Watch Trailer

Tremors: Shrieker Island (2020) with Sinhala Subtitles | බිංකුන්ඩෝ දඩයමේ අවසානය? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ, අද මම අරගෙන ආවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් මම කරන 153 වැනි සිංහල උපසිරැසියයි! ඇත්තටම මට මේ නිර්මාණය ගොඩක් විශේෂයි. මම බයිස්කෝප් අඩවියට මුලින්ම උපසිරැසියක් කළේ 1990 අවුරුද්දේ ආපු මුල්ම Tremors චිත්‍රපටයට. එතැන් පටන් මේ දක්වා ආපු Tremors චිත්‍රපට මාලාවේ සෑම කොටසකටම උපසිරැසි ලබා ද…

ඔන්න යාළුවනේ, අද මම අරගෙන ආවේ   බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් මම කරන 153 වැනි සිංහල උපසිරැසියයි!

ඇත්තටම මට මේ නිර්මාණය ගොඩක් විශේෂයි. මම බයිස්කෝප් අඩවියට මුලින්ම උපසිරැසියක් කළේ 1990 අවුරුද්දේ ආපු මුල්ම Tremors චිත්‍රපටයට. එතැන් පටන් මේ දක්වා ආපු Tremors චිත්‍රපට මාලාවේ සෑම කොටසකටම උපසිරැසි ලබා දුන්නේ මමයි. අද මේ අරන් එන්නේ එම චිත්‍රපට මාලාවේ 7 වැනි සහ අවසාන කොටසයි.

මේ චිත්‍රපටය Direct-to-Digital එකක් විදිහට නිකුත් වුණත්, ඒ ගැන නම් කිසිම බයක් වෙන්න එපා. මොකද මේක නිර්මාණය කරලා තියෙන්නේ සෑහෙන High Budget එකකින්. විශේෂයෙන්ම මෙහි තියෙන Graphics සහ visual effects ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. දූපතේ දර්ශන වගේම ග්‍රැබොයිඩ් (මගෙ වචනය  බිංකුන්ඩෝ ) සත්තුන්ගේ පෙනුම පවා හරිම තාත්විකයි. ඒ නිසා මේක කිසිම ගැටළුවක් නැතුව රසවිඳින්න හැකි ෆිල්ම් එකක් කියල කියන්න හැකි.

මේ චිත්‍රපට මාලාව ගැන කතා කරනකොට මයිකල් ග්‍රොස් (Michael Gross) රඟපාන බර්ට් ගමර් (Burt Gummer) ගැන කතා නොකරම බැහැ. වසර 30 ක් තිස්සේ, ඒ කියන්නේ 1990 ඉඳන් 2020 වෙනකම්, මේ චිත්‍රපට 7 පුරාවටම එකම නළුවෙක් එකම චරිතයක් රඟපෑම ලෝක සිනමාවේ මාරම දුර්ලභ දෙයක්. චිත්‍රපටියේ අවසානයේත් බර්ට් ගමර්ට කරන ගෞරවයක් දකින්නට හැකි.

මේ පාර කතාව ගලාගෙන යන්නේ එක්තරා පෞද්ගලික දූපතකයි. ලෝකයේ ඉන්න දරුණුම සතුන්ව දඩයම් කරන්න ආස කරන සල්ලිකාරයෙක්, ජානමය වශයෙන් වෙනස් කරපු ප්‍රබල “බිංකුන්ඩෝ”  සත්තුන්ව මේ දූපතට මුදා හරිනවා. හැබැයි මේ සත්තු පාලනයෙන් තොර වෙලා මුළු දූපතම ලේ විලක් කරන්න පටන් ගන්නවා. මේ විනාශය නවත්වන්න පුළුවන් එකම කෙනා ඉන්නේ වනගත වෙලා හුදකලාව ජීවත් වෙන බර්ට් ගමර්ට විතරයි. තමන්ගේ පරණ දඩයම් ආම්පන්නත් අරගෙන, අලුත් පරම්පරාවේ දරුණු “ශ්‍රීකර්ස්” (Shriekers) එක්ක බර්ට් කරන මේ අවසන් සටන බලන්න ඔයාලට ආරාධනා කරනවා.

Tremors  සම්පූර්ණ චිත්‍රපට පෙළගැස්ම:

  1. Tremors (1990)

  2. Tremors 2: Aftershocks (1996)

  3. Tremors 3: Back to Perfection (2001)

  4. Tremors 4: The Legend Begins (2004)

  5. Tremors 5: Bloodlines (2015)

  6. Tremors: A Cold Day in Hell (2018)

  7. Tremors: Shrieker Island (2020)

මගේ 1 වැනි උපසිරැසියේ ඉඳන් 153 වැනි උපසිරැසිය දක්වා මාත් එක්ක රැඳී සිටි බයිස්කෝප් රසිකයන් හැමෝටම ගොඩක් ස්තූතියි. මේ අවසන් සටන රසවිඳින්න!

බුදු සරණයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

772 downloadsDownload Tremors-Shrieker-Island-2020.zip37 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

772 downloadsDownload Subtitles37 KB

3 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි
    තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු
    ජය

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.

  3. Gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.