Watch Trailer

Knock at the Cabin (2023) Sinhala Subtitles | අභිරහස් ආගන්තුකයෝ [සිංහල උපසිරසි]

මනෝජ් නෙල්ලියාටු ශ්‍යාමලාන් එහෙම කිව්වම අඳුරන්නේ නැත්තම් ඔයාලා එම්. නයිට් ශ්‍යාමලාන්ව අඳුරනවා ඇති නේද. හොලිවුඩය ජයගත් ඉන්දියානුවන් අතලොස්සෙන් එක්කෙනෙක් විදියට අපිට ශ්‍යාමලාන් මහත්මයාව හඳුන්වන්න පුළුවන්. විශේශයෙන්ම අධිස්වාභාවික කතා තේමා සහ ප්‍රේක්ෂකයාට සුපිරි ට්විස්ට් එන්ඩින් ලබාදුන්න කෙනෙක් විදියටත…

මනෝජ් නෙල්ලියාටු ශ්‍යාමලාන් එහෙම කිව්වම අඳුරන්නේ නැත්තම් ඔයාලා එම්. නයිට් ශ්‍යාමලාන්ව අඳුරනවා ඇති නේද. හොලිවුඩය ජයගත් ඉන්දියානුවන් අතලොස්සෙන් එක්කෙනෙක් විදියට අපිට ශ්‍යාමලාන් මහත්මයාව හඳුන්වන්න පුළුවන්. විශේශයෙන්ම අධිස්වාභාවික කතා තේමා සහ ප්‍රේක්ෂකයාට සුපිරි ට්විස්ට් එන්ඩින් ලබාදුන්න කෙනෙක් විදියටත් එතුමා සෑහේන ප්‍රසිද්ධයි. 1992 දී Praying with Anger සිනමාපටයෙන් අධ්‍යක්ෂනයට අත්පොත් තබන නයිට් ශ්‍යාමලාන් හොලිවුඩයේ නම් දරාපු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් අතරට එක් කරන්න පුළුවන්. 1999දී The Sixth Sense චිත්‍රපටයෙන් තමයි එතුමා පළමු වරට ලොවම කතාබහට ලක් වුන අධ්‍යක්ෂවරයෙක් වෙන්නේ. The Sixth Sense (1999) බලපු අය දන්නවා ඒකේ අන්තිමට තිබුන සුපිරි ට්විස්ට් එක ගැන. ඊටපස්සේ ශ්‍යාමලාන් මහත්මයා Unbreakable (2000) , Signs (2002) , The Village (2004) , Old (2021) , The Visit (2015) වගේ ආන්දෝනලාත්මක සිනමාපට රැසක් අධ්‍යක්ෂනය කරනවා. විශේෂයෙන්ම ඔහුගේ Unbreakable සිනමාපට ත්‍රිත්වය අති විශිෂ්ට බවට සහතික කරන්න පුළුවන්. ඔයාලා මෙතුමගේ චිත්‍රපට බලලා නැත්තම් ඔහුගේ චිත්‍රපට බොහෝමයකට සිංහල උපසිරසි අපේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්.

මේ පෙරළිකාර අධ්‍යක්ෂවරයගේ නවතම සිනමාපටයට තමයි මම අද උපසිරසි අරගෙන ආවේ. මේ චිත්‍රපටයෙත් ශ්‍යාමලාන්ගේ සුපුරුදු ආවේණික ලක්ෂන බොහෝමයක් ඔයාලට දකින්න ලැබෙයි. Knock at the Cabin (2023) චිත්‍රපටය 68%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, මේ වෙද්දි 6.2ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. Mystery/ Horror / යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. ඒ වගේම ඩොලර් මිලියන $48ක ආදායමක් උපයලා තියෙන බවත් මතක් කරන්න ඕන. රංගනයෙන් දායක වෙන පිරිස ගැන බැලුවොත් WWE රසිකයෝ ආදරය කරන මේ වෙද්දි හොලිවුඩයේ ජනප්‍රිය චරිතයක් වෙන Dave Bautista, Johanathana Groff, Ben Aldrige, Kristen Quinn, වගේම අපේ රොන් වීස්ලි කොළුවා නොහොත් Rupert Grint වත් ඔයාලට මේකේ බලාගන්න පුළුවන්. නයිට් ශ්‍යාමලාන් මහත්මයාගේ අනිත් චිත්‍රපට වගේම මේ නිර්මාණයෙත් කතාව කියන්න ගියොත් රසය නැති වෙන නිසා මම මුකුත් කියන්නේ නෑ. මට මේ ෆිල්ම් වෙන් කරලා දුන්න ශාන් විමුක්ති සහෝටත් විශේශයෙන් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා !

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,745 downloadsDownload Knock.at_.the_.Cabin_.2023.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,745 downloadsDownload Subtitles41 KB

29 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සුපිරි සහෝ. උපසිරැසි දෙනකල් බලන් හිටියේ. ජයවේවා!

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ධනුක සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Naveen Mbr

    බොහෝම ස්තූතියි සහෝදරයා!

  4. Kushan

    Sub akta thanks

  5. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Naveen

    උපසිරසියට තුති

  8. Anonymous

    Yts eke thyna web copy walata sub wadada saho

  9. sahangayantha

    Thanks a lot saho sub ekata

  10. Ravindra

    Thanks

  11. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි

  12. Anonymous

    Sharper (2023) ෆිලුමටත් සබ් දෙන්නකෝ
    වෙනස්ම ෆිලුමක් කියලා කියන්නේ
    මේ සබ් එකටත් තැන්ක්ස්

  13. ramesh viranga mendis

    Thanks

  14. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Dhananjaya Gamage

    Superb

  16. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  17. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  18. lakshan

    thanks ........................

  19. Anonymous

    Sharper sub plz

  20. Anonymous

    thanks

  21. Ruchira

    Thanks for the sub!!

  22. Anonymous

    වෙනස්ම ෆිලුමක්

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. Mj

    bohoma sthuthi sho! !!

  25. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  26. ishan

    sub ekata thx saho

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  29. baiscopelk ishu

    Sub ekata THx saho

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.