පණ පොවන්නේ The Raid: Redemption (2011), Fast & Furious 6 (2013) සහ Star Trek: Beyond (2016) යන චිත්‍රපට වලට රංගනයෙන් දායකවූ ජනප්‍රිය ඉන්දුනීසියානු නළු Joe Taslim විසිනුයි. මෙතෙක් කාලයක් පුරාවට වීරයාගේ චරිත වලින් පමණක් ප්‍රේක්ෂකයා හමුවට ආ The Raid: Redemption (2011) සහ The Raid 2 (2014) සිනමාපට ද්විත්වයෙන් සිනමාලෝලීන්ගේ හදවතට සමීප වූ සුප්‍රසිද්ධ ඉන්දුනීසියානු සටන් නළු Iko Uwais විසින් වීරයාගේ චරිතයෙන් මිදී මෙම සලරුවේ දුෂ්ඨයාගේ (Villain) චරිතයට රංගනයෙන් දායක වී තිබෙනවා. මිනිත්තු 121ක් පුරාවට ගලායන ත්‍රාසය මුසු සංවේදී කතා පුවතක් රැගත් මෙම සලරුවට 7.4/10ක IMDb අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 92%ක ප්‍රේක්ෂක මනාප ප්‍රතිශතයකුත් හිමිවෙලා තියෙනවා. රේටින් නම් ගොඩක් හොඳ මට්ටමක තිබුණත් මගේ පුද්ගලික අදහස වෙන්නෙ මේ චිත්‍රපටය කුඩා දරුවන්ට සහ සැහැසි දර්ශන නැරඹීමට අපහසු අයට සුදුසු චිත්‍රපටයක් නම් නෙවෙයි කියලයි. මොකද පටන්ගැන්මේ ඉඳලම බැරල් දෙක තුනක විතර ලේ වගෙම දරුණු විදිහේ කපා කොටා ගන්න දර්ශන ඇතුළත්වෙලා තියෙන නිසයි. ඒ කාරණේ නිසාමද කොහේ,

Rotten tomatoes වෙබ් පිටුවේ විචාරකයෙක් ඔය වගේ අදහසකුත් සඳහන් කරල තිබුණා දැක්කා. අනික් දේ තමයි චිත්‍රපටයට නිකුත් කරල තිබුණු ඉංග්‍රීසි උපසිරසියේ ඉංග්‍රීසි බසින් තිබුණු දෙබස් වලට උපසිරසි ඇතුළත්වෙලා තිබුණෙ නැහැ. ඉතින් ඒ තැන් වල අසා ලිවීමක් කරන්න සිද්දවුණා. සමහරවිට හරි ආකාරව පැහැදිලිව ඇහුණෙ නැති තැන් වල පොඩි පහේ නොගැළම් තියෙන්න පුළුවන්. ඒත් රසවින්දනයට ඒක බාධාවක් වෙන එකක් නැහැයි කියල හිතනවා.
“A Bit Too Late To Save Her Now…”
~~DESTINY IS ALL~~
~~සියල්ල දෛවයයි~~
අතුල කාරියවසම් සහෝදරයාගේ ලිපිය
ඉස්සෙල්ලාම කියන්න ඕන මේක 18+ කියලා දැම්මේ මෙහි සටන් ජවනිකා ඉතාම තාත්වික ආකාරයට ඉදිරිපත් කිරලා තිබෙන නිසා, සමහර අයට කම්පනයට පත් වෙන්න පුළුවන් කමක් පවතින නිසා. විශේෂයෙන් ඉන්නවනේ රුධිරය දැක්කම කම්පනයට පත්වන අය. ඒ වගේ කම්පනයට පත්වන අය ඉන්නවා නම් මේක බලන්න පෙර දෙපාරක් හිතන්න වෙනවා.
අනිත් එක මෙහි සමහර තැන් වල දෙබස් වලට අසා ලිවීමක් තමා කරේ. ඒ වගේ තැන් වල වැරදීමක් තිබුනොත් සමාවෙන්න ඕන.
හොඳයි එහෙනම් අපි එහෙනම් ෆිල්ම් එක පැත්තට හැරෙමු. මෙහි රඟපාන නළුවො කවුද කියලා දන්නවා නම් ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ මෙහි ගුණාත්මක භාවය ගැන. Imdb වල දැනය 7.4 අරගෙන තියෙන, Action/thriller ඛාණ්ඩයට වැටෙන ඉතාම තාත්වික සටන් වලින් යුක්ත ෆිල්ම් එකක්. තාත්වික බව නිසා මම නම් කියන්නෙ මේකට තව ඉහළ අගයක් ලැබෙන්න ඕන කියලා. අනිත් විශේෂ කරුණ තමයි මෙය netflix ආයතනය මගින් සිදු කරන්නක් වීම.
අනිත් එක මෙහි රඟපාන Iko uwais, Joe taslim, Juli estelle ගැන දන්නවා ඇතිනෙ. The Raid, The Raid 2, Head shot වගෙ ෆිල්ම් වල මේ නළුවන්ගෙ සහ නිළියගෙ සුපිරි සටන් ටිකක් බලන්න පුළුවන්. ඉතින් මේකත් ඒ වගෙ ෆිල්ම් එකක් තමා.
අපි එහෙනම් බලමු එහෙනම් මෙහි සිදුවීම කුමක්ද කියලා. ගිණිකොණ දිග ආසියාවෙ නීති විරෝධී ආයුධ, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවරම් සිදු කරන ට්‍රිඅඩ් විසින් එම ජාවාරම සාර්ථකව සහ අරක්ෂාකාරි ලෙස සිදු කිරිමට නිර්මානය කල කණ්ඩායමක් තමයි six seas එහෙම නැත්නම් “මුහුදු හයේ” කණ්ඩායම. ඉතින් මේ කණ්ඩායමේ සිටින ඉටෝ (Joe taslim)තීරණයක් අරගෙන එම කණ්ඩායමෙන් පලා එනවා. නමුත් ඒ පලා ඒම ඉතා අවාසනාවන්ත සිදු වීම් වලින් පිරිච්ච එකක් බවට ක්‍රමයෙන් ආරම්භ වන අතර දරුණු ගනයේ ලේ වැගිරීම් ද සිදු වෙනවා.
හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. මේ විස්තරය ඇති වෙවි මම හිතන්නෙ ෆිල්ම් එක ගැන දළ අදහසක් ගන්න. අනිත් ටික ඔයාලා මේක බලලම දැන ගන්න. එහෙනම් තවත් මේ වගෙ සුපිරි ෆිල්ම් එකක උපසිරැසියක් සමගින් අපි නැවත හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
16,626 downloadsDownload The-Night-Comes-for-Us-2018-2.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉසුරු සම්පත් සිරිසේන ” සොහොයුරාට සහ “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
74 comments
gihan perera
Nadhun
kohenda film eka bawe man gaththe yts sound na bn
dsdkavishka
Thenks dennatama, fatta film ekak wage
Shansenarathne
Tnx
Prabodha Madhusankha Hettiarachchi
Supirima movie eka. Dennatama thank sub ekata...
Nadhun
kohenda film eka bawe man gaththe yts sound na bn
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!පැතුම් ඉෂාර
සබට බොහොම ස්තූතියි දෙන්නටම!!! දැං වැඩේ කියන්නේ කාගේ සබ් එකද බලන්නේ????
හා හා!!! :) බයිස්කෝප් නං සබ් ගැන අහන්න දෙයක් තියනවාද!!! සුපිරි තමයි!!! ජය වේවා!!!kalana
THANKS FOR BOTH OF YOU
Nilush Angana
Sub ekata thanx
Sachith Perera
thanks brothers
nuwan tharuka 456
fatta sahooo......
Kingdomd
Thanks bro
Ishan Madusha
දෙන්නටම බොහොම ස්තූතියි
Nadhun
kohenda film eka bawe man gaththe yts sound na bn
N_Nayanajith
සබ් එකට බොහොම ස්තූතියි දෙන්නටම!
jagath55
Thanks
Buddi
Thanks..........
Bobby
Thank you very much
Kulanjana Maduranga
subata thanks sahola....
Darshana Ruwan
Sub fatta....film aka sound aul nada?balapu ayata ahama prshnayak awada?
naveenlakshitha
Ehema aulak awda
lakshan
film eke sound naha
Suresh Madhusanka
උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ලා දෙන්නටම ජයෙන් ජය !!
Kapila4499
thank for sub
naveenlakshitha
Thanks hoda wedak elma
thilz
Thank you very much
kavindusarnga07
thanx
AsithaDilruwan
ela saho thanks
myhome
gd luck
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ABAAkalanka
sub ekata thanks bro.. me movie eke audio track eke aulak thibbada
යුරාන් ධනුක
උපසිරැසියට බොහෝම ස්තූතියි ....!!!
Suranjan
Thanks machanla.......jayawewa......!
New day
සුපිරි වැඩක් මචං
raviz
Thank you.....!
M.W. Dilhani
Thanks
Udara Damith Dissanayaka
ඔන්න දෙන්නගෙම සබ් දාලා දෙසැරයක් බැලුවා
දෙන්නගෙම සබ් අවුලක් නෑ
එලpasindu jayamaha
kohenda film eka gaththe bn...yts.am eke film eka thiyenawa sound naha bn..wena site ekak kiyapanko
Sanjeewa2010
Thnxxxxxxxxx
Shehan putha
thanks 2n natama elaaaaa...
jaya wewa !priyan99
supirima fillm ekak bro.sub ekata thanks machanla
Chamod Gayashan
thanks dennatama ela
DilanDilshan
thankz sahoo...
lahiru sadaruvan
thank you..
Deman
thanks saho sub ekta
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දෙපෙලටම.
ජයෙන් ජය.Cj
Thankui
nihalpujitha
thanks sub
wcr
Thank you!
lucky1987
sound nane
Dilshan Kelum
Tankz bro....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
Sajithlakshan
thanks ......................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
නියමයි මචෝ....මේ වගේ ෆිල්ම් තමයි ඕන....ස්තුතියි සහෝලා දෙන්නටම....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....