Watch Trailer

The Outlaws (2017) AKA Beomjoidosi Sinhala Subtitles | කළු මකර කල්ලිය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මාස ගණනක නිහැඩියාවකින් පස්සෙ ඔන්න මම ආයෙමත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. මගෙ පනස් නවවන සිංහල උපසිරැසිය තමයි මේ විදියට අද ඉදිරිපත් කරන්නෙ.මේ චිත්‍රපටිය 2017 හොදම කොරියානු චිත්‍රපටි අතරින් එකක් වෙනවා.ඒ මොකද කියනවනම් මේ චිත්‍රපටියට IMDb අගය 7.2 ක ඉහළ අගයක් ලැබිල තියෙන නි…


ආයුබෝවන්! මාස ගණනක නිහැඩියාවකින් පස්සෙ ඔන්න මම ආයෙමත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. මගෙ පනස් නවවන සිංහල උපසිරැසිය තමයි මේ විදියට අද ඉදිරිපත් කරන්නෙ.මේ චිත්‍රපටිය 2017 හොදම කොරියානු චිත්‍රපටි අතරින් එකක් වෙනවා.ඒ මොකද කියනවනම් මේ චිත්‍රපටියට IMDb අගය 7.2 ක ඉහළ අගයක් ලැබිල තියෙන නිසා සහ rotten tomatoes වල 100% ක අගයක් ලැබිල තියෙන නිසා කියන්නත් පුළුවන්.ඒ විතරක් නෙවෙයි මෙම චිත්‍රපටිය ඇ. ඩො මිලියන 52.8 ක ආදායමකුත් උපයලා තියෙනවා.action/crime ගණයට අයත් වෙන මේ චිත්‍රපටිය මමත් ආසාවෙන් බලන්න හිතාගෙන හිටපු වගේම බලපු චිත්‍රපටියක්. ඒ වගේම තමයි මේක 2004 වර්ෂයේදී සිද්ද වුන සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරින්නි ර්මාණය කරන ලද චිත්‍රපටයක්.තවත් වැඩි කතාවක් නැතුව කතාවෙ අන්තර්ගතය ටිකක් කියන්නම්. සෝල් වල චීන නගරයෙ එහෙමත් නැත්තන් චයිනා ටව්න් එකේ වැඩි හරියක් ඉන්නෙ චීන සහ කොරියානු සම්භවයක් තියෙන මිනිස්සු වගේම චීනෙ ඉදන් හොරාට කොරියාවට ආපු සංක්‍රමනිකයෝ.. මේ අතර සාමාන්‍ය වෙළෙන්දන් වගේම මැර කල්ලි කීපයකුත් තියෙනවා. මේ කල්ලිවල ක්‍රියා කලාපය නිසා නිතරම පිහි ඇනුම් සහ රණ්ඩු සරුවල් ඇති වෙනවා.මේ පාතාල කල්ලි නිසා පිඩාවට පත් වෙන්නෙ අහිංසක ජනතාව.ඒ වගේ වෙලාවට මේ පළාතේ අපරාද අංශ එකකේ නිලදාරීන් එකතු වෙලා තමයි මේ කෝලාහල සමතයකට පත් කරන්නෙ.

ඒත් මේ කිසි කෙනෙක්ව හිරේට දාන්නේ නම් නෑ.පොලිසියෙ ඉන්න මා සොක් දෝ කියන නිලදාරිය හැම මැර කල්ලියකම අතර මැදියෙක් හැටියට වැඩ කරනවා. කොහොම හරි මේ විදියට සාමාන්‍ය අපරාද වෙන වෙන නගරෙට චීන කොරියානු සම්බවයක් තියෙන තවත් අමුත්තෝ 3 දෙනෙක් එනවා.හැබැයි මේ අය නම් සාමාන්‍ය මැරයො වගේ පිහියෙන් නෙවෙයි වැඩ කරන්නෙ.. කෙලින්ම කෙටේරියෙන් තමයි කොටන්නෙ. ජන්ග් චෙන් කියන්නෙ මේ තුන් දෙනාගෙ අතරින් නායකයා. මෙයාල කරන්නෙ ණයට සල්ලි දීල ඒවට සෑහෙන පොලියක් අය කරන එක. ඒක ගෙවන්න බැරි වුනාම අත පය කපල දානවා.ඉතින් මේ චීන නගරයෙ මැර කල්ලියක එක මිනිහෙක් මෙයාලගෙන් ණයට අරගෙන ගෙවාගන්න බැරි වෙනවා.ඊට පස්සෙ මේ ජන්ග් චෙන් ඒ මැර කල්ලියෙ නායකයව මරල ඒ කල්ලියෙ පාලනය අතට ගන්නවා. ඊට පස්සෙ, සාමාන්‍ය අපරාද වුන මේ නගරෙ දිගින් දිගටම දරුණු අපරාද වෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය මැරයොත් දරුණු වෙනවා. සේරම පාලනයෙන් තොර වෙනකොට මේ නගරෙ අපරාද අංශෙ මෙහෙයුමක් දියත් කරනවා.ඒ තමයි සේරම මැරයො ටික ඒක රැයකින් අල්ලගන්න ඒක. ඉතින් මේ කියපු තරමට වැඩි දෙයක් කතාවෙ අන්තර්ගත වෙනවා. මේක තනිකරම මැර කතාවක් කියන්න පුළුවන්.ඒ වගේ කතා වලට කැමති අයට පැය 2 ක් පුරාවටම රස විදින්න පුළුවන් චිත්‍රපටියක් තමයි මේක. එහෙනම් ආයෙත් කවද හරි දවසක තවත් චිත්‍රපටියක්

අරගෙන එනකල් අදට ගිහින් එන්නම්.. සුබ අළුත් අවුරුද්දක් වේවා! බුදුසරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

26,990 downloadsDownload The-Outlaws-2017.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles

26,990 downloadsDownload Subtitles111 KB

44 comments

  1. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  2. Bandaramudiyansi

    බොහොම ස්තුතියි මල්ලි
    මෙ චිත්‍රපට දැම් මාසෙකට කලින් දැක්ක ටොරෙන්ට් තියෙනව ගුගල් කරාම Rotten tombiruo 100/100 ප්‍රතිචාර තිබුන .ස්තුතියි නැවතවරක් ඔයට
    පුලුවන් නම් දිගටම කොරියන් චිත්‍රපට ලබාදෙන්න

  3. Prabodha Madhusankha Hettiarachchi

    Supiri film ekak broo thank sub ekata. Puluwan nm the third murder ekata sub denna..

  4. krishanmadusanka

    ditective k 2018 film eka awith thibuna

  5. AsithaDilruwan

    ela ela thanks saho

  6. gayanH

    supiri ekak..niyamai malli

  7. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි
    V.I.P. (2017) සබ් දෙන්න බලන්න සහෝ
    ජය..!

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    සුබ අලුත් අවුරුද්දක් වේවා …!!

    V.I.P. (2017)..?

  9. Bobby

    Thank you very much

  10. Sanjeewa2010

    Patttaaaaaaaaaaaaaaa

  11. Panther

    Thanz brother

  12. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Bandaramudiyansi

    මල්ලි මෙක නම් නියම මුවි එක.. සබ්ටයි එකට නම් හිතගියා සෑහෙන .. ලග කතාකරනව වගේ ලියල ... මෙවගෙ සුපිරි චිත්‍රපට තියෙනව නම් තව උපසිරැසි කරන්න ..

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමල් සහෝ.
    ජයෙන් ජය.

  16. LimeGreenSoda

    Nice Work Brother.Keep It Up.

  17. kolitha

    Thanks bro.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Bandaramudiyansi

    පුලුවන් නම් තව කොරියන් මුවි ටිකක් දෙන්න ...please ....කොරියන් එව නම් සුපිරි

  20. ranga11112

    උපසිරැසියට බොහොම ස්තූතියි …….!
    සුභ අලුත් අවුරුද්දක් වේවා……!
    මේ කරන කැපවීමට බොහෝම පිංසිදුවෙනවා……
    තෙරැවන්සරණින් කරන කියන යහපත් දේ සාර්ථක වේවා……!

  21. HARSHANA9211

    thanks....

  22. luckysun

    supiri ane supiri

    1. Lakmina

      තෑන්ක්ස් මචන්..

  23. malith

    Ela ela

  24. chathuranga002

    thanx

  25. kodagoda

    tnx sahoo

  26. Upul Sampath

    Thanks for sub

  27. THARANGA GISHAN

    සබ් එකට ස්තූතියි .
    RUNAWAY JURY චිත්රපටියට සින්හල දෙන්න පුලුවන්ද.

  28. හෂාන්

    සුපිරිම ෆිල්ම් එකක්. උපසිරැසියට බොහෝම ස්තුතියි.

  29. madushangamage

    thankes bro...

  30. arunaruwandeepa

    supiri thank

  31. Asanke

    Thanks for sub really appreciate what you guys are doing

  32. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  33. ricadodamien

    Thank u Chamal brother & baiscope team for the sub, another superb korean movie, love it so much. all the best to baiscope team................

  34. sasanka

    thanks for the sub

  35. Shaggy

    බොහොම ස්තූතියි

    1. Anonymous

      Jaya

  36. Thusitha

    Thanks brother be safe....

  37. 007 porak

    May fillm aekay part 02 aekata sub denna please

  38. Krishani

    Thank you ️

  39. Mr B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  40. duka

    the-roundup-2022 eke sub ekath one the-outlaws eke 2weni eka

  41. Kavishka

    Thanks aiya ❤️

  42. dhp

    Thank you...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.